මම 1990 ගණන් වල පත්තරේක දැක්කා බොයිං සමාගමේ ගාඛාවක් ලංකාවේ පිහිටුවන්න අවසර ඉල්ලලා ඉල්ලං කාපු බොයිං සමාගමේ ඉංජිනේරුවෙක් ගැන විස්තරයක් මේ විදියම. ලංකාවේ මිනිරං තමයි ලෝකේ හොදම මිනිරං.බොයින් සමාගම මෙහෙ එන්න හේතුව ඒක. එතකොට චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව.උන් මේක අහක දැම්මා එයාලගේ බලාපොරොත්තුව උනේ 2015 වන කොට ලංකාවේ ගුවන් යානයක් හදන්න. අපේ කට්ටිය ඒක දිහා බැළුවේ කොමිස් වලක් විදියට.
හික්කඩුව පැත්තේ කෙනෙක් මුහුදු රළ උපයෝගි කරගෙන විදුලිය නිපද වන යන්ත්‍රයක් හැදුවා.මේකේ විශේෂත්වය තමයි වඩ දිය බාදිය දෙකේදිම විදුලිය නිපදවිම. ඊශ්‍රයල් පොරවල් ටිකකුත් මේ ජාතියේ එකක් හැදුවා. වැඩ කරන්නේ වඩදියේ විතරයි. අපේ ඇමතිලා නිර්දේශ කලේ ඊශ්‍රයල් එක
අපේ මහත්තයෙක් හැදුවා රේල් ගේට් එකක් මේක ස්වංක්‍රීය එකක් කොච්චිය එනවානම් ගේට් එක වැහෙනවා.ඒ දිහා ඇහක් ඇරලා බලන් එකෙක් හිටියේ නෑ.කෝච්චි පාර අළුත් වැඩියා කරද්දි අත්හදා බලන්න හයි කරපු යන්තෙර් ගලවල දැම්මා. දැන්කෝච්චි වලට වාහන හැප්පෙනවා අනාරක්ෂිත රේල්ගේට් වලදී
මේකීපයක් විතරයි
ඉතිං අපිට ආඩම්බරයි/දුකයි/ලැජ්ජයි/කේන්තියි