සුනඛ_විරයො

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1959350_1419235948324367_1303159163_n.jpg



    මීට දහ අට වසරකට ඉහත කුඩා දරුවකු ගේ ජීවිතය බේරා ගැනීම පිණිස මහඉඳුරුව හබක්කල දුම්රිය හරස් මඟ අද්දර දී දුම්රියට තම ජීවිතය පූජා කළ සුනඛ වීරයකු පිළිබඳ කතාවක් අපි ඔබට කීවෙමු. ඒ දුම්රිය රියැදුරු බෙන්තොට හබුරුගල කේ.වී.ඩී.යූ. කුමාරසිංහ මහතාගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි. එම සුනඛ වීරයා මෙන් තම දිවි නොතකා මිනිසුන්ගේ යහපත උදෙසා කැප වී ක්රිටයා කළ සුනඛ වීරයන් අතිවිශාල පිරිසක් අතීතයේ මෙලොව හිඳින්නට ඇත. අද ද ජීවතුන් අතර හිඳින්නට පුළුවන. එහෙත්, ඔවුන්ගේ එම වීර ක්රිුයාවන්ගෙන් සියයට අනූනවයක්ම සදාකාලික රහස් වශයෙන් සැඟව යාම ඛේදවාචකයකි. ඒ අතරින් ලොව හමුවේ ප්රසසිද්ධ වූ සුනඛ වීර ක්රි යා කිහිපයකි මේ.
    නයිඩා - සයිබිරියානු ජීවිතාරක්ෂකයා
    රුසියානු ජාතික සිව් හැවිරිදි කුඩා දරුවකු වන ආන්ද්රේ් පැව්ලෝව් සුපුරුදු පරිදි එදිනත් තාරාවුන්ට ආහාර දෙමින් සිටියේ ය. ඒ අතර ඔහු අසල පිහිටි අයිස් මිදුණු ජලාශයක, අයිස් තට්ටුව ද බිඳ ගෙන ඇද වැටුණේ ‍ලේ මිදෙන ශීතලෙන් යුතු ජලාශයේ පතුලට ය. ක්රැපස්නොයාර්ස්ක් නමැති පිටිසරබද ගම්මානයක මෙම අනපේක්ෂිත සිදුවීම සිදුවන විට ඊට සාක්ෂිකරුවෙකු ලෙස රැඳී සිටියේ අයා‍ලේ යමින් සිටි ‘නයිඩා’ නමැති සුනඛයා පමණි. කුඩා දරුවා පත්වූ අනතුර දුටු විගසම ඒ පිළිබඳව දැනුම් දී උදව් ලබා ගැනීමේ අරමුණින් නොනවත්වාම බිරීමට පටන් ගත් ‘නයිඩා’ ගේ හඬ බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය.

    ඒ බිරුම් හඬ ඇසී වහා එතැනට පැමිණි පිරිසගේ ආධාරයෙන්, අනතුරට පත් දරුවා ජලාශයෙන් මුදා ගැනුණි. කඩිනමින් ඔහු රෝහල්ගත කිරීමට ද පියවර ගැනිණි. නයිඩාගේ ස්ථානෝචිත ප්රලඥාවට පින් සිදු වන්නට කුඩා ආන්ද්රේතගේ ජීවිතය අනතුරකින් තොරව ගලවා ගැනීමට හැකිවිය.

    ට්රි යෝ - බෝම්බ පරීක්ෂකයා
    ට්රි යෝ නමැති ලැබ්රබඩොර් වර්ගයට අයත් සුනඛයා බ්රිේතාන්යත හමුදාවෙන් විශ්රාලම ලැබූ හමුදා සාමාජිකයෙකු මෙන්ම උපහාරයන්ගෙන් පිදුම් ලැබූ යුද වීරයෙකි. ඔහු ඇෆ්ගනිස්ථානයේ ද සේවය කළ අයෙකි. අංක 104 හමුදා සේවා සුනඛ ඒකකයේ සාමාජිකයෙකු වන ට්රි යෝ බෝම්බ වළලා ඇති ස්ථාන හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ පුහුණුවක් ලැබූවෙකි. 2008 වසරේදී ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් පළාතේදී එලෙස අවස්ථා දෙකකදී සඟවා තිබුණු බෝම්බ සොයා ගැනීමට සමත් වූ ට්රිදයෝ 2010 වසරේදී ඒ වෙනුවෙන් බ්රි තාන්යඑයේදී සත්වයෙකු හට පිරිනැමෙන ඉහළම හමුදා උපහාරය වන ‘ඩිකින්’ පදක්කමෙන්ද පිදුම් ලැබිය. ඇෆ්ගනිස්ථානයේ මෙන්ම උතුරු අයර්ලන්තයේදී ද සිය සේවය නොපිරිහෙළා ලබා දුන් ට්රිේයෝ, සිය සේවා කාලය නිම වීමෙන් පසුව හමුදා සේවයේ යෙදී සිටි කාලය මුළුල්ලේම තමගේ ආදරණීය භාරකරු ලෙස ක්රිේයා කළ සැරයන් ඩේව්හේගෝ සමගම ඔහුගේ නිවහන බලා ගියේ, සිය දිවියේ සන්ධ්යාග සමය ද ඔහුගේ ආදර රැකවරණය මැද ගෙවීමේ අපේක්ෂා පෙරදැරිවය.

    මැක්ස් - සුනඛ පළිහ
    බ්ර්සීලයේ ගැරිබෝල්ඩ් නුවර වෙසෙන ‘ඔස්මාර් පර්සිස්කෝ’ මංකොල්ලකරුවන්ගේ ප්රඅහාරයකට ලක් විය. ඒ සිය සුනඛ සුරතලා වූ මැක්ස් ඇවිද්දවීම සඳහා හුදකලා කුඹුරු යායකට ගොස් සිටියදීය. ඒ අවට ඔහුගේ සහායට පැමිණීම සඳහා කිසිවෙකුත් නොවූහ. ඔහු වෙතට කඩා පැන ඔහුගේ මෝටර් රථය පැහැර ගැනීම සඳහා එහි යතුරු ඉල්ලා සිටි මංකොල්ලකරුවන්ගේ වෙඩි ප්රසහාරයකට ලක්වීමට ඔස්මාර්ට සිදුවූයේ රථයේ යතුරු ලබාදීම ඔහු ප්රීතික්ෂ්පෙ කළ බැවිනි. සිය ස්වාමියා පත්වන අනතුර දුටු එඩිතර මැක්ස් දෙවරක් නොසිතා මංකොල්ලකරුවන් වෙත කඩා පනිනුයේ, එම උත්සාහයේදී මාරාන්තික තුවාල ද ලබමිනි. එසේ වුව ද මංකොල්ලකරුවන් පළවා හැර ඔස්මාර් වෙඩි පහරින් බේරාගැනීමට මැක්ස් සමත්ව තිබිණි. සිය ආදරණීය රැකවලා වහා රෝහල් ගත කොට ප්රරතිකර ලබා දීමට ඔස්මාර් පියවර ගත්තේ තමා සදහටම සිය ජීවිතය වෙනුවෙන් මැක්ස්ට ණයගැති බව අවධාරණය කරමිනි.

    බැන්ඩිට් - දුම් අනතුරු නලාව
    ඇමෙරිකාවේ නිව්ජර්සි හි ‘මේස් ලැන්ඩීන්’ ප්රබදේශයේ වෙසෙන ‘ඩීස්ටෙෆ්නි’ පවුල ද මාරාන්තික අනතුරකින් සිය දිවි රැක ගත්හ. ඒ ‍පොමරේනියන් හා ෆූඩ්ල් දෙවර්ගයේ දෙමුහුමක් වන ‘බැන්ඩිට්’ නමැති සුනඛ සුරතලාට පින්සිදු වන්නට ය. නමුත් පුදුමය වනුයේ බැන්ඩිට් යනු ඩීස්ටෙෆ්නි පවු‍ලේ සුරතලා ද නොවීමය. බැන්ඩිට් සිය භාරකාරිනිය නගරයෙන් බැහැරව හිඳීම නිසාවෙන් ඩීස්ටෙෆ්නි පවු‍ලේ රැකවරණයට පත් කොට ගිය ආගන්තුක සුනඛයෙකු වීමය. එදින රාත්රියයේදී රිච් ඩීස්ටෙෆ්නි, ඔහුගේ බිරිය වන ජෙනීෆර් හා නව හැවිරිදි දියණිය නින්දට යන ලද්දේ, රීච් විසින් විෂබීජහරණය සඳහා දැල්වූ ළිප මත තැබූ නටන උණුවතුර බඳුනකට දැමූ පනාවක් ඉන් ඉවත් කිරීමට අමතක වූ බව නොදැනය. රාත්රි්ය මුළුල්ලේම උතුරමින් තිබූ ජල බඳුනේ වූ ජලය අළුයම 3.30 වන විට මුළුමනින්ම සිඳී ගොස් එහි වූ ප්ලාස්ටික් පනාවද ගිනි ගැනීමට පටන් ගෙන තිබිණ. ඒ නිවස විෂ දුමාරයෙන් පුරවාලමිනි. හදිසි ගින්නකදී නාද විය යුතු උපාංග නිවසේ සවි කොට තිබුණද ඒවායින් එකකදු හෝ ක්රිියාකාරී වී තිබුණේ ද නැත. එම අනතුරුදායක අවස්ථාවේදී ඩී ස්ටෙෆ්නි පවු‍ලේ සහායට පැමිණියේ බැන්ඩිට් ය. තද නින්දේ පසු වූ ජෙනිෆර්ගේ සිරුර මතට පැන නොනවත්වාම බුරමින් ඇය අවදි කරවීමට තරම් බැන්ඩිට් කාර්යශූර වී තිබිණි. විෂ දුමාරය හේතුවෙන් නිවසට දැඩි හානි සිදුව තිබිණ. බැන්ඩිට්ගේ අවස්ථාවෝචිත දැනුවත් කිරීම නිසාවෙන් ඩී ස්ටෙෆ්නි පවු‍ලේ දිවිරැකිණි. සිය භාරකාරිනිය වෙනුවෙන් තමන්ට නවාතැන් දී දැක්වූ කරුණාව උදෙසා ඩිස්ටෙෆ්නි පවුලට බැන්ඩිට් සිය කෘතඥතාව පළ කරන ලද්දේ එලෙසය.

    බඩී - මාර්ගෝපදේශක සුනඛයා
    ඇලස්කාවේ කැස්වෙල් ‍ලේක්ස් හි වෙසෙන ‘බෙන් හෙයින්රිච්ස්’මෝටර් රථ අළුත්වැඩියා කිරීමේ මධ්ය ස්ථාන හිමිකරුවෙකි. එම ස්ථානයේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් ඔහු දරුණු පිළිස්සුම් තුවාල ලැබිය. ගිනිගෙන ඇවිලෙන ගරාජයට ඔබ්බෙන් වූ නිවසට ද නොබෝ වේලාවකින් ගිනි ඇවිලෙන බව වටහා ගැනීමට බෙන්ට අපහසු වුණේ නැත. පිළිස්සුම් තුවාලවල වේදනාවෙන් මිරිකෙමින් සිටි බෙන්ට කළ හැකිව තිබුණේ එකම දෙයකි. එනම් සිය සුනඛ සුරතලා වූ බඩී අමතා උදව් ගෙනෙන ලෙසට ඔහුව පිටත් කර හැරීම පමණකි. විශේෂ පුහුණුවක් ලැබූවෙකු නොවූවද ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකු වූ බඩී තමාට ලැබුණ විධානයට ප්රනතිචාර දැක්වීමට යුහුසුළු වී තිබිණි. ගිනි ගැනීමක් පිළිබඳව ලද ඇමතුමට අනුව ඒ දෙසට සිය රිය ධාවනය කරමින් සිටි හදිසි සේවා ඒකකයේ ටෙරන්ස් ෂැනිගන් ද ඒ වන විට බෙන්ගේ ගරාජය සොයා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී සිටියේය. ඒ මාර්ග දිශා සොයා දීමට උපකාරීවන ඔහුගේ රථයේ වූ ජී.පී.එස්. උපාංගය නිසි ලෙස ක්රිායාකාරී නොවීම හේතුවෙනි. බඩී ඔහු පෙරටුවට පැමිණ ඇත්තේ මේ අවස්ථාවේදීය. හදිසි ඒකකයේ රථය දුටු සැණින් එය හඳුනා ගත්තෙකු ලෙසින් ඊට තමාව අනුගමනය කරන ලෙසට කෙරෙන සංඥාවක් දුන් බඩී වහා ආපසු හැරී තමන් ආ මග ඔස්සේම දිව යන්නට පටන් ගත්තේය. බඩීගේ මේ සම්පූර්ණ ක්රි යාන්විතයම ෂැනිගන්ගේ රථයේ වූ කැමරාවක සජීවී ලෙස සටහන් වී තිබිණි. බඩීව අනුගමනය කළ ෂැනිගන් හට ඒ වන විටත් ගිනිගෙන දැවෙමින් පැවැති බෙන්ගේ ගරාජය සොයා ගැනීම අපහසු නොවීය. ගරාජය විනාශ වුවද කිසිදු උපද්රාවයකින් තොරව බෙන්ගේ නිවස ගින්නෙන් ආරක්ෂා කරදීමට ගිනි නිවන භටයන්ට හැකි වූයේ බඩී නිසාය. බඩීගේ මෙම වීර ක්රි යාව අගයනු වස් ඔහුට උපහාර පිදීමක් ලෙස ඇලස්කා ප්රාීන්ත ‍පොලීසිය විසින් විශේෂ උත්සවයක්ද සංවිධානය කොට තිබිණි.

    හීරෝ - ගිනි අනතුරු නලාව
    පෙනිසිල්වේනියාවේ බ්රෑඅකන්රිජ්හි වෙසෙන වෙන්ඩි රැන්කින්ගේ සුනඛ සුරතලා වන හීරෝ මාර්ග අනතුරකින් දරුණු තුවාල ලැබීය. ඔහුට තවදුරටත් වේදනා නොදී මරණයට පත් කළ යුතුද සම්බන්ධයෙන් වන තීරණාත්මක තීරණයට එළඹීමට රැන්කින්ට සිදුව තිබිණි. එසේ වුවද අවසානයේදී සිය ආදරණීය සුරතලා ජීවත් කරවීම සඳහා කළ හැකි හැම දෙයක්ම කිරීමට රැන්කින් පවුල තීරණය කරන ලදී. ඉන් මාස කීපයකට පසුව එළඹි එක් රාත්රිරයකදී එතැනට පැමිණි හීරෝ හිටි වනම මහා හඬින් බිරීමට පටන් ගත්තේය. සාමාන්යමයෙන් රාත්රිිය මැද මෙසේ බිරීම හීරෝගේ පුරුද්දක් නොවේ. ඒ නිසාම බිරීමට හේතු සොයා බැලීමට අවදි වූ රැන්කින් පවුලට දැකගත හැකි වූයේ තම නිවස මහා ගිනි ජාලාවකට මැදිව ඇති බවකි. නිවස ගින්නෙන් මුළුමනින්ම විනාශ වුවද හීරෝගේ එඩිතර භාවයට පින්සිදු වන්නට රැන්කින් පවු‍ලේ සියල්ලෝම අනතුරකින් තොරව දිවි ගලවා ගැනීමට සමත් වූහ.

    එන්ජල් - දිවියන් පලවා හරින්නා
    බ්රිලතාන්ය කොලොම්බියාවේ, බොස්ටන් බාර් ප්රහදේශයේ වෙසෙන ඔස්ටින් ෆෝර්මන් එකොළොස් හැවිරිදි දරුවෙකි. ඔහුට පූමා දිවියෙකුගෙන් සිය ජීවිතය ගලවා ගැනීමට හැකි වූයේ ඔහුගේ සුනඛ සුරතලා වන ගෝල්ඩන් රිට්රීගවර් වර්ගයේ ඒන්ජල්ගේ එඩිතර භාවය නිසා ය. නිවස පිටුපස ගෙවත්තේ දර අහුලමින් සිටි ඔස්ටින් වෙත කැලෑ දිවියෙකු කඩා පැන්න අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාව පතා ඒන්ජල්, දිවියා සමග මාරාන්තික සටනකට එළඹියේ සිය ජීවිතය පරදුවට තබමිනි. ලද ඇසිල්ලෙන් නිවස තුළට දිව ගත් ඔස්ටින්ගෙන් ලද දැනුම් දීම අනුව ඔහුගේ මව වන ෂෙරී ෆෝමන් විසින් හදිසි දුරකථන අංකයකට ඇමතුමක් දුන්නාය. ඊට කඩිනමින් ප්රදතිචාර දක්වමින් ෆෝර්මන් නිවස වෙත පැමිණි ‍පොලිස් නිලධාරියෙකු විසින් දිවියා වෙඩි තබා මරා දමන ලදී. දරුණු සපා කෑම් වලට ගොදුරුව සිටි ඒන්ජල්ගේ ජීවිතය ද ගලවා ගැනීමට හැකිවිය.

    ‘යෝගි’- වසරේ නිර්භීතම සුනඛයා
    ඇමෙරිකා එක්සත් ජනපදයේ මානුෂීය සංගමය විසින් 2011 වසරේ එඩිතරම සුනඛයා ලෙස යෝගි තෝරා ගන්නා ලදී. ඒ පා පැදියෙන් ඉවතට පෙරළී ගොස් දරුණු අනතුරකට මුහුණ දුන් සිය හිමිකරුවාගේ දිවි ගලවා ගැනීමෙහි ලා ඔහු දැක්වූ දක්ෂතාවය නිසා ය. ටෙක්සාස් ප්රා න්තයේ වෙසෙන ‍පෝල් හෝර්ටන් පා පැදියෙන් ඉවතට පෙරළී සිය හිස බිම පතිත වී දරුණු අනතුරකට මුහුණ දී සිහිසුන්විය. යළි සිහි ලබන විට ඔහුට දැක ගත හැකි වූයේ තමා අසලටම වී රැකවල් ලාගෙන සිටින ඔහුගේ ගෝල්ඩන් රිට්රීමවර් වර්ගයේ සුනඛ සුරතලා වූ යෝගී පමණී. වැටී සිටි තැනින් සෙලවීමට හෝ අ‍පොහොසත්ව සිටි ‍පෝල්ගේ එකම පිළිසරණ වූයේ යෝගී ය. තම සුරතලා අමතා උදව් රැගෙන එන ලෙස හැකි අයුරින් කොඳුරා කීවද යෝගී ඔහු වෙතින් ඉවත් වීමට මැලි වී තිබේ. නමුත් විකල්පයක් නොමැති බව වටහා ගැනීමෙන් පසුව ප්රනධාන මාර්ගය වෙත දිව ගොස් උදව් ඉල්ලා ගැනීමට යෝගී සමත්ව තිබිණි. යෝගීගේ දැඩි නොසන්සුන් හැසිරීම් විලාසය දුටු අසල් වැසියෝ යෝගී අනුගමනය කරමින් ‍පෝල් හෝර්ටන්ව සොයා ගැනීමට සමත් වූහ. පසුව ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණ. අනතුර හේතුවෙන් ඉනෙන් පහළ කොටස අප්රාලණික වී අංශභාගී තත්ත්වයකට පත්ව රෝද පුටුවකට සිය ජීවිතය සීමා වුව ද අදටද ‍පෝල් ගේ කළණ මිතුරා යෝගී ය.

    රුක්ලන්ති පෙරේරා


    උපුටා ගැනිම-Ahinsa Sri Lanka

    අනිත් අයටත් බලන්න බම්ප් කරන්න..කැමති නම් rep දෙන්න