සුබ පැතුම්වල වෙනස
අරුණයි නිශාන්තියි දෙන්නම උපාධිධාරීන්. රජයේ සේවයට උපාධිධාරී සහකරුවන් බඳවාගැනීමේ ව්‍යාපෘතියක් යටතේ එකම කාර්යාලයක සේවයට ඇතුළත් වුණු ඔවුන් දෙදෙන නොබෝ දිනකින්ම පෙම්වතුන් බවට පත්වුණා. ඉක්මනින් විවාහ වෙන්නට තීරණය කළ මේ දෙදෙනා තම සම්බන්ධය පිළිබඳව තම තමන්ගේ දෙමව්පියන් හට දන්වා යැව්වා.
අරුණගේ අම්මා තම පුතාගේ මේ සම්බන්ධයට සුබපතා පිළිතුරු ලිපියක් එවා තිබුණා.
”ආදරණීය පුතේ, උඹේ සම්බන්ධය ගැන අසා මමත් තාත්තාත් හුඟාක් සතුටු වුණා. අපි හැමදාම බලාපොරොත්තු වුණේ උඹ හොඳට ඉගෙනගෙන, හොඳ රස්සාවකට පත්වෙලා සුදුසු කාන්තාවක් සමඟ විවාහ වෙනවා දකින්නයි. ඒ බලාපොරොත්තු සියල්ලක්ම ඒ විදියටම ඉටු වීම අපිට ලොකු සතුටක්”
මීට,
අම්මා.
එම ලිපියේ අගට තවත් වාක්‍ය කීපයක් මෙසේ එක්ව තිබුණා.
”මම මේ ටික ලියන්නේ, මුද්දරයක් ගහලා මේක තැපැල් කරන්න කියල අම්මා මට දුන්නාට පස්සෙයි. ඈ.. ගොන්තඩියෝ! උඹේ තාත්තා කරපු මෝඩකම උඹත් කරන්ඩ ඕනෙද? විවාහය කියන්නෙ මර උගුලක්. ඒකට අහුනොවී කුරුල්ලෙක් වගෙ නිදහසේ තනිකඩව ජීවත්වීමේ අගය තේරෙන්න නැද්ද?”
මීට,
තාත්තා

bump
6+