සුද යාම කියන්නේ මොකක්ද?
සාමාන්‍ය ජීවිතයේදී පුරුෂයෙකුට වඩා කාන්තාවකට ( Women ) ඇගේ සිරුර ගැන අවධානයෙන් සිටිය යුතු වෙනවා. ස්වභාවයෙන්ම එය නිර්මාණය වී තිබෙන්නේ ඒ ආකාරයෙනුයි. ඉතින් ඒ අතර කානතාවන්ට ඔවුන්ගේ සිරුරේ ඇතිවන විවිධ තත්ත්ව වලට මුහුණ දීම ඇයට සිදුවෙනවා. සුද යෑම නැතිනම් ලියුකොරියා කියන්නේ මෙවැනි එක් තත්වයක්. බොහෝ කාන්තාවන් මෙම තත්වය නිසා බියට පත්වන අතර බොහෝ කාන්තාවන් මෙයින් අපහසුතාවයට පත් වෙනවා.
කානතාවන්ට ( Women ) මොකක්ද මේ සුද යෑම කියන්නේ ?
සාමාන්‍ය ව්‍යවහාරයේ සුද යාම යනුවෙන් හඳුන්වන කාන්තාවකට පමණක් පොදු තත්වයක් වන මෙය රෝගයක් නොවෙයි.කාන්තාවකගේ ජීවිතයේ ප්‍රජනන අවධියේදී සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක්. යෝනි මාර්ගයෙන් හා ගැබ්ගෙල ආශ්‍රිතව ඇතිවන මේ ශ්‍රාවය මඟින් සංඛේත වත් වන්නේ යෝනි මාර්ගයේ සහ ගැබ්ගෙලේ නිසි ක්‍රියාකාරිත්වයයි. මෙය කාන්තාවකගෙන් කාන්තාවකට අඩු වැඩි වශයෙන් සිදුවීමට පුළුවන්.
විශේෂයෙන් ලිංගිකව අවධියේදී මේ ශ්‍රාවය වැඩිපුර නිකුත් විය හැකියි. මේ සිදුවීම කටට කෙල ඉනිම හා සමාන දෙයක්. ඒ හා සමානව මේ ශ්‍රාවය යෝනි මාර්ගය ඇතුලත බිත්ති වලින් නිකුත් වන දෙයක්. මෙය එදිනෙදා ජිවිතයේ කටයුතු වලට බාධාවක් නොවේ. ඒ නිසා මෙය අසහනයක් ඇති කරගත යුතු තත්වයක් නොවෙයි.
ලියුකොරියා නැත්නම් සුද යාම නිසා කාන්තාවන් රෝගී වනවා හෝ කෙට්ටු වෙනවා කියා මතයක් තිබුනත් එවැන්නක් සිදු වන්නේ නැහැ. නමුත් සිරුරේ ඇති වූ වෙනත් රෝග ලක්ෂණ හැටියට සුද යාම වැඩි වීමක් සිදුවිය හැකියි. මෙම තත්වයන් ඔබටත් තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතාමත් සුදුසු වේ. මෙම ශ්‍රාවය අධික දුගඳකින් යුතු නම්, කසන සුළු නම්, කහ පාට නම් මිශ්‍ර දුඹුරු පැහැයෙන් යුක්ත නම් එය ආසාධනයක් විය හැකියි. විශේෂයෙන් මෙම ශ්‍රාවය සමඟ කසන සුළු ගතියක් තිබෙනවා නම් එය කැන්ඩි ඩයසිස් ලෙස හඳුන්වන දිලිර රෝගය විය හැකියි.
මෙවැනි තත්වයක් ඇති විට විවාහක කතක් නම් සංසර්ගයේදී එය ස්වාමිපුරුෂයාට ද බෝ වීමේ හැකියාවක් ඇත. ඊට ඊට අමතරව වෙනත් රෝගකට ප්‍රති ජිවක ගැනීමේදී පවා, ගර්භණි කාලයේදීත් මෙම ශ්‍රාවය වැඩිපුර නිකුත් වෙනවා. ඊට අමතරව බැක්ටිරියල් වැජිනොසිස් රෝග තත්වයෙදීත් ලිංගික සංසර්ඝයෙන් පසුව යෝනි මාර්ගයෙන් මෙම ශ්‍රාවය අධික ගඳකින් යුක්තව ශ්‍රාවය වීමට පුළුවන්. ලේ පැහැති සැරව වැනි ශ්‍රාවයක් ගලන්නේ නම් ගැබ්ගෙලේ පිළිකා අවධානමක් තිබිය හැකි බැවින් ගැබ්ගෙල පරීක්ෂාවක් කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් මෙය වැඩිවයස් කාන්තාවන්ට ඇතිවිය හැකි තත්වයක් නිසා අනිසි බියක් ඇති කරගන්න එපා. කෙසේවෙතත් මෙවැනි අසාමාන්‍ය තත්වයක් සහිත ශ්‍රාවයක් පිට වීම රෝගී තත්වයක සලකුනුයි. නමුත් දුගඳක් නැති යන්තම් සුදු පැහැයෙන් හෝ අවර්ණව යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් නිකුත් වීම කාන්තා සිරුරේ යෝනි මාර්ගය හා ගැබ්ගෙලේ නිසි ක්‍රියාකාරිත්වය පෙන්වන අතිශය සාමාන්‍ය ලක්ෂණයක් නිසා අසාමාන්‍ය ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති නම් කාන්තාවන් මේ ගැන බිය විය යුතු නැහැ. අසහනයට පත්විය යුතු වන්නේත් නැහැ.
source http://thewoman.lk/women-life-2/
සුද යාම කියන්නේ මොකක්ද? ලෙඩක් ද? කෙට්ටු වෙනවා ද?