සුභ අලුත් අවුරුද්දක් වේවා!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!-
කන්න නැතත් බුදුන් වැඳ
සල්ලි නැතත් මුට්ටි ගෙන
කිරි උතුරවන කිරි නැති
හරි අපූරු අවුරුද්දක් මේක
සිරිත් විරිත් අපිට රකින්නලු
අපි රකින බව දැන
තෑගි නැතත් නෑගම් යන්නලු
අපි ගමට යන බව දැන
උන් ඒත් රට සවාරි
උන් ඒත් බංගලාවල
ගෑණු එක්ක වෙරි වෙවී
අපේ මස්වල බද්දෙන්
ඔව්...
ඒ අපේ ජාතික නායකයෝ
ජාතික වීරයෝ
පන්සලේ දායකයෝ
සාමයේ දූතයෝ
යමු යමු යමු
පිළිවෙතින් පෙළගැසෙමු
ඔවුන්ගේ දංකුඩට
තව තවත් පොරකමු
එන්න සාමය වෙත
ඔවුනොවුන් අතර නැති
එන්න යුද්ධය වෙත
ඔවුන්ටම අවැසි
උතුරුකරෙන් එන්න
දකුණකරෙන් එන්න
නැගෙනහිරින් එන්න
කඳුකරයෙන් එන්න
එන්න එන්න එන්න එන්න
සතර දෙසින් එන්න
-මාලන් විදානපතිරණ
සුභ අලුත් අවුරුද්දක් වේවා!-
කන්න නැතත් බුදුන් වැඳ
සල්ලි නැතත් මුට්ටි ගෙන
කිරි උතුරවන කිරි නැති
හරි අපූරු අවුරුද්දක් මේක
සිරිත් විරිත් අපිට රකින්නලු
අපි රකින බව දැන
තෑගි නැතත් නෑගම් යන්නලු
අපි ගමට යන බව දැන
උන් ඒත් රට සවාරි
උන් ඒත් බංගලාවල
ගෑණු එක්ක වෙරි වෙවී
අපේ මස්වල බද්දෙන්
ඔව්...
ඒ අපේ ජාතික නායකයෝ
ජාතික වීරයෝ
පන්සලේ දායකයෝ
සාමයේ දූතයෝ
යමු යමු යමු
පිළිවෙතින් පෙළගැසෙමු
ඔවුන්ගේ දංකුඩට
තව තවත් පොරකමු
එන්න සාමය වෙත
ඔවුනොවුන් අතර නැති
එන්න යුද්ධය වෙත
ඔවුන්ටම අවැසි
උතුරුකරෙන් එන්න
දකුණකරෙන් එන්න
නැගෙනහිරින් එන්න
කඳුකරයෙන් එන්න
එන්න එන්න එන්න එන්න
සතර දෙසින් එන්න
-මාලන් විදානපතිරණ


