සුපිපේද පොකුරු මල්
මට මේ පින්තුරය දැකපු වෙලාවේ හිතට දැනුන අදහසක් මේ තියෙන්නේ ...
අද දැක්ක තවත් නිර්මාණයක් නිසයි මට මේක මතක් වෙලා දාන්න හිතුනේ......
මට මේ පින්තුරය දැකපු වෙලාවේ හිතට දැනුන අදහසක් මේ තියෙන්නේ ...

අද දැක්ක තවත් නිර්මාණයක් නිසයි මට මේක මතක් වෙලා දාන්න හිතුනේ......

ගිම්හාන සෘතුවේ
දැවෙන හිරු තාපයට රත් වූ
කේඩෑරි සිරුරු මත
ගොඩ ගැහුණු දූවිලි තට්ටු..
අහස පැන් සඟවාන
වෙහෙස කරවයි දසත...
නියං සාය නියාවෙන
දැවෙයි හදවත් කැකුළු..
මල බැදුණු යකඩ කැබිලිති
නොනිසි සුරතට වැද
විඩා කරවයි සොඳුරු වූ
අහිංසක මල් කැකුළු..
ගිමන් හිරු රශ්මියෙන්
දැවී පෙති පිලිස්සෙයි..
වසන්තය අග සුපිපෙන්න
ඉතිරි වෙද පොකුරු මල්..
දැවෙන හිරු තාපයට රත් වූ
කේඩෑරි සිරුරු මත
ගොඩ ගැහුණු දූවිලි තට්ටු..
අහස පැන් සඟවාන
වෙහෙස කරවයි දසත...
නියං සාය නියාවෙන
දැවෙයි හදවත් කැකුළු..
මල බැදුණු යකඩ කැබිලිති
නොනිසි සුරතට වැද
විඩා කරවයි සොඳුරු වූ
අහිංසක මල් කැකුළු..
ගිමන් හිරු රශ්මියෙන්
දැවී පෙති පිලිස්සෙයි..
වසන්තය අග සුපිපෙන්න
ඉතිරි වෙද පොකුරු මල්..