සුදු නංගී මගදි හමුවුණී
කොට කොට ඇදුන බස් රිය ගම වෙත යද්දී
මැදියම් දොලහ පසු විය කාලය යද්දී
බසයෙන් බැස අඩිය දෙක ඉදිරිය ගද්දී
හමුවුනෙ දැන උන්න අල්ලපු ගෙයි සුද්දී
මේකිට මේ වෙලාවේ මොන වැඩද මෙහේ
දහවල ගෙවූවෙත් ගෙදරට වෙලා ඔහේ
ලංවී අසන්නට සිතමින් කතන්දරේ
උගුරේ රැළි බුරැල් කෙරැවෙමි ඇසෙන ලෙසේ
අයියා දැන්ද එන්නේ වැඩ ඇරී මෙහේ
මමනම් දුටුවෙ නෑ පහුගිය සුමානයේ
කරදර පොදි බැදන් යන මේ ගමන් මගේ
මටනම් ඇති ගියපු දුර හති දමා හදේ
පුරහද අහිමි වී කළුවර අහස් ගැබේ
බක බක ගෙබි හඩින් අලලී බියද ගෙනේ
නංගී මොකද තනිවී මේ දෙමංසලේ
යනවද ගෙදර දැන්මම තව දුරයි එහේ
අයියා යන්න මට යන්නට බෑ ගෙදර
අම්මා ඉන්නවා මග බලමින් නිතර
කරැමය මගේ පසුපස එලවන අතර
නුඹලා මට දුරයි හමුවුන මග අතර
සුද්දී මොනව දොඩවනවද මංදා
මම සමුගතිමි කාලය ගතවෙන හිංදා
ලංවන විට පෙනෙන මානයෙ නෙත රංදා
දුටුවේ සුදු වියන් දෙපසෙහි මග බංදා
තව ටික දුරක් යන විට හිත හිතලා
දුටුවෙමි මියැදි බව අල්ලපු ගෙයි නංගා
දුටුවේ හොල්මනක් බව හිත දැනිලා
උන්හිටි තැන් නොදැන මම හූ කිව්වා
පන්සලෙ හාමුදුරැවො පන්සිල් වල පිහිටා
ඉන්නට කමටහන් එකිනෙක හිත සදලා
ස්වරයෙන් පිරිත් දෙසවන සුව සත සදලා
තිසරණ සරණ පැතුවේ බිය උන හිංදා
හොල්මන් කෙරැව පෙරදින සිතුවිලි එක්ක
පසුදින ගියෙමි මල වත දැක සැන සෙන්න
සැතපී සිටි සුද්දි දැක හිත බෑ වා වන්න
ඉක්මන් වෙලා පිටවුණි නෙත වහ ගන්න .
කොට කොට ඇදුන බස් රිය ගම වෙත යද්දී
මැදියම් දොලහ පසු විය කාලය යද්දී
බසයෙන් බැස අඩිය දෙක ඉදිරිය ගද්දී
හමුවුනෙ දැන උන්න අල්ලපු ගෙයි සුද්දී
මේකිට මේ වෙලාවේ මොන වැඩද මෙහේ
දහවල ගෙවූවෙත් ගෙදරට වෙලා ඔහේ
ලංවී අසන්නට සිතමින් කතන්දරේ
උගුරේ රැළි බුරැල් කෙරැවෙමි ඇසෙන ලෙසේ
අයියා දැන්ද එන්නේ වැඩ ඇරී මෙහේ
මමනම් දුටුවෙ නෑ පහුගිය සුමානයේ
කරදර පොදි බැදන් යන මේ ගමන් මගේ
මටනම් ඇති ගියපු දුර හති දමා හදේ
පුරහද අහිමි වී කළුවර අහස් ගැබේ
බක බක ගෙබි හඩින් අලලී බියද ගෙනේ
නංගී මොකද තනිවී මේ දෙමංසලේ
යනවද ගෙදර දැන්මම තව දුරයි එහේ
අයියා යන්න මට යන්නට බෑ ගෙදර
අම්මා ඉන්නවා මග බලමින් නිතර
කරැමය මගේ පසුපස එලවන අතර
නුඹලා මට දුරයි හමුවුන මග අතර
සුද්දී මොනව දොඩවනවද මංදා
මම සමුගතිමි කාලය ගතවෙන හිංදා
ලංවන විට පෙනෙන මානයෙ නෙත රංදා
දුටුවේ සුදු වියන් දෙපසෙහි මග බංදා
තව ටික දුරක් යන විට හිත හිතලා
දුටුවෙමි මියැදි බව අල්ලපු ගෙයි නංගා
දුටුවේ හොල්මනක් බව හිත දැනිලා
උන්හිටි තැන් නොදැන මම හූ කිව්වා
පන්සලෙ හාමුදුරැවො පන්සිල් වල පිහිටා
ඉන්නට කමටහන් එකිනෙක හිත සදලා
ස්වරයෙන් පිරිත් දෙසවන සුව සත සදලා
තිසරණ සරණ පැතුවේ බිය උන හිංදා
හොල්මන් කෙරැව පෙරදින සිතුවිලි එක්ක
පසුදින ගියෙමි මල වත දැක සැන සෙන්න
සැතපී සිටි සුද්දි දැක හිත බෑ වා වන්න
ඉක්මන් වෙලා පිටවුණි නෙත වහ ගන්න .

