සුමනරතන හිමි හා මඩකලපුව මංගලාරාමය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සුමනරතන හිමි හා මඩකලපුව මංගලාරාමය


    ""මඩකලපුව මංගලාරාමය""
    මඩකලපුවේ මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ශික්ෂණය සොයමින්..සඝ පරපුරේ සිවුරු කොනේ එල්ලීමට බලාසිටි..වැස්සකටවත් පන්සලක අගුපිලට ගොඩනොවුනු උතුමානන්ලාගේ මනසට දැන් රස බොජුන් ලැබී ඇති හෙයින් උදම් අනමින් කොනක සිට සතර බ්‍රහ්ම විවරණය භික්ෂූන් උදෙසා දේශනා කරන්නටත් අකුරු කරන්නටත් පටන් ගෙන තිබේ.උන් වහන්සේ මෙතුවක් කල් ශාසනය වෙනුවෙන්..නැගෙනහිර සෝදා පාළු කරන බොදු උරුමය වෙනුවෙන් කරනා මෙහෙය කැපකිරිම තඹ දොයිතුවකට මායිම් නොකරමින්..නිදිකිරා වැටුනු වගකිව යුත්තන් තව තවත් කෙනෙහිලිකම් කිරීමට යාම නම් මෙවැනි දැ හෝ ඊට වඩා යමක් බලාපොරොත්තු විය යුත්තේමය.මුසල්මානු පල්ලි ඉදිකිරිමට මිලියන ගනන් පූජා කරන..සසුනට අඹරෙන් පල්ලි භූමි වලට ඔප්පු තිරප්පු ප්‍රදානය යනාදිය බන්දේසියේ තබා පූජා කරන බෞද්ධ රටක..කිසිදු වගකිව යුත්තෙක් මඩකලපුවේ බොදු උරුමය වෙනුවෙන් දෑස් අයා හෝ බැලුවේ නැත..එසේ තිබියදි බුදු හිමිට ආලෝකය දැල්වු බුදුගෙයි පහනත් නිවා දමා..එ හිමියන්ව පුගුප්සාජනක ගර්හාවට ලක්කරන්නේ කාගේ සිත් සතන් සතුටු කරන්නටදැයි කාට කාටත් සක්සුදක් සේ පැහැදිලි විය යුතුය..නිසි කලට නිසි අයුරින් නෙත් යොමා වගකිව යුත්තන්ගේ කාර්‍යබාරය පැහැදිලිවම ඉටුවුවානම්..මේ හිමිවරුන්ගේ මුවින් බුද්ධ දේශනය අසරණ ජනයාගේ සිත් සතන් අමා ගගුලේ නැහැවිමට හඩ නැගෙනවාට සැක නැත..සාමකාමිව කිසිදු තැනක විසදුමක් නොවු තැන..එම හිමියන් උපේක්ෂාවෙන් ඉවසීමනම් නැගෙනහිර බොදු උරුමය ඉතිහාසයෙන් සදාකාලිකවම අතුගා දැමීමද???
    කන් බිහිරි කරවමින් දසත පැතිරුණු වෙඩි හඬෙහි දොaංකාරය දැන් ඇසෙන්නේ නැත. මුවහත් මන්නා කැති පහරට, වෙඩි උණ්‌ඩයකට, බෝම්බයකට ලක්‌ව වියළි පොලෝ තලය තෙත් කරනා රුධිර ගංගාවන් දැන් ගලන්නේ නැත. තිස්‌ වසක්‌ තිස්‌සේ පැවැති ඒ කාලකන්නි යුද්ධය දැන් නිමාවී ඇත. සාමයේ රිවි කිරණ ලක්‌ දෙරණටම පතිත වී තිබේ. නමුත් ඒ අසිරිය මඩකලපුව සිංහල ජනයාට දැනෙනවා දැයි ගැටලුවක්‌ව ඇත. ඒ මඩකලපුවෙහි සිංහල බෞද්ධ උරුමය තැලී පෙලී විනාශ වෙමින් පැවැතීම නිසාය.
    මීට තිස්‌ වසරකට පෙර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ තිස්‌ දහසකට අධික සිංහල ජනතාවක්‌ වාසය කළෝය. මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ පමණක්‌ සිංහල සිසුහු 2000 කට අධික පිරිසක්‌ අකුරු උගනින්නට වූහ. ලංකා බේකරිය ඇතුළු සිංහල ව්‍යාපාරික ස්‌ථාන රැසකින් මඩකලපුව නගරය පිරීගොස්‌ තිබුණි.
