සුනාමිය බොරුවක් - කාලගුණ විද්‍යා දෙපාර්තම
සුනාමි තත්ත්වයක් පිළිබඳව පැතිර යන අසත්‍ය ප‍්‍රචාර සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ සුනාමි අනතුරු පිළිබඳව දින ගණනාවකට කලින් ප‍්‍රකාශයක් සිදුකළ හැකි තාක්ෂණයක් මෙතෙක් නොමැති බවයි. එසේම ජනතාව විද්‍යාත්මක පදනමක් නොමැති කට කතාවක් පිළිබඳව අනියත බියකින් පසුවන බවද එහි දැක්වෙනවා. එම නිසා කලබලයට පත්නොවී ජාතික ආයතන මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව පමණක් අවදානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.