සුදු වෑන්වලින් ඉස්සූ අය මරා සිරුරු මුහුද&#3546

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    සුදු වෑන්වලින් ඉස්සූ අය මරා සිරුරු මුහුද&#3546

    පසුගිය රජය සමයේ සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වූ ඝාතක කල්ලි මළ සිරුරු මුහුදේ ගිල්වා දැමූ බවට තොරතුරු තමන් සතු ව ඇතැයි හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කර ඇත.

    මෙම ඝාතන සඳහා පැවති ආණ්ඩුව විසින් එල්.ටී.ටී ඊ. සංවිධානයෙන් ඉවත්ව ආණ්ඩුව හා එක්වූ සන්නද්ධ කණ්ඩායමක් ද යොදාගනු ලැබූ බව ද හෙතෙම අනාවරණය කර ඇත.

    එවක ආණ්ඩුවේ දේශපාලකයන් හා එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිය අතට ගෙන අත්තනෝමතික ලෙස ක්‍රියා කළ බවත් ප්‍රිශාන්ත මහතා පවසා ඇත.

    ඔවුන්ගේ අපරාධ හා වෙනත් නීතිවිරෝධී ක්‍රියා සාධාරණීකරණය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ තමාට බලපෑම් කළ බවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා තමා මඩකළපුවට මාරුකරයවා නැඟෙනහිර සන්නද්ධ කල්ලියක් ලවා ඝාතනය කරවීමට සැලසුම් කළ නිසා රට හැර යාමට සිදුවූ බවද ඔහු හෙළිකර ඇත.

    ඒ කාලෙ රටේ මිනිස්සුන්ගේ ආයුෂ තීරණය කළේ මහින්ද හා ගෝඨා

    පසුගිය පාලන කාලය තුළ පුද්ගලයකු ජිවත් වෙනවාද නැද්ද, ඒ කොපමණ කාලයකට ද යන්න තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ බව ද ඔහු අවධාරණය කර ඇත.

    ඒ මහතා මෙසේද පවසා ඇත.

    ‘සුදූ වෑන්වලින් පැහැර ගත් අයට අත්වුණේ මෙම ඉරණම ම තමයි. එම කණ්ඩායම් ඍජුවම ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වූවා. ඊට සම්බන්ධ වූයේ හමුදාවේ සිටි ඇතැම් පිරිසක්. ඒ කාලේ කොලොන්නාවේ නගරාධිපතිවරයා පැහැර ගන්න ආවේ මේ කණ්ඩායමේ පිරිසක්. ජනතාව එමකණ්ඩායම අල්ලගන ඇවිත් වැල්ලම්පිටිය පොලිසියට බාරදුන්නත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පැමිණ එම අපරාධකරුවන් මුදාගෙන ගියා. මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තවමත් රාජකාරියේ නිරතව සිටිනවා. ඔවුන්ට ඉදිරි රජයක් යටතේවත් දඬුවම් කළ යුතුයි‘යැයි ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් පවසා ඇත.

    මූලාශ්‍රය - කලම්බු පෝස්ට් වෙබ් අඩවියෙනි