== සුපිරි වීරයින්ගේ විකාශනය – එදා සහ අද ==

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    == සුපිරි වීරයින්ගේ විකාශනය – එදා සහ අද ==

    සුපිරි වීරයින්ගේ විකාශනය – එදා සහ අද


    15. Doctor Strange

    ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 1963 දී සහ 2016 දී.

    Dr-Strange-then-and-now.jpg


    මේ දවස්වල අපේ රටෙත් ජනප්‍රිය මේ චරිතය මුලින්ම නිර්මාණය කරන්නෙ ස්ටීව් ඩිට්කෝ සහ ස්ටෑන් ලී. ඒ 1963 ජූලි මාසෙ මාවල් කොමික්ස් වෙනුවෙන්. මේ තියෙන්නෙ 1963 දි නිර්මාණය කළ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සහ 2016 දි නිර්මාණය වූ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොමික් චරිතය.

    පීටර් හූට්න් 1978 සහ බෙනඩික්ට් කම්බර්බැච් 2016.

    Dr-Strange-then-and-now-2016.jpg


    14. Green Lantern.

    ​1940 ඇලන් ස්කොට් සහ 2016 හැල් ජෝර්ඩ්න්.

    Alan-Scott.jpg


    මුල්ම ග්‍රීන් ලැන්ටර්න් චරිතය වන ඇලන් ස්කොට්ව නිර්මාණය කරන්නෙ බිල් ෆින්ගර් සහ මාටින් නොඩ්ල් විසින් 1940 තරම් ඈතකදි. ඒ වගේම ග්‍රීන් ලැන්ටර්න් කියන්නෙ ඇලන් ස්කොට් පමණක් නෙමෙයි. පසුකාලීනව තවත් චරිත රැසක් මේකට එකතු වෙනව.

    ​1979 දී හොවාඩ් මර්ෆි සහ 2011 දී රයන් රෙනෝල්ඩ්ස්.

    Green-Lantern-Then-and-now-2016.jpg


    13. Deadpool

    ​ඩෙඩ්පූල් එදා සහ අද.

    Deadpool-Then-and-now.jpg


    අපේ රටේ ත් සෑහෙන ජනප්‍රිය එළ කොල්ලෙක් තමයි මේ ඉන්නෙ. ඩෙඩ්පූල් හෙවත් වේඩ් වින්ස්ටන් විල්සන්ව මුලින්ම නිර්මාණය කරන්නෙ 1991 දි. ඒ රොබ් ලයිෆල්ඩ් සහ ෆේබියන් නීසියේසා විසින් මාවල් කොමික්ස් වෙනුවෙන්.

    ​රයන් රෙනෝල්ඩ්ස් 2009 දී සහ 2016 දී වේඩ් විල්සන් ලෙස.

    Dead-pool-2009-vs-2016.jpg


    12. Ant-Man.

    ​1962 සහ 2015

    Ant-Man-then-and-now.jpg


    මාවල් කොමික්ස් වෙනුවෙන් ස්ටෑන් ලී, ජැක් කර්බි සහ ලැරී ලයිබර් නිර්මාණය කළ චරිතයක්. ඒ 1962 දි. මේ චරිතයත් එක් අයෙකුට පමණක් සීමා වූ එකක් නෙමෙයි. හෑන්ක් පිම්, ස්කොට් ලෑන්ග් සහ එරික් ඕ ග්‍රේඩි තුන්දෙනාම මේකට අයිතියි.

    ​1979 දී ගැරත් මොරිස් සහ 2015 දී පෝල් රඩ්.

    ant-man-then-and-2016.jpg


    11. Thor.

    ​1962 මුල්ම තෝර් සහ 2016 තෝර්.

    Thor-Comic-then-and-now.jpg


    මේ ඇස්ගාඩියන් අකුණු දෙවියව නිර්මාණය කරන්නෙත් මාවල් කොමික්ස් වෙනුවෙන් ස්ටෑන් ලී, ජැක් කර්බි සහ ලැරී ලයිබර් විසින් 1962 දි. සුපිරි වීරයින් අතර ජනප්‍රිය චරිතයක් කිව්වොත් නිවැරදියි.

    ​1988 දී එරික් ඇලන් ක්‍රේමර් සහ 2015 දී ක්‍රිස් හෙම්ස්වර්ත් තෝර් ලෙස.

    Thor-1988-vs-2016.jpg


    10. Captain America.

    ​1941 සහ 2016.

    Captain-America-then-and-now.jpg


    ස්ටීව් රොජර්ස් එහෙමත් නැත්නම් කැප්ටන් ඇමෙරිකා දීර්ඝ ඉතිහාසයක් තියෙන අතිශයින්ම ජනප්‍රිය වූ සුපිරි වීරයෙක්. 1941 දි ටයිම්ලි කොමික්ස් වෙනුවෙන් ජෝ සයිමන් සහ ජැක් කර්බි මුල්වරට නිර්මාණය කළ මෙම චරිතය දෙවන ලෝක යුධ සමයේ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගන්නව.

    ​1944 දී ඩික් පර්සෙල් සහ 2016 දී ක්‍රිස් එවන්ස් ස්ටීව් රොජර්ස් ලෙස.

    Captain-america-old-and-new.jpg


    09. Wonder Woman.

    ​1941 සහ 2016.

    Wonder-Women-then-and-now.jpg


    සුපිරි වීරයින් අතර ඉන්නෙ පිරිමි විතරක් නෙමෙයි. වොන්ඩර් වුමන් හෙවත් ඩයනා ප්‍රින්ස් නිර්මාණය වෙන්නෙ 1941 දි DC කොමික්ස්. විලියම් මෝල්ටන් මාස්ටන්, එළිසබෙත් හොලොවේ මාස්ටන්, H. G. පීටර් තමයි මේ චරිතයේ නිර්මාණකරුවන්.

    ​ලින්ඩා කාටර් 1975 දී සහ ගැල් ගැඩොට් 2016 දී.

    Wonder-Women-then-and-2016.jpg


    08. Fantastic Four.

    ​එදා සහ අද.

    Fantastic-Four-Then-and-now.jpg


    මාවල් කොමික්ස් නිර්මාණය කරපු පළමු සුපිරි වීරයින් කණ්ඩායම තමයි ෆැන්ටෑස්ටික් ෆෝ. මේකත් ස්ටෑන් ලී සහ ජැක් කර්බිගෙ වැඩක්. මිස්ටර් ෆැන්ටෑස්ටික්, ඉන්විසිබල් වුමන්, හියුමන් ටෝච්, තින්ග් කියන මේ කණ්ඩායම මුලින්ම නිර්මාණය වෙන්නෙ 1961 දි.

    ​1994 සහ 2016.

    Fantastic-Four-Then-and-2016.jpg


    07. Flash.

    ​1940 මුල්ම චරිතය වූ ජේ ගැරික් සහ 2016 වොලී වෙස්ට්.

    Flash-Comic-Then-and-Now.jpg


    DC කොමික්ස් වෙනුවෙන් මුලින්ම මේ චරිතය නිර්මාණය කරන්නෙ ගාඩ්නර් ෆොක්ස් සහ හැරී ලැම්පර්ට්. ඒ 1940 තරම් ඈත අතීතයෙ. ෆ්ලෑෂ් කියන්නෙත් එක චරිතයක් නෙමෙයි. ජේ ගැරික්, බැරී ඇලන්, වොලී වෙස්ට් සහ බාට් ඇලන් යන ප්‍රබන්ධ චරිත හතරම ෆ්ලෑෂ් නියෝජනය කරනව.

    ​1990 දී ජෝන් වෙස්ලි සහ 2014 දී ග්‍රාන්ට් ගස්ටින්.

    flash-ond-and-new.jpg


    06. Hulk.

    ​1962 සිට මේ දක්වා.

    Hulk-Old-and-New.jpg


    ස්ටෑන් ලී සහ ජැක් කර්බිගෙ තවත් සුපිරි වැඩක් තමයි හල්ක්. මේ කේන්තිකාර යෝධයව මුලින්ම නිර්මාණය කරන්නෙ 1962 දි. මාවල් කොමික්ස්වල ජනප්‍රියම සුපිරි වීරයෙක්.

    ​ලූ ෆෙරිග්නෝ 1970 සහ මාක් රෆලෝ 2015.

    Hulk-then-and-Now-2016.jpg


    05. Spider Man.

    ​1962 සිට 2016 දක්වා.

    spider-man-comic-then-and-now.jpg


    1962 අගෝස්තු මාසෙ තමයි ස්පයිඩර් මෑන් එහෙමත් නැත්නම් පීටර් පාකර් මුලින්ම කරළියට එන්නෙ. මේ චරිතය නිර්මාණය කරන්නෙ ස්ටෑන් ලී සහ ස්ටීව් ඩිට්කෝ.

