සුදු-වෑන්:EXCLUSIVE

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගෝඨාගේ සුදු වෑන් රියදුරු කියූ තැනැත්තා ඇමති වජිරගේ රියදුරෙක් ! සියලු තොරතුරු හෙළිවේ.(EXCLUSIVE )

    Screenshot_20191110-165454_Facebook-696x389.jpg


    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුදු වෑන් රථවල රියදුරෙකු ලෙසට සේවය කල පුද්ගලයෙකු බව පවසමින් බොරු රැවුලක් දමා ගත් පුද්ගලයෙකු සමඟ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.එහිදී ඔහු චෝදනා කලේ එලෙස පැහැරගනු ලැබූ පුද්ගලයින් කිඹුලන්ගේ ආහාරයට දමන බවයි.

    නමුත් මෙලෙස සුදු වෑන් රථ රියදුරෙකු බව පවසමින් මාධ්‍ය හමුවට සහභාගී වූ පුද්ගලයා පිලිබඳව මවුරට.com වෙබ් අඩවියට තොරතුරු වාර්ත වූවා.ඒ අනුව ඔහු රියදුරෙකු ලෙසට වසර කිහිපයක්ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කර තිබෙන අතර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හා සමීපව සිට ඇති බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම ඔහුව ප්‍රනාන්දු ලෙසට හඳුන්වාගත්තද ඔහුගේ සැබෑ නම එය නොවන අතර සාමාන්‍ය ජීවිතයෙදී ඔහු රැවුලකින් සැරසී නොසිටින බවයි අනාවරණය වන්නේ.


    91335576dd4e4d1086c022d415778ac3ebb41aaa2600ed41ff44a41eb185f572b220c1f7.jpg



    gr.jpg
     
    Last edited:

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    Ane moda pako puken hina

    kalin army karayo genalla kelawa gatta

    boru walata puka denna epa ban


    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සුදුවෑන් බොරුද ? කේස් ස්ටඩි 1. සාගර සේනාරත්න

    කවුද මේ සාගර සේනාරත්න ? ඔහු හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංගගේ මස්සිනායි..ඔහු 2012 දී බස්නාහිර පලාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් .ඔහුගේ මස්සිනා වන ජීවන් කුමාරතුංග රාජපක්ෂ රජයේ ඇමති කෙනෙක්

    2012 මාර්තු විසි හයවෙනිදා ඔහුව සුදු වෑන් රථයකින් පැහරගන්නවා එතැනි සිට කතාව ඔහුගේ වචනයෙන්ම අහමු


    (source http://www.divaina.com/2012/03/28/news06.html )

    "වෑන් රියක බිම දිගා කර පහර දෙමින්
    ඒ මොහොතේම ලක්‍ෂ 500 ක්‌ ඉලලුවා"
    පැහැර ගැනීමට ලක්‌වූ සාගර සේනාරත්න කියයි


    2012/03/28

    පියසේන දිසානායක

    කැබ් රථයෙන් බහින්න හදනවාත් සමග පිටිපසින් පැමිණි වෑන් රථයේ සිටි හතර දෙනෙක්‌ දුවගෙන ඇවිත් මගේ බෙල්ලෙන් ඇදලා අරගෙන ඔවුන්ගේ වෑන් රථයේ බිම දිගා කරවා පහර දුන්නා. එසේ පහර දෙමින් ගෙන යන විට බිරිඳත් දරු තිදෙනාත් හැරුණු කොට මට සිහි වූයේ දෙවියන් වහන්සේ පමණයි"

    පෙරේදා (26 වැනිදා) රාත්‍රියේ පැහැර ගැනීමකට ලක්‌ව නිදහස්‌ වී පැමිණි බස්‌නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්‌සිනා වන සාගර සේනාරත්න මහතා එසේ පැවසීය.

    ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බවද හෙතෙම කීය.

    පැහැර ගැනීමකට ලක්‌වූ හිටපු පළාත් සභා මන්ත්‍රී සාගර සේනාරත්න මහතා මුහුණ පෑ එම සිද්ධිය පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් තවදුරටත් මෙසේද කියා සිටියේය.