    ලේ පිපාසිත මෘග කොටි රෑන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ බෝ සමිඳුද කපා කොට දමමින් මුළු විහාරස්‌ථානයම බෝම්බ ගසා විනාශ කරන්නට වූහ. මඩකලපුව නගරයේ සහ ඒ අවට ජයන්තිපුර ආදි ගම්මානවල සිටි සිංහල ජනයා මුවහත් කැති පහරට ලක්‌ව හා වෙඩි උණ්‌ඩයට ලක්‌ව වියලි වැලි තලාවෙහි වේදනාබර මරණයකට ගොදුරුවන්නට වූහ. සෙස්‌සෝ සිය ව්‍යාපාරද, ඉඩකඩම්ද අතහැර දමා පණ බේරාගෙන එකල මරණයේ දේශයක්‌ව පැවැති මඩකලපුවෙන් පිට වෙන්නට වූහ.
    එක පිට නැඟෙන වෙඩි හඬ මැද්දේ කොටි ගැහැට විඳිමින් මංගලාරාම විහාරස්‌ථානයට පැමිණි අම්පිටියේ සුමනරතන හිමියෝ සෙමින් සෙමින් යළිත් විනාශ කර තිබූ විහාරස්‌ථානය ගොඩනඟන්නට වූහ. විටෙක උන්වහන්සේ කොටින්ගේ අත්අඩංගුවට පත්වූහ. මේ සියල්ල විඳ දරාගනිමින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නංවන්නට ඇපකැප වන්නටද උත්සුක වූහ. ඇතැම් රණවිරුවන් උන් වහන්සේගේ දැත මත මිය ගියහ. මේ සියල්ල මැද්දේ මඩකලපුවේ බොදු උරුමය වෙඩි හඬ මැද්දෙන් තම දිවි පරදුවට තබා උන්වහන්සේ රැක ගත්හ.
    මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ මහනුවරට වැඩම කර සිට නැවතත් මඩකලපුවට පිවිසුන විට දැනගත් දෙයින් දැඩි සංවේගයට පත්වූ සේක. මඩකලපුව - පොලොන්නරු මාර්ගයේ මඩකලපුවට කි.මි. 02 ක්‌ දුරින් පිහිටි පිල්ලේ අඩි හන්දියේ බුදු ගෙයක්‌ තුළ තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ සිත්පිත් නැති නරුමයන් තලා පොඩි පට්‌ටම් කර විනාශ කර තිබිණි. පසුගියදා මේ විනාශය සිදුකර තිබිණි. වේදනාව දරාගෙන නැවතත් සැණින් විහාරස්‌ථානයට ගොස්‌ එහි තැන්පත් කර තිබූ අඩි 03 ක්‌ පමණ උසැති හිඳි පිළිම වහන්සේ නමක්‌ එම ස්‌ථානයේ තැන්පත් කරන්නට උන්වහන්සේගේ කටයුතු කළහ.
    එදා හවස මඩකලපුවේ සහකාර පොලිස්‌ අධිකාරිතුමා ඇතුළු ආරක්‍ෂක අංශවල නිලධාරීන් පිරිසක්‌ මා හමුවෙන්නට පැමිණ එම ස්‌ථානයේ බුදු පිළිමයක්‌ තැබීමෙන් කලබලයක්‌ ඇතිවෙන්න පුළුවන්, එම නිසා එම බුදු පිළිමය ඉවත් කරන මෙන් මගෙන් ඉල්ලීමක්‌ කළා. ඔබතුමාලගේ ඉහළ නිලධාරියෙකුට මම දොස්‌ කීවොත් ඔබලාට කොච්චර වේදනාවක්‌ දැනෙනවාද? ඒ අයුරින්ම මගේ නායකයා වන බුදු හිමිගේ රුව කඩා බිඳ දැමූ විට මා හට කොච්චර වේදනාවක්‌ ඇති වෙනවද කියා මා පැවසුවා. ඔබ වහන්සේ එය ඉවත්කර ගත්තේ නැත්නම් අපි එය ඉවත්කරන බවද ඔවුන් මට පැවසුවා. එම ස්‌ථානයේ තැන්පත් කළ පිළිමය මේ වනවිට පොලිසිය විසින් ඉවත්කර තිබෙනවා. අද මඩකලපුව බුදු පිළිමවලට තහනම් ප්‍රදේශයක්‌ වෙලා? අම්පිටියේ සුමනරතන හිමියෝ දිවයිනට පවසා තිබින.
    පොලොන්නරුව සිට මඩකලපුවට පිවිසෙන මාර්ගයේ පිල්ලේඅඩි බුදු පිළිමය තැබූ ස්‌ථානයේ නැගෙනහිරට පැමිණෙන ජනතාව හට මංගලාරාමය පිළිබඳව දැනගැනීම සඳහා නාම පුවරුවක්‌ සවි කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ නගර සභාවෙන් සුමනරතන හිමියන් අවසර ඉල්ලා ලිපි යවන ලදී. ඒ දැනගත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු ඊළාම් සිහිනය තවමත් දකිමින් සිටින පිරිස පසුගිය මැයි 28 වැනි දින එයට විරෝධය පාමින් උද්ඝෝෂණය කරන්නට වූහ.
    "එම පිරිස උද්ඝෝෂණය කළා. එම ස්‌ථානයේ නාම පුවරුවක්‌ හදනවාට විරෝධය පළ කරලා එදින මඩකලපුව පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හෙට්‌ටිආරච්චි නමැත්තා අධිකරණයෙන් ඉල්ලා සිටියා මඩකලපුව ප්‍රදේශයේ ප්‍රධාන හෝ අතුරු මාර්ගයක බුදු පිළිමයක්‌ තබන්නට අවසර නොදෙන ලෙස. ඒ අනුව මා හට මඩකලපුව ප්‍රදේශයේ කිසිම ස්‌ථානයක බුදු පිළිමයක්‌ තැබීමට නොහැකි වෙලා තිබෙනවා. මෙම නිලධාරියා දෙමළ සන්ධානයේ අයට ඕනෑ විදිහට වැඩ කරන්නේ. මම ගියේ පිල්ලේඅඩි හංදියේ නාම පුවරුවක්‌ සවි කරන්න. නමුත් පොලිසියේ හෙට්‌ටිආරච්චි මුළු මඩකලපුවම බුදු පිළිම තබන්නට නොහැකි වන ලෙස අවශ්‍ය කටයුතු කළා. මම ජුනි 05 වැනිදා මඩකලපු මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි කළා. පොලිස්‌පතිතුමාට සහ ආරක්‍ෂක ලේකම්තුමාටත් මේ පිළිබඳ ලිතව දැනුම් දුන්නා. මම හෙට්‌ටිආරච්චි කියන පොලිස්‌ නිලධාරිවරයා පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට. නමුත් කිසිම පරීක්‍ෂණයක්‌ නැහැ. මේ වන විට ඇතැම් ආරක්‍ෂක අංශ නිලධාරීන් සහ මඩකලපුවේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ නැවතත් ඊළාම් සිහිනය සැබෑ කරන්න වෙරදරන වළිකන දෙමළ සන්ධානයේ ඉත්තෝ වෙලා. මම මේ පිළිබඳ ඕනෑම අවස්‌ථාවක කරුණු කියන්න සූදානම්", යෑයි සුමනරතන හිමියන් අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.
    පිල්ලේඅඩි හන්දියේ තිබුණු පොලිස්‌ මුරපළේ නිලධාරීන් කඩාබිඳ දමා තිබුණ පිළිමය බුදුගෙයක්‌ හදා තැන්පත් කරමින් වැඳුම් පිදුම් කරමින් චිත්ත ධෛර්යය වඩව ගන්නා ලදී, නමුත් දැන් මුරපළ එහි නැත. පෙර ඉඩමේ අයිතිකරුවන් එහි පැමිණ ඇත. අවුරුදු 25 ක්‌ පමණ බෞද්ධයන් වැඳුම් පිඳුම් කළ මෙම මාර්ගයේ යන රථ වාහන වලින් බැස පඬුරු දැමූ බුදු පිළිමය කුඩු වී ගොස්‌ය. දැන් එම බුදුගෙය කටුකම්බි වැදී තල් කොළවලින් වැසීගොස්‌ය.
    යුද්ධයෙන් බැටකෑ පලා ගිය අන්‍ය ජාතිකයන්ව මෙහි පැරණි උරුමය සොයා පැමිණ නැවත පදිංචිවීමට හැකිය. එය සතුටට කරුණකි. නමුත් කනගාටුවට කරුණ නම් මඩකලපුවෙ සිටි සිංහල ජනයාට එවැනි වාසනාවක්‌ උරුම නොවීමය. ඔවුන් තමන්ගේ ඉඩකඩම් සොයා එනවිට වෙනත් පිරිස්‌ ඒවාට ඔප්පු තිරප්පු හදා අවසන්ය.
    සින්නවත්ත, ගෙවිලියාමඩුව, සිප්පිමඩුව ආදී මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සිංහල ගම්මානවල වෙසෙන 750 කට ආසන්න සිංහල ජනයා මඩකලපුවේ වෙසෙන සිංහල ජනයා වීමේ පාපය ගෙවමින් සිටිති. ඇතැමෙකුට සමෘද්ධි කූපන්පත නැත. ඉඩම් බලපත්‍ර නැත. ඡන්දය දමන්නට ඡන්ද නාම ලේඛනත් නැත. මේ අසරණ ජනතාව උපන් බිමේ කල්ලතෝනි වී අවසන්ය. ඔවුනට පිහිටට ඇත්තේ මංගලාරාම විහාරාධිපති සුමනරතන හිමියන්ය. බඩගින්නට කුසට යමක්‌ ගෙනැවිත් දෙන්නේද, හිසට සෙවණක්‌ ලබා දෙන්නට අඳුරු දුරු කරන්නට සූර්ය කෝෂයක්‌ හෝ ලබා දෙන්නට මහත් වෙහෙසක්‌ දරන්නේද සුමනරතන හිමියන් බවද එම ගම්මානවල ජනතාව නිරන්තරයෙන් පවසමින් සිටිති.
    මඩකලපුවට අයත් කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්‌ථානය ලියාපදිංචි කිරීම සඳහා සුමනරතන හිමියෝ හය වතාවක්‌ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩම කළේය. නමුත් තවමත් විහාරස්‌ථානය ලියාපදිංචි වී නොමැත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බඩු මුට්‌ටු පොඩිකර දැමූ බවට ප්‍රාදේශීය ලේකම්වරිය සුමනරතන හිමියන්ට චෝදනා කරමින් පොලිසියට පැමිණිලි කිරීම නිසා දැන් අධිකරණයේද නඩුවක්‌ විභාග වෙමින් ඇත.
    කෙවිලියාමඩුව ජනතාවගේ දහසක්‌ ගැටලුවලට එකම පිළිසරණ වෙමින් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුවන අසාධාරණකම්වලට හඬනඟන නිසා එම ප්‍රාදේශීය ලේකම්වරියද මෙම හිමියන් සමඟ සිටියේ අමනාපයෙනි. දැන් සුමනරතන හිමිට අධිකරණයේ නඩුවක්‌ ඇති නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැමට නොහැක. ජනතාවගේ ගැටලුවලට විසඳුමක්‌ද නැත. හඬනඟන්නට කෙනෙක්‌ද නැත. දැන් ඇයට රිසිසේ අසරණ සිංහල ජනතාව තලා පෙලා දමන්නට හැකි බව කෙවිලියා මඩුවේ ජනතාවද පවසයි..
    මඩකලපුවෙහි බෞද්ධ උරුමය සහ ජනාවාස ඉදිවෙන්නේ මීට වසර දහස්‌ ගණනකට පෙරය. එකල වෙල්ලාවල කොක්‌අඩිචෝලේ පුද බිමත් අද ඊශ්වර කෝවිලක්‌ බවට පත්ව ඇත. අක්‌කර 30 ක ප්‍රදේශය පුරා නටබුන්ව පවතින රහත්ගල ප්‍රදේශයේ අද ශාන්තමලය වී හින්දු කෝවිලක්‌ සාදා ඇත. පෙරියපිල්ලුමලේ කෝපාවෙල ප්‍රදේශයේද ඉපැරණි පුරාවස්‌තු වල නටබුන් තවමත් ඉතිරිව ඇත. එරාවුර් කඩොලුපොතමලෙයි ලෙන්ලිපි සහිත පුරාවස්‌තුය. මඩකලපුව කුසලානගල කන්ද සහ කොට්‌ටන්කච්චිය වැව අසල තවත් අතීත උරුමයන් ඇත. රූගම් වැව අසල රූගම් විහාරය හෙවත් පියකලුතොට විහාරයේ නටබුන්ය. මෙවැනි මහා බොදු උරුමය කියාපාන පුරා වස්‌තු රැසක්‌ මඩකලපුවෙහි විනාශ වෙමින් ඇත. මිනීමරු ප්‍රභාකරන් පැරදවූ විරුවන් සිටින රටක මඩකලපුවෙහි ඇතැම් පොලිස්‌ නිලධාරීන් දෙමළ සන්ධානයේ ඉත්තන්ව කටයුතු කිරීම කනගාටුදායකය.
    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ජනාධිපතිතුමන් නැගෙනහිර බෞද්ධ ජනතාවට සහ උරුමයට සිදුවන හානිය පිළිබඳ නිවැරදි තීරණයක්‌ ගනීවි, මාහට මේ වන විට ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙනවා. කොයි මොහොතේ හෝ මාව මරලා දැම්මොත් මාව වළ දමන්නවත් කෙනෙකු නැතිවේවි. මට මොනව උනත් මඩකලපුවේ බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නඟනවා" යෑයිද සුමනරතන හිමියෝ වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පැවසූහ.
    මඩකලපුවෙහි බෞද්ධ උරුමය සහ සිංහල ජනතාව රැක ගන්නට ගොස්‌ නඩු 43 කට උන්වහන්සේ විත්තිකරුවී ඇත. ඉන් තවමත් නඩු 15 ක්‌ පමණ විභාග වෙමින් පවතී. උරුමයන් වෙනුවෙන් අසාධාරණයට එරෙහිව නඟන හඬ වගකිවයුත්තන්ට නොඇසීම ෙ€දවාචකයක්‌ වෙමින් ඇත. උන් වහන්සේගේ හඬද යම් හෙයකින් මැකී ගියහොත් මඩකලපුවේ ඉතිරිව තිබෙන අල්ප වූ බොදු උරුමයට හා අතළොස්‌සක්‌ වූ සිංහල ජනයාට ඇත්තේ දෙයියන්ගේ පිහිට යෑදීම පමණකි..




    - Anil kumara
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හාමුදුරුවන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොදු බල සේනාව මේ වගේ හාමුදුරුවරුන්ට උදව් කරන්නේ නැත්තේ මහින්දට මේ හාමදුරුවරු බණින නිසාද?:confused:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10363653_730487910366416_4055569571421053308_n.png
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බොදු බල සේනාව මේ වගේ හාමුදුරුවරුන්ට උදව් කරන්නේ නැත්තේ මහින්දට මේ හාමදුරුවරු බණින නිසාද?:confused:

    ඔන්න ඔන්න ආයේ නොදන්න මගුල් කියනවනේ බන්?? යකෝ මම ෆොටෝ ගහල ත්‍රෙඩ් එකකුත් දැම්මේ

    අර නැගෙනහිර ඉඩම් අයිතියේ කේස් එකට බැස්සේ බොදුබලසේනාවත් එක්ක. මේ හාමුදුරුවෝ එක්ක ඥානසාර හාමුදුරුවෝ ඉන්නවා
     

    domma

    Banned
    Nov 28, 2006
    13
    2
    0
    මේ හාමුදුරුවන්ට කවුරුත් ඉන්ටනෙට් එකේ බනිනවා මම දැකලා නෑ.එහෙම බනින්නේ ආන්ඩුවට සම්බන්ධ අය විතරයි.ලංකාඊනිවුස් එකවත් මුන්නාසෙට බැනලා නෑ.මෙයා පැහැදිලිවම ආණ්ඩු විරෝධි එඩිතර හිමිනමක් වෙන්න ඕන.ඒකයි කොලඹින්ම පවිත්‍රා ටීම් එකක් එවලා තියෙන්නේ ලයිට් කපලා යන්න.මෙයාලා ඩිෆෙන්ඩර් වල යන සාදුලා නෙවෙයි.මෙයාලා කොලඹ ඉඳන් නිල් කොල එකතු කරන පවුඩර් බේබි සාදුලා නෙවෙයි.
    මෙයාලා රූපවහිනි එකේ ඉන්න නලු සාදු බේබිලා නෙවෙයි.මෙයාලා හමුදුරුවරු.බෞද්ධ භික්ෂූන් වහන්සේලා.නමුත් වචන පාවිච්චි කරනකොට ටිකක්වත් ප්‍රවේශම් වෙන්න ඕන.මොකද බෞද්ධ හිමිනමක්නේ.කියපු කුනුහරුප කේන්තිය පාලනය කරගන්න බැරි නිසා වෙන්න ඇති.අංගුලිමාලා වගේ අයත් හිටපු සාසනේ මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.ටිකක් භාවනා කරලා සිත පාලනය කරගන්න.ඒ වගේම හොරෙන් විදුලිය ගන්න යන්නේ ඇයි.බෞද්ධ භික්ෂුවකට විදුලිය ඕනි නෑ.විදුලිය අකැප දෙයක්.පන්සල් වලට විදුලිය ඕනි