සුදු_කැස්බෑවා ඇවිත්

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    සුදුකැස්බෑවා_ඇවිත්

    අමල් බේරෙයි - රෝසි හමුවෙයි:confused:

    ආන්දෝලනාත්මක මාතෘකාවක් ලෙස පසුගිය දිනවල කතාබහට ගැනුණු ‘රෝසි’ නමැති අතුරුදන්ව සිටි සුදු කැස්බෑවා හමුවී තිබෙන බව පොලීසිය පවසයි.

    ‘රෝසි’ සිටි ගාල්ල, කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරුගේ නිවසේ සිටියදී පොලිසිය විසින් සුදු කැස්බෑවා සොයාගෙන ඇති බව පොලිසි වැඩිදුරටත් සඳහන් කළේ ය.

    කෙසේවෙතත් මෙම සිදුවීමේදී පොලිසියට ප‍්‍රකාශයක් ලබාදුන් අමල් පෙරේරා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණේ තමන් කැස්බෑවා ගෙන නොගිය බවයි.

    මේ සම්බන්ධයෙන් විමසීමට අප කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබි‍්‍රව් සම්බන්ධ කරගැනීමට උත්සහ කිරීමේදී ඔහු පැවසුවේමේ වනවිට ඔහු රෝහල්ගතව සිටින බවයි.


    Updated:::

    අමල් ‘රෝසි’ හඳුනාගනියි

    ගාල්ල, කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුගේ නිවසේ සිටියදී හමුවූ සුදු කැස්බෑවා පසුගිය දිනවල කතාබහට ලක්වූ ‘රෝසි’ බවට ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා විසින් හඳුනාගෙන තිබේ.

    අද හමුවූ කැස්බෑවා අතුරුදන්වූ වූ රෝසි ද යන්න සැකහැර දැනගැනීම සඳහා පොලිස් නිලධාරීන් අමල් පෙරේරා මහතා එම ස්ථානයට කැඳවාගෙන තිබිණි. අමල් පෙරේරා විසින් රෝසි හඳුනාගත්ත ද කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරු වන චන්ද්‍රසිරි ආබි‍්‍රව් පවසා තිබුණේ මෙම කැස්බෑවා අතුරුදන් වූ රෝසි නොවන බවත් එහි සිටි වෙනත් සුදු කැස්බෑවකු බවත් ය. වැඩි ආරක්ෂාව තකා මෙම සුදු කැස්බෑවා තම දියණියගේ නිවසේ තැබූ බවයි.

    පසුගිය දෙසැම්බර් 15 වැනිදා රෝසි අතුරුදන් වූ බවට කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබිණි.

    අවස්ථා කිහිපයකදී ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා රුපියල් කෝටි තුනහමාරකට රෝසි මිලදී ගැනීමට අවශ්‍ය යැයි පැවසූ බව ගාල්ල, කොස්ගම කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු පැවසූ හෙයින් අමල් පෙරේරාගෙන් ප‍්‍රකාශක් ද සටහන් කරගැනීමට පොලීසිය කටයුතු කර තිබිණ.

    කෙසේවෙතත් මෙම සිදුවීමේදී පොලිසියට ප‍්‍රකාශයක් ලබාදුන් අමල් පෙරේරා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණේ තමන් කැස්බෑවා ගෙන නොගිය බවයි.

    මේ සම්බන්ධයෙන් විමසීමට අප කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබි‍්‍රව් සම්බන්ධ කරගැනීමට උත්සහ කිරීමේදී අද පෙරවරුවේ ඔහු පැවසුවේ ඔහු රෝහල්ගතව සිටින බවයි.


    white%20turtle.jpg


    amal-perera.gif


    Source : Rivira
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නොමල් එකේ පස්සේ විකුන ගන්න වෙන්න ඇති මූ හන්ගගෙන ඉන්න ඇත්තේ.. සල්ලි හමුවෙ මිනිස්සු අම්මා තාත්තා උනත් විකුනන සමාජයක්.. විශෙශයෙන් හොනස්ට් කිලර් වගේ උන්..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    නොමල් එකේ පස්සේ විකුන ගන්න වෙන්න ඇති මූ හන්ගගෙන ඉන්න ඇත්තේ.. සල්ලි හමුවෙ මිනිස්සු අම්මා තාත්තා උනත් විකුනන සමාජයක්.. විශෙශයෙන් හොනස්ට් කිලර් වගේ උන්..

    :rofl::rofl::rofl: