සුපිරි_අධිතාක්ෂණික යුධ නෞකාවේ තොරතුරු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුපිරි_අධිතාක්ෂණික යුධ නෞකාවේ තොරතුරු

    ඉන්දියාව හදපු ලොකුම එකලු..වසර 67ක නාවුක හමුදා ඉතිහාසය අලුත් කරමින් අද ලංකාවට සේන්දු වූ සුපිරි අධිතාක්ෂණික යුධ නෞකාවේ තොරතුරු මෙන්න

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද උදෑසන 09.30 පමණ කොළඹ වරායට සේන්දු විය.

    එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

    නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

    මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන, රියර් අද්මිරාල් කපිල සමරවීර සහ අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් උපුල් ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ.

    තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

    ඉන් අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ද නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.

    එහිදී, නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

    මෙම නෞකාව අගෝස්තු මස 02 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ වශයෙන් අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.

    නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා 67 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථම අධි තාක්ෂණික නෞකාව ලෙස සනිටුහන් වනු ඇත.

    එමෙන්ම ඉන්දියාව විසින් විදේශ නාවික හමුදාවක් වෙත නිශ්පාදනය කරන ලද විශාලතම යුධ නෞකාව ලෙසද මෙය වාර්තාගත වේ.

    තවද, නෞකාවේ මෙහෙයුම් සහ යාත්‍රා හැකියාව පරීක්ෂා කරනු වස් එය මෙරට බලා යාත්‍රා කිරීමට ප්‍රථමයෙන් පරීක්ෂක ගමන්වාර සහ අත්හදාබැලීම් කිහිපයක් සිදු කර ඇත.

    2014 වර්ෂයේ පෙබරවාරි මස 17 වන දින මෙම වර්ගයේ නෞකා 2 ක් ඉදිකිරීම සඳහා ‍ඉන්දියාවේ ගොවා නැව් සමාගම සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ගිවිසුමකට අත්සන් තබන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම ප්‍රථම නෞකාව නිෂ්පාදනය කිරීමේ කාර්යයන් ආරම්භ විය.

    ඒ අනුව, එහි ඉදිකිරීම් කටයුතු 2014 මැයි මස 15 වන දින ආරම්භ කළ අතර, නෞකා අංගනය තුළ සිදු කරනු ලබන නැව් පතුල ඉදිකිරීම් කටයුතු (Keel Laying) 2014 සැප්තැම්බර් මස 10 වන දින සිට සිදු කෙරිණි.

    2016 ජුනි මස 10 වන දින මෙම නෞකාව දියත් කිරීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී.

    එමෙන්ම, පසුගිය ජූලි 22 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය, ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අතිගරු චිත්‍රාංගනි වාගිෂ්වරගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ ගෝවා නැව් තඨාකංගනයේදී සිදු කෙරුණි.

    එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ විසින් නිල වශයෙන් නෞකාව භාර ගන්නා ලදී.

    තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන දෙවන අධි තාක්ෂණික නෞකාව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ද නියමිතය.

    unnamed%20(1)-800x531.jpg

    unnamed%20(6)_0-800x450.jpg

    unnamed-800x450.jpg

    unnamed%20(2).jpg
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉන්දියවෙන් දුන්න ගංවතුර ආදාර තම බෙදනවලු නෙ බන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉන්දියාවේ උන් කොලඹ එනවා, චීන්නූ හම්බන්තොට එනවා සින්හලු බුදියනවා.

    නෑ හැමෝම බුදි නෑ එක කොට්ඨාශයක් කියනවා අපේ එකා හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ කියලා අනිත් උන් කියනවා උඹලග‍ෙ එකා අරම කළේ අපි මෙහෙම කරාම මොකද කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ හැමෝම බුදි නෑ එක කොට්ඨාශයක් කියනවා අපේ එකා හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ කියලා අනිත් උන් කියනවා උඹලග‍ෙ එකා අරම කළේ අපි මෙහෙම කරාම මොකද කියලා.
    ලොකේට මෙහෙම විහිලු සපයන රටක්.. මෙකේ මිනිස්සු පුදුම ගොබ්බ ජාතියක්. මොන්ටිසොරි කාලේ අපි යන බස් එක පිටිපස්සෙන් යන එකට වඩා හයියෙන් යනකොට හිතට දැනෙන සතුට වගේ ආතල් දෙන්නේ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලොකේට මෙහෙම විහිලු සපයන රටක්.. මෙකේ මිනිස්සු පුදුම ගොබ්බ ජාතියක්. මොන්ටිසොරි කාලේ අපි යන බස් එක පිටිපස්සෙන් යන එකට වඩා හයියෙන් යනකොට හිතට දැනෙන සතුට වගේ ආතල් දෙන්නේ..