    මගේ ව්‍යාපාරික ස්‌ථානය වසා දමා රාත්‍රි 7.20 ට පමණ හංවැල්ල බලා යැමට මගේ කැබ් රථයෙන් රියෑදුරු සමග පිටත් වුණා. අපි ජුබිලි කණුව මංසන්ධියට යන විට එක දිගට නලාව නාද කරමින් වෑන් රථයක්‌ පිටුපසින් පැමිණියා. මම සිතුවේ මගේ යාළුවෙක්‌ වෙන්න ඇති කියලයි. අපි කැබ් එක නතර කර බහින්න හදනවාත් සමග පිටුපසින් පැමිණි වෑන් රියේ අය දුවගෙන ඇවිත් මගේ බෙල්ලෙන් අල්ලගෙන තල්ලුකරගෙන ගොස්‌ ඒ වෑන් රථයේ පිටුපස අසුනට ඉදිරියෙන් උඩුබැලි අතට බිම දිගා කළා. වචනයක්‌වත් කතා කරන්න දුන්නේ නැහැ.

    මගේ රියෑදුරු කෑගහගෙන ඒ වාහනය අසලට පැමිණෙනවාත් සමග එහි සිටි අය ඔහුට බැණලා එළව ගත්තා.

    පසුව මගේ උරහිස්‌ එක්‌ අයකුත්, කකුල් සහ කඳ කොටස තව දෙදෙනකුත් තදකරගෙන සිටියා. කෑගහන්න උත්සාහ කළාම කට වහලා මට ගැහුවා. දඟලන විට ගැහුවා. මට පහර දිදී ඒ වාහනය ඈත ප්‍රදේශයකට වේගයෙන් යන බව මට දැනුණා.

    එසේ යන විට ස්‌ථාන දෙකකදී එහි සිටි අයට දුරකථන ඇමතුම් ලැබුණා. විනාඩි දෙක තුනක්‌ ඔවුන්ගෙන් අයෙක්‌ කා සමග ද කතා කරමින් සිටියා. මට වට පිට බලන්නවත් කෑගහන්නවත් දුන්නේ නැහැ.

    වෑන් එකට දාගත්ත වෙලාවේ සිට මට අතින් පයින් පහර දෙමින් ඔවුන් ලක්‍ෂ 500 ක්‌ දෙන ලෙස ඉල්ලා සිටියා. එවැනි මුදලක්‌ නැති බව කියන විටත් මට පහර දුන්නා. බැරිම තැන ඔවුන්ගෙන් මා ගිණුම් අංකයක්‌ ඉල්ලුවා. මේ සිද්ධියට කාටවත් නොකියා හැකි පමණින් මුදල් දමන බව කිව්වා. නමුත් දැන් මුදල් දීපන් කියලයි ඔවුන් ගැහුවේ.

    සිද්ධිය වූ සැණින් මගේ රියෑදුරු සියලු තැන්වලට කතා කරලා මේ ගැන කියා තිබුණා. ජීවන් කුමාරතුංග අයියා වහාම මැදිහත් වී ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කර මාව බේරා ගැනීමට හැකි උපරිම පියවර ගෙන තිබුණා.

    ටික දුරක්‌ යන විට වාහනයේ පිටුපස අසුන දෙසින් යම් අයෙක්‌ වේදනාවෙන් කෙඳිරි ගානවා මට ඇසුණා. ඔහු වේදනාවෙන් "බුදු අම්මෝ මාව බේරගන්න මට යන්න දෙන්න" වැනි වචන දෙඩෙව්වා. ඒ අවස්‌ථාවේ එහි සිටි අයෙක්‌ ඔහුට පහර දුන්නා. මා වගේම තවත් අයෙක්‌ එම වෑන් රථයේ බිම දිගාකර සිටින අයුරු මම ඡායාව වගේ දැක්‌කා. ඔහු කවුද ඔහුට මොනවද වුණේ කියලා මා දන්නේ නැහැ.

    බොහෝ දුරක්‌ යන විට වෑන් රථය පැදවූ අයට දුරකථන ඇමතුමක්‌ ලැබුණා. ඒත් සමඟ ඔහු "මූව දමලා යමු" කිව්වා. එකවරම වෑන් රථය නතර කර මාව එළියට ඇදලා අරගෙන වතුර බෝතලයක්‌ අතට දී "උඹට අපි දුරකථනයෙන් කතා කර ගිණුම් අංකයක්‌ දෙනවා. පොලිසියට හෝ කිසිවකුට නොකියා එයට මුදල් දාපන්" කියලා විනාඩි 15 ක්‌ තාප්පය දෙසට හැරී බලා හිටපන්" කියා මාව තාප්පයක්‌ අසල දමා ඔවුන් වෑන් රියට ගොඩ වී වේගයෙන් ඉදිරියට ගියා. වටපිට බලන විට සිටින්නේ වත්තල හෝටලයක්‌ අසල බව දැනගත්තා.

