සුදු රෙද්ද මත ඇතිරූ ලේ බිංදුව
විශ්වාසයයි ආදරයයි නම්බුවයි දෙකඩ වන්නා වූ ලේ බිංදුව සංස්කෘතිය තුළ බොහෝ කලෙක සිට පිලි ගැනෙන්නකි...
කෙල්ලෙකු ගැහැණියක වන්නේත් මෙමගින් කියා කටවහරෙහි පවතී.. අද සමාජය සැලකීමේදී අවුරුදු 15 අඩු හෝ තවමත් පාසල් වයසෙහි පසු වන දරුවන් පවා ගැහැණියක් බවට වත්ව මවක් වන්නට ගත වන ප්රවනතාවය ඉහළ අගයක් ගනී..
සාමාන්‍යයෙන් පිලිගැනෙනුයේ විවාහය මත අතුරන පළමු රාත්‍රියෙහි ගැහැණියක් බවටත් ඉදිරියේ දී මවක් බවටත් පත් වනවා කියා වුවද අද වන විට විවාහයට පෙරම ගැහැණියක් වනු සමාජයට නුහුරු දෙයක් නොවේ.. අද කතා බහ මෙයයි..
10 වසරෙහි සිටින පුතුට smartphone , laptop , internet සමගින් අධ්‍යාපනයට උදව් කරන දෙමව්පියන් හා O/L පාස් වූ දියණියට smartphone මගින් A/L සදහා පංති යාමේදී ඉන්න තැන දැනගැනීමටත් සොයා බලමින් ඇගේ ආරක්ෂාව තහවුරු කර ගන්නා දෙමාපියන් බොහෝ ලෙස අද සමාජයෙහි දැක ගත හැක.. වයස අවුරුදු 20 න් පසු ඉක්මා එළඹෙන්නා වූ පවුල් ජීවිතයෙහි මුල් දසුන් වයස අවුරුදු 15 ක දරුවෙකු පාසල් යන කාලය තුළම විදීමට හේතුව අපමණ ආදරයකින් ලබා දුන් දෙමව්පිය ආරක්ෂාවෙහි වැරැද්ද ද?
ඔබ පාසල් කාලය පහු කළ අයෙකු නම් සෞඛ්‍ය පාඩම් ඉගෙන ගත් කාලයක් ඔබට තිබෙන්නට පුලුවන්.. කෙල්ලෙකු හා කොල්ලෙකු වැඩිවියට පත් වීම ගැන මුලින්ම ඉගෙන ගන්නේ පාසලෙන් වෙන්න පුලුවන්.. මොකද සමාජය තුළ පවුල් පරිසරයේන් එම අත්දැකීම ලබලා තිබුනත් මුලින්ම කියවීමෙන් හා කතා බහෙන් එම අත්දැකීම ලැබුවේ පාසලෙන් වන්නට පුලුවන් නිසාවෙන්..
කොල්ලෙකුගේ වැඩිවියට පත් වීම සමාජයෙන් හැංගුවත් කෙමෙන් හැඩරුවෙහි වෙනස්කම් මගින් එය වටහා ගත හැක... නමුත් සගවා තබා ගත යුතු කෙල්ලගේ වැඩිවියට පත්වීම මල්වෙඩි හඩ මැද ලෝකයටම ඔප්පු කරමින් ඇයව සමාජයට හදුන්වා දෙනුයේ නව යොවුන්වියක් උදා කරමිනි... එතැන් පටන් කොල්ලෙකුගේ බැල්ම කතා බහ ඇයට හිමි වනුයේ ඇගේම මල්වර මංගල්ලයට පැමිණි අයෙකුගෙන් විය හැක.. සමාජයේ කොතෙක් නම් පුද්ගලයන් දැක ගත හැකි වුවත් ඔවුන්ගේ අභ්‍යන්තර පෙනුම දැක ගත හැකි වනුයේ ආශ්රයෙන් පමණි... හිතන්නට යමක් ඉතුරු වනුයේ මින් මතු සිදු වන්නා දේ ගැන පමණි..
පාසලෙන් ලබන ලිංගිකත්ව දැනුම සීමා වුවත් ඒ පිලිබඳ ගැඹුරු පැහැදිලි කිරීමක් දරුවන් වෙත ලබා දීම දෙමාපියන්ගේ යුතුකමක් වන්නේය.. මන්ද පාසලෙහි සිටිනා කාලය තුල යම් නීතී මාලාවකට යටත් වුවත් නිවස හා ඉන් පිටත් දරුවන්ට මර උගුල් ඇටවිය හැකි ස්ථාන වන නිසාවෙනි.... කාර්යබහුල වූ දෙමව්පිය ආශ්‍රය ලබන දරුවන් මේ සදහා පෙළබීමට ඇති ඉඩකඩ ඉහළ වන්නේද මේ නිසාවෙනි...
වැඩිවියට පත් වූ මුල් කාලය තුලම මව්පියන් මේ පිලිබදව හරි ආකාරයෙන් වැටහීමක් ලබා දෙන්නේ නම් දරුවන් මේ සදහා යොමු වීමට ඇති ඉඩකඩ යම් දුරකට සීමා කරගත හැක...
එමගින් වරදෙහි බරපතලකම හෝ යම් දුරකට තේරුම් ගත හැක..
