සුදු කොඩි හා සුදු නෙළුම්

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සුදු කොඩි හා සුදු නෙළුම්

සුදු කොඩි හා සුදු නෙළුම්





සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය සුදු කොඩි ගෙන මරණයට ගියේ යෑයි කියන අය ගැන කඳුළු සලතිග ඔවුන්ට නම් සැබවින්ම කඳුළු සැලීමට හේතුවක්‌ ඇතග ඔවුන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියේ ප්‍රභාකරන් ජීවත් කරවීමටයග ඔහු සමග ඊනියා සාම සාකච්ඡා ඇති කිරීමටයග එබැවින් ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්‌තවාදීන් සුදු කොඩි ගෙන ජීවිත දානය පතා පැමිණියේ යෑයි කියන විට ඔවුන්ට අභය දානය දිය යුතු යෑයි සුදු නෙළුම් ගත්තන් සිතනවා විය හැකියග සුදු නෙළුමන් කඳුළු සලන්නේ මිනීමරු ත්‍රස්‌තවාදීන්ට ජීවිත දානය නොදුන්නේ යෑයි කියනු බැවිනි.



සුදු කොඩි පිළිබඳ කතාව දැන් ලෝ පුරා සාකච්ඡා වෙයිග බටහිර ජනමාධ්‍යවලට මේ තළුගසමින් සති ගණනක්‌ කතා කළ හැකි මාතෘකාවකිග මිනීමරුවන්ගේ මානව අයිතිවාසිකම් බටහිරයන්ගේ ඇස්‌වලට ද කඳුළු ගෙන එයිග එහෙත් ඒ සෑම මිනීමරුවකු ගැනම නොවේග ඔවුන් වෙනුවෙන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ පැවැත්ම වෙනුවෙන් මිනීමරුවන්ට පමණක්‌ මානව අයිතිවාසිකම් වෙයිග ඔවුන්ගේ සංස්‌කෘතියට එරෙහිව මිනීමරණ ඇෆ්ගනිස්‌ථාන කැරලිකරුවන්ට මානව අයිතිවාසිකම් නොමැතග එවැන්නන් බල්ලන් මෙන් මරා දැමුවද ප්‍රශ්නයක්‌ නැතග අප බොහෝ අවස්‌ථාවලදී පෙන්වාදී ඇත්තේ බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් අර්ථ දැක්‌වෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට සාපේක්‍ෂව බවය.



සුදු කොඩි කතාව ඇද ගත්තේ එගජාග පෙරමුණ හා ජගවිග පෙරමුණේ අපේක්‍ෂකයා වූ සරත් ෆොන්සේකා මහතායග පසුගිය ඉරිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියට අනුව සුදුකොඩි ගෙන ජීවිත දානය ඉල්ලමින් පැමිණි පිරිසකට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අණක්‌ අනුව වෙඩි තබා ඇතග ෆොන්සේකා මහතා මේ ඊනියා තොරතුරු හෙළිදරව් කර ඇත්තේ මෙරට ඡන්දදායකයන්ට නොවේග ඔහුගේ ඒ ප්‍රකාශය පැහැදිලිවම බටහිරියන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ටයග ඒ ප්‍රකාශය යුද්ධ අපරාධ අධිකරණයක ගොනුකර ගත හැකි සාක්‍ෂියක්‌ ලෙස පමණක්‌ වැදගත්යග ඒ ප්‍රකාශයෙන් සිදුවී ඇත්තේ යුද්ධ අධිකරණයක ඉදිරිපත් කිරීමට සාක්‍ෂියක්‌ ලබාදීමයග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊනියා යුද්ධ අපරාධ අධිකරණයක්‌ වෙත ගෙන යැමට බටහිර රාජ්‍ය නායකයන්ට දොළදුකක්‌ ඇතග ඔවුන් ක්‍රියා කරන්නේ ඒ දොළදුක සංසිඳුවා ගැනීමටයග ඔවුන්ට මේ ජනාධිපතිවරණය යනු යුද්ධ අපරාධ පිළිබඳ ඊනියා තොරතුරු ලබා ගැනීමට හා ජවිපෙ ලවා රට අවුල් කිරීමට යොදා ගන්නා මාධ්‍යයක්‌ පමණකිග ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවිය නොහැකි බව ඔවුහු දනිතිග එබැවින් වෙනත් ක්‍රම ඔස්‌සේ රාජපක්‍ෂ මහතා ඉවත් කිරීම ඔවුන්ගේ උපාය වී ඇත.