    මා ඉදිරියට ගමන් කරන විට බස්‌ රථයක්‌ පැමිණියා. බලන විට මීගමුව දෙසට ඒ බස්‌ රථය ගමන් කරනවා මට දැනුණා. පසුව බසයෙන් බැස පාරේ අනෙක්‌ පැත්තට යනවත් එක්‌ක ගුවන්තොටුපළ කොටුව බසයක්‌ ආවා. එයට ගොඩවී බස්‌ හෝල්ට්‌ 2 ක්‌ පමණ යන විට දුරකථන ඇමතුම් ලබාගත හැකි තැනක්‌ මා දුටුවා. වහාම බසයෙන් බැස ඒ දුරකථන ඇමතුම් ලබාගන්නා ස්‌ථානය වෙත ගොස්‌ ජාඇල පොලිසියට කතා කර සිද්ධිය කිව්වා. විනාඩි කීපයකින් පොලිස්‌ වාහනයක්‌ එතැනට පැමිණ මාව ජාඇල පොලිසියට ගෙන ගියා. ජාඇල පොලිසිය මගෙන් කටඋත්තර ලබාගෙන පසුව මිරිහාන පොලිසියට කතා කළා. පැය බාගයක්‌ පමණ යන විට මිරිහාන පොලිසියෙන් ද වාහන කීපයක්‌ ජාඇල පොලිසියට පැමිණ මාව කොළඹට ගෙන ආවා.

    මගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවූයේ සිද්ධිය වූ මොහොතේ සිට ජීවන් අයියා, ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා හා පොලිසි උනන්දුවෙන් ක්‍රියාත්මක වීම නිසයි. ඒ සියලු දෙනාට මගේ ස්‌තුතිය පුදකරනවා.


    http://www.divaina.com/2012/03/28/news06.htm


    දැන් මතුවන ප්‍රශ්න.


    1) ජීවන් කුමාරතුංග මේ ගැන ආරක්ෂක ලේකම් ගෝටාභ්ය දැනුවත් කරා කියනව ඊට සමගාමීව වෑන් රථයේ පැහරගන්නට ඇමතුමක් ලැබුන නිසා මූව දාල යමු කියනව ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවද ? නැත්නම් අහම්බයක්ද ?

    2) මේ වෑන් රථ කල්ලියෙන් පැහැරගත්තෙ ආණ්ඩු පක්ෂ පලාත් සභා මන්ත්‍රීතුමෙක්.ආණ්ඩු පක්ෂ පලාත් සභා මන්ත්‍රීවරයෙක් පැහැරගන්න තරම් නිර්භීත වෙන කල්ලිය කුමක්ද ?

    3) මේ වෑන් රථ පැහරගන්න කල්ලිය ආණ්ඩුවට සම්බන්ධ නැත්නම් ගෝටාභය රාජපක්ෂට මේ වෑන් රථය අතඩංගුවට ගැනීමට නොහැකි වුනේ ඇයි ? ඒ පිලිබඳ පරීක්ෂනයක් කරන්න බැරිවුනේ ඇයි ?

    4) සාගර සේනාරත්නගේ කට උත්තරයටම අනුව ඒ වෑන් රථයේ සිටි අනික් පුද්ගලයා කවුද ? ඔහුට මොකද උනේ කියල අද දක්වා පරීක්ෂණයක් නැත්තේ ඇයි

    5) කැබිනට් ඇමති කෙනෙක් උන ජීවන් කුමාරතුංග හෝ ඔහුගේ මස්සිනා මේ පැහැරගැනිම පිලිබඳ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියේ නැත්තේ ඇයි ? පැහැරගත්තවුන් ඔවුන් දන්න නිසාද ? ඒ පැහැරගත්තවුන් සමග හැපෙන්න බැරි නිසාද ? කලුගල්වල ඔලුව ගහගන්න බෑ කියල ඔවුන් හිතපු නිසාද ?


    74698815_10157109425073924_1141170688833355776_n.jpg


    Chatura Wellage
    https://www.facebook.com/cawellage/posts/10157109447398924
     
    Last edited: