ජාතික හරිත පෙරමුණේ හිටපු ජාතික සංවිධායක සමිත් පතිරණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධවයි.
සමිත් ජාතික හරිත පෙරමුණ සමග සම්බන්ධ වෙන්නේ වසර 2022 මැද බාගයෙදී පමණ අරගලය කාල සීමාව තුල. අප කළ ආරාධනාව පිළිගෙන ඔහු කර ගෙන හිටපු රැකියාවෙන් අස්වෙලා ජාතික හරිත පෙරමුණ සමග පූර්ණ කාලීන ක්‍රියාකරුවෙකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව අපි ඔහුට ගරු කරනවා.
එතැන් පටන් මෙතෙක් ආ ගමනේ ඔහු විශාල ශක්තියක් උනා. විශේෂයෙන් ඔහු සතු දේශපාලන දැනුම මෙන්ම සංවිධාන ශක්තිය අපිට හයියක් උනා.
නමුත් මෑතකදි අපි යන ගමන පිළිබඳව ඔහු තෘප්තිමත් වූයේ නෑ. ඔහුට ඒ ගැන වෙනමම කියවීමක් තිබුනා. අප ඉදිරියේදී තෝරා ගත යුතු මාර්ගය පිළිබඳව සාකච්ඡා කළා, වාද කළා.
ජාතික හරිත පෙරමුණ කියන්නේ සිය කැමැත්තෙන් දේශපාලනය කරන සාමාජිකයන්ගේ සංවිධානයක්. ඒ නිසා සමාජිකයන්ගේ ස්වාධීන අදහස් වලට අපි නිතරම විවෘතයි. ඒ වගේම යමෙකුට මාර්ගය වෙනස් කර අලුත් ගමනක් යෑමට අවශ්‍ය නම්, ඒ සඳහා මේ තුල නිදහස තිබෙනවා.
තව දුරටත් අපිට එක්ව ගමන් කළ නොහැකි බව අවබෝධ වීම මත සමිත් ඔහුගේ ගමන් මග වෙනස් කිරීමට ගත් තීරණයට අපි ගරු කරනවා.
කෙසේ වෙතත් ඔහු දේශපාලනය අත නොහරින බව දන්නවා. ඒ නිසා නැගී ගෙන අලුත් නායකයෙකු ලෙස ඉදිරියට යෑමටත් මීළඟ පාර්ලිමේන්තුවේ හිඳ ගැනීමට අවස්ථාව ලැබේවාත් කියමින් ඔහුට සහ ඔහුගේ පවුලට එක සිතින් සුබ පතනවා.
බොහෝම ස්තුතියි !!
පැතුම් කර්නර්
ජාතික හරිත පෙරමුණ වෙනුවෙන් !
#හරිත