සුපිරි කළු කුහර දෙකක් අත ළඟ

Van Helsing

Member
Sep 28, 2011
83
18
0
සුපිරි කළු කුහර දෙකක් අත ළඟ

සුපිරි කළු කුහර දෙකක් අත ළඟ …!

kalu-kuhara.jpg
නාසා හි චන්ද්‍රා X කිරණ නිරීක්ෂනාගාරය ආධාරයෙන් ක්ෂීරපථයටම සමාන සර්පිල මණ්දාකිනියක තිබෙන සුපිරි ස්කන්ධාදික කළු කුහර යුගලක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී තිබේ. පෘතුවියේ සිට ආලෝක වර්ශ මිලියන 160ක් දුරින් පවතින මෙය දැනට සොයාගෙන ඇති පෘතුවියට සමීපතම මේ ආකාරයේ සංසිද්ධියයි.
NGC 3393 නම් සර්පිල මණ්දාකිනියේ මධ්‍යයට ආසාන්නයෙන් මේ කළුකුහර දෙක පිහිටා තිබේ. එකිනෙකට ආලෝක වර්ශ 490 ක පමණ ඈතින් පිහිටා ඇති කළු කුහර යුගලය බිහිවීමට හේතු වන්නට ඇත්තේ මීට වසර බිලියනයකට හෝ ඊට වඩා වැඩි කාලයකට පෙර සිදුවූ ස්කන්ධයන් අසමාන මණ්දාකිනි දෙකක සංයුක්ත වීමක් වන්නට ඇති බව විද්‍යාඥයන් සැක පහල කරයි.
මෙම මණ්දාකිනිය මෙතරම් ළඟින් නොපිහිටියේ නම් සමහරවිට මෙය අපට හඳුනාගැනීම පවා අපහසු වනු ඇති. ප්‍රථමයෙන් සිදුකල අධ්‍යනයන් වලින් හඳුනාගත්තේ එක කළු කුහරයක් පමණක් වුවද වැඩිදුර පර්යේෂන වලදී අනෙක් කළු කුහරයද හඳුනාගැනීමට පර්යේශකයන් සමත් විය.මේ කළු කුහර දෙකම ක්‍රියාකාරිලෙස වර්ධනය වන අතර ඒවා තුලට වායුන් පතනය වීමේදී තාපය හා X කිරණ මුදාහරී.
ප්‍රමාණයෙන් සමාන මණ්දාකිනි දෙකක් සංයුක්ත වූවා නම් එහිදී හැඩයෙන් විශම ,ඉතා වේගයෙන් තරු බිහිවෙන,කළු කුහර යුගලක් සහිත මණ්දාකිනියක් නිර්මාණය වනු ඇති.අපට ආලෝක වර්ශ මිලියන 330 ක් ඈතින් ඇති NGC 6240 ඊට නිදසුනකි.
කෙසේ නමුත් NGC 3393 මණ්දාකිනිය මනාව සංවිධානය වුන සර්පිල මණ්දාකිනියක් ලෙස පවතින අතර එහි මධ්‍යය සම්පූර්ණයෙන්ම පාහේ සමන්විත වන්නේ මහලු තරු වලිනි.මේ කළු කුහර දෙකම වායු සහ දූවිලි වලින් ආවරණය වී පැවතීම නිසා ඒවා දෘශ්‍ය ආලෝකයෙන් අනාවරණය කරගැනීම අපහසු විය.
මණ්දාකිනි අතර සිදුවන ගැටීම් සහ සංයුක්ත වීම් ,මණ්දාකිනි සහ කළු කුහර බිහිවීමට වැදගත් සාධකයකි.මෙය සිදුවන ආකාරය සොයාගැනීමට NGC 3393 මණ්දාකිනිය ආශ්‍රයෙන් සිදුකරනඅධ්‍යයනයන් රුකුලක් වනු ඇති.
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

Similar threads