    මට එකක් නම් විශ්වාසයයි තව අවුරුදු 10කි ලෝකෙටම හැමදේකින්ම පිටිම පස්සෙන් ඉන්න රට වෙනවා මේ යන විදියට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට එකක් නම් විශ්වාසයයි තව අවුරුදු 10කි ලෝකෙටම හැමදේකින්ම පිටිම පස්සෙන් ඉන්න රට වෙනවා මේ යන විදියට
    අම්මපා අපිට කියලා නැවක් හදාගන්න බැ. මම දැක්කා එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බ රජකාලේ අපිට නැව් 700ක් තිබ්බා කියලා. රෙද්ද තමා. මේ ආටිකල් එකේම බලහන්. ඉන්දියන් ගොවා උන් විදේශ හමුදාවට හදපු ලොකුම එකලු.. ඇත්තනේ බන්. මොන ෆකයද බන් ඉන්දියාවට කියලා යුද නැව් හදවල අපේ වගේ යන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අම්මපා අපිට කියලා නැවක් හදාගන්න බැ. මම දැක්කා එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බ රජකාලේ අපිට නැව් 700ක් තිබ්බා කියලා. රෙද්ද තමා. මේ ආටිකල් එකේම බලහන්. ඉන්දියන් ගොවා උන් විදේශ හමුදාවට හදපු ලොකුම එකලු.. ඇත්තනේ බන්. මොන ෆකයද බන් ඉන්දියාවට කියලා යුද නැව් හදවල අපේ වගේ යන්නේ.

    මට මතකයි පහුගිය කාලේ ලංකාවේ හදපු නැව් වගයක් ඉන්දියාවට විකුණුවා,ඔය jetliner වගේ ඒවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට මතකයි පහුගිය කාලේ ලංකාවේ හදපු නැව් වගයක් ඉන්දියාවට විකුණුවා,ඔය jetliner වගේ ඒවා.
    ලන්කාවේ උන් සීශෙල්ස්වලට බොට්ටු හදන සීන් එකක් නම් යනව ලන්කා නැව් තටාන්ගනයේ. මෙහෙම අනිත් රටවලින් යුද නැව් ගෙනත් වැඩක් තියෙනවයැ බන්. අපේ කියලා සීක්‍රට් වෙපන් ටෙක්නොලොජි මුකුත් නැනේ. ඉන්දියන්කාරය හයි කරලා දෙන එවනේ. එහෙම වැඩක් නැනේ බන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලන්කාවේ උන් සීශෙල්ස්වලට බොට්ටු හදන සීන් එකක් නම් යනව ලන්කා නැව් තටාන්ගනයේ. මෙහෙම අනිත් රටවලින් යුද නැව් ගෙනත් වැඩක් තියෙනවයැ බන්. අපේ කියලා සීක්‍රට් වෙපන් ටෙක්නොලොජි මුකුත් නැනේ. ඉන්දියන්කාරය හයි කරලා දෙන එවනේ. එහෙම වැඩක් නැනේ බන්.

    අනික උන් කියලත් මහලොකු technology එකක් නෑනේ.අනිත් උන්ට විකුණන්න බැරි නිසා අපි වගේ රටක් අල්ලලා මොනවා හරි අටවලා දෙනවා.හරියට උදේ 50kg දාපු three wheel එක වගේ තමයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනික උන් කියලත් මහලොකු technology එකක් නෑනේ.අනිත් උන්ට විකුණන්න බැරි නිසා අපි වගේ රටක් අල්ලලා මොනවා හරි අටවලා දෙනවා.හරියට උදේ 50kg දාපු three wheel එක වගේ තමයි.
    :P:P:P

    ඔක මාසයක් එක දිගට දුවා ගත්තොත් ලොකු දෙයක්. ලේලන්ඩ් එකක් වගේ ඇති..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :P:P:P

    ඔක මාසයක් එක දිගට දුවා ගත්තොත් ලොකු දෙයක්. ලේලන්ඩ් එකක් වගේ ඇති..

    ඕක නේද helicopter බාලා පහර දෙන්න පුළුවන් කියපු නැව,drone එකක් නම් පුළුවන් වේවි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕකෙ තියන කාල තුවක්කුවෙන් සදුන්බුවාගෙ පුකට තියන්න ඕනෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක නේද helicopter බාලා පහර දෙන්න පුළුවන් කියපු නැව,drone එකක් නම් පුළුවන් වේවි.
    :baffled::baffled::baffled:

    මේකට හෙලිකොප්ටර් බානවලුද? අපරාදේ හෙලිකොප්ටරේ.. දයා ගමගේ ගේ එකක් ඉස්සෙල්ලා බාලා බලන්න තියෙන්නේ. ඔකට හෙලි බස්සනවා කියන්නේ පුතො ඉල්ලගෙන නැමක්.