ඉතාලියේ යන එක ගොඩක් අයගේ සිහිනයක් වෙන්න පුළුවන්. ඒ සිහින හොයා ගෙන ඉතාලියේ යන හැමෝම එන්නේ නෑ.
සුභාෂ් ඉතාලියේ ගියෙත් ඒ වගේ.
අපි කැලණියේ වෙදමුල්ල මහා විද්‍යාලයේ හිටියේ එකට. සුභාෂ් මට වඩා අවුරුදු 2 ක් වැඩමල්. ඒත් අපි ඕනතරම් එකට සෙල්ලම් කරලා තියෙනවා. ඉස්කෝලේ ඉවර වෙලා සුභාෂ් ගියා ඉතාලියේ. ඊට පස්සේ අපි හම්බුනේ නෑ.
අවුරුදු 17 ක් සුභාෂ් ඉතාලියේ රෙස්ටුරන්ට් එකක පීසා හදලා. පීසා වල රෙසිපි ඔක්කොම ඉගෙන ගෙන තමන්ගෙම රසයන් අත් හදා බලලා. ඉතිං සුභාෂ් ලංකාවට එන්නේ පසුගිය කොරොනාවට කළින්. වයිෆ් එක්ක එකතු වෙලා ගෙදර පොඩියට හදපු පීසා බිස්නස් එක ටික ටික දියුණු වෙලා.
දැන් කාලෙක ඉඳන් ලස්සන රෙස්ටුරන්ට් එකක් හදලා කිරිබත්ගොඩ මාකොළ පාරේ. කිරිබත්ගොඩින් හරවලා මාකොළ පාරේ මීටර දෙතුන් සීයක් යන කොට වම් අත පැත්තේ Pizza Buona එක තියෙන්නේ. ඉතාලියේම රසයෙන් පීසා එවෙලේ හදලා දෙනවා. ඔව් ඒ රස ආයේ කොහෙවත් නෑ.
මේ රෙස්ටුරන්ට් එකත් බොහොම ලස්සනට පිළිවෙලට තියා ගෙන ඉන්න සුභාෂ් මහන්සි වෙනවා. පාරිභෝගික සේවයත් ඉතාලියේ standard එකෙන්ම හම්බෙනවා.
පිට රටක ගිහින්, මහන්සි වෙලා, ශිල්පයක් ඉගෙන ගෙන ඇවිත් ලංකාවේ සාර්ථක වෙන්න හීන දකින කොල්ලන්ගෙර් ඒ හීන හැබෑ වෙච්චි මොහොතක්.
ලංකාවේ පීසා වෙළෙඳපොළ 80% ක්ම තියෙන්නේ Pizza Hut එකට. අර්බුද කියලා නොබලා ඒ අය රට පුර අහුමුළු වල රෙස්ටුරන්ට් හැදුවනේ 100 ක් ම. ඒ ගත්තේ ලොකු රිස්ක් එකක්. හැබැයි ලොකු රිස්ක් අරගෙන සාර්ථක උනොත් ප්‍රතිලාභත් හොඳයි. දැන් ඔවුන්ගේ වාර්ෂික ආදායම බිලියන 900 ක් පමණ වෙනවා. මේ අවුරුද්දේ ඒක ට්‍රිලියනයක් දක්වා ඉහළ යාවී.
Dominos pizza එකේ market share එක 15% ක් වගේ. ඉතිරි 05% තියා ගෙන ඉන්නේ මේ සුභාෂ් ලා වගේ තනි තනි ව්‍යාපාරිකයෝ. ඉතිං සුභාෂ් තනියෙන් 05% ක් කරනවා නෙවෙයි, තව බොහෝ අය මේ පීසා ව්‍යාපාරයට අත ගහලා තියෙනවා. එහෙම බැලුවොත් ලංකාවේ වාර්ෂික පීසා වෙළෙඳපොළ රුපියල් බිලියන 1250 ක් පමණ වෙන්න පුළුවන්.
සුභාෂ් ලඟත් සේවකයන් රැසක් වැඩ. රැකියා නිර්මාණය අතින් මේ ව්‍යාපාර ලොකු සේවයක් කරනවා.
කොහොම උනත් අවුරුදු 17 ක් ඉතාලියේ පීසා හදපු අතකින් ඒ රෙසිපියකින් පීසා එකක් රස විඳින්න නම්, කිරිබත්ගොඩ සුභාෂ් ගේ රෙස්ටුරන්ට් එක හොයා ගෙනම යන්න වෙනවා.
Weekend එකට Bon Appetite එහෙනම්.
Cheers!
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්