"ජීවිතේ විඳින්න තියෙන සුන්දරම දේවල් වලින් එකක් තමයි ආදරේ කියන්නෙ. අසීමිතව කරන ආදරේකට පුලුවං ඕනම ජීවිතයක් ලස්සන කරන්න. ගලක් වගේ හිතක් මොලොක් කරන්න. ඇත්තටම ආදරේ කියන්නෙ භාවනාවක්.. "
තොර තෝංචියක් නැතුව ආදරේ ගැන දොඩවන රේඩියෝ නිවේදිකාව කෙරෙහි මා හට ඇති වූයේ කේන්තියකි.
බම්බුව තමයි ආදරේ.... යටි තොල විකා ගනිමින් මා හටම කොඳුරා ගත්තේ ආදරයක් නිසා අතීතයෙන් තවමත් මතුවී එන්නා වූ අනේකවිද වේදනා ගොන්න හිතේ කොනක ඇවිලෙමින් තිබියදීය.
මාගේ ප්‍රථම ප්‍රේමය වූ දීනා මා හට හමුවන්නේ 2016 වසරේදීය. ඇය එවකට ලංකාවේ ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි. මාද යාන්තම් ගුරුවරයෙකු ලෙස රැකියාව පටන් ගත්තා පමණි.. විටෙක ඇයගේ ජීවිතයේ ඇය දුටු සොඳුරුතම මිනිසා වූ මා... තවත් විටෙක ඇයගේ ජීවිතයේ එපාමකරපු මිනිහා තරමටම උසස්වීම් ලද්දෙමි. ඒ අතරතුර කාලයේ අප දෙදෙනා අතර ගොඩනැගුනු ප්‍රේමය වෙනම පොතකින් එළිදැක්වීමට වුවද ප්‍රමාණවත්ය. අටලෝ දහම සිහිකරමින් ඇය මා අතහැර වෙනත් අයෙකු හා විවාහ වන විට මාගේ මානසිකව වැටී තුවාල වූ හිත සුවපත් කර ගන්නට තවත් දෑ අවුරුද්දක් ගතවිය. උසස්පෙල අවසන් වූ ළමුන්ට ඉගැන්වීමට යොමු වූ සමයක සිටි මා ඉගැන්වීමටම සිත යොමු කර ඇයගේ මතක වලින් යම්තාක් දුරකට ඈත් උනෙමි. එහෙත්... අදටත් ඒ මතක ඉඳහිට සිත පාරයි. ඇය මා හට ඉතිරි කර ගිය දුකෙන් කෙල්ලන් එපා වී තනිකඩං ජීවිතං ආතල් නියතං ක්‍රමයට ජීවත් වීමට මා පුරුදු වූයෙමි. කෙල්ලන් ගනං ගන්නෙ නැති, තරමක් ආඩම්බර චරිතයක් මා තුලින් නිර්මාණය විය.
ගුරුවරයෙක් ලෙස ඉගැන්වීම තුලින් ජීවිතයේ යම්කිසි සාධන මට්ටමකට එලඹ සිටි වකවානුවක ජනප්‍රියතාවය මා සොයා පැමිණියේ නොසිතූ අයුරිනි. ඇතැම් දෙමාපියන් මාගේ පන්ති වලට දරුවන් ඇතුලත් කිරීමට පෙල ගැසී බලා සිටි කාලයක්ද තිබුනි. ඒ අතර
"අර සර් කරන පන්තියටම මෙයාව දාලා දෙන්න... "
"ඒ සර් උගන්වනව නේද මෙයාලාට"
ආයතනයට පැමිණි ඉතා සුලබ ඇමතුම් වේ.
තත්වය එසේ තිබියදී
"අම්මෝ සර්ගෙ ආඩම්බර"
"සර් අර එහා කෙරවලේ ඉන්න ගෑල්ලමය සර් දිහා හැම තිස්සෙම බලනව. "
"සර් නිලුෂිගෙ නම්බර් එක 077XXXXXXXx"
"සර්ගෙ මාර ලොකු සීන් නේද.. "
වැනි චිට් මේසයට පැමිණීමටත් පටං ගෙන තිබුනි. එයින් තව තවත් උඩගු වූ මා.. සදාකාලිකවම තනිකඩ වී සිටිනා තරමටම හිත දැඩි කරගත්තෙමි. ගිනිපෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළිට බිය වීම සාධාරණය.
මගේ පළමු පෙම වූ දීනා මා අතහැර වසර 3ක් පමණ ගතවෙද්දී .. මාගේ දෙමාපියන්ට සහ නෑදෑ හිතවතුන්ට මාගේ තනිකඩ ජීවිතය ප්‍රහ්නයක් වන්නට පටන් ගති.
