සුදු වලිගේ ඇත්තෝ වීඩියෝවට එරෙහිව ආදිවාසීන් නඩුමගට

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ඇත්තටම දඹානේ වැදී ගම්මානෙ දැන් වැද්දෝ පදිංචි නැ ලු
    එයාල එතනට එන්නේ ජොබ් එක කරන්නලු
    ඇත්ත ගෙවල් තියෙන්නේ වෙන කොහේදෝ ලු
    ඒ ඇත්ත ගෙවල් ඔක්කොම ටයිල් කරල් එහෙම සුපිරියට හදල තියනවා ලු
    උදේට ජොබ් එකට වැදී ගම්මානෙට එනවලු
    හවසට ගෙදර යනවා ලු

    කැම්පස් හිටපු මල්ලි කෙනෙක් උන්ගේ බැච් එකේ එකෙක් ගේ ගෙදර ගියාම දැනගෙන තියෙන්නේ
    පොරත් ඒ ගම්මානේ එකෙක් ලු

    හරියට දන්නේ නෑ, අර මල්ලි කියපු විස්තරේ තමයි මම දැම්මේ
    Ekama awula munge panguwa denne nathuwa oka karapu nisa.. munge athi magulak naa.. patan ganna indanma business eka.. baila thamayi..
     
    • Like
    Reactions: Jihadi john

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    Fake news.


    ube channel eka mokakda? creative videos tikak balanna
    ------ Post added on Mar 18, 2025 at 3:16 PM
    rmbJ4183Ibo.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    collage.jpg


    පසුගිය දිනවල ජනප්‍රිය වූ "සුදු වලිගේ ඇත්තෝ' නමැති වීඩියෝව තම සංස්කෘතියට අපහාසයක් එක්කර තිබීම නිසා ශ්‍රී ලංකාවේ ආදි වාසී පරපුර වෙනුවෙන් වැදි නායක වන්නිලැ ඇත්තෝ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මාධ්‍ය වෙත දන්වා තිබේ.

    'බ්ලොක් ඇන්ඩ් ඩිනෝ' යූටියුබ් නිර්මාණයක් ලෙස එළිදැක්වූ මෙම ප්‍රහසන වීඩියෝවේදී වැදි සංස්කෘතිය විකෘති කර එලිදක්වන අතරම වැදි බසටද නව අර්ථකථන දෙමින් හාස්‍යයට බඳුන් කර ඇති බව චෝදනා කර තිබේ.

    මේ වනවිට මිලියන 1.6 කට වඩා වැඩි නැරඹූම් ලබා ඇති මෙම ‍වීඩියෝව 'බ්ලොක් ඇන්ඩ් ඩිනෝ' විසින් නිර්මාණය කර තිබුනේ සමට අ‍ාලේප කරන ක්‍රීම් වර්ගයක් ප්‍රසිද්ධ කිරීම සඳහා වාණිජ අරමුණකින්ය.

    මෙහිදී රාජගිරිය ප්‍රදේශයේ සාමාන්‍ය පුද්ගලයෙකු සිය ජීවන රටාව වෙනස් කර "සුදු වලිගේ ඇත්තෝ' නමින් කැලෑ වැද වැද්දෙකු ලෙස වෙස්මාරුකරගත් බව පෙන්වාදෙන වීඩියෝව එහිදී වැද්දෙකු ලෙස ඔහු කරන ව්‍යාජ රංගනය හාස්‍යයට බඳුන් කර තිබේ.

    සුදු වලිගේ ඇත්තෝ සුද්දන් සමග ෆොටෝ ගසා මුදල් අය කිරීම, රුවැති කාන්තාවක සමග 'ජිගි ජිගි' කිරීම, නවීන තාක්ෂණය භාවිතකරමින් සැපවත් ජීවිතයක් කුඩා පැල්පතක ගත කිරීම, දරුවන් වැදි සංස්කෘතියෙන් පිට දේවල් කිරීම වැනි දේවල් මෙම පිටපතේදී ඉදිරිපත් කෙරේ.


    ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු විසින් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පෙන්වාදෙන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් එම වීඩියෝව මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් කළ පහත් ගණයේ එකක් ලෙස විස්තර කලේය.

    'අපේ පරම්පරාවට සම්බන්ධ නායකයෙක් විදිහට කෙනෙක් මේ සමාජ මාධ්‍ය වැඩසටහනේ එනවා. එයා ලොකු වෙළඳාමක් කරන්නේ. මං මේක නවත්තන්න කියන්න කතා කරා. ඒත් එහෙම වුනේ නැහැ. මං දුරකථනයෙන් කතා කළාට උත්තර දුන්නෙ නැහැ.. දැන් මාධ්‍ය නිදහස ගැන කථාකරනවා. ඒත් පරපුරකට මෙහෙම හානියක් කරලා මුදල් හොයන්න කාටවත් අයිතියක් නැහැ. තමන්ගේ මඩිය තද කරගන්න හිතනවා විතරයි. තමන්ගේ රටේ සංස්කෘතියට මොනව වුණත් ඒ අයට කමක් නැහැ.

    මේ වීඩියෝ එක අන්තර්ජාලයෙන් දැන් ලක්ෂ 16 ක් බලලාලු.සල්ලි හොඳට හොයලාලු. මේ ඇත්තන්නේ පරම්පරාවේ භාෂාව සිරිත් විරිත් ඒ හැම එකම විනාස කරල තමයි මේ සල්ලි හොයන්නෙ.

    මේක ලියපු කෙනා මේ භාෂාව විකෘති කරලා. 'පොජ්ජ' කියල හැමතැනම දාගෙන වෙන භාසාවක් කතා කරනවා.මේ පරම්පරාවට කරපු අපකීර්තියට වන්දියකුත් එක්ක තමයි අපි නඩු මගට එළැඹෙන්න හදන්නෙ."
    සමහර රටවල නම් ආදිවාසින්ගෙ සංස්කෘතිය ආරක්ෂා කරන්න සැර නිති තියනවා. ඔසි කට්ටිය දන්නවා ඇතිනේ එහෙ තියන ඒවා උන්ට. ඔය නාස් ඩේලියාටත් කෙල වුනානේ ඔය වගේ වැඩක් කරන්න ගිහින්.

    waddontath pissu ... waddo waddo wage inna one .. unta mona neethida 😂🤣 tax gewanawada, saththu maranawata hire danwada nane... pissu pojja
    හොද ගානක් හොයාලා දෙනවා ටුවරිස්ම් වලින්.
    ------ Post added on Mar 18, 2025 at 4:57 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඒ කියන්නේ වැද්දෝ දැන් කැලෑ පොජ්ජට වෙලා ටෙලිවිසොං පොජ්ජෙන් blok & dino බලනවා😊 පුහ්..
     
    • Haha
    Reactions: chande

    Similar threads