සුපිපේද පොකුරු මල්

sagari

Member
Jan 4, 2008
1,338
2
0
සුපිපේද පොකුරු මල්

මට මේ පින්තුරය දැකපු වෙලාවේ හිතට දැනුන අදහසක් මේ තියෙන්නේ ...:)

අද දැක්ක තවත් නිර්මාණයක් නිසයි මට මේක මතක් වෙලා දාන්න හිතුනේ......:)


CopyofDSC00490.jpg

ගිම්හාන සෘතුවේ
දැවෙන හිරු තාපයට රත් වූ
කේඩෑරි සිරුරු මත
ගොඩ ගැහුණු දූවිලි තට්ටු..

අහස පැන් සඟවාන
වෙහෙස කරවයි දසත...

නියං සාය නියාවෙන
දැවෙයි හදවත් කැකුළු..

මල බැදුණු යකඩ කැබිලිති
නොනිසි සුරතට වැද
විඩා කරවයි සොඳුරු වූ
අහිංසක මල් කැකුළු..

ගිමන් හිරු රශ්මියෙන්
දැවී පෙති පිලිස්සෙයි..
වසන්තය අග සුපිපෙන්න
ඉතිරි වෙද පොකුරු මල්..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙවන් මල් කැකුලු මියැදෙන්නට ඉඩදී නොදැක්කා මෙන් සිටිනා පින්බර ජන සමාජයක බහුතරයක් පින්වතුන් ඔවැනි චරිත බෙහෙවින් වෙසෙන ගම්මාන හා දුෂ්කර පළාත් ලංකා සිතියමෙන් අයින් කරලයි බලන්න පුරුදු කරල තියෙන්නේ හා පුරුදු වෙලා තියෙන්නේ...

අහෝ පින්වත් සමාජයක තරම!!

කාලීන අදහසක්..නෙත් සිත් අවදි කරවන නිර්මානයක්... නංගිට ජය!!
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hmm good poem..

    another thing i noticed is, how much sufferings they have to go thru, no matter, they seem to get along well,..for that's all they've known from the begining...that they tell us that "freedom is only a state of mind" ..a great example that money and all not is that important a factor...but on the other hand, most of them died of health issues..starvation due to lack of srs attention.
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    hm......godak arthawat nirmanayak sagari akkiyo....
    mewa apema ape samajayema waradi neda?

    monawa unat akkiyage nirmanaya nam godak lassanay..
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    හැමෝටම ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම ගැන...:):)
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    ithaama lassana nirmanayak saga...
    oya kohomath onema deyak gena nirmanaathmakawa hithanawane...
    yathaarthaya pilibibu wena arthawath nirmanayak..
    Sthuthee sis...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හැමෝම අපිටත් රජෙක් ඇතුවා ගගා ඉන්නෙ නැතුව එකෙක් හරි මේ දේවල් ගැන හිත යොමු කරනව නම්..........