සති අන්තයේ නිවසට වී සිටීමට බැරි වන තරමටම, නෑදෑ හිතවතුන් හා ප්‍රිය සම්භාශන පැවිත්වීමට නොහැකි වන තරමටම ප්‍රශ්නය එන්න එන්නම දැඩි වන්නට වූයේ එය මටද මහත් වූ මානසික පීඩාවක් කරමිනි.
"යකෝ මුන්ටනෙ මාව බන්දන්න පුදුම අමාරුවක් තියෙන්නෙ.. "
සෑම විටකම මා හට සිතුනි.
"ඔය ගෑනු සේරම එකයි අම්මෙ
වැඩක් නෑ ඕව බලල...
මං කැමති නෑ..
මට බෑ...
හරි හරි ලබන අවුරුද්දෙ බලමුකො..."
වැනි පිළිතුරු සාම්ප්‍රධායික පිලිතුරු වන්නට වූ තැන....
"හරි එහෙම නං එකක් බලන්න යංකො...
ආපෝ අම්මෙ ඒ පොටෝ එකේ ඉන්න එක්කෙනා ඔයාටත් වඩා නාකි පාටයි නෙ
ඒ කෙල්ලගෙ සේරම හොඳයි ඒත් මං කැමති නෑ... "
වැනි තරමක් වැඩි දියුණු කළ "පච" කීමටද මා පුරුදු උනෙමි.
දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසා සහ මාගේ නොමිලේ ලැබෙන ආහාර කූපනය නැති වෙතැයි මා තුල ඇති වූ අනියත බිය නිසාම හා හා පුරා කියා මාගේ කුළුදුල් මංගල යෝජනාව බැලීමට ගියෙමි. ඇය හා ඇගේ දෙමාපියන් ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණ සිටි අතර මාත් මාගේ දෙමාපියන් කැටුව ඇය බැලීමට ගියෙමි.
අපි ඉතිං මේවා කතා කරගෙන වැඩක් නෑනේ... අපි ඒ අයටම මේවා කතා බහ කරගන්න ඉඩ අරිමු. මව් පියන් දෙපල අප දෙදෙනා අතහැර ඈතට ගියේ මාවත් ඇයවත් ඉතා අසරණ තත්වයකට ඇද දමමිනි.
හිතවත් පාඨකය. ඔබ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන යුවතියක් සමගින් හාද වේ නම්... ඔබටත් ඇයටත් අදහස්, හැඟීම් හුවමාරු කර ගැනීමට හොඳ කාලයක් ලැබේ. පියවරෙන් පියවර ඉදිරියට යා හැකි සුන්දර මාර්ගයක් විවර වේ.
එහෙත්.. අවාසනාවක මහත.. යෝජිත විවාහ වලදී එවන් අවස්ථා ලැබෙන්නේම නැති තරම්ය. දෙදෙනා හමුවූ මුල්ම අවස්ථාවේ සිටම ඇය බිම බලාගෙන හිඳිය. මම අහසේ පියාඹන කුරුල්ලන් ගණන් කලෙමි. ඇය ඇඟිලි වල නියපොතු දෙස බලද්දී... මම ජංගම දුරකථනය ගෙන Facebook එකේ ඉහල පහල ගියෙමි.
ඒකි කතා කරන්නෙ නැතුව ලොකු සීන් දානව නං... මාත් එහෙම තමා...
මා මේ පවසන දේ.. මංගල යෝජනාවක් බලන්නට එක් වරක් හෝ ගිය ඔබට ඉතා හොඳින් තේරුම් ගත හැකි වනු ඇතැයි සිතමි.
මේ වන තෙක් මංගල යෝජනා නොබැලූ අය සිටියි නම්... දිගටම එසේම සිටින මෙන් ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
"මොනවද දෙන්න මෙච්චර වෙලා කතා කලේ...... "
දෙමාපියන් පනාව දාගෙන අප සිටි තැනට පැමිනෙද්දී සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයාගේ පොත් තුනක් විතර එක දිගට සාඛච්චා කර පෙම්වතුන් වූ දෙදෙනෙකු මෙන් අප දෙදෙනාම ඉතා අවිහිංසක ලසින් මුහුණට මුහුණ බලා සිනාසුනෙමු. ඒ මා ඇගේ මුහුණ හරි හැටි දුටු ප්‍රථම අවස්ථාවයි.
නිවසට යාමටත් පෙරම, "අම්මෙ ඒක හරි යන්නෑ.. මට බෑ. "
මා පිලිතුරු සපයා අවසානය.
"මගුලක් බලන්න වත් යන්න බෑ කිවව්ව එකා.. අකමැති වෙන්න හරි එකක් ගිහිං බලල ආවත් මදැයි. "
දෙමාපියන්ද සිත් සනසා ගත්හ. Win Win Situwation එකක් නිසා මාත් සතුටිං සිටියෙමි.
ඒ දමා ගත්තා වූ ජිල්මාට්ටුවෙන් මාස 3ක් පමණ නිදහසේ සිටීමට හැකි විය. දැන් දැන් ආයෙත් මංගල යෝජනා පුවත්පත් පිටු මේසය උඩ දකින්නට ලැබේ. නංගීද අම්මාට නොදෙවෙනිව හයිලයිට් පෑනක්ද රැගෙන විභාගයට පාඩම් කලාට වඩා උනන්දුවෙන් යෝජනා තෝරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ දෙවන විවාහ යෝජනාවට දින තීන්දු විය.
"අපිත් එන්න එන්න වයසට යනව පුතේ. හැමදාම උඹට ඔහොම ඉන්න බෑ නෙ. අපිත් ආසයි දරු මුනුබුරන්ගෙ සුරතල් බලලම හුස්ම ටික යවන්න. "
නාට්‍යානුසාරයෙන් රඟ දැක්වූ දෙබස් වලින් වෙඩරු පිඩක් සේ උණු වූ මගේ හදවත නැවතත් මංගල ජෝජනාවක් බැලීමට යාමට මට බල කලේ බුද්ධියද පසෙකට දමමිනි.
මෙන්න හිතවතුනි ඔබ පුල පුලා බලා සිටි ඒ අසිරිමත් දවස උදාවිය. පෙරසේම දෙමාපියන් මාහා කැටුව දේවස්ථානයක් කරා ගිය අතර... ඔවුන්ද පැමිණ සිටියහ.
කෙල්ල ලස්සනය. හීන්දෑරිය. ප්‍රියමනාපය. සිත්හි නිධන් වූ ආඩම්බරකාර ගති පරදා ඈ ගැන ඇල්මක් ඇති වේගෙන එද්දී... නැන්දම්මා මැදින් පනින ලදී.
පුතා මොකද කරන්නෙ, පුතාගෙ සැලරි එක කොහොමද, ඩෙසිග්නේශන් එක මොකක්ද, දැනට සේවිංග්ස් එහෙම කොච්චර තියෙනවද? පුතා මයිග්‍රේට් වෙන්න එහෙම ප්ලෑන් කරං තියෙනවද, අපේ දූ නං එහෙම ප්ලෑන් කරං තියෙනව.. ඒ නිසා තමා අපි එයාට අරං දුන්න වෙසල් එකත් ආයේ සෙල් කලේ.
"අම්මෙ ඒක හරි යන්නෑ.. මට බෑ.. "
"හ්ම්ම්ම්... අපිටත් හිතුන... ඒ දරුවගෙ අම්ම හදන්නෙ දුවව විකුණන්න වගේනෙ..උසාවියෙන් ප්‍රශ්න කලා වගේ "
අම්මාත් තාත්තාත් සිනාවෙද්දී... ඒ අවස්ථාවෙනුත් යාන්තම් පණ බේරාගෙන සුපුරුදු නිදහස් තනිකඩ සංගමයේ සාමාජිකත්වය අළුත් කර අදට වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.
"කොහොමද ඉතිං ප්‍රොපෝසල් වලිං හරිම කෙනා හොයා ගන්නෙ... ආදරේ හිතෙන්න කාලයක් ගත වෙනවනෙ.... මේ ගහෙං ගෙඩි එනව වගේ කොහොමද අනේ කෙල්ලො එක්ක යාළු වෙන්නෙ. ආදරේ එහෙම දැක්ක ගමං හිතට එන්නෙ නාට්ටි වල විතරයි. හැබෑ ජීවිතේ එහෙම නෑනෙ. අනික තාම මට උරුම කෙනා ඉපදිලද දන්නෙත් නෑ... "
යෝජිත විවාහ මා හට ගෙන ඒමෙන් වැලකීමට මා ගැසූ පම්පෝරි වල සමාලෝචනයක් ඉහලින් ඉදිරිපත් කළෙමි.
කාලය මෙසේ ගතවෙද්දී.. රැකියාවේ මෙන්ම පුද්ගලික ජීවිතයේද විවිධ හැලහැප්පීම් මධයයේ.. ජීවිතය ගෙවී යයි. කොරෝනා වසංගත තත්වයත් සමග නැත්තටම නැති වී ගිය මංගල යෝජනා කතා බහ වසරකට පමණ පසු යලිත් හිස ඔසවන්නට පටං ගත්තේ මා යලිත් සලිත කරමිනි.
"පුතේ .....පත්තරේ.. ප්‍රොපෝසල් එකට කතා කලාම එයාලා ඔයාගේ පොටෝ එක එවන්න කිව්ව. ඒ පවුලෙ දෙවෙනි දුවට තමයි මේ කසාදෙ බලන්නෙ. "
එක් දිනක් සුපුරුදු පරිදි මාගේ මෑණියන් විසින් මා වෙත කරුණු සාරාංශගත කළාය. වැඩ නිමවී නිවසට ආ ගමන්ම සිටි මා ඕනෑවට එපාවට ඇගේ රූපය නැගනියගේ ජංගම දුරකථන තිරයෙන් දුටිමි.
කාන්තාරයට වැසි වසී, තුරු හිස් මුදුන් ප්‍රීතියෙන් සිනාසෙයි... ජීවිතේ අළුත් බලාපොරොත්තුවක් ඈත කොනක සිට එබිකම්කරයි....
"හෝව් හෝව්...
මොනවද මේ උඹ කියවන්නෙ..."
හිතේ උඩිංම වැජබෙඹින් සිටි මගේ ආඩම්බරකම ඇයගේ දෙනෙත් වලට බැඳී මොහොතකට නතර වූ මාගේ චින්තනය යලිත් අවදි කලේය.
වසර තිහකට ආසන්න මගේ ජීවිතයේ දුටු සැනින් මගේ නෙත් නතර වූ ඒ තරම් රුවක් මා දැක නොමැති තරම්ය. සියල්ලටම වඩා මා වශී වූ ඒ දෙනෙතේ කාන්තිය එම ඡායාරූපය මගේ මනසේ ජීවමාන කළේය. ජීවිතේ ගෑණු තිත්ත වී , එපා වී, ලොකු සීන් ගොඩකින් මහන්තත්තයේ පවුරක් බැඳගෙන සිටි මගේ ආඩම්බරකාර බලකොටු කඩා බිඳ දමා පොඩි එකෙක් සේ එවෙලෙහිම ඇය සොයා යන තරමට මගේ සිත ඇයට ආකර්ශණය විය.
පාට පාට මල් වැටුනු දම්පැහැති ඇඳමක් හැද සිටි ඇයගෙන් දිස්වූයේ ඉතා චාම් පෙනුමකි.
"සුදු නෝනා"
කොහොම කොහෙන් පැමිණි නමක්දැයි මට සිතාගන්නටවත් නොහැකි වූ නමුත්... නංගිට චාටුවක් දමා ඇයගේ ඡායාරූපය මට whatsapp කර ගත් පසු... සුදුනෝනා මගේ වූයේ මටත් නොදැනීමය.
" හ්ම්ම්.... හා හා අම්මල කියන හින්ද ගිහිං බලමුකො... හැබැයි ඉතිං නිකං බලනව විතරයි... "
තවමත් පරාජය පිලි නොගන්නා මාන්නය වචන වලින් නික්මුනේ... සුදු නෝනා දකින්නටත් කලින්ම ඇය කෙරෙහි ඉතා සුවිශේෂී ආකර්ශනයක් හිතේ නම් ඇති කරවමිනි.
එතැන් පටන් ඇයව බැලීමට යාමට දින ගනිමින් සිටි මා හට සතියක් යනු කෙතරම් දිගු කාලයක්දැයි හොඳහැටි වැටහුනි. නමක් ගමක්, විස්තරයක් කිසිත් නොදත් මා සුදුනෝනාගේ දීප්තිමත් දෙනෙත් දෙස බලමින් කොපමණ රාත්‍රීන් ගණනක් ඇයව ලබා ගැනීමට සැලසුම් කරන්නට ඇතිද...
හමුවී ඇය මා හට කැමති වූවොත්.. ඇයගේ නම කුමක් වූවත් .... ඇයට මා අමතන්නේ සුදුනෝනා නමින්මයි... සිත දැඩිව අදිටන්කරගෙන අවසන්...
බොලඳකමට තවත් කුමණ උපහැරණද ?
ප්‍රිය හිතවතුනි... මෙන්න ඔබ පුලපුලා බලා සිටි දවස, ඉරිදා දිනෙක සවස අප හමුවීම සඳහා සුදුනෝනා සහ ගේ මවත් පියාත් නිවසට මදක් දුරින් පිහිටි දේවස්ථානයකට පැමිනෙන බව දන්වන ලදී. එදින සවස පන්තියත් වේලාසනින් නිම කළ මා වෙලාවටත් කලින්ම එතැනට පැමිණ සැදී පැහැදී සිටියෙමි.
ඉරිදා දිනයක් වූ බැවින් දේවස්ථානයේ තරමක ජනකායක් සිටියත්... සෙනග අතරින් අප වෙත ඇදෙන එක්තරා සුවිශේෂී රූපයක් තුල මාගේ දෙනෙත් නතර විය.
අනික ඇත්ත කතාවක් ලියද්දි බොරු ලියන්නත් බෑ නෙ
හැබැයි අවසානය තව පොඩ්ඩක් විස්තර උනානම් හොදයි වගේ හිතුනා



eka witharai awula....overall a good story