සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි





    ශ්‍රී-ලංකා යුධහමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට වසර 13කට ප්‍රථම සිදුකරන ලද සමූල ඝාතනයක් සම්බන්ධයෙන් පෙරෙයිදා(25) මරණ දඬුවම හිමිවුනි. මේ සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටිති.


    The Ceylonm
    News Worth Reading

    Why Did Sunil Ratnayake Received Death Sentence
    සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි
    පහත දැක්වෙන්නේ එම නඩු වාර්ථාවත් අවසානයේ දී එම නඩුවේ පැමිණිල්ලේ නීත්ඥවරයා විසින් මාධ්‍ය අමතා සිදුකරන ලද ප්‍රකාශයත් ඇසුරෙන්, මෙම සිද්ධියේ දී සත්‍යවශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න වටහාගැනීමට දරණ උත්සාහයකි.

    මිරුසුවිල් යනු යාපනය අර්ධද්වීපයේ පවතින ගමක් වන අතර මෙම සිදුධිය සිදුවන සමයවන විට මෙම ප්‍රදේශය අධි ආරක්ෂත කලාප සඳහා පවරාගනු ලැබ තිබිණි. 2000 වසර වන විට මෙම ප්‍රදේශයේ ජීවත් වූ සියළුම පුද්ගලයන් ඉවත්කරනු ලැබ සිටි නමුත් මානුශීය අවශ්‍යතා අනුව ඔවුන්ට දර අසුලාගැනීමට, ඔවුන්ගේ ඉඩම්වල තිබූ එළවළු, පලතුරු ආදිය නෙලාගැනීමට පිවිසීමට අවස්ථාව ලබාදී තිබුණි.

    මෙම සිවිල් වැසියන් හමුදා කඳවුරු සම්බන්ධයෙන් ඔත්තු බලනවායයි සැකයක් සමහර සාමාන්‍ය සෙබලුන් අතර පැතිර තිබූ අතර, එම හේතුව නිසාවෙන්ම ඔවුන් සම්බන්ධයෙන් යම්කිසි නොරුස්නාගතියක් සමහර හමුදා සෙබළුන් තුල පවතිණි.

    කෙසේ වෙතත් එවකට එම ප්‍රදේශ වල ජීවත්වූ ජනතාව මහුණපා සිටි ආර්ථික ගැටළු හේතුවෙන් මෙසේ අධි ආරක්ෂක කලාප වලට ඇතුළුවීමට අවසර ලබා දීම අත්‍යවශය කාරණයක් වී තිබින.

    2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේෂ්වරන් ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් මිසුරුවිල් ප්‍රදේශයේ තමාට අයත්ව තිබූ ඉඩකඩම් වෙත පැමිනෙන්නේ තම ඉඩකඩම් වල ඇති භව භෝග නෙලාගැනීමේ සහ දර එකතුකරගැනීමේ අරමුනෙනි. මෙම 8 දෙනෙකුගෙන් යුත් පිරිස අතර වසර 5ක දරුවෙකු සහ වසර 15ක නව යෞවනයෙකු ද විය.

    තමාට අවශ්‍ය ද්‍රව්‍ය එක්රැස්කරගෙන නැවතත් ඔවුන් නැවත පදින්චි කර තිබු ස්ථාන වලට ආපසු යාමේ බලාපොරොත්තුව මොවුන් තුල තිබෙන්නට ඇති නමුත් ඔවුන්ගෙන් 8 දෙනෙකු නැවත කිසි දිනෙක ගෙදර දකින්නේ නැති බව ඔවුන් එම මොහොතේ නොදැන සිටින්නට ඇත.

    මහේෂ්වරන්ගේ සාක්ෂි සහ නඩුවාර්ථාවට අනුව මෙතැන් සිට සිදුවූ සිද්ධිය පෙළගස්වමු.

    මෙසේ අධිආරක්ෂක කලාපය තුල දර එකතුකරමින් සිටින අතරතුර එදින සවස යුධහමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කණ්ඩායමක් විසින් මොවුන් 9දෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පිරිස විසින් මහේෂවරන් ඇතුළු සියළු දෙනාටම දැඩි ලෙස පහර දී ඇති අතර. ඉන් අනතුරුව ඔවුන් සියළු දෙනාගේම දෑස් ආවරණය වන ආකාරයට රෙදි පටි ගැටගසා. අනෙක් අට දෙනාම එකා බැගින් ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් රැගෙන යාමට යෙදිනි.

    අවසාන පුද්ගලයා වශයෙන් මහේෂ්වරන් රැගෙන යන අතර අතර මඟ ඇති බාධකයක් වූ වැටකින් ඔහුව ඔසවා අනෙක් පසට විසිකරන ලදී. එම අවස්ථාවේ දී ඔහුගේ දෑස් බැඳ දමා තිබුන රෙදි කැබැල්ල එම වැටේ පැටලීම නිසා ඉවත්වීම මත ඔහුට අවට පරිසරය දැකීමට නැකියාව ලැබුණි.

    ඔහුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් විසින් ඔහුව අසල තිබූ වැසිකිලි වලක් දෙසට රැගෙනයාමට කටයුතු කලහ.

    මහේෂ්වරන්ට එම වැසිකිලි වල අසල විශාල මන්නා පිහියක් අතින්ගත් පුද්ගලයෙකු සිටගෙන සිටින ආකරයට දැකිය හැකි වූ අතර, එමෙන්ම එම වැසිකිලි වල තුලින් යම්කිසි පිරිසක් දඟලන ශබ්ධයක්ද අසීමට ලැබී තිබේ. පුද්ගලයා අත තිබූ පිහියත් වැසිකිලි වල තුලින් පැමිණි ශබ්ධයත් නිසා මර බියටපත්වූ මහේෂ්වරන් ලද අස්වැසිල්ලකින් එතැනින් පැන දිවීමට කටයුතු කර ඇත.

    මහේෂ්වරන් මෙම ප්‍රදේශයේ කාලයක් ජීවත්වීම නිසා ප්‍රදේශය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම හේතුවෙන් සහ ඇඳිරිවැටීම හේතුවෙන් තමා ලුහුබැඳ ආ පුද්ගලයන් මගහැරීමට වැඩි අපහසුවකින් තොරව තමාට හැකිවූ බව ඔහු මහේෂ්වරන් පවසයි.

    එදින රාත්‍රියේ තම නෑදයින් හමුවන ඔහු පසු දිනයේ තම පියා හමුවන අතර, ඉන් අනතුරුව රොහල්ගත වීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව මහේෂ්වරන්ගේ නෑදෑයන් සහ ප්‍රදේශවාසීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. සංවිධානයේ නියෝජිතයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධාන වලට දැනුම්දීමට කටයුතු කරන ලදී. ඔවුන් විසින් එවකට සිටි යුධහමුදාපති වරයා වෙත මෙම සිද්ධිය දැනුම්දීමට කටයුතු කරන අතර මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස යුධහමුදාපතිවරයා යුධහමුදා පොලීසියට නියෝග කරන ලදී.

    මෙම සිද්ධිය නිසා සන්ත්‍රාසයට පත්ව සිටි මහේෂ්වරන් පලමුව යුධහමුදා පොලිසියේ නිලධාරීන් හමුවීමට පවා පැකිළුන අතර, ඥාතින්ගේ බලපෑම මත අවසානයේ යුධහමුදා පොලීසිය සමඟ එම සිද්ධිය සිදුවූ ස්ථානය පෙන්වීමට යාමට එකඟ කරගන්නා ලදී.

    ඒ වන විට සිද්ධිය සිදුවී දින 4ක් ගතව තිබිණි. එහිදී එම සිද්ධියට අදාල වැසිකිලි වල වසා තිබෙන කොන්ක්‍රීට් ලෑල්ල මත විශාල ප්‍රමාණයේ ලේ පැල්ලම් පැවති නමුත් එම වැසිකිලි වල පරික්ෂා කිරීමේ දී ඒ තුල තුල කිසිඳු මල සිරුරක් දක්නට නොතිබිනි. ඒ වෙනුවට ඒතුල එළුවෙකුගේ ඇටසැකිල්ලක් තිබී හුමුවිය. මීට අමතරව එම ස්ථානයේ එළුවෙකු හම ගැසූ බව පෙනෙන්නට තිබූ අතර, එළුවෙකුගේ මන්දක් ද එම ස්ථානයේ පිහිටි වැසිකිළියේ වහලේ එල්ලා තිබිණි.

    එම අවස්ථාවේ දී එම ස්ථානය අවට සැකකටයුතු ලෙස ගැවෙසෙමින් සිටිනා හමුදා ඛන්ඩයක් නිරීක්ෂනය කරන යුධ හමුදා පොලීසිය ඔවුන් මේ ස්ථානයට කැඳවීමට කටයුතු කරන ලද අවස්ථාවේ දී මෙම නඩුවේ පලමු සැකකරු වන සුනිල් රත්නායකව හඳුනාගැනීමට මහේෂ්වරන්ට හැකියාව ලැබුනි. එම අවස්ථාවේ මහේෂ්වරන් සුනිල් හඳුනාගන්නේ බියෙන් භ්‍රාන්තියට පත්ව යටිගිරියෙන් කෑගසමිනි.

    යුධහමුදා පොලීසිය විසින් එම අවස්ථාවේදීම ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනලද අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව ඔහු විසින් මෙසේ ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සිරුරු මිහිදන්කර තිබූ සමූහ මිනීවල පෙන්වීමට යාමට කටයුතු කරන ලදී. එහිදී පොලීසිය විසින් මහේස්ත්‍රාත් වරයා ඉදිරීයේ එම සමූහ මිනීවලේ තිබී ඝාතනය කරන ලද මහේෂ්වරන්ගේ කණ්ඩායමට අයත් 8 දෙනාගේම සිරුරු සොයාගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව මොවුන් විසින් මහේෂ්වරන්ගේ දෑස් බැදීමට භාවිතා කරන ලද සරම ද එම ස්ථානයේ තිබී සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබුණි.

    මෙසේ ඝාතනයකර තිබූ වයස අවුරුදු 5ක් වන ළමයාද ඇතුළුව මෙම 8 දෙනාම ඝාතනයකර තිබුනේ තියුණු ආයුධයකින් ගෙල සිඳ දැමීමෙනි.

    තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම තුල මහේෂ්වරන් ඇතුළු පිරිස මෙම ප්‍රෙද්ශයට පැමිණිමට භාවිතා කරන ලද පා පැදි ප්‍රදේශයේ වැසිකිලි වලවල් වල දමා තිබියදී සොයාගැනීමට හැකියාව ලැබුණි. මීට අමතරව සිද්ධියට අදාල වැසිකිලි වලේ කොන්ක්‍රීට් ලෑල්ල මත තිබූ ලේ එළුවෙකුගේ ලේ නොවන බවත් ඒවා මනුශ්‍ය රුධිරය බවත් රස පරීක්ෂන වාර්ථා වලට අනුව සනාථ විය.

    එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ තවත් 4 දෙනෙකුගේ නම්ද සැකකරු විසින් පොලීසියට ලබාදීමට කටයුතු කරන ලදී.

    මේ සම්බන්ධයෙන් දැනට සමාජගතවෙමින් පවතින සාවද්‍ය මත කිහිපයක් පිළිබඳවද අදහසක් මෙයත් සමඟ පැවසීමට අදහස් කරමි.

    2000 වසර වනවිට මරුසුවිල් යනු එල්.ටී.ටී.ඊ. යෙන් මුදාගත් කලාපයකි එම හේතුව නිසා එල්.ටී.ටී.ඊ. බල ප්‍රෙද්ශ තුල විශේෂ ක්‍රියාන්විත සඳහා හඳුන්වාදෙන ලද දිඟු දුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය කිසිඳු අවස්ථාවක මුදාගත් ප්‍රෙද්ශතුල ක්‍රියාන්විත සඳහා යොදාගන්නේ නැත. මේ අනුව ඔවුන් එම අවස්ථාවේ ක්‍රියාන්විතයක නිරතවී සිටි බව පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යකි.

    මෙසේ ඝාතනයකරන ලද 8 දෙනාම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව පැවසීම ද සම්පූර්ණ අසත්‍යක් වන්නේ ඒ අතර වයස අවුරුදු 5ක දරුවෙකු සිටීමත් එම දරුවාද ගෙල සිඳ දැමීමෙන් ඝාතනය කර තිබීමත් හේතුවෙනි. එමෙන්ම මෙම පුද්ගලයන් ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නම් ඔවුන්ගේ ආයුධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට විත්තියට අවස්ථාව තිබූ නමුත් එසේ ඉදිරිපත් කර නොතිබිනි.

