සුපි නූඩ්ල්ස්

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    10380medium.jpg

    මේ කියන්‍න යන්නෙ අවුරුදු කාලෙ මට වෙච්ච කතාවක්. අවුරුදු වලට නෑදෑයො ගෙදර එනවනෙ. ඉතින් ඔය වගේ නෑදෑයො කට්ටියක් අපේ ගෙදරත් ආවා. ඒ අය එක්ක තව අවුරුදු පහක විතර හුරුබුහුටි පොඩි එකෙකුත් හිටියා. මේ අය කොළඹට කිට්ටුව ඉන්න අය. ඉතින් දවල්ට කන්න සෙට් වෙන වෙලාවත් ආවා. අර පොඩි එ‍කා ඉතින් අ‍ඩන්න ගත්තා බත් කන්න බෑ කියල. වදෙන් පොරෙන් බත් කවන්න ගියත් මූ නෙමෙයි බත් කෑවෙ. ඊට පස්සෙ ළමයගෙ අම්ම අහනවා මොනවද කන්න පුළුවන් කියල. පොඩි එකා කිව්වා ගත් කටටම සුපි නූඩ්ල්ස් කියල. අයියෝ ඉතින් ලමයගෙ මාමාට (ඒ කියන්නෙ අහිංසක ම‍ට) තමයි සිද්ධවුනේ වහන්න ඔන්න මෙන්න තියල කඩේ දුවන්න. අපි ඉතින් ඉන්නෙ කොළඹින් ටිකක් දුර (කිලෝමීටර් 20ක් විතර) වුනත් වැඩ කරන්නෙ කොළඹ හන්ද ඔය කෑම ගැන පොඩ්ඩක් දන්නවා.

    ඉතින් මම පලවෙනි කඩේට ගියා. ඒ බට්ට මුදලාලිගෙ කඩේ. මම ඇහැව්වා මුදලාලි සුපි නූඩ්ල්ස් තියනවද කියල. එතකොට මුදලාලි කඩේ පෙරළගෙන හොයල කිව්වා සුපි කියල ජාතියක් නෑ හරිස්චන්ද්‍ර එක තියනවා දෙන්නද කියල. මුදලාලි හිතල තියල තියෙන්නෙ සුපි කියන්නෙ කොම්පැණියක් කියල.
    තවත් ඉතින් කතා කරල වැඩක් නැති හන්දා මම ඊළග කඩේට ගියා. ඒ කඩේ අක්ක ගෙන් සුපි නූඩ්ල්ස් ගැන ඇහැව්වහම එයා කිව්වෙ එයාල ගාව තියෙන්නෙ ප්‍රීමා එක විතරයි කියල. අනේ ඉතින් ටවුමෙ තියන විච්චූර්න ගැන ගමේ අය දැනගන්නකොට පරක්කු වෙනවනෙ.

    ඔය වගේම තව සිද්ධියක් කාලෙකට කලිනුත් මට වුනා. හැබැයි වුනේ සන්නිවේදන දොෂයක් හන්දා. මේ සිද්ධිය වෙච්ච කාලෙ තමයි අපි සීඩී රයිට් කරන්න පටන් අරන් තිබ්බෙ. අපි කිව්වෙ මමයි හේමාලුයි. සී ඩී එකක් රයිට් කරල නිකන් තිබ්බහම ලස්සන නැති ගතියක් අපි දෙන්නටම තිබ්බා. ඒක හන්දා සී ඩී එකක් රයිට් කරල ඒක උඩින් ලස්සන ස්ටිකර් එකක් අලවන්න අපි පුරුදු වෙලා හිටියා. ඒ වුනාට මේක මිල අධික වැඩක්. ඒ ස්ටිකර් ආපු මුල් දවස්ම හන්දා ස්ටිකර් එකක් රුපියල් 15ක් විතර වුනා. ඒක හන්දා ඔය ප්‍රශ්නෙට ආදේශක ‍හොය හොය හිටියෙ. හේමාල් දවසක් බත්තරමුල්ලෙදි A3 සයිස් එකේ සුදු (plain) ස්ටිකර් කොළයක් අරන් තිබ්බා. ඉතින් ඔය කොලෙන් අපේ වැඩේ රුපියල් 7කට විතර කරගන්න පුළුවන්. මම ඉතින් හේමාල් ගෙන් කොලේ ගැන විස්තර අහනකොට ටිකක් ගනන් උස්සලා තමයි කියන්නෙ. ගන්න ඕනෙ තැනත් කිව්වා. ඊට පස්සෙ කියනවා ඕක තියෙන්නෙ ඒ කඩේ විතරයි වෙන කඩවල නෑ පුළුවන්නම් හොයල ගෙනෙන් කියල ලොකු කතාවකුත් කිව්වා.

    මමත් ඉතින් ඒ කඩේට ගියහම ස්ටිකර් කොළ ටික ඉවරයි කියල කිව්වා. එත් මමත් අතඇරියෙ නෑ. ආවා කඩුවෙලට. ඇවිත් පොත් සාප්පුවකට ගිහින් ඇහැවිවා A3 සයිස් එකේPlain (ප්ලේන්) ස්ටිකර් කොළ තියනවද කියල. කඩෙන් කිව්වා ඔව් තියනවා කොච්චර ගන්නද කියල.

    මට මාර සන්තෝසයක් දැනුනා. මොකද බත්තරමුල්ලෙ විතරක් තියන කොලේ මෙන්න බොලේ කඩුවෙලත් තියනවා. හේමාල්ට ඕක කියන විදිහත් මතක් කර කර මම කිව්වා මට කොළ 5ක් ගේන්න කියල. හදිස්සියට ගාන කීයද කියල අහන්නත් බැරිවුනා.

    ටික වෙලාවකින් අංකල් ලොකු ස්ටිකර් කොල 5ක් ගේනවා. දීල මට කියපි කොයි ජාතියෙ ප්ලේන් එකක්ද බලන්නෙ ? කැමති එකක් ‍ගන්න කොළයක් 35 කියල.

    ඊට පස්සෙයි මට වැඩේ තේරුනේ. අංකල් ගෙන් ප්ලේන් (Plain) ස්ටිකර් ඉල්ලුවහම එයා හිතල තියෙන්නෙ (Plane) ගුවන් යානා තියන ස්ටිකර් කොල කියල. ඉතින් මට එපා කියල අකුලන් ආවා. මොනව කරන්නද?


    a
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොයි ඉතින් උඔ නූඩ්ල්ස් ගෙනිච්චාද පොඩි එකාට?
    මොනවද බං ඇත්තටම සුපි නූඩ්ල්ස් කියන්නේ?
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කොයි ඉතින් උඔ නූඩ්ල්ස් ගෙනිච්චාද පොඩි එකාට?
    මොනවද බං ඇත්තටම සුපි නූඩ්ල්ස් කියන්නේ?

    ae ban dakala nadda, ammitath sathutui bandiyatath sathutui ad1
     

    harsha.perera

    Well-known member
  • කොයි ඉතින් උඔ නූඩ්ල්ස් ගෙනිච්චාද පොඩි එකාට?
    මොනවද බං ඇත්තටම සුපි නූඩ්ල්ස් කියන්නේ?
    ඇයි බන් අර කන්නයි බොන්නයි කියල ඇඩ් එකක් යන්නේ. කාජල් ඉන්න.