ලංකාව පිළිබඳ පසුගියදා නිකුත් වූ ඇමරිකානු වාර්තාවෙන් ඔවුන් අප රට ගැන ඇති කරගෙන තිබූ ස්‌ථාවරය වෙනස්‌වී ඇති බව පෙනේ යෑයි ඇතැම්හු කියතිග එහෙත් ඒ එසේ නොවේග ඔවුන් කරන්නේ එක්‌ පැත්තකින් ගත් කල කපන්නට බැරි අත සිඹීමකිග අනෙක්‌ පැත්තෙන් ඉරානයල චීනයල මියන්මාරය ආදී රටවල් සමග ලංකාව පවත්වාගෙන යන සම්බන්ධය දුර්වල කිරීමට ඇමරිකාවේ සැලකිල්ල යොමුවී ඇතග හැකිනම් ලංකාව ඒ රටවල් සමග ඇති සම්බන්ධය දුර්වල කර තමන් වෙතට නම්මා ගැනීමට ඇමරිකාව ක්‍රියා කරයිග එහෙත් ඒ අතර ඔවුහු දිගටම දෙමළ ජාතිවාදයට අනුග්‍රහ දක්‌වතිග බ්ලේක්‌ ජනාධිපතිතුමා හමුවූ අවස්‌ථාවේදී පැහැදිලිවම ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇතග එමෙන්ම හදිසිනීතිය ඉවත්කරන ලෙසට ද ඔහු කියා ඇතග අපට ඔහුගේ ඇසීමට ඇත්තේ එක්‌ ප්‍රශ්නයක්‌ පමණකිග ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන ඔබාමා හමුවී උපදෙස්‌ දීමට මෙරට විදේශ අමාත්‍යාංශයෙන් නිලධාරියකු එවිය හැකිද යන්න ඒ ප්‍රශ්නය වෙයිග ඇමරිකාවේ ලොකුම ශක්‌තියක්‌ ලෙස සලකන්නේ ඇමරිකන් විශ්වවිද්‍යාල වලින් හා ඇමරිකන් ශිෂ්‍යත්ව වලින් එහාට ලෝකයක්‌ නැති ඊනියා බහු විධත්වයක්‌ ගැන කියවන මෙරට නිවට උගතුන් පමණකිග කසිකබල් උගතකු නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා බ්ලේක්‌ට කතා කරන්නේ කෙසේදැයි දැනියි.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0


සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි ගැන කළ ප්‍රකාශය පළ වූයේ ,සන්ඩේ ලීඩර්, පත්‍රයෙහියග එහි කතුවරයාව සිටි ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඡායාරූපයකට ෆොන්සේකා මහතා පසුගියදා මල්මාලයක්‌ පැළඳවීයග ඒ පුවත්පත ආණ්‌ඩුවට හිතවත් පුවත්පතක්‌ නොවේග ඔවුන්ට සරත් ෆොන්සේකා මහතා අමාරුවේ දැමීමට පුවතක්‌ පළ කිරීමට අවශ්‍ය නොවේග හැරත් ඒ පුවත පළවූ පසුගිය ඉරිදා සවස පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී ද ඒ පුවත වැරදි යෑයි ෆොන්සේකා මහතා නොකීවේයග ඔහු කලබල වී පුවත වැරදි යෑයි කීමට පටන් ගත්තේ පසුදින සිටයග ඒ පුවත බටහිරියන්ට නම් කදිම ඊනියා තොරතුරක්‌ ලබාදී තිබුණි.



මේ පුවත සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇසිය හැකියග සුදු කොඩි ගත් පමණින් මිනීමරුවෝ උපාසකයෝ නොවෙතිග ඔවුන්ට වෙඩි තැබීමට අණ දුන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් යෑයි සිතමුග ෆොන්සේකා මහතා ඒ අණ පිළිපැද්දේ ඇයිරෑ එසේත් නැතහොත් තමා යටතේ සිටින නිලධාරියකුට ඒ අණ පිළිපැදීමට ඉඩ දුන්නේ ඇයිරෑ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපතිතුමාගේ සොහොයුරකු වුවද ඔහුට අණ දීමට බලයක්‌ නැතග ඔහු දෙන අණක්‌ නීති විරෝධී වෙයිග නීති විරෝධී අණක්‌ ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමෙන් සරත් ෆොන්සේකා මහතා හමුදාපති ලෙස තදබල වරදක්‌ කර ඇතග ඒ අණ නීති විරෝධී බව දැන දැනම ක්‍රියාත්මක කිරීමට ඉඩදුන් ෆොන්සේකා මහතා ඇමරිකානුවන් ඇතුළු බටහිරයන්ගේ සුදු නෙළුමන්ගේ හා දෙමළ ජාතිවාදීන්ගේ ඇසින් යුද්ධ අපරාධකරුවෙක්‌ වෙයිග එහෙත් ඔහු අපට නම් යුද්ධ අපරාධකරුවෙක්‌ නොවෙයිග ආරක්‍ෂක ලේකම්වරයා ඒ අණ දුන්නේ නම් ඔහු ද යුද්ධ අපරාධකරුවෙක්‌ නොවෙයිග පළමුවෙන්ම මෙරට යුද්ධයක්‌ නොතිබිණිග මෙහි සිදුවූයේ බටහිරින් අනුග්‍රහය ලැබූ බටහිරයන් දුන් ආයුධ අතට ගත් බෙදුම්වාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ මැඩලීමට හමුදා මෙහෙයවීමෙන් පමණකිග පාතාලයට විරුද්ධව කරන පොලිස්‌ මෙහෙයුම් හා කොටින්ට එරෙහිව කළ හමුදා මෙහෙයුම් අතර විශාල වෙනසක්‌ නැත.



සුදුකොඩි රැගෙන ආවේ යෑයි කියන ත්‍රස්‌තවාදීන් බෝම්බ බැඳගත් ත්‍රස්‌තවාදීන් නොවී යෑයි කල් ඇතිව නිශ්චිතව කීමට හැකියාව තිබුණේ මොන ඇමරිකානුවාටදරෑ මොන පඬියාට දරෑ ඔවුන් මරණයට පත්වීමෙන් පසු ඔවුන් බෝම්බ බැඳගෙන නොතිබූ බව හෙළිවන්නට ඇතග එහෙත් ප්‍රශ්නය වනුයේ මරණයට පෙර ඒ බව දැන ගැනීමේ ක්‍රමවේදයක්‌ පඬියන්ට හා බීගබීගසීගල සීඑන්එන්ල ආදී සිංහල විරෝධී ජඩ මාධ්‍යවලට තිබිණි ද යන්නය.