    මෙම නඩුව වසර 15ක පමන කාලයක් තිස්සේ විභාගයට ගැනුන අතර ඉදිරපතිකරන ලද සෘජු සහ වක්‍ර සාක්ෂි මගින් සුනිල් රත්නායක නැමති සෙබලා විසින් මෙම කියන සිවිල් වැසියන් 8 දෙනා චේතනාන්විතව අමානුෂික ලෙස ඝාතනයකර ඇති බවට සාධාරණ සැකයකින් ඔබ්බට විනිසුරුවරුන් තිදෙනෙකු හමුවේ සනාථවීම නිසා මනුශ්‍ය ඝාතනය සඳහා දණ්ඩනීති සංග්‍රහයේ දක්වා ඇති දඬුවම් වලට අනුකූලවය.

    එමෙන්ම මේ තීන්දුව සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරයා මාධ්‍ය හමුවේ දක්වන ලද අදහස සම්බන්ධයෙන්ද අදහසක් ඉදිරිපත් කල යුතුව ඇත.

    ඔහුගේ කතාවේ සාරාංශය ගතහොත් එයින් කියැවෙන්නේ වසර 30ක යුද්ධය නිමාකිරීමේ දී දහස් ගණනක් සෙබළුන් මිය යාම නිසා හමුදාවට සම්බන්ද කිසිඳු පුද්ගලයෙකුට දඬුවම් කිරීම අධිකරණය විසින් සිදු නොකල යුතු බවයි. එම නිසා මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකල යුතු බවයි.

    නමුත් ඔහුට නොවැටහෙන කරුණ නම් මෙවන් මිලේච්ඡ පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය නිසා සමස්ථ ශ්‍රී-ලාංකික හමුදාවටම අපකීර්ථියක් අත්වන්නට ඉඩහරිනවා වෙනුවට ඔහුට නිසි දඬුවම් ලබාදී ශ්‍රී-ලංකාවේ යුධහමුදාවේ නම පිරිසිදු කර දීම සම්බන්ධයෙන් අප සැම අධිකරණයට ස්තූතිවන්ත විය යුතු බවයි.

    – වැලිකුඹුර.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇත්තටම මහින්දගේ බත් බැලයෝ ටික මේ සිද්දිය භාවිතා කරලා බොරදියේ මාළු බෑම අන්තිම අශික්කිතයි.

    ඇත්තටම අපිට ඕනේ මේ වගේ කාලකන්නි මිනීමරුවන්ට උපරම දඩුවම් දීලා අපේ විරෝධාර හමුදාව බේර ගන්න. නැත්නම් ලෝකේ මිනිස්සු දකින්නේ අපිට ඉන්නේ තිරිසන් හමුදාවක් කියලා.

    මහින්දලා මිනිමරුවොත් බේරා ගන්නවා කියන්නේ මෙන්න මෙකටයි.
     
    Last edited:

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මොනා උනත් මෙහෙම දෙයක් කරන්න හිතුනෙ ඇයි කියල අපි බලන්න ඔනේ.. තමන්ගෙ යාලුවො LTTE එකෙන් වෙඩි කාලා මැරෙනකොට දෙමල ජාතියම මරාගෙන මැරෙන්න හිතෙනවා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොනා උනත් මෙහෙම දෙයක් කරන්න හිතුනෙ ඇයි කියල අපි බලන්න ඔනේ.. තමන්ගෙ යාලුවො LTTE එකෙන් වෙඩි කාලා මැරෙනකොට දෙමල ජාතියම මරාගෙන මැරෙන්න හිතෙනවා


    අපෝ නිකන් ගොන් විදිහට හිතන්නේ එපා බන්. තමන්ගේ බුද්ධියෙන් හිතල බලපන්. ඔයවගේ අමන ක්‍රියා හින්ද තමයි මේ රටේ යුද්ධයක් ඇති උනේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kanagatui Atthatama. Maruna ayath varadak kara thiyenava----Avasara thibunath, avadanam kalapayakata 5 years podi lamayek gena yama?
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Kanagatui Atthatama. Maruna ayath varadak kara thiyenava----Avasara thibunath, avadanam kalapayakata 5 years podi lamayek gena yama.