හිතන්න ඔබේ දරුවා හට පියෙකු වශයෙන් ඔබ සියල්ලම කියා දී ඔහු හා සමීපයෙහි සිටින්නෙක් කියා.. කෙමෙන් දරුවා උස්මහත් වීමත් සමග මිතුරන්ගේ ආශ්රයෙන් ලබන කතා බහෙදී කෙල්ලකු හෝ කොල්ලෙකු ලිංගිකව එක්වීමක් දැක් වූ වීඩීයෝ පටයක් ඔබේ දරුවා නැරඹුව හොත් ඔහු විසින් අනෙක් මිතුරන් හට " අනේ ඕවා උබලා අද බැලුවට මන් ඕවා ගැන ඉගෙන ගත්තේ රස විදින්නම විතරක් නෙමෙයි මචං.. ඉගෙන ගනින් රසවිදින හැමදේකම යථාර්ථය පිච්චුන අළු කියලා.. එතකොට උබලට තේරෙයි කෙල්ලෙක්ගේ ඇග දැකලා ලස්සනයි ඕනෙයි කියලා හිතනවට වැඩිය දැකලා රස විදින්න තව ගිනි ගත්තු නැති දේවල් තියනවා කියලා"
යැයි පැවසුවහොත් අනෙකා ඉදිරියේ දෙවනි නොවූ පහත් මානසිකත්වයක් ගොඩ නැගීමට අවස්ථාව උදා නොකර දුන්නේ ලගින් සිටි පියා බව ඔබටම වැටහේවී... එමෙන්ම කොපමණ නරක ආශ්‍රය ලැබුවත් හරි ආකාරව ලබා දුන් ජීවිත ඔවදන දරුවා හට යහපත් මානසිකත්වයක් ලබා දෙනු නිසැකය...
දරුවාගේ අනේක විද නිදහසත් දෙමාපියන්ගේ සොයා නොබැලීමටත් අවසානයේ පිලිතුරක් වනුයේ දරුවාගේ විනාශය විය හැක..
අනිවාර්යයෙන්ම සොයා බැලිය යුත්තේ කෙල්ලොන් ගැන කියා සමාජය පිලිගත්තත් කොල්ලෙකු ගැන සොයා බැලීම ඊට වැඩිය අවශ්‍ය වනුයේ ඔප්පු කිරීමකින් තොරව සිදුවන ලිංගිකත්ව එකතුවීම් හා රැවටීම් තුලින් විනාශකාරී තත්වයන්ට එළඹෙන බැවිනි....
මිතුරන් අතරේ හුවමාරු වන අන්තර්ජාල ලිපින හරහා නරඹන නිල් චිත්‍රපටි හරහා ඇති වන ආශාවන් නිසා ඇති කර ගන්නා රැවටිලි සහගත ආදරයත් කවුරුත් නොදන්නා මුදලට යට වූ බිත්ති හතරත් අතරේ බිදෙන්නට ලක් වන කෙල්ලෙකුගේ නම්බුත් අවුරුදු ගනන් ආරක්ෂා කල දෑවැද්දෙහිත් වටිනාකම කොල්ලෙකුට සෙල්ලක්කාර කාලය තුල මිලක් නොවන්නේය...
නමුත් මෙවන් පුද්ගලයෙක් අතින් සුදු රෙද්දක තැවරුනු ලේ බිංදුව සමාජයෙන් පිළිකුල් කරනුයේ මහත්මා ගති පෙන්නවූ තම පුතුට පිරිසිදු කතක් සොයමිනි..
පාසල් කාලය තුල ආරම්භ කරන පෙම තේරුම් ගැනීමත් සමාජ ජාලා හරහා ගත නිරුවත් කිරීමත් සිදු කිරීම කෙල්ලෙකුගේ හෝ කොල්ලෙකුගේ වැඩකාර ගතිය නොවන බව තේරුම් ගත යුත්තේ ඔබමයි... ඇදක් මත කෙල්ලෙකුව නිදිකිරීමටත් ඇදක් මත නිදා ගැනීමටත් සිය පාරකවත් සිතන්නේ නම් සුදු රෙද්දත් රතු ලේ බිංදුවෙන් තෙත් වීම විවාහයකට පෙර සිදු නොවන්නට පුලුවන්... එවිට කොන්ඩම් වැනි ආරක්ෂකාරී උපක්‍රම තිබීමත් ආශ්වාදයක් ලබා පැයක සතුටක් විදීමත් ඔබෙන් නික්ම යනු නිසැකය.... සිදු වූ වරද මව්පියන්ගේ ද දරුවන්ගේ ද යන්න සොයා බැලීම සියල්ලෙහි අවසානය නොවේ...
විය යුත්තේ මෙයද? අවසානයේ සියල්ලම වූ දෙයක් පිලිබඳ පසුතැවිලි වීමට වඩා පෙර මග දැක විය හැකි යැයි වන ඔබේ පුංචි වැරැද්ද හෝ තේරුම් ගෙන දරුවා යහපත් අයෙකු කිරීමට වග බලා ගැනීම නොවෙද?
(සමාජයේ වැරදි වලට පෙළබෙමින් සිටින පිරිස යම් දුරකට වැරදි වල පැටලීම සීමා කිරීමටත් අනේකවිධ ආදරයෙන් මත් වූ දෙමව්පියන් හට යම් අවබෝධයක් ලබා දීම හුදෙක් අරමුණු විය..)
උපුටා ගැනීම:
https://www.facebook.com/hitheketutattoo/