සුදු කොඩි රැගෙන එන ඇෆ්ගන් කැරළිකරුවන් ට ඇමරිකානුවන් කෙසේ සලකනු ඇත්දරෑ ඇමරිකාව ජපානයට පරමාණු බෝම්බ හෙළුවේ ජපානය යුද්ධය පැරදීමෙන් පසුවයග එහිදී ඇමරිකානුවන් පිළිපැදි ඊනියා ජාත්‍යන්තර නීතිය හෝ ගිවිසුම හෝ කුමක්‌දරෑ අපි ඒ සියල්ල පසෙකින් තබමුග රෝහණ විඡේවීර මරා දමනු ලැබුයේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවයග එයට වගකිවයුත්තේ රන්ජන් විඡේරත්න හා රනිල් වික්‍රමසිංහ බව ජවිපෙ ප්‍රකාශ කර ඇතග එදා ඇමරිකානුවන්ට අනෙක්‌ බටහිරයන්ට හා මානව හිතවාදී පඬියන්ට ඊනියා ජාත්‍යන්තර ගිවිසුම් මතක්‌ වූයේ නැත්තෙ ඇයිරෑ විඡේවීර සිංහල වීම නිසාදරෑ නැත්නම් මාක්‌ස්‌වාදී වීම නිසාදරෑ එසේත් නැත්නම් ඒ දෙකමනිසාදරෑ ගමනායක මරා දමනු ලැබුයේද අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව අද එජාපක්‍ෂයේ හා ඇමරිකාවේ තුරුල්ලට ජවිපෙ මෙහෙයවන අනුර කුමාර දිසානායකට හෙවත් එදා කැලණිය සරසවියේ විද්‍යා පීඨයේ ජවිපෙ ආධිපත්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක වූ අරවින්දට අමතකද!



ඊනියා ජාත්‍යන්තර නීති යනු කබරගොයා තලගොයා බවට පත්කර ගැනීමට තිබෙන නීති මිස පිළිපැදීමට ඇති නීති නොවේග අප සැමදාමත් කියා ඇත්තේ බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ ආරක්‍ෂකයන්ට හා ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ට මිස අනෙක්‌ අයට නොවන බවයග දේශපාලනයේදී හෙළුවෙන් යන සුදු නෙළුමන්ට සුදු කොඩිය ඊනියා ජාත්‍යන්තර කබරගොයි නීතියේ මහා සංකේතයක්‌ විය හැකියග සරත් ෆොන්සේකා මහතා යොදාගෙන ආරක්‍ෂක ලේකම්තුමාට හා ජනාධිපතිතුමාට විරුද්ධව යුද්ධ අධිකරණයේ නඩු පැවරීමට ඇමරිකානුවන්ට අනෙක්‌ බටහිරයන්ට දේශපාලනයේ නන්නත්තාර වී ඇති රනිල්ට මංගලට හා අනුර කුමාරට අවශ්‍ය වී ඇතග අපට මේ සියල්ලන්ටම පිළිතුරු දිය හැකි ක්‍රමයක්‌ වෙයිග ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ කබරගොයි නීතිවලින් අපට වැඩක්‌ නැතග බටහිර ගැති පඬියන් කුමක්‌ කීවත් අපි මේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි නීතිවලට අවනත නොවෙමුග සුදුකොඩිකාරයන්ට වෙඩි තිබ්බේ ද නැත් ද යන්න හෝ වෙඩි වැදී මියගිය අය අත සුදු කොඩි තිබුණේ ද නැත්ද යන්න අපට ප්‍රශ්න නොවේග සුදු කොඩි තිබුණත් නැතත් ඔවුන්ට වෙඩි තබා ත්‍රස්‌තවාදය අවසන් කිරීමත් ත්‍රස්‌තවාදය අවසන් කිරීමට දෙන ලද දේශපාලන නායකත්වයත් අප අනුමත කරන බව බටහිරයන්ටත් සුදු නෙළුමන්ටත් පඬියන්ටත් ජනාධිපතිවරණයේදී පෙන්වා දෙමුග පාපී දෑත්වලින් ගත් සුදු නෙළුම මෙන්ම සුදු කොඩිය ද අපවිත්‍ර වන බවත් පාපය ද සාපේක්‍ෂ බවත් පමණක්‌ මෙහිදී මතක්‌ කරමු.


මහාචාර්ය නලින් ද සිල්වා
http://www.divaina.com/2009/12/20/feature04.html