සුදුකැස්බෑවා_ඇවිත්
අමල් බේරෙයි - රෝසි හමුවෙයි
ආන්දෝලනාත්මක මාතෘකාවක් ලෙස පසුගිය දිනවල කතාබහට ගැනුණු ‘රෝසි’ නමැති අතුරුදන්ව සිටි සුදු කැස්බෑවා හමුවී තිබෙන බව පොලීසිය පවසයි.
‘රෝසි’ සිටි ගාල්ල, කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරුගේ නිවසේ සිටියදී පොලිසිය විසින් සුදු කැස්බෑවා සොයාගෙන ඇති බව පොලිසි වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේවෙතත් මෙම සිදුවීමේදී පොලිසියට ප‍්‍රකාශයක් ලබාදුන් අමල් පෙරේරා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණේ තමන් කැස්බෑවා ගෙන නොගිය බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට අප කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබි‍්‍රව් සම්බන්ධ කරගැනීමට උත්සහ කිරීමේදී ඔහු පැවසුවේමේ වනවිට ඔහු රෝහල්ගතව සිටින බවයි.
Updated:::
අමල් ‘රෝසි’ හඳුනාගනියි
ගාල්ල, කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුගේ නිවසේ සිටියදී හමුවූ සුදු කැස්බෑවා පසුගිය දිනවල කතාබහට ලක්වූ ‘රෝසි’ බවට ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා විසින් හඳුනාගෙන තිබේ.
අද හමුවූ කැස්බෑවා අතුරුදන්වූ වූ රෝසි ද යන්න සැකහැර දැනගැනීම සඳහා පොලිස් නිලධාරීන් අමල් පෙරේරා මහතා එම ස්ථානයට කැඳවාගෙන තිබිණි. අමල් පෙරේරා විසින් රෝසි හඳුනාගත්ත ද කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරු වන චන්ද්‍රසිරි ආබි‍්‍රව් පවසා තිබුණේ මෙම කැස්බෑවා අතුරුදන් වූ රෝසි නොවන බවත් එහි සිටි වෙනත් සුදු කැස්බෑවකු බවත් ය. වැඩි ආරක්ෂාව තකා මෙම සුදු කැස්බෑවා තම දියණියගේ නිවසේ තැබූ බවයි.
පසුගිය දෙසැම්බර් 15 වැනිදා රෝසි අතුරුදන් වූ බවට කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබිණි.
අවස්ථා කිහිපයකදී ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා රුපියල් කෝටි තුනහමාරකට රෝසි මිලදී ගැනීමට අවශ්‍ය යැයි පැවසූ බව ගාල්ල, කොස්ගම කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු පැවසූ හෙයින් අමල් පෙරේරාගෙන් ප‍්‍රකාශක් ද සටහන් කරගැනීමට පොලීසිය කටයුතු කර තිබිණ.

මේ සම්බන්ධයෙන් විමසීමට අප කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබි‍්‍රව් සම්බන්ධ කරගැනීමට උත්සහ කිරීමේදී අද පෙරවරුවේ ඔහු පැවසුවේ ඔහු රෝහල්ගතව සිටින බවයි.
Source : Rivira

Last edited: