සුපර්මෑන්, මයික් ටයිසන් සහ පිනෝකියෝ

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada
    දිනක් සුපර්මෑන්, මයික් ටයිසන් සහ පිනෝකියෝ පාරේ ගමන් කරමින් සිටියහ.
    මෙසේ ගමන්කරන අතරතුර " බර ඉසලීමේ තරගය " යැයි ගසා තිබූ පුවරුවක් දුටු සුපර්මෑන් " මේක මට ලේසියෙන් දිනන්න පුළුවන් " යැයි පවසා එම ස්ථානයට ඇතුළු වු අතර පැයකට පමණ පසු ඔහු රන් පදක්කමත් රැගෙන සිනාමුසු මුහුණින් පිටතට පැමිණියේ ය.

    ඉන්පසු තිදෙනා සතුටු සාමීචියේ යෙදෙමින් ඉදිරියට ඇදෙන්නට වූ අතර කිලෝමීටරයක් පමණ ගියපසු " බොක්සිං තරගය" යැයි ගසා තිබූ පුවරුවක් දුටු මයික් ටයිසන් " මේක මට ගේමක් නැතුව දිනන්න පුළුවන් " යැයි පවසා එම ස්ථානයට ඇතුළු වු අතර පැයකට පමණ පසු ඔහු ද රන් පදක්කමත් රැගෙන ජයග්‍රාහී ලීලාවෙන් පිටතට පැමිණියේ ය.

    ඉන්පසු තිදෙනා කතාබහේ යෙදෙමින් මද දුරක් ගමන් කරන විට " බොරු කීමේ තරගය" යැයි ගසා තිබූ නාමපුවරුවක් දුටු පිනෝකියෝ " ඔන්න මටත් ලේසියෙන් දිනන්න පුළුවන් තරගයක් තියෙනවා" යැයි පවසා උනන්දුවකින් එම ස්ථානයට ඇතුළු වු අතර පැයකට පමණ පසු පිනෝකියෝ මුහුණත් රතු කරගෙන රිදී පදක්කමක් සහිතව පිටතට පැමිණ තරහින් පුපුරමින් මෙසේ ඇසුවේය.




    "
    😡
    කවුද බං AKD කියන්නෙ ? " :lol::lol::lol::lol:

    උපුටා ගැනීමකි
     
    • Haha
    Reactions: Cypress