සුදු නයා සමග ශර්ලොක් හෝම්ස්

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    සුදු නයා සමග ශර්ලොක් හෝම්ස්

    අර මොකක්ද අවකාශයේ සැරිසරනකොට හම්බුනා ශර්ලොක් හෝම්ස් ගේ නවතම කතාව...හිතුව අපෙ යලුවොන්ටත් පෙන්නන්න...කියවලම බලමුකෝ

    සුදු නයා සමග ශර්ලොක් හෝම්ස්

    images



    බේකර් විදියේ ගෙදර බෙල් එක වැදුණේ මහ පාන්දර උදේ දහයට විතර.. නිගමනවලට අනුව හෝම්ස් දන්නවා ආවේ කවුද කියලා.. කොටින්ම ඒ වොට්සන්.. හෝම්ස්මයි උදේම එන්නයි කියලා Fb එකට මැසේජ් එකක් දැම්මේ.. :P:P:P



    " මගේ මිත්‍රයා උදේ පාන්දරම වැඩ වගේ.."

    " මොන වැඩද වොට්සන්.. වැඩට යන්න තමයි මේ එන්න කියලා මැසේජ් කලේ.. මේ එන වෙලාවද මනුස්සයෝ.." :angry::angry:

    " හරි හරි හෝම්ස්, කියන්න මොකද්ද මේ පාර ගැටලුව.. මිනිමැරුමක්ද?":confused:

    " නෑ, අතුරුදහන් වීමක්..":oo:

    " ඇත්තට, ආරංචියක්වත් ආවේ නෑනේ.."

    " එහෙම වෙන්න එපැයි.. මේක ලන්ඩන් වල එකක් නෙමෙයි.."

    " එහෙනම්.."

    හෝම්ස් හාන්සි පුටුවට වෙලා පයිප්පෙට දුම්කොළ පුරවන ගමන් කතාව කියන්න පටන් ගත්තා..

    " ලංකාවේ, සුදු නයෙක් නැති වෙලා.." :P:P:P

    " සුදු නයෙක්.. එහෙනම් සෑහෙන වටිනවා ඇති.."

    " නෑ වොට්සන්.. සුදුනයි කියන්නේ ඒ තරම් දුර්ලබවත් වටිනාකමින් වැඩි දෙයක්වත් නෙමෙයි.." :sorry:

    " ඔය ඇත්තමද?"

    " මාත් දන්නේ නෑ.. එහේ අය තමයි කියන්නේ.. මෙහේ සුදු නයි නැහැනේ.." :rofl:

    " හරි ඉතින් මොකද වෙලා තියෙන්නේ?"

    " මේකා මේ සූ එකේ හිටිය නයෙක්.. දැන් සතියකට විතර කලින් අතුරුදහන් වෙලා තියෙන්නේ.. කොටින්ම ප්‍රදර්ශනේට හිටිය එකෙකුත් නෙමෙයි.. අහල පහල කූඬු වල හිටිය අනිත් සත්තූ ඉද්දී මේකා විතරයි අතුරුදහන් වෙලා තියෙන්නේ.." :eek:

    " එහෙනම් හෝම්ස් අපිට මේ නයා හොයන එක ලේසි වෙන එකක් නෑ.." :confused:

    " නෑ වොට්සන්, ඒ ගැන කරදරයක් වෙන්න දෙයක් නෑ.. නයා හම්බුවෙලා.." :yes:

    " මොකක්? කවුද උස්සලා තියෙන්නේ.." :confused:

    " කවුරුවත් නෑ.. නයාම තමයි ඌ හිටිය කූඬුව ඇරගෙන ඌම එළියට ගිහින් ඒ පැත්තේ වටේ ඇවිදලා ආයෙම බඬගිනි උණාම සූ එකට ඇවිත් තියෙන්න්නේ.." :oo::oo:

    " මොනවා කවුද එහෙම කියන්නේ?"

    " කියන්නේ නයාම තමයි.. ඔය පොලීසියට ප්‍රකාශයක් කරලා තියෙන්නේ?" ;)

    " මොකක්, පොලීසියට?" :confused:

    " ඇයි වොට්සන් අමතක වුනාද.. මීට කාලෙකට කලින් ලන්ඩන් වලම තිබ්බ ලෝකේ හොදම පොලීසිය තෝරන තරගේ දින්නෙත් ලංකාවේ පොලීසියනේ.. ඇයි අර තඩි වලහා පිළිගත්තේ ඌ තමයි හාවා කියලා.. :P:P:P "


    [[උඹලා දන්නවා ඇතිනේ වලහගේ කතන්දරේ??? දන්නේ නැති අයට මගේ ගානේ ඒ කතාව මගෙන් ඔන්න..]]
    image001_thumb.gif


    " අහ් ඔවුමනේ.. මට අමතක වුනා.. දැන් හෝම්ස් ඔච්චර දක්ෂ පොලිසියක් ඉන්න රටේ අපි ගිහින් තවත් මොනවද හොයන්න තියෙන්නේ.. එයාලා අපෙන් මොනවද ඉල්ලන උදවුව.."