    ​1977 දී නිකලස් හැමන්ඩ් සහ 2016 දී ටොම් හොලන්ඩ්.

    spider-man-comic-then-and-now-2016.jpg


    04. Iron Man.

    ​1963 මුල්ම කවරයේ සිට වර්තමානය දක්වා.

    iron-man-now-and-then.jpg


    මේ කෝටිපති සෙල්ලක්කාර බුද්ධිමත් මිනිසා ටෝනි ස්ටාක්ව නිර්මාණය කරන්නෙ 1963 දි. ඒ ස්ටෑන් ලී, ලැරී ලයිබර්, ජැක් කර්බි සහ ඩොන් හෙක්ගේ එකතුවෙන්. මේකත් මාවල් වැඩක්.

    ​1978 දී සහ 2016 දී.

    Iron-man-old-and-new.jpg


    03. X-Men.

    ​1963 සිට වර්තමානය දක්වා.

    Xmen-Comic-old-and-new.jpg


    X-Men චරිත හැම එකක් ගැනම වෙන වෙනම ලියන්න ගියොත් මේ වගේ තව දෙක තුනක්වත් ඕනෙ වෙනව. මේ ගොල්ලන්ගෙ පරාසය ඒ තරටම විශාලයි. මුලින්ම X-Men බිහිවෙන්නෙ 1963 දි. ඒ ස්ටෑන් ලී සහ ජැක් කර්බිගෙ අතින්. මුල්ම X-Men කණ්ඩායම වෙන්නෙ බීස්ට්, ඒන්ජල්, සයික්ලොප්ස්, මාවල් ගර්ල් සහ අයිස් මෑන්. ඊට අමතරව ප්‍රොෆෙසර් x සහ මැග්නිටෝත් මෙම කතාවට එකතුවෙනව.

    ​වසර 2000 සිට අද දක්වා.

    Xmen-Movie-old-and-new.jpg


    02. Batman.

    ​1939 මුල්ම කවරය සිට 2016 තෙක්.

    Batman-Comic-old-and-new.jpg


    DC කොමික්ස් මේ චරිතය නිර්මාණය කරන්නෙ 1939 දි. සුපිරි වීරයින් අතර දීර්ඝ ඉතිහාසයක් තියෙන කෙනෙක් තමයි Batman එහෙමත් නැත්නම් බෲස් වේන් කියන මේ කෝටිපති සෙල්ලක්කාරය. මොහුව නිර්මාණය කරන්නෙ බොබ් කේන් සහ බිල් ෆින්ගර්.

    ​1943 දී ලුවිස් විල්සන් සහ 2016 දී බෙන් ඇෆ්ලෙක් බැට්මෑන් ලෙස.

    Batman-movie-old-and-new.jpg


    01. Superman.

    ​1938 දී DC කොමික්ස් මුල්වරට ප්‍රකාශනය කළ සුපර්මෑන්ගේ සිට වර්තමානය දක්වා.

    superman-comic-then-and-now.jpg


    කොමික් පොත් නොබලන අයත් සුපර් මෑන් කිව්ව ගමන් කවුද කියල දන්නව. 1933 දි මුලින්ම කරළියට එන මේ චරිතය කොමික් සුපිරි වීරයන් නිර්මාණය කිරීම කෙරෙහි විශාල බලපෑමක් කළ චරිතය කිව්වොත් නිවැරදියි. සුපර් මෑන් හෙවත් ක්ලාක් කෙන්ට්ව නිර්මාණය කරන්නෙ 1933 දි ජෙරී සීගල් සහ ජෝ ෂස්ටර්.

    ​1948 කර්ක් ඇලින්ගේ සිට 2016 හෙන්රි කැවිල් දක්වා.

    superman-movie-then-and-now.jpg





    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​


     
    Last edited:

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක


    සමහරක් පරන උන් දැක්කාම හිනා යනවා බන්

    Logan maruna ne??

    එල ;) +7


    Parana iron man balapanko. Hati witharak

    You must spread some Reputation around before giving it to Prime HD again.

    11.gif
    11.gif
    11.gif
    11.gif