සුන්දර-මහමෙව්නාව

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    සුන්දර-මහමෙව්නාව

    සුන්දර මහමෙව්නාව වෙනුවෙන් මේ සටහන් තබන්නෙමි සැබැවින්ම මහමෙව්නාව වනාහී මා මගේ ජීවිතයේ ලද සොඳුරුතම දායාදයයි.
    - හව්හරණක් නොමැතිව ගමන් ගන්නා සංසාර ගමනක් ගැන මා ඇසුවේ මහමෙව්නාව නිසාය.
    - ඒ සංසාර ගමන නිමා කළ බුදු කෙනෙක් ගැන මට අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ඒ බුදු රජාණන්වහන්සේව එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ඒ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය මෙයයැයි මට තේරෙන සරල සිංහලෙන් අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ඒ ධර්මය එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ආර්ය සංඝරත්නය ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ගිහියෙකු වශයෙන් සංඝයාට සිල්වත්ද දුසිල්වත්ද නොබලා සම සිතින් සංග්‍රහ කළ යුතුයැයි දැනගත්තේ මහමෙව්නාව නිසාය.
    - සංඝයාගේ අගුණ දැකීම අපිට නොගැලපෙන බව දැනගත්තේ මහමෙව්නාව නිසාය.
    - එකම සිතකින් සංඝරත්නය සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - සිල්පද රකින්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය.
    - මනුස්සයෙක් දිහා අනුකම්පාවෙන් බලන්නට, ඊර්ෂ්‍යාවෙන් තොරව බලන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය.
    - අපි අධ්‍යාපනය ලැබුවේ සුද්දාගේ රටාවටය. ඒ රටාවේ මවට සැලකීම කියා දෙයක් නැත. පියාට සැලකීම කියා දෙයක් නැත. ගුරුවරයාට ගෞරවයෙන් කතා කිරීම කියා දෙයක් නැත. අධ්‍යාපනය අස්සේ නොලැබුණු ඒ දේ ලබා දුන්නේ මහමෙව්නාවය. ඒවා තවත් එක පොතක පාඩමක් නොවීය.
    - අද පුංචි හෝ ගුණධර්මයක් දියුණු වී ඇත්නම් ඒ සියල්ලම මහමෙව්නාව නිසාය.
    - වරදක් වරදක් හැටියට දකින්නට ලැබුනේ මහමෙව්නාවට පිංසිද්ද වන්නටය
    - පින ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - පින් කරන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය
    - පින ගැන සිතා සතුටු වන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාවෙනි.
    - කඳුලින් පිරුනු ජීවිතයක සැනසුම් සුසුමක් හෙලනවානම් ඒ මහමෙව්නාව නිසාය.

    මහමෙව්නාව මට දුන් දේ බොහෝය. ඒත් මා ගත් දේ ස්වල්පය. එය මාගේ දුශ්ප්‍රාඥතාවය, වීරිය හීන බව මිස අන් කිසිවක් නොවේ.
    කන්න අහරක් නැතිවුනාට කමක් නැත. බොන්නට බීමක් නැති උනාට කමක් නැත. නවතින්නට හෙවනක් නොතිබුනාට කමක් නැත. එහෙත් මහමෙව්නාව නිසා ලද මේ දායාදයන්ට කළ ගුණ සලකා අවසන් කරන්නට විදියක් මම දන්නේ නැත.
    හිස් මිනිසුන් මහමෙව්නාවට පහර පිට පහර ගසනා සැටි දැක නිහඬව සිටීම යෝග්‍ය නොවේ යැයි සිතුණු නිසා මේ සටහන තබන්නට සිතුවෙමි. උන් ගසනා ගල්වලින් මහමෙව්නාවට හානි වන්නේ නැත. ඒ මහමෙව්නාව මැටි ගුලියක් නොවන නිසාය. මහමෙව්නාව බුද්ධශාසනය වෙනුවෙන් ගොඩනැඟුණු සවිමත් ශෛලමය ප්‍රාසාදයකි. මැටි කුට්ටියකට ගසන ගල් කැටය මැටි කුට්ටියේ කිඳා බසිනු ඇත. එහෙත් සවිමත් ශෛලමය ප්‍රාසාදයකට ගැසූවිට ගල් කැටය ගැසූ කෙනාටම නැවත පරාවර්තනය වනු ඇත. ඒ අනුවණයන් තමා විසින්ම තමාගේ විනාශය ලඟා කරගනු ඇත. ඒ ඒ අය වැපිරූ වැපිරූ අයුරින් අස්වැන්න නෙළාගනිත්වා!
    ඇතැම් මිනිසුන් මෙතරම් මහමෙව්නාවට ද්වේශ කරන්නේ මහමෙව්නාවෙන් වුන කුමන අවැඩක් නිසාදැයි මම නොදනිමි. මහමෙව්නාව නිසා බුද්ධ ශාසනයේ දියුණුවක් විනා පිරිහීමක්නම් සිදුවී නොමැති බවට "සත්පුරුෂයන්" සාක්ශි දරණු ඇත.
    මහමෙව්නාවෙන් ඔබට පලක් නැතිවන්නට පුළුවන. එක්කෝ ඒ ඔබට හදාගන්නට වරදක් නොමැති නිසා වන්නට පුළුවන. ඔබ සියල්ල දන්නා නිසා වන්නට පුළුවන. එක්කෝ ඔබේ අඩුපාඩු ඔබවත් නොදන්නා නිසා වන්නට පුළුවන(වැඩි විස්තර සඳහා මිළිඳු රාජ ප්‍රශ්නය කියවන්න ). එහෙත් අප වැනි අහින්සක උන්ට මහමෙව්නාව මහමෙරකි. තරහව ඉදිරියේ, ද්වේශය ඉදිරියේ සහ අප සතු දුර්වලතා ඉදිරියේ අප කොතරම් අසරණදැයි ඔබට තේරෙන්නේ නැත. එහෙත් ඒ තැන්වලදී අපට පිහිටට පවතින්නේ මහමෙව්නාවෙන් අප උගත් භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයය.
    එපමණක් නොවේ මහමෙව්නාව නිසා ධර්මය ලැබී කුඩු වලින් වෙන් වූ කුඩු කාරයන් එමටය, මත් පැනින් වෙන් වූ බේබද්දන් එමටය, සල්ලාලකමින් වෙන්වූ සල්ලාලයන් එමටය, පාතාලයෙන් වෙන්වූ මැරයන් එමටය. අරුත් දැන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ගණන මෙතෙකැයි කිව නොහැක. එවන් අහිංසක උන් වෙනුවෙන් මහමෙව්නාව තවත් චිරාත් කාලයක් අප ශාක්‍ය මුනීන්ද්‍රයන්වහන්සේගේ දහම් ධජ ලෙළ දෙවමින් බැබලේවා!!!
    තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    රෙප් කපන අය රෙප් කපන්න බම්ප් කරලා අනිත් අයට ශෙයා කරන්න කැමති අය බම්ප් කරන්න තෙරුවන් සරණයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    ඇත්තටම මටත් තේරෙන්නේ නෑ මිනිස්සු මහමෙව්නාවට බනින්නේ ඇයිද කියා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඒ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය මෙයයැයි මට තේරෙන සරල සිංහලෙන් අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පින්

    මහමෙවුනාවෙ ලොකු හාමුදුරුවො ඊයෙ තමයි දැක්කෙ, පුදුම පින්වත් ස්වාමින් වහන්සේ නමක්, මගෙත් වාසනාව එතුමා දැකල බණ ටිකක් අහන්න ලැබීම.