    ඉතින් යකෝ පොඩිලමයි මරණ එක හරිද. එහෙනම් අරන් ගිය උන් විතරක් මරපන්කෝ. අනෙක නිරායුධ වැසියන් බෙල්ල කපලා මරණ එක මනුෂ්‍ය සංහතියටත් නිගා දෙනවා. ඕකුන් හමුදාවේ ඉන්න අන්ත අමුම අමු තිරිසන්නු. නැතිනම් අර අවුරුදු 5 ක පොඩි දරුවෙක් බෙල්ල කපල මරයිද.

    අනෙක එම කලාපය තහනම් කලාපයක් නම් වෙඩි තියන්න ඕනේ. මෙතන වෙලා තියෙන්නේ බෙල්ල කපපු එක. අර හම්බයින්ගේ අල්කයිඩා එක වගේනේ.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අපෝ නිකන් ගොන් විදිහට හිතන්නේ එපා බන්. තමන්ගේ බුද්ධියෙන් හිතල බලපන්. ඔයවගේ අමන ක්‍රියා හින්ද තමයි මේ රටේ යුද්ධයක් ඇති උනේ.

    හරි බන් හරි උබ හරි.. උබත් එක්ක යුද්ද කරන්න ඔනෙ නැ මට.. එත් මචන් මේ සින්හල අපි වෙනුවෙන් යුද්ද කරපු කොල්ලෙක් නිසා දුකයි
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරි බන් හරි උබ හරි.. උබත් එක්ක යුද්ද කරන්න ඔනෙ නැ මට.. එත් මචන් මේ සින්හල අපි වෙනුවෙන් යුද්ද කරපු කොල්ලෙක් නිසා දුකයි

    ඌ සිංහලය වෙනුවෙන් යුද්ද කරලා නොවෙයි බන් ඌ සිංහල ජාතියටම නිගා දුන් එකෙක්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඉතින් යකෝ පොඩිලමයි මරණ එක හරිද. එහෙනම් අරන් ගිය උන් විතරක් මරපන්කෝ. අනෙක නිරායුධ වැසියන් බෙල්ල කපලා මරණ එක මනුෂ්‍ය සංහතියටත් නිගා දෙනවා. ඕකුන් හමුදාවේ ඉන්න අන්ත අමුම අමු තිරිසන්නු. නැතිනම් අර අවුරුදු 5 ක පොඩි දරුවෙක් බෙල්ල කපල මරයිද.

    අනෙක එම කලාපය තහනම් කලාපයක් නම් වෙඩි තියන්න ඕනේ. මෙතන වෙලා තියෙන්නේ බෙල්ල කපපු එක. අර හම්බයින්ගේ අල්කයිඩා එක වගේනේ.
    ----Sinhala, Tamil, oyala siyaluma denatama Minissu vasayen ,hagim, vedanava danenava. Mea maruna siyalu dena venuven kanagatu venava. Ahinsaka sinhala village valata gahala Ltte visin , 5 years valatath adu sinhala daruvange beli kapala thibuna. Ohun venuvendha kanagatu vemi.
     
    Last edited:

    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0

    ඌ සිංහලය වෙනුවෙන් යුද්ද කරලා නොවෙයි බන් ඌ සිංහල ජාතියටම නිගා දුන් එකෙක්.
    Sirawata mcn okun tamai hamudawen panala awit mehe sakkili wada okkoma karanne.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඇත්තටම මහින්දගේ බත් බැලයෝ ටික මේ සිද්දිය භාවිතා කරලා බොරදියේ මාළු බෑම අන්තිම අශික්කිතයි.

    ඇත්තටම අපිට ඕනේ මේ වගේ කාලකන්නි මිනීමරුවන්ට උපරම දඩුවම් දීලා අපේ විරෝධාර හමුදාව බේර ගන්න. නැත්නම් ලෝකේ මිනිස්සු දකින්නේ අපිට ඉන්නේ තිරිසන් හමුදාවක් කියලා.

    මහින්දලා මිනිමරුවොත් බේරා ගන්නවා කියන්නේ මෙන්න මෙකටයි.

    rep+
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ඒ උනාට ෆේස්බුක් එකේ මහින්දගෙ බත් බැලයො ශෙයා කරන්නෙ වෙන වෙන කතන්දරනෙ. රටට හෙන ගැහුවත් කමක් නෑ කොහොමහරි රෙන්න විනාඩි 5ක් තියල හරි බලය ගන්න තමා උන්ගෙ ආසාව
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    ඌ සිංහලය වෙනුවෙන් යුද්ද කරලා නොවෙයි බන් ඌ සිංහල ජාතියටම නිගා දුන් එකෙක්.
    අනේ මන්ද බන්. මූ මේ කරලා තියෙන දේ වැරදියි. ඒත් ඌ හමුදාවට බැදුනේ රට වෙනුවෙන් යුද්ධ කරන්න. ඌ රට වෙනුවෙනුත් දිවි පරදුවට තියල යුද්ධ කරපු එකෙක් ටික කාලයක් හරි. නැත්තන් ඌව කමාන්ඩෝ හරි එස්එෆ් හරි තෝරන් ඊට පස්සේ දිගු දුර විහිදුම් එකටත් තෝර ගන්නේ නෑ. මෙතනදී වරදක් වෙලා තියෙනවා. කවුරු උනත් මෙහෙම පොඩි උන් සහ සිවිල් වැසියන් මරන්න අණ දීපු කෙනයි වැරදි. මරපු කෙනා නෙවේ. මොකද හමුදාවේ කෙනෙක්ට මරන්න ඕඩර් එකක් දුන්නොත් මරන්න ඕනේ. නැත්තන් ඌට මැරෙන්න වෙන්නේ. මෙයා මේ ටීම් එකේ ලීඩර් නෙවෙයි. ලීඩර්ව නිදහස් කරලා තියෙනවා. මෙයා තනියෙන් මරපු එකකුත් නෙවෙයි. සාක්ෂි දීපු කෙනාට අනිත් අයව ඔප්පු කරලා පෙන්නන්න බැරි උනාට එතන හමුදා ඇඳුම් ඇඳ ගත්ත තව කට්ටිය ඉඳල තියෙනවා කියල කියනවා.

    මේ කරපු වරදට මරණ දඬුවම හම්බ උනා. ඒක වැරදි කියල කියන්න බෑ අධිකරණයක් ඔප්පු වුන නිසා. ඒත් මූට මෙහෙම අපහාස කරන එක වැරදියි මූ මේ ටීම් එකේ ලීඩර් නොවොන නිසා සහ මෙයාලා මැරුවේ ඇයි කියන ඇත්ත හේතුව රහසක් නිසා. ලැබුන දඬුවම ගැන කිසි ප්‍රශ්නයක් නෑ අධිකරණ තීන්දුවක් නිසා. ඒත් ඌට ඒ දේ කරන්න වෙන්න ඇත්තේ උගේ උවමනාවකට නෙවෙයි. ඌට උවමනා උන පළියට කරන්නත් බෑ ටීම් ලීඩර් විරුද්ධයි නං මරන්න. ඒ හින්ද මූට අපහාස කරන්න එපා මරන්න හේතු වුන සීන් එක හරියට දැන ගන්න ලැබෙන කන්. නමුත් ලැබුන දඬුවම ගැන නං කරන්න දෙයක් නෑ අධිකරණය දි සිවිල් වැසියන් ඝාතනයක් කියල ඔප්පු වෙලා තියෙන නිසා.

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methana podi sakayak mathu venne, avasara dunnath , avadanam kalapayakata 5 years podi lamayek aragena giye ayi kiyala .Samanyen problem thiyenakota podi lamain gedhara araksha sahithava thiyala yanavane.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    11402999_445367882292033_358129290724636800_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේවා නං ඔය මිනිස්සු ආසාවෙන් ගිහින් කරන දේවල් නෙවෙයි. ltte එකෙන් බලෙන් කරවන දේවල්.

    හා හා බයි ආතල් කඩන්න එපා :growl:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    කොටි නිදහස් කරලා හමුදාව මැරුවම හරි නේ? දකුණේ බෝම්බ වලට අහුවෙලා, උතුරේදී වෙඩි කාල මරුන අපේ අයට නඩුත් නැත. :(
    අනේ සිංහලු
    මේ කුඩු සින් මැර සින් වගේ දෙයකදී මරපු එකක් නම් කමක් නෑ මෙහෙම තීන්දුවක් දුන්නට. ළමා සොල්දාදුවෝ පාවිච්චි කරපු කැරිම සන්වදානයක් කොටි කියන්නේ(මතක නැත්තම්), ඒ වෙලාවේ judgment එකට අනුව එහෙම තීරණයක් ගන්න ඇති. හේතුව අප නොදනී.
    මේ තීන්දුවෙන් සැනසෙන්නේ මළවුන් නොවෙයි.