සුදු වෑන් කිඹුලන් වමාරයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සුදු වෑන් කිඹුලන් වමාරයි

    හිටපු ඇමැති රාජිත සේනාරත්න ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් රියැදුරන් ලෙස මාධ්‍ය මගින් පෙන්වාදී ඇත්තේ මිනිස් ඝාතන
    හා මහා පරිමාණ කොල්ලකෑම් රැසකටම සම්බන්ධ නම ගිය අපරාධකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
    විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ කීමට තමන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 10 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට
    රැගෙන විත් සුදුවෑන් භීෂණය ගැන කතා කිරීමට උපදෙස් දුන්නේ, තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන නඩු, අපරාධ චෝදනා
    නිදහස් කිරීමේ හා රුපියල් ලක්ෂ විස්සක් ලබාදෙන පොරොන්දුව මත බවද ඔවුන් හෙළිකර ඇත.

    උණ්ඩියල් අතුල හෙවත් අතුල සංජීව මදනායක හා ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ
    පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගත්තේ කඩවත, මහර පාරේ අවන්හලකදීය.

    ඔවුන් මාධ්‍යයට කළ අනාවරණය සම්බන්ධව විමර්ශනයක් කරන්නැයි සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප්
    සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

    මෙම උණ්ඩියල් අතුල නමැත්තා ඇතුළු කණ්ඩායම සුදුවෑන් යොදාගෙන කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ
    පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාපෝච්ඡාරණය කර ඇත.

    2013 වසරේදී රටේ ආන්දෝලනයක් ඇතිකළ ජාඇල රුපියල් ලක්ෂ හැත්තෑපහේ මුදල් කොල්ලය කර තිබුණේත් උණ්ඩියල් අතුල
    ඇතුළු කණ්ඩායමකි. පොලිටෙක්ස් නමැති ඇඟලුම් කම්හලේ හිමිකරු ජාඇල හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් ලක්ෂ 75ක්
    රැගෙන තම වෑන් රථයකින් කර්මාන්ත ශාලාවට ඇතුළුවීමට යද්දී සුදුවෑන් රථයකින් පැමිණ ගිනිඅවි රැගත් මෙම කල්ලිය එම මුදල්
    කොල්ලකාගෙන ගොස් තිබිණි. තම දියණියගේ විවාහය වෙනුවෙන් මුදල් රැගෙන යද්දී කොල්ලයට මුහුණදුන් කර්මාන්තශාලා
    හිමිකරු සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගියේ ඉන් සතියකට පමණ පසුය.

    මීට අමතරව සුදුවෑන් රථයකින් ගොස් ටී. 56 ගිනිඅවි හා පිස්තෝල පෙන්වා 2013 අගෝස්තු 06 වැනිදා පිටකොටුව හෙට්ටිවීදියේ
    සාරංගා ජුවලර්ස් ආයතනයේ රුපියල් කෝටි තුනහමාරක් වටිනා විදෙස් මුදල් හා රත්තරන් කූරු කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා
    ලැබ ඇත්තේද මෙම කල්ලියයි.

    එමෙන්ම සාරංගා ජුවලර්ස් ආයතනයේ රුපියල් ලක්ෂ 45ක් වටිනා උන්ඩියල් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක්ද 2013 පෙබරවාරි
    01 වැනිදා සිදුකර ඇත්තේ සුදුවෑන් රථයක් යොදාගෙනය.

    මෝදරදී රුපියල් ලක්ෂ 21ක් වටිනා සුදු පැහැති ටවුන්ඒස් වෑන් රථයක් එදිනම කොල්ලකාගෙන ගොස් මෙම කොල්ලය සිදුකර තිබිණි.

    2012 අප්‍රේල් 05 වැනිදා කොටහේන කොමර්ෂල් බැංකුවේ සිට මුදල් රැගෙන ආ අයකුට හිසට පොල්ලකින් ගසා රුපියල් ලක්ෂ දහයක්ද
    කොල්ල කා ඇත්තේ මෙම කණ්ඩායම බවට චෝදනා එල්ල වේ.

    කඳාන හැටන් නැෂනල් බැංකුව අසලදී 2013 අප්‍රේල් 05 වැනිදා සුදුවෑන් රථයකින් පැමිණ බැංකුවේ සිට යමින් සිටි යුවළකට පිහියෙන්
    ඇන දසලක්ෂ පහළොස් දහසක් කොල්ලකෑමද, ජාඇල හැටන් නැෂනල් බැංකුව අසලදී මුදල් රැගෙන යමින් සිටි කාන්තාවකගේ රුපියල්
    ලක්ෂ තුනක් කොල්ලකෑමද මේ අතර වේ.

    කොටහේනේ මංකොල්ලයට ගොස් ගල්කටස් අවියකින් තැබූ වෙඩිල්ලකින් උණ්ඩියල් අතුලගේම ගෝලයකු 2013 දී ඝාතනයට ලක්වූ
    බවටද හෙළිවී ඇත.

    වත්තල කොමර්ෂල් බැංකුවෙන් මුදල් රැගෙන යමින් සිටි යුවළකට පිහිපෙන්වා රුපියල් ලක්ෂ හතහමාරක් කොල්ලකා තිබුණේද 2013දීය.
    මෝදරදී තවත් උණ්ඩියල් මුදල් දෙන තැනකින් රුපියල් ලක්ෂ තුනහමාරක් කොල්ලකා තිබුණේද මෙම කණ්ඩායමයි.

    2013 ඔක්තෝබර් 17 වැනිදා උණ්ඩියල් අතුල මෙම කොල්ලකෑම්වලට සම්බන්ධව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මගින් අත්අඩංගුවට
    ගත් පසු ප්‍රසන්න සුජීව, සුසින් සිල්වා (සුජී) සුනීත වීරසිංහ (රුවන්) යන කල්ලියට සම්බන්ධ කොල්ලකරුවන් සමග එක්වී සිදුකළ මහා
    පරිමාණ කොල්ලකෑම් 12ක් අණාවරණය වී තිබේ.

    මීට අමතරව එම කාලසීමාවේදී බෙල්ලන්විල විහාරස්ථානය අසලදී සිදුකළ මිනිස් ඝාතනයක්ද මොවුන් සම්බන්ධ බව කියැවේ. ගල්කිස්සේ
    අතුල නමැත්තෙකු රුපියල් ලක්ෂ විස්සක කොන්ත්‍රාත්තුවක්දී තම කුඩු ජාවාරමේ ප්‍රතිවිරුද්ධ සාමාජිකයකු සුදු වෑන් රථයකින් රැගෙන
    ​ගොස් ආරක්ෂක අංශවලින් සිදුකළ දෙයක් බව හඟවමින් ඝාතනය කර ඇතැයි හෙළිවී ඇත.

    මෙම අපරාධවලට සම්බන්ධ නඩුවලින් ගැලවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ හා හමුදා නිලධාරීන් ගැන නම් හෙළි කරමින් මාධ්‍ය
    සාකච්ඡාව පැවැත්වූ බව මෙම සැකකරුවන් හෙළිකර තිබේ.


    LankaCnews
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුන් අපරාධ කරල තියෙන්නෙ 2012-2013 විතරද? හ්ම්ම්


    ඔය අපරාධ කරුවන්ගෙ යාළුවා හෙවත් "බොස්" එක්ක සිල් සමාදන්වෙලා 2013න් පස්සෙ...