සුපර් සොනික් පැත්තකට විසි කරමින් එන හයිපර
ශබ්දයේ වේගය අභිබවා පියාසරන සුපර් සොනික් ජෙට් යානා ලොව දැනට පවතින වේගවත්ම මගී ගුවන් යානා ලෙස සැලකෙනවා. සුපර් සොනික් යානා ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයකින් පියාසර කළද, එය ඉදිරි අනාගතයේදී ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි.
මේ නිසා ගුවනේ මීළඟ විප්ලවය ලෙස ඔවුන් සැලසුම් කර ඇත්තේ සුපර් සොනික් යානාවල වේගය මෙන් දෙගුණයක වේගය සහිත හයිපර් සොනික් ජෙට් යානාවයි.
යූරෝපීය ගුවන් තාක්ෂණ ආයතනය මගින් සැලසුම් කර ඇති මෙම හයිපර් සොනික් යානාවේ වේගය පැයට සැතපුම් 3125 ඉක්මවනු ඇති බව සදහන් වෙනවා. මගීන් සිය දෙනෙකු රැගෙන පැරීසියේ සිට ටෝකියෝ බලා ගමන් කිරීමට ඊට ගතවනු ඇත්තේ පැය දෙකහමාරකට අඩු කාලයක් ලෙස සැලකෙනවා.
අනාගත මගී ගුවන් යානය ලෙස සැලකිය හැකි හයිපර් සොනික් යානය මුළුමනින්ම පරිසර හිතකාමී වන අතර, ඊට ඉන්ධන ලෙස යොදා ගැනීමට නියමිතව ඇත්තේ ජීව ඉන්ධන, හයිඩ්රජන් සහ ජලයයි.