    " නෑ වොට්සන් එයාලට අපෙන් උදවු නම් ඕන නෑ අපි එයාලගෙන් උදවු ගත්තත්.. මට මේ ඊයේ WWF එකෙන් ඊ මේල් එකක් දාලා තිබ්බා ගිහින් ඒ සතා ගැන වාර්ථාවක් අරන් එන්න කියලා.. ඒකයි මේ බැළුවේ.."

    හාන්සි පුටුවේ හොදට දිගා වුන හෝම්ස් නළලත් රැළි කරන් ටිකක් වෙලා කල්පනා කලා..

    " මොකද්ද හෝම්ස් ප්‍රශ්ණේ?" :confused::confused:

    " නෑ මම බැලුවේ ශ්‍රී ලංකන් එකේ ටිකටුත් ගනන්.. :D ඒත් නොගිහිනුත් බෑ.. මේ මාසේ ගෙවල් කුලී සල්ලි තාම දුන්නේ නෑ අපි එකේන් වත් ගිහින් එමු.." :rolleyes:

    " හා හෝම්ස්.. වෙන මොනවා කරන්නද?"

    පැය නමයක් ගුවන් කාලය හෝම්ස් වොට්සන් දෙන්නට දැනුනේ ගමන පුරාම ගෙදර ඉන්නවා වගේ.. කිරිබත් කෑල්ලක් කන ගමන් එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එකේ හයිලයිස්ට් ටිකත් බලාගෙනම හෝම්ස් වොට්සන් එක්ක ලංකාවට ආවා.. එයාර්පෝර්ට් එකෙන්ම ටැක්සියක් ගත්ත හෝම්ස් වොට්සන් එක්ක කෙළින්ම ගියේ දෙහිවල සූ එකට.. ගිහින් තමන්ව අදුන්නලා දීලා ආව කාරණාව ගැන හෝම්ස් අධ්‍යක්ෂ ජෙනරාල්ට පැහැදිලි කරලා දුන්නා..

    " අහ්, මහත්තුරු ආව එක වටිනවා.. ඒත් දැන් ඒකේ හොයන්න දෙයක් නෑ.. නයා වරද පිළිගත්තා මහ රෑ පැනලා ගියේ ඌමයි කියලා.." :P

    " ඒකනම් අපිත් දන්නවා.. ඒ උනාට අපිට නයාව බලන්න ඕන.. මොකද WWF එකට වාර්ථාවක් දෙන්නත් ඕනනේ.."

    " එහෙනම් ඉතින් මෙහේ බලලා වැඩක් නෑ.. ගල්කිස්ස පොළිසියේ ගිහින් බලන්න වෙනවා.." :P

    " ඒ මොකද?" :confused:

    " වැඩිදුර පරීක්ෂණ වලට අරන් ගියා.."

    හෝම්ස් වොට්සන් එක්ක ආයෙම ටැක්සියේ නැගලා ගල්කිස්ස පොලීසියට එන්න ආවා.. විස්තර පැහැදිළි කරාම ඔවුන්ට සුදුනයාව බලන්න විනාඩි පහක් හම්බුනා.. කළුවර කාමරේ හරි මැද පැද්දී පැද්දී තිබුන බල්බ් එකක් යට මේසෙක සුදු නයා දරණේ ගහන් හිටියා.. ඒ පෙනේ "ප" යන්නක් නැති තරම්.. :D:D

    cobra.jpg


    " මොකද ඔය බෙල්ලේ තුවාල.. හරියට කාට හරි ලේ දීලා වගේ.." :confused:

    හෝම්ස් පුටුවේ වාඩි වෙන ගමන් ඇහුවා.. සුදු නයා යන්තන් ඔළුව උස්සලා බැළුවා.. උගේ මූණේ තිබුනේ සෑහෙන්න මහන්සි පෙනුමක්.. එක අතකට කී දෙනෙක්ට කියලා ප්‍රකාශ නිකුත් කරන්නද.. :sorry::sorry:

    " මට මතකත් නෑ හරියට මොකද උනේ කියලා.. මම යද්දී නම් මෙහෙම තිබුනේ නෑ.."

    " ඇත්තටම තමන්මද කූඬුව ඇරගෙන ගියේ?" :confused:

    " පිස්සුද මහත්තයෝ.. මම එහෙම කිවුවේ අර උදේ හවස මට කන්න මී පැටියෙක් හරි ගෙනත් දාන මිනිස්සු හතර දෙනාගේ රස්සාවල් ගැන හිතලා.. අර නිදන් හාරපු Stf කට්ටියට වගේ තව ටික දවසකින් ඒ ගොල්ලන්වත් ආයෙම වැඩට ගනීවි.. එතකොට මේ ප්‍රශ්ණ ඉවරයි.." :yes::yes:

    " එහෙනම් මොක්ද තාම බයෙන් වගේ ඉන්නේ?" :confused::confused:

    " නෑ මහත්තයෝ මම මේ කල්පනා කලේ.. මම ඇවිද්ද තැන් පෙන්නන්න කියලා පොලීසියෙන් මාව ආයෙම එළියට එක්ක යාවිද කියලා.." :P:P:P


    උපුටාගැනීම - http://dineshumagiliya.blogspot.com

    හොදයිනම් සලකලා යන්න හොදේ....එලකිරි....තෙරුවන්සරණයි. :D:D:D
     
    Last edited: