Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සුදු නෝනා - කෙටිකතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදුනෝනා..

මා මටම මුමුනා ගතිමි. කාලීන සෞඛ්‍ය නීති රෙගුලාසි වලට අනුකූලව මුහුණු ආවරණයක් පැළඳ සිටියත්... ඇගේ ඒ කාන්තිමත් දෙනෙත් වලින් සුදුනෝනා හඳුනා ගැනීමට මට අපහසු නොවීය. ලැජ්ජාවෙන් බිම බලා ගනිමින් දෙමාපියන් පෙරටුකොට අප වෙත පැමිනි ඔවුන් තිදෙනා මාත් අම්මා තාත්තාත් ආදරයෙන් පිලිගත්තෙමු.

ආගිය තොරතුරු කතා බහ කරද්දී... ඇයගේත් මාගේත් දෙනෙත් කීප විටක්ම එකිනෙක හා වුනි. ඇස් වලින් හිනා වෙන්න අපට ඉගැන්වූයේ කොරෝනාය. මුහුණු ආවරණයට යටින් ඇගේ වත පුරා ඇදී යන අහිංසක, සුන්දර සිනහවක සේයාවක් මා නිරීක්ෂණය කළෙමි.

එය සුබ ලකුණකි. රුවින්, කතාබහෙන්, සියල්ලගෙන්ම සුදු නෝනා මගේම යැයි සිතෙන තරමටම මාගේ හිත ඇයව පිලිගෙන ඇත.

"ආදරේ හිතෙන්න කාලයක් ගත වෙනවනෙ.... මේ ගහෙං ගෙඩි එනව වගේ කොහොමද අනේ කෙල්ලො එක්ක යාළු වෙන්නෙ. ආදරේ එහෙම දැක්ක ගමං හිතට එන්නෙ නාට්ටි වල විතරයි." මගේම පෙර කියූ පඩි වදන් මා හටම පශ්චාත් භාගයෙන් සිනාසෙනු දැනුනි.. සුදුනෝනා හට ආදරය කරන්නට මගේ සිත පෙලඹුනේ ඇයව ජීවමානව දැකීමටත් පෙර සිටය.

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා...

නුපුරුදු හෝ විඳ පුරුදු ඇතී... සුසුම් සුවඳ දැනුනා.....

පෙර කිසිදා ඔබ හමුවී නැති බව... ඉඳුරා කියත හැකි...

අප හමුවී නම්... ඒ පෙර සසරේ.... යුගයක වෙන්න ඇති....

unforgettable day in my life ඈ හමුවීමෙන් පසු මා දමන FB status එක පවා දැන්මම සිතේ ලියවී අවසානය.

විනාඩි දහයක් පමන ගතවෙද්දී මා ඉතා උනන්දුවෙන් විපරම් කරමින් සිටි ඒ උදාන වාක්‍යය දෙමාපියන්ගේ මුවින් නික්මුනි.

"අපි අපි කතා කර ගත්තා කියල වැඩක් නෑ නෙ.. ගැලපෙන්න ඕනේ මේ දෙන්නගෙ අදහස් නෙ... අපි මෙස් දෙන්නට ටිකක් කතා කර ගන්න ඉඩ ඇරලා පැත්තකට යමු නේද එහෙම නං... "

දෙමාපියන්ගේ යෝජනාව ඒකමතිකවම ස්ථීර වූයේ අප දෙදෙනා සුළු මොහොතකට තනි කරමිනි.

හිතවත.... කියන්නට දස දහසක් තරම් වූ අදහස්.. යෝජනා.. බලාපොරොත්තු සිත්හි තබාගෙන... කිසිවක් කියා ගත නොහැකිව Stuck වූ අවස්ථා ඔබේ ජීවිතේ උදාවී තිබේද.. එසේනම් මේ මොහොතේ ඔබට මාගේ තත්වය තේරුම් ගත හැකි වනු ඇත. කතාව කොහෙන් කොහොම පටන් ගන්නද සිතා ගත නොහැකි අවස්ථාවකදී.. මාගේ සිත ඇදී ගියේ ඇයගේ ජංගම දුරකථනය වෙතටයි.

"කොහොමද ඉතිං...,

මා කතාව ආරම්භ කලෙමි.

ඔයාගෙයි මගෙයි ගැලපීම් පටං ගන්නෙ අපේ Phones දෙකෙන්..

මම මාගේ ජංගම දුරකථනයත් සාක්කුවෙන් රැගෙන ඈ හට පෙන්වූයෙමි. දෙදෙනාටම තිබුනේ එකම වර්ගයේ එකම වර්ණයේ දුරකථන දෙකකි. දෙදෙනාම මිලදී ගෙන තිබුනේද එකම කාල වකවානුවකය.

එතැන් පටන් ජංගම දුරකථනය ඔස්සේ ඇරඹි අපේ කතා බස් විනාඩි කිහිපයක් යද්දී කොක් හඩලා සිනාසෙමින් කිසිදු සබකෝලයකින් තොරව හොඳ මිතුරන් දෙදෙනුකු මෙන් සරුවටම කෙරීගෙන යයි.

මා අසන සෑම පැණයකටම මා බලාපොරොත්තු වූ ආකාරයේ පිලිතුරුම ලැබේ. ඇය මාගේන් අසන පැණ වලටත් ඇය සෑහීමකට පත් වූවා යැයි හැඟෙන තරමේ පිලිතුරු මා හට දීගත හැකි විය. සියල්ලටම වඩා පුදුමය නම්...

මෙතෙක් කලක් විවාහ යෝජනා බැලීමට ගිය අවස්තා වලදී ගොලුවෙකු මෙන්... බොරු මාන්නයක් පෙන්වමින් සිටි මා.. පොඩි එකෙකු සේ ඇය හා සිනාසෙමින් දිගින් දිගටම කතා බහ කිරීමයි.

ඇයද ඉතා උනන්දුවෙන්.. සිනාසෙමින් මා හට සහයෝගය දුනි. ඇගේ දෙනෙතෙහි දීප්තිමත් බවින් ඇති වූ ප්‍රේම සිතුවිල්ල ඇයගේ කටහඩ, හැසිරීම සහ පෙනුම නිසා... ස්ථීර වූයේ... මා ඇය මාගේ අවසාන මංගල යෝජනාව බවට දැඩිව සිතට කියා ගනිමිනි. සෑම විටම සුන්ර සිනහවකින් වත සරසාගෙන සිටි ඇය මගේ මුළු ජීවිතයම වන්නට පටන් ගත්තේ එදා පටන්ය.

"මේ තමයි මගෙ කෙනා... මං හොය හොය හිටිය කෙනා. සුදු නෝනාවයි මං බඳින්නෙ. එයා එක්ක දුර ගමනක් යන්න පුලුවං කියල මට දැනෙනව. මට විශ්වාසයි. "

මගේ හිත මටම සපථ කර ගති. ඇත්තෙන්ම ඇයහා කතා බහ කිරීමට බොහෝ දෑ තිබුනත්... අපගේ කුඩා කාලසීමාව අවසාන වූයෙන් නිවෙස් බලා යාමට සිදුවී තිබුනි. එහෙත් නික්ම යාමට මත්තෙන් ඇයගේ whatsapp අංකය ඉල්ලා ගත් මා සුදු නෝනා <3 යනුවෙන්ම ඇයගේ නම සටහන් කර ගතිමි.

මං ඔයාට සුදු නෝනා කියල කතා කරන්නද... ඇය හා ඇති කර ගත් පලමු දුරකතන අමතුමෙන්ම මා ඇසුවෙමි.

"ඔයාගෙ කැමැත්තක්.. කොහොමත් මම නම කියනවට වැඩිය ආස නෑ.. "

ඇය සිනාසෙමින් පිලිතුරු දුන්නාය.

එතැන් පටන් සුදුනෝනා හා මා අතර ඇතිවූයේ ඉතාමත්ම සුන්දර කාල වකවානුවකි. බොහෝවිට ජංගම දුරකතනයෙන් පැය ගනන් කතා බහ කරන අප දිනෙන් දින එකිනෙකා තේරුම් ගන්නටත් අඩුපාඩු දැනගෙන ඒවා හදා ගන්නටත් පටං ගත්තෙමු.

"මට ඕනෙ මං ගැන හොයලා බලන කෙනෙක්... මගෙ පවුලෙ අයටත් හොඳින් සලකන කෙනෙක්.. කොයිම වෙලාවක වත් මාව දාලා යන්නෙ නැති කෙනෙක්..."

සුදුනෝනා මා හා දුරකථන ඇමතුමකින් කීවාය.

"ඉතිං මම හොයන්නෙත් අන්න එහෙම ඉන්න කෙනෙක් තමා.."

ජීවිතේටම බඳින්නෙ නැහැයි කියල හිටිය මම.. ජීවිතේම එක්කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්නට තරම් මේ කුඩා කාලයට වෙනස්වී ඇති අපූරුව.

කරන රැකියාවත් සමග බොහෝ කාර්්‍ය බහුල චරිතයක් වූ සුදුනෝනාගේ එකම අරමුණ වී තිබුනේ විවාහයෙන් පසු මෙම රැකියාවෙන් ඉවත්වීමයි. ඇය බොහෝ සෙයින් වෙහෙසවන බවක් පෙනෙන්නට තිබුනි.

" ඔයාගෙ කැමැත්ත කරන්න සුදු නෝනා. මගෙං බාදාවක් නෑ"

ඇයගේ ජීවිතයේ අතීතය හාරා අවුස්සා බැලීමට මා හට කිසිදු උවමනාවක් නොවීය. මා හට උවමනා වූයේ ඇය හා අද සිට හෙට ගැන සැලසුම් කිරීම පමණි. ඇත්තෙන්ම අතීතයේ සුදුවූ කිසියම් අවාසනාවන්ත සිද්දි දාමයක් නිසා සුදු නෝනා කනස්සල්ලෙන් පසුවූ බව ඇය මා හට ඉඟි කළ අතර.. මා ඇයගේ හිත හැදීමට නොගත් උත්සහයක් නැත. කාලය තුල සෑම ප්‍රශ්නයකටම පිලිතුරු ඇති බවට විශ්වාස කරන මා සෑම විටම ඇයව අස්වැස්සූයේ මා කෙරෙහි විශ්වාසය තමන ලෙසට ඉල්ලමිනි. ඇයගේ ජීවිතය තිබුනාට වඩා හොඳින් දියුණු කිරීමටත් ඇයට අවශ්‍ය රැකවරණය සැලසීමටත් මා සෑම විටම උත්සහ කළෙමි.

ආදරය , විවාහය, වගකීම්... ආදී බොහෝ කරුණු කාරණා ඔස්සේ ඈතට ඇදී ගිය කතාබස් වලින් අප දොදනා වඩ ඩාත් අපට කිට්ටු වූ බව අපට හැඟී ගොස් තිබුනි. ඇත්තෙන්ම ඇය මා හට ආදරය තවමත් ප්‍රකාශ නොකලත්... ඇයගේ වචන වලින්.. සිනාවෙන්.. ඇය මා කෙරෙහි ඇති බැඳීම මා හට වැටහුනි.

"අවුරුදු ගානකට කලිං මට උන දේත් එක්ක මං කවදාවත් හිතුවෙ නෑ සුදු මේ වගේ ආයේ කෙල්ලෙක්ට කැමති වෙන්න ආදරේ කරන්න පුලුවං වෙයි කියල. ඇත්තටම ඔයා මගෙ හිත හොරකම් කලා.. "

ඇය හා පෙම්බස් දොඩන බොහෝ අවස්ථා වල මා විසින් ඇයට එසේ කියා ඇත.

සෑම දිනකම උදෑසන අවදි වූ මොහොතේ පටන් නින්දට යන තුරුම ඉඳ හිට හෝ ඇයගෙන් ලැබෙන ඇමතුමකින් හෝ කෙටි පනිවිඩයකින් මාගේ ජීවිතයම ප්‍රබෝධමත් වේ.

ඇයි ඔයා මට මෙච්චර ආදරේ....

සුදුනෝනා විටෙක මගෙන් අසයි..

"නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී...

නුඹට සිත බැඳි කාරනේ මං තවම සොයන්නෙමී... "

මා තාලයට පිලිතුරු දෙද්දී.. ඇය සිනාසෙයි..

යදින මොහොතේදී දෙවියන් ඉදිරියේ සුදුනෝනා මට මාගේ බිරිඳ සේ හැඟේ... ඇය සෑම අතකින්ම මගේ දිවි පණ නලයි. මා සතුය ඇති ඇයට පිදිය හැකි උතුම්ම දේ ආදරයයි. කියවීමට ආසා කල ඇය මුහුනු පොතේ කතා අරණේ සාමාජිකාවකි. වෙන මොන වැඩේ තිබුනත් තෝරා ගත් කතා කීපයක් කියවීමට ඇය එහි පැමිනේ. මාද ලිවීමට කැමති අයෙකි. රහට ලිවිය නොහැකි වූවත් සරළ සිද්දියක් විස්තර කර ලිවීමට මට හැකියාවක් ඇතැයි මා ඇයට පැවසූ විට ඇය මා හට සිනාසේ...

"ඔයා ලිව්වට කමක් නෑ.... දිගටම ලියන්න. හැබැයි මං ගැන ලියන ඒවා මට එවන්න එපා .. මට ලැජ්ජයි... "

දිනක් මා ඇය වෙත නිසඳසක් ලියූ විට ඇය කීවාය

නමුත් හොරෙන් හොරෙන් සුදුනෝනා ඒවා කියවමින් එකතු කරන බව මා දනී...

" ඔයාට නොලියා මං වෙන කාට ලියන්නද සුදු... "

මාද පෙරලා සිනාවකින් පිළිතුරු දුනිමි.

පමා වී හෝ මාගේ ජීවිතයට වසන්තයක් එළඹී තිබේ. මෙතෙක් කලක් සිත දැඩිකරගෙන තනිකඩව විසූ මගේ හිත දැන් මටත් වඩා වෙන කෙනෙක් ගැන විමසයි. සොයා බලයි. සුදුනෝනාට අප්‍රමාණ ලෙස ආදරය කරයි.

එමෙන්ම අප දෙදෙනාගේ මුල්ම හමුවීමත් සැලසුම් කලෙමු.

"මට ආසයි ඔයා එක්ක පල්ලියකට යන්න... "

මා ඇයට යෝජනා කළෙමි.

"ම්ම්ම්... අපි කොච්චිකඩේ පල්ලි යං. මාත් යන්න ආසයි... "

ඇය පිලතුරු දුන්නාය.

"හරි එහෙම නං මේ සෙනසුරාදා යමු. "

මම දිනයකුත් වෙන්කල ඉක්මනට ඇය සිනාසුනාය.

සුදුනෝනා සහ මා තනිව හමුවන පළමු දිනය මා හට සුවිශේෂී එකක් කර ගන්නට උවමනා විය. ඇයටත් හොරෙන් ඇයගේ මුහුනු පොතෙන් ලබා ගත් පින්තූර කීපයක් දමා සාදා ගත් පොටෝ කොලාජ් එකක් මුද්‍රනය කරවා, ඇය වෙනුවෙන් නිසඳසක් ලියා එය සන්නස් පත්රියක ආකෘතියකට සැකසුවෙමි. මෙයට අමතරව ඇය වැඩිපුරම කැමති ආහාර වේලක් බුක්ති විඳිමට කැටුව යාමට හොඳ අවන්හලක්ද තෝරා ගතිමි. මේ වන විටත් ඇය මේ කිසිම දෙයක් නොද්න්නවා විය හැක .

තත්වය මෙසේ තිබියදී... මීට දින කීපයකට ඉහතදී කාර්යාලයේ රාජකාරී වැඩකටයුත්තක් හේතුවෙන් අප හට දුර පලාතකට යාමට සිදුවිය. ඇයත් මමත් සුපුරුදු පරිදි දුරකථනයෙන් එකිනෙකා හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කර ගතිමු.

පෙර දින රාත්‍රියේ ඇයගේ සේවා මුරය අවසන් වී නිවසට ගිය පසුව සුපුරුදු පරිදි ඇයගෙන් දුරකථන ඇමතුම් ලැබුනේ නැත. මා යවන කෙටි පණිවිඩ වලටත් ප්‍රතිචාරයක් නැත. අවසන් ඇමතුම සිදු කලේ ඊට පැය දෙකකට පමණ පෙර වූ අතර.. එහිදී වත් ඇයගෙන් කිසිදු වෙනසක සේයාවක් වත් නොවීය.

"මහන්සි ඇති... "

"නිදි ඇති..."

මා විසින් මා හටම නිදහසට හේතු සපයා ගතිමි.

පසුදින උදෑසනත් තත්වය එසේමය.

ඇය කෙමෙන් කෙමෙන් මාගෙන් ඈත් වන බවක් මා හට දැනුනි. ඇය වචනයක් වත් නොපවසා සිටියත්.. කුමක් හෝ බැඳීමකින් ඇය ගැන මට දැනේ. විස්තර කල නොහැකි සංකීර්ණ බැඳීමක් ඇයත් මාත් අතර ඇති බවක් මට දැනුනත්..

" කාට කියන්නද.. කවුරු පිලිගනියිද මේවා.. "

දිගින් දිගටම ඇය අමතන්නට උත්සහ කලෙමි. පිලිතුරක් නැත. කෙටි පණිවිඩ යොමු කලෙමි රිප්ලයි නැත.

මා ඇයට අවංකවම පෙම් කළෙමි. කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ඇගේ දෙනෙතෙහි දුටු යම්කිසි විශේෂ නිමිත්තකට බැඳි ප්‍රේමය අද වන විට මා හට ආපසු හරවා ගත නොහැකි තරම් පරතෙරට ගොස් ඇත. ඇයට නොහැගෙන මා විඳවන තැනක.. ආදරය යනු කුමක්ද ?

වෙනදාට උදෑසන අවදී වී පැමිනෙන කෙටි පණිවිඩය අද නැත.

වෙනදාට ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක එනතුරු පාරේ ඉන්න ටිකට කතා කරන කෙල්ල අද නැත.

විය හැකි සිදුවීම් දාමයක අතරමං වී ඇති මා හට නින්දක් නැත.

සිතට සැනසීමක් නැත.

හදිසියේම උදෑසනක ඇයගෙන් ඇමතුමක් ලැබුනි.

[QUOTE="Dinushasankalpa, post: 26227086, member: 169735"] [JUSTIFY][SIZE=5]සුදුනෝනා.. මා මටම මුමුනා ගතිමි. කාලීන සෞඛ්‍ය නීති රෙගුලාසි වලට අනුකූලව මුහුණු ආවරණයක් පැළඳ සිටියත්... ඇගේ ඒ කාන්තිමත් දෙනෙත් වලින් සුදුනෝනා හඳුනා ගැනීමට මට අපහසු නොවීය. ලැජ්ජාවෙන් බිම බලා ගනිමින් දෙමාපියන් පෙරටුකොට අප වෙත පැමිනි ඔවුන් තිදෙනා මාත් අම්මා තාත්තාත් ආදරයෙන් පිලිගත්තෙමු. ආගිය තොරතුරු කතා බහ කරද්දී... ඇයගේත් මාගේත් දෙනෙත් කීප විටක්ම එකිනෙක හා වුනි. ඇස් වලින් හිනා වෙන්න අපට ඉගැන්වූයේ කොරෝනාය. මුහුණු ආවරණයට යටින් ඇගේ වත පුරා ඇදී යන අහිංසක, සුන්දර සිනහවක සේයාවක් මා නිරීක්ෂණය කළෙමි. එය සුබ ලකුණකි. රුවින්, කතාබහෙන්, සියල්ලගෙන්ම සුදු නෝනා මගේම යැයි සිතෙන තරමටම මාගේ හිත ඇයව පිලිගෙන ඇත. "ආදරේ හිතෙන්න කාලයක් ගත වෙනවනෙ.... මේ ගහෙං ගෙඩි එනව වගේ කොහොමද අනේ කෙල්ලො එක්ක යාළු වෙන්නෙ. ආදරේ එහෙම දැක්ක ගමං හිතට එන්නෙ නාට්ටි වල විතරයි." මගේම පෙර කියූ පඩි වදන් මා හටම පශ්චාත් භාගයෙන් සිනාසෙනු දැනුනි.. සුදුනෝනා හට ආදරය කරන්නට මගේ සිත පෙලඹුනේ ඇයව ජීවමානව දැකීමටත් පෙර සිටය. නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා... නුපුරුදු හෝ විඳ පුරුදු ඇතී... සුසුම් සුවඳ දැනුනා..... පෙර කිසිදා ඔබ හමුවී නැති බව... ඉඳුරා කියත හැකි... අප හමුවී නම්... ඒ පෙර සසරේ.... යුගයක වෙන්න ඇති.... unforgettable day in my life ඈ හමුවීමෙන් පසු මා දමන FB status එක පවා දැන්මම සිතේ ලියවී අවසානය. විනාඩි දහයක් පමන ගතවෙද්දී මා ඉතා උනන්දුවෙන් විපරම් කරමින් සිටි ඒ උදාන වාක්‍යය දෙමාපියන්ගේ මුවින් නික්මුනි. "අපි අපි කතා කර ගත්තා කියල වැඩක් නෑ නෙ.. ගැලපෙන්න ඕනේ මේ දෙන්නගෙ අදහස් නෙ... අපි මෙස් දෙන්නට ටිකක් කතා කර ගන්න ඉඩ ඇරලා පැත්තකට යමු නේද එහෙම නං... " දෙමාපියන්ගේ යෝජනාව ඒකමතිකවම ස්ථීර වූයේ අප දෙදෙනා සුළු මොහොතකට තනි කරමිනි. හිතවත.... කියන්නට දස දහසක් තරම් වූ අදහස්.. යෝජනා.. බලාපොරොත්තු සිත්හි තබාගෙන... කිසිවක් කියා ගත නොහැකිව Stuck වූ අවස්ථා ඔබේ ජීවිතේ උදාවී තිබේද.. එසේනම් මේ මොහොතේ ඔබට මාගේ තත්වය තේරුම් ගත හැකි වනු ඇත. කතාව කොහෙන් කොහොම පටන් ගන්නද සිතා ගත නොහැකි අවස්ථාවකදී.. මාගේ සිත ඇදී ගියේ ඇයගේ ජංගම දුරකථනය වෙතටයි. "කොහොමද ඉතිං..., මා කතාව ආරම්භ කලෙමි. ඔයාගෙයි මගෙයි ගැලපීම් පටං ගන්නෙ අපේ Phones දෙකෙන්.. මම මාගේ ජංගම දුරකථනයත් සාක්කුවෙන් රැගෙන ඈ හට පෙන්වූයෙමි. දෙදෙනාටම තිබුනේ එකම වර්ගයේ එකම වර්ණයේ දුරකථන දෙකකි. දෙදෙනාම මිලදී ගෙන තිබුනේද එකම කාල වකවානුවකය. එතැන් පටන් ජංගම දුරකථනය ඔස්සේ ඇරඹි අපේ කතා බස් විනාඩි කිහිපයක් යද්දී කොක් හඩලා සිනාසෙමින් කිසිදු සබකෝලයකින් තොරව හොඳ මිතුරන් දෙදෙනුකු මෙන් සරුවටම කෙරීගෙන යයි. මා අසන සෑම පැණයකටම මා බලාපොරොත්තු වූ ආකාරයේ පිලිතුරුම ලැබේ. ඇය මාගේන් අසන පැණ වලටත් ඇය සෑහීමකට පත් වූවා යැයි හැඟෙන තරමේ පිලිතුරු මා හට දීගත හැකි විය. සියල්ලටම වඩා පුදුමය නම්... මෙතෙක් කලක් විවාහ යෝජනා බැලීමට ගිය අවස්තා වලදී ගොලුවෙකු මෙන්... බොරු මාන්නයක් පෙන්වමින් සිටි මා.. පොඩි එකෙකු සේ ඇය හා සිනාසෙමින් දිගින් දිගටම කතා බහ කිරීමයි. ඇයද ඉතා උනන්දුවෙන්.. සිනාසෙමින් මා හට සහයෝගය දුනි. ඇගේ දෙනෙතෙහි දීප්තිමත් බවින් ඇති වූ ප්‍රේම සිතුවිල්ල ඇයගේ කටහඩ, හැසිරීම සහ පෙනුම නිසා... ස්ථීර වූයේ... මා ඇය මාගේ අවසාන මංගල යෝජනාව බවට දැඩිව සිතට කියා ගනිමිනි. සෑම විටම සුන්ර සිනහවකින් වත සරසාගෙන සිටි ඇය මගේ මුළු ජීවිතයම වන්නට පටන් ගත්තේ එදා පටන්ය. "මේ තමයි මගෙ කෙනා... මං හොය හොය හිටිය කෙනා. සුදු නෝනාවයි මං බඳින්නෙ. එයා එක්ක දුර ගමනක් යන්න පුලුවං කියල මට දැනෙනව. මට විශ්වාසයි. " මගේ හිත මටම සපථ කර ගති. ඇත්තෙන්ම ඇයහා කතා බහ කිරීමට බොහෝ දෑ තිබුනත්... අපගේ කුඩා කාලසීමාව අවසාන වූයෙන් නිවෙස් බලා යාමට සිදුවී තිබුනි. එහෙත් නික්ම යාමට මත්තෙන් ඇයගේ whatsapp අංකය ඉල්ලා ගත් මා සුදු නෝනා <3 යනුවෙන්ම ඇයගේ නම සටහන් කර ගතිමි. මං ඔයාට සුදු නෝනා කියල කතා කරන්නද... ඇය හා ඇති කර ගත් පලමු දුරකතන අමතුමෙන්ම මා ඇසුවෙමි. "ඔයාගෙ කැමැත්තක්.. කොහොමත් මම නම කියනවට වැඩිය ආස නෑ.. " ඇය සිනාසෙමින් පිලිතුරු දුන්නාය. එතැන් පටන් සුදුනෝනා හා මා අතර ඇතිවූයේ ඉතාමත්ම සුන්දර කාල වකවානුවකි. බොහෝවිට ජංගම දුරකතනයෙන් පැය ගනන් කතා බහ කරන අප දිනෙන් දින එකිනෙකා තේරුම් ගන්නටත් අඩුපාඩු දැනගෙන ඒවා හදා ගන්නටත් පටං ගත්තෙමු. "මට ඕනෙ මං ගැන හොයලා බලන කෙනෙක්... මගෙ පවුලෙ අයටත් හොඳින් සලකන කෙනෙක්.. කොයිම වෙලාවක වත් මාව දාලා යන්නෙ නැති කෙනෙක්..." සුදුනෝනා මා හා දුරකථන ඇමතුමකින් කීවාය. "ඉතිං මම හොයන්නෙත් අන්න එහෙම ඉන්න කෙනෙක් තමා.." ජීවිතේටම බඳින්නෙ නැහැයි කියල හිටිය මම.. ජීවිතේම එක්කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්නට තරම් මේ කුඩා කාලයට වෙනස්වී ඇති අපූරුව. කරන රැකියාවත් සමග බොහෝ කාර්්‍ය බහුල චරිතයක් වූ සුදුනෝනාගේ එකම අරමුණ වී තිබුනේ විවාහයෙන් පසු මෙම රැකියාවෙන් ඉවත්වීමයි. ඇය බොහෝ සෙයින් වෙහෙසවන බවක් පෙනෙන්නට තිබුනි. " ඔයාගෙ කැමැත්ත කරන්න සුදු නෝනා. මගෙං බාදාවක් නෑ" ඇයගේ ජීවිතයේ අතීතය හාරා අවුස්සා බැලීමට මා හට කිසිදු උවමනාවක් නොවීය. මා හට උවමනා වූයේ ඇය හා අද සිට හෙට ගැන සැලසුම් කිරීම පමණි. ඇත්තෙන්ම අතීතයේ සුදුවූ කිසියම් අවාසනාවන්ත සිද්දි දාමයක් නිසා සුදු නෝනා කනස්සල්ලෙන් පසුවූ බව ඇය මා හට ඉඟි කළ අතර.. මා ඇයගේ හිත හැදීමට නොගත් උත්සහයක් නැත. කාලය තුල සෑම ප්‍රශ්නයකටම පිලිතුරු ඇති බවට විශ්වාස කරන මා සෑම විටම ඇයව අස්වැස්සූයේ මා කෙරෙහි විශ්වාසය තමන ලෙසට ඉල්ලමිනි. ඇයගේ ජීවිතය තිබුනාට වඩා හොඳින් දියුණු කිරීමටත් ඇයට අවශ්‍ය රැකවරණය සැලසීමටත් මා සෑම විටම උත්සහ කළෙමි. ආදරය , විවාහය, වගකීම්... ආදී බොහෝ කරුණු කාරණා ඔස්සේ ඈතට ඇදී ගිය කතාබස් වලින් අප දොදනා වඩ ඩාත් අපට කිට්ටු වූ බව අපට හැඟී ගොස් තිබුනි. ඇත්තෙන්ම ඇය මා හට ආදරය තවමත් ප්‍රකාශ නොකලත්... ඇයගේ වචන වලින්.. සිනාවෙන්.. ඇය මා කෙරෙහි ඇති බැඳීම මා හට වැටහුනි. "අවුරුදු ගානකට කලිං මට උන දේත් එක්ක මං කවදාවත් හිතුවෙ නෑ සුදු මේ වගේ ආයේ කෙල්ලෙක්ට කැමති වෙන්න ආදරේ කරන්න පුලුවං වෙයි කියල. ඇත්තටම ඔයා මගෙ හිත හොරකම් කලා.. " ඇය හා පෙම්බස් දොඩන බොහෝ අවස්ථා වල මා විසින් ඇයට එසේ කියා ඇත. සෑම දිනකම උදෑසන අවදි වූ මොහොතේ පටන් නින්දට යන තුරුම ඉඳ හිට හෝ ඇයගෙන් ලැබෙන ඇමතුමකින් හෝ කෙටි පනිවිඩයකින් මාගේ ජීවිතයම ප්‍රබෝධමත් වේ. ඇයි ඔයා මට මෙච්චර ආදරේ.... සුදුනෝනා විටෙක මගෙන් අසයි.. "නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී... නුඹට සිත බැඳි කාරනේ මං තවම සොයන්නෙමී... " මා තාලයට පිලිතුරු දෙද්දී.. ඇය සිනාසෙයි.. යදින මොහොතේදී දෙවියන් ඉදිරියේ සුදුනෝනා මට මාගේ බිරිඳ සේ හැඟේ... ඇය සෑම අතකින්ම මගේ දිවි පණ නලයි. මා සතුය ඇති ඇයට පිදිය හැකි උතුම්ම දේ ආදරයයි. කියවීමට ආසා කල ඇය මුහුනු පොතේ කතා අරණේ සාමාජිකාවකි. වෙන මොන වැඩේ තිබුනත් තෝරා ගත් කතා කීපයක් කියවීමට ඇය එහි පැමිනේ. මාද ලිවීමට කැමති අයෙකි. රහට ලිවිය නොහැකි වූවත් සරළ සිද්දියක් විස්තර කර ලිවීමට මට හැකියාවක් ඇතැයි මා ඇයට පැවසූ විට ඇය මා හට සිනාසේ... "ඔයා ලිව්වට කමක් නෑ.... දිගටම ලියන්න. හැබැයි මං ගැන ලියන ඒවා මට එවන්න එපා .. මට ලැජ්ජයි... " දිනක් මා ඇය වෙත නිසඳසක් ලියූ විට ඇය කීවාය නමුත් හොරෙන් හොරෙන් සුදුනෝනා ඒවා කියවමින් එකතු කරන බව මා දනී... " ඔයාට නොලියා මං වෙන කාට ලියන්නද සුදු... " මාද පෙරලා සිනාවකින් පිළිතුරු දුනිමි. පමා වී හෝ මාගේ ජීවිතයට වසන්තයක් එළඹී තිබේ. මෙතෙක් කලක් සිත දැඩිකරගෙන තනිකඩව විසූ මගේ හිත දැන් මටත් වඩා වෙන කෙනෙක් ගැන විමසයි. සොයා බලයි. සුදුනෝනාට අප්‍රමාණ ලෙස ආදරය කරයි. එමෙන්ම අප දෙදෙනාගේ මුල්ම හමුවීමත් සැලසුම් කලෙමු. "මට ආසයි ඔයා එක්ක පල්ලියකට යන්න... " මා ඇයට යෝජනා කළෙමි. "ම්ම්ම්... අපි කොච්චිකඩේ පල්ලි යං. මාත් යන්න ආසයි... " ඇය පිලතුරු දුන්නාය. "හරි එහෙම නං මේ සෙනසුරාදා යමු. " මම දිනයකුත් වෙන්කල ඉක්මනට ඇය සිනාසුනාය. සුදුනෝනා සහ මා තනිව හමුවන පළමු දිනය මා හට සුවිශේෂී එකක් කර ගන්නට උවමනා විය. ඇයටත් හොරෙන් ඇයගේ මුහුනු පොතෙන් ලබා ගත් පින්තූර කීපයක් දමා සාදා ගත් පොටෝ කොලාජ් එකක් මුද්‍රනය කරවා, ඇය වෙනුවෙන් නිසඳසක් ලියා එය සන්නස් පත්රියක ආකෘතියකට සැකසුවෙමි. මෙයට අමතරව ඇය වැඩිපුරම කැමති ආහාර වේලක් බුක්ති විඳිමට කැටුව යාමට හොඳ අවන්හලක්ද තෝරා ගතිමි. මේ වන විටත් ඇය මේ කිසිම දෙයක් නොද්න්නවා විය හැක . තත්වය මෙසේ තිබියදී... මීට දින කීපයකට ඉහතදී කාර්යාලයේ රාජකාරී වැඩකටයුත්තක් හේතුවෙන් අප හට දුර පලාතකට යාමට සිදුවිය. ඇයත් මමත් සුපුරුදු පරිදි දුරකථනයෙන් එකිනෙකා හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කර ගතිමු. පෙර දින රාත්‍රියේ ඇයගේ සේවා මුරය අවසන් වී නිවසට ගිය පසුව සුපුරුදු පරිදි ඇයගෙන් දුරකථන ඇමතුම් ලැබුනේ නැත. මා යවන කෙටි පණිවිඩ වලටත් ප්‍රතිචාරයක් නැත. අවසන් ඇමතුම සිදු කලේ ඊට පැය දෙකකට පමණ පෙර වූ අතර.. එහිදී වත් ඇයගෙන් කිසිදු වෙනසක සේයාවක් වත් නොවීය. "මහන්සි ඇති... " "නිදි ඇති..." මා විසින් මා හටම නිදහසට හේතු සපයා ගතිමි. පසුදින උදෑසනත් තත්වය එසේමය. ඇය කෙමෙන් කෙමෙන් මාගෙන් ඈත් වන බවක් මා හට දැනුනි. ඇය වචනයක් වත් නොපවසා සිටියත්.. කුමක් හෝ බැඳීමකින් ඇය ගැන මට දැනේ. විස්තර කල නොහැකි සංකීර්ණ බැඳීමක් ඇයත් මාත් අතර ඇති බවක් මට දැනුනත්.. " කාට කියන්නද.. කවුරු පිලිගනියිද මේවා.. " දිගින් දිගටම ඇය අමතන්නට උත්සහ කලෙමි. පිලිතුරක් නැත. කෙටි පණිවිඩ යොමු කලෙමි රිප්ලයි නැත. මා ඇයට අවංකවම පෙම් කළෙමි. කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ඇගේ දෙනෙතෙහි දුටු යම්කිසි විශේෂ නිමිත්තකට බැඳි ප්‍රේමය අද වන විට මා හට ආපසු හරවා ගත නොහැකි තරම් පරතෙරට ගොස් ඇත. ඇයට නොහැගෙන මා විඳවන තැනක.. ආදරය යනු කුමක්ද ? වෙනදාට උදෑසන අවදී වී පැමිනෙන කෙටි පණිවිඩය අද නැත. වෙනදාට ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක එනතුරු පාරේ ඉන්න ටිකට කතා කරන කෙල්ල අද නැත. විය හැකි සිදුවීම් දාමයක අතරමං වී ඇති මා හට නින්දක් නැත. සිතට සැනසීමක් නැත. හදිසියේම උදෑසනක ඇයගෙන් ඇමතුමක් ලැබුනි. [/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom