සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
ගැමි තරුණයකු මුහුණ දෙන ශෝචනීය අනුභූතියක් මේ සඳහා වස්තු වෙයි. තම වස්තු බීජය සංකේතාත්මක කාව්‍යමය භාෂාවක් ඔස්සේ ගොනු කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.
නෑනා මස්සිනා සම්බන්ධය ගැමි ජීවිතය හා බද්ධ වූවකි. බොහෝ විට මස්සිනා නෑනා දෙමාපිය ආශිර්වාදය මත විවාහ කරගනී. එහෙත් මේ ගැමි තරුණයාට එබඳු වාසනාවක් හිමිවී නොමැති ය. කිනම් හෝ දෛවෝපගත අභාග්‍යයක් නිසා සියල්ල කණපිට පෙරළි තිබේ. රචකයා මේ විරසකය සන්නිවේදනය කරන්නේ පාරිසරික සංකේත ඔස්සේ ය.
“සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩි ඇයි මට මඟ හැරියේ...
ඔහු දුටු විගස සුදු නැන්දා දොර වසයි. මාමණ්ඩී මඟ හැර යයි. ගේ තුළින් ඇසෙන්නේ ඉකි බිඳුමකි. වෙනදා ඔහු පිළිගැනීමට ඉදිරියට දිව එන සිනා මුහුණ අද දකින්නට නොමැත. ඒ සුසුදු වත ගේ මුල්ලට වී ඉකි බිඳියි. මෙය ගැමි පරිසරයේ සිදුවිය හැකි සිද්ධි දාමයකි. මේ දර්ශනය රචකයා චිත්‍රයට නඟයි. ලූෂන් බුලත්සිංහල සිංහල ගීතයේ රූප රචකයා වන්නේ එබැවිනි. තම නෑනණ්ඩියගේ නිවසේ පරිසරය ම ඔහුට එරෙහි වන ආකාරය රචකයා චිත්‍රයට නඟයි.
වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රචකයා විසින් ශෝක රසය මැවීම සඳහා යොදාගන්නේ මීළඟ අවස්ථාවයි. තම නෑනණ්ඩියට තෑගි දීමට රීදි පොටක් ඔහු හංගාගෙන පැමිණ ඇත. මේ ගැන නොදන්නා හීන් නඟාට ඒ ගැන කෙසේ පවසන්න ද? රිදී පොට තෑගි දීම ගැන දින සති මාස ගණන් මැවු සිහින සියල්ල බොඳ වී ගොසිනි.
රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ
රචකයා තම පාරිසරික සංකේත මාලාව ඉදිරියට ම ගෙනි යයි. ඒ සෑම සංකේතයක ම මේ තරුණයාගේ පරාජිත ඉරණම රැඳී පවතී. තම නෑනා ගේ සැළලිහිණි කූඩුවේ සැළලිහිණියාට ද මේ වෙනස වැටහී තිබේ. උගේ සතුටු ගී ගොළු වී ගොසිනි. කනප්පුවේ තිබෙන බුලත් හෙප්පුව වූ කලී හිත හොඳින් කෙනෙකු පිළිගැනීමේ සංකේතයකි. ඒත් ඒ හොඳ හිත පළුදු වී ගොසිනි. මේ මොහොතේ හෙප්පුව බිම වැටී තිබේ. ඒ අජීවී වස්තු පවා වේදනාවට පත් වී තිබේ.
තටු පොරවාගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පර මල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා
පහන් පැලේ මල් පිදීමට තරම් පහන් සිතක් දැන් පහළ නොවේ.
මල් අසුන මත ඇත්තේ පරමල් ය. පෝදාට දෙදෙනා එක් ව මල් පිදීමට ගිය ගලේ විහාරය පවා තුෂ්ණිම්භූත ව බලා සිටී. ඔවුන්ගේ ආදරය සමඟ ආගමික ගුණ සුවඳ ද බද්ධ වී තිබු ආකාරය රචකයා මේ මඟින් මතු කර දක්වයි.
සෑම කවියක් ම ගීතයක් නොවේ. එහෙත් සෑම සාර්ථක ගීයක ම හොඳ කවියක් ගැබ් ව පවතී. මෙය හොඳ කවියක් අන්තර්ගත හොඳ ගීයක් වන්නේ එබැවිනි.
ධම්මික බණ්ඩාර