අද වන විට හිරිවඩුන්න සිරිමහ බෝධීන් වහන්සේ ලෙසින් පොදුවේ කවුරුත් හදුන්වන මෙම ජය සිරි මහ බෝ සමිදු පිහිටා ඇත්තේ මෙම හෙළබිමේ, ලංකාද්වීපයේ හරි මැදය. එනම් මධ්‍ය මණ්ඩලයේය. ලංකාව පිහිටි දේශාංශක හා අක්ෂාංශක ගැන බලා ඒ අනුව හතරැස් කොටුවක් ලොසින් සකස් කර ගෙන එහි මුළු හතර යා කර කතිරයත් ගසා බලා ලංකාවේ හරිමැද ලක්ෂය ලබාගන්න. මෙම ලක්ෂය හරියටම හිරිවඩුන්න බෝ සමිදු දැනටමත් වැඩ වාසය කරන ස්ථානයයි.
එදා පටන්ම මේ බෝධීන් වහන්සේට සුදු බෝධිය යන නම ව්‍යවහාර කර තිබූ බවද පෙන්වා දිය යුතුය.
"ජයෝ මුනින්දස්ස - සුබෝධ මූලේ "
"අහෝසි මාරස්ස - පරාජයෝහී"
යන බෝධි වන්දනා ගාථාවෙහි සුබෝධි යනු මේ සුදු බෝධියට එදා භාවිතා කළ විශේෂ නාමයයිත ලංකාවේ හෝ ලෝකයේ හෝ වෙනත් කිසිදු බෝධීන් වහන්සේ නමකට සුදු බෝධිය යැයි නම් කර නැත. අදටත් වසරකට වරක් ජයසිරි මහ බෝ සමිදුන්ගේ බෝධිමූලයෙන් වෙසක් පොහෝයට ආසන්න දිනයක සුදු බෝ අංකුරයක් මතුවීම මගින් මේ සුදු බෝධිය ලෝකයාට ප්‍රදර්ශනය කරනු ලබයි