සුනිල් අයිය උදව් ඉල්ලයි

collhk

Well-known member
  • සුනිල් අයිය උදව් ඉල්ලයි

    sunilmaadwa.jpg

    අයුක්තියෙන් අශිෂ්ඨත්වයෙන් පරගැතිබවින් මෙරට සිහසුන කිළිටි වූ අසුවේ දශකයේදී එකී පාලනයට එරෙහිව නැගී සිටි මානව දයාවෙ ප්‍රතිමූර්තිය බඳු මිනිසුන් දහස් ගණනින් මරා මහමග හළු කර දැමීය. එකී ධවල භීෂණයටද, ඉන් පසු මෙරට රජවූ භීම සමයටද සමස්ථ සමාජයම ත්‍රාශයෙන් ඇලලී ගියේය. නිහඬතාවය රජකළ යුගයක එය දෙපඵැ කරමින් ඝාතක පාලකයන්ට අභියෝග කරමින් ජූලියස් පූචික් පරපුරේ මිනිසෙකු අභීතව නැගී සිටියේය. පන්හිඳ කගපතක් බවට පත්කරමින් දූෂණයෙන් භීෂණයෙන් පිරි අයුක්තිසහගත පාලනයකට එරෙහිව හෙණ පහරක් බඳු අකුරැ වලින් පත්තර පිටු පිරී ගියේය. ඔහු සුනිල් මාධව ප්‍රේමතිලක නම් සොඳුරැ මිනිසාය. ජනතාව වෙනුවෙන් හඬ නැගූ වරදට බොහෝ පත්තර කන්තෝරැ වලින් හිස් දෑතින් එළියට බැසීමට සිදුවූ වාර අනන්තය. ජනතාව ගේ අයිතීන් වෙනුවෙන් අකුරැ වලින් සටන් කිරීමට කැට හොල්ලා ජනතාව ගේ ආධාරයෙන් පත්තර කල මිනිසාද ඔහුය. අසත්‍යයෙන් වැසීගිය ලෝක ඉතිහාසය පිළිබඳව සැබෑ වූ යථාර්ථයෙන් මෙරට ජනතාවගේ බුද්ධියට කථාකල මිනිසාද ඔබය.

    සමාජයේ උන්නතිය උදෙසා ජීවිතය දියකළ ඔහු අද ඔත්පළව හුදකලා දිවියක් ගෙවයි. සහෘදකම්. මිනිසත්කම් අගය කරන මිනිසුන්ට සැබෑ මිනිසුන් අතහැර දමා ඉදිරියට යා නොහැක. සුනිල් අයියා අගයන, ඔහුගේ මග ගත් මිනිසුන්ට මේ අවස්ථාව උදාවෙන්නේ ඔහු වෙනුවෙන් තමන්ට හැකි දායකත්වයක් ලබා දීමටය.
    රුක්ෂිලා වෙත්තමුණි

    අපකළ ඉල්ලීමකට අනුව සෙලාන් බැංකුවේ බත්තරමුල්ල ශාඛාවේ ගිණුමක් ආරම්භ කළේය.

    ගිණුම් අංකය :MR SM Premathilake/ Mrs MP Premathilake
    1010 34498105-101
    Battramulla Branch
    දුරකථන අංකය
    නිවස : 0112789536
    සුනිල් අය්යා: 071 - 1337557
    මනෝරා අක්කා : 071 - 8648866
    ලිපිනය
    සුනිල් මාධව ප්‍රේමතිලක
    නො: 26,
    රිචර්ඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණය,
    කොස්වත්ත,
    බත්තරමුල්ල.
    සටහන - චූලක බණ්ඩාරවත්ත

    ඡායාරූපය - පීටර් ජෙරම්

    සත්‍යවාදියෙකුගේ දිනපොතින් ........

    1986 අගෝස්තු 25

    ප්‍රේමය ඉතාමත් සුන්දරයැයි මම සිතමි.එය එසේවූයේ කිසිවෙකුත් මට ප්‍රේමකරන නිසා නොව මා හැම කෙනෙකුටම ප්‍රේමකරන නිසායැයි සිතේ.ආමර් වීදිය හන්දියේ ආමර් බාර්එක අසල බස් නැවතුමේදී අද හවස හමුවූ තරුණියට මම ප්‍රේමකරමි.ඇය මට ප්‍රේමකරනු ඇතැයි මම සිතමි.අප අතරවූ දෙබස මට හොඳට මතකය.
    ''මහත්තයා බාර් එකේ ඉඳල නේද ආවේ ? වැඩිය බොන්න එපා මහත්තයා.

    ඔයා කවුද ?

    අනං මනං කථා වැඩක් නැහැනේ මහත්තයා,මට රු.25.00 ක් දෙන්න.මම මහත්තයා කියන ඕනැම තැනකට එන්නම්''

    අවුරුදු 16 කට වඩා වයස නැති ඒ සහෝදරියගේ කතාවෙන් මම පුදුමයට පත්වීමි.
    ඇය ඉතා සුන්දරය.ඇය ගණිකාවක් යැයි කිසිම අයුරකින් සිතිය නොහැකිය.මම කිසිවක් කතානොකර ඇයදෙස බලා සිටියෙමි.
    ''ඇයි මහත්තයෝ බලන්නේ ? මම හොඳ නැද්ද ? ''
    මා පිළිතුරක් දුන්නේ නැත.ගෙදර ගෙනියන්න පොලියට ගත් සල්ලිවලින් රුපියල් විසිපහක් ඇද ඇයට දුන්නෙමි.ඇයද කිසිවක් කතාකළේ නැත.ඇගේ දෙනෙතේ කඳුළු පිරී ඇතිබව මම දුටුවෙමි.
    දිවයිනෙන් වරින්වර අයින්වෙන්නට සිදුවුවත් ආමර් වීදියේදී මා ලැබූ අත්දැකීම්වල අපූරු සුන්දරත්වයක් තිබිණ.ආමර් වීදිය මගේ ජීවිතයේ කොටසක් බවට පත්වූයේ ඒ සුන්දරත්වය මා වින්ද නිසාය.ආමර් බාර් එකට ගොස් හුදකලාවේ අඩියක් ගසද්දී බොහෝ කලකට පෙර ලැබූ අත්දැකීම් මෙසේය.
    - ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක -

    Source
     
    • Like
    Reactions: randext86

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුනිල් අයියා මා හමුවීමට ආවේ ගිය සතියට එපිට සතියේ ය. ඇවිදීමේ දැඩි අපහසුතායකින් පෙලුනු ඔහු මාස ගනනක් රාජගිරිය ආයුර්වේදයේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. මෙහි එන විට ද ඇවිදීම එතරම් හොද තත්ත්වයක තිබුනේ නැත.

    මා යෞවන පත්තරකාරයෙක්ව සිටිය දී අපේ වීරයා ඔහුය. ඒ සම්බන්ධය නිසා ම අද දින ඔහු ගේ සහ පවුලේ දන්ත වෛදයවරයා වී සිටීම මා ලද භාග්‍යයකි.

    අපි ඔහුට වැටෙන්නට දෙන්නේ නැත. කල යුතු දෙය අපි කරන්නෙමු. ප්‍රශ්නය ඔහු ගේ දන්ත ප්‍රතිකාර කිරීම සදහා ඔහුව මෙහි ගෙන ඒමය. අප සගයෙකු එයට මැදිහත්ව සිටී.
    මම ඔහු ගේ සොදුරු සිනාව නැවත ඔහුට ලබා දෙමි.
     
    collhk

    Well-known member
  • සුනිල් අයියා මා හමුවීමට ආවේ ගිය සතියට එපිට සතියේ ය. ඇවිදීමේ දැඩි අපහසුතායකින් පෙලුනු ඔහු මාස ගනනක් රාජගිරිය ආයුර්වේදයේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. මෙහි එන විට ද ඇවිදීම එතරම් හොද තත්ත්වයක තිබුනේ නැත.

    මා යෞවන පත්තරකාරයෙක්ව සිටිය දී අපේ වීරයා ඔහුය. ඒ සම්බන්ධය නිසා ම අද දින ඔහු ගේ සහ පවුලේ දන්ත වෛදයවරයා වී සිටීම මා ලද භාග්‍යයකි.

    අපි ඔහුට වැටෙන්නට දෙන්නේ නැත. කල යුතු දෙය අපි කරන්නෙමු. ප්‍රශ්නය ඔහු ගේ දන්ත ප්‍රතිකාර කිරීම සදහා ඔහුව මෙහි ගෙන ඒමය. අප සගයෙකු එයට මැදිහත්ව සිටී.
    මම ඔහු ගේ සොදුරු සිනාව නැවත ඔහුට ලබා දෙමි.

    RESPECT MACHO RESPECT
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මගෙන් තඩි BUMP එකක්

    බොහොම ස්තූතියි මචන් මේක share කලාට.

    සත්‍යවාදියෙකුගේ දිනපොත....... මම කියවපු අනන්තවත් පොත් අතරින් මගේ ජීවිතේ වැඩිපුරම වෙනස්කරන්න හේතු වෙච්ච පොත.

    සුනිල් මාධව...... වරදාන, වරප්‍රසාද, මිල මුදල් හමුවේ ආත්මය පාවාදෙන "සත්‍යවාදියෝ" අතරේ සැබෑ සත්‍යවාදියෙක්.
     
    Last edited:

    collhk

    Well-known member
  • ඇවිත් මාව හම්බවෙයන්" කෙටි දුරකථන සංවාදයක අවසානයේදී ඔහු කියා සිටියේය.

    ඒ වන විට පුවත්පත ප‍්‍රකාශයට පත්ව නොතිබුණි. නියමිත දිනයේදී මා ලද මග විස්තර හා අංකය අනුව කොටහේන පිහිටි ‘කාර්යාලයකැයි’ බැලූ බැල්මට කිව නොහැකි නිවසක දොරට තට්ටු කළෙමි.

    "මිස්ටර් සුනිල් මාධව ඉන්නවද?"

    "මිස්ටර් සුනිල් මාධව කියල කෙනෙක් නම් නෑ. සුනිල් අයිය නම් ඉන්නවා. ඇතුළට යන්න." මුහුණ පුරා රැුවුල වවාගත්තු හාදයෙක් කියා සිටියේය. මම කාර්යාලයට ඇතුළු වීමි. මාධව බරුවා දුටු විගස මීමන අර්බුදයට යන්නට ඇත්තේ යම් සේක් ද සුනිල් මාධව දුටු විගස එතෙක් මා හිසේ හොල්මන් කරමින් සිටි දැවැන්තයා මොහොතකට සුන්නද්දූලි වී ගියේය. පැරණි ඩෙනිම් කලිසමකට බාගෙට යටකරන ලද පොඩි වුණු කොටු කමිසයකින් යුතු කෙසඟ සිිරුරකින් හෙබි ඔහු මේසය මත වාඩි වී මත්පැන් වඩියකට වතුර කලවම් කරමින් සිටියේය. එක් අතක අඩක් දැවී ගිය සිගරැට්ටුවකි. එක් අතකින් බොකුටු කොණ්ඩය පිරිමැද වේගයෙන් දෙතුන් වරක් ඇසිපිය ගැසූ ඔහු මට කතා කළේය.

    "මම සුනිල් අයියා. මෙහේ මිස්ටර්ලවත් මහත්තුරුවත් නෑ. අපි ඔක්කොම යාළුවෝ. අඩියක් ගහලම කතා කරමු." ඔහු වීදුරුවක් මට ද දිගු කළේය. ඉක්බිතිව ඇස් පුංචි කොට සිනාසුනේය. එතැන් සිට ඔහු බොහෝ දෙනෙකුට මෙන් මට ද සුනිල් අයියාම විය.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සුනිල් අයියා මා හමුවීමට ආවේ ගිය සතියට එපිට සතියේ ය. ඇවිදීමේ දැඩි අපහසුතායකින් පෙලුනු ඔහු මාස ගනනක් රාජගිරිය ආයුර්වේදයේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. මෙහි එන විට ද ඇවිදීම එතරම් හොද තත්ත්වයක තිබුනේ නැත.

    මා යෞවන පත්තරකාරයෙක්ව සිටිය දී අපේ වීරයා ඔහුය. ඒ සම්බන්ධය නිසා ම අද දින ඔහු ගේ සහ පවුලේ දන්ත වෛදයවරයා වී සිටීම මා ලද භාග්‍යයකි.

    අපි ඔහුට වැටෙන්නට දෙන්නේ නැත. කල යුතු දෙය අපි කරන්නෙමු. ප්‍රශ්නය ඔහු ගේ දන්ත ප්‍රතිකාර කිරීම සදහා ඔහුව මෙහි ගෙන ඒමය. අප සගයෙකු එයට මැදිහත්ව සිටී.
    මම ඔහු ගේ සොදුරු සිනාව නැවත ඔහුට ලබා දෙමි.

    ELA MITARAYA
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සුනිල් අයියා මා හමුවීමට ආවේ ගිය සතියට එපිට සතියේ ය. ඇවිදීමේ දැඩි අපහසුතායකින් පෙලුනු ඔහු මාස ගනනක් රාජගිරිය ආයුර්වේදයේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. මෙහි එන විට ද ඇවිදීම එතරම් හොද තත්ත්වයක තිබුනේ නැත.

    මා යෞවන පත්තරකාරයෙක්ව සිටිය දී අපේ වීරයා ඔහුය. ඒ සම්බන්ධය නිසා ම අද දින ඔහු ගේ සහ පවුලේ දන්ත වෛදයවරයා වී සිටීම මා ලද භාග්‍යයකි.

    අපි ඔහුට වැටෙන්නට දෙන්නේ නැත. කල යුතු දෙය අපි කරන්නෙමු. ප්‍රශ්නය ඔහු ගේ දන්ත ප්‍රතිකාර කිරීම සදහා ඔහුව මෙහි ගෙන ඒමය. අප සගයෙකු එයට මැදිහත්ව සිටී.
    මම ඔහු ගේ සොදුරු සිනාව නැවත ඔහුට ලබා දෙමි.

    :cool::)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා..!! :(:(:(

    කිඹුල් දොස්තර මහත්තයට වැඩි වැඩියෙන් ලැබේවා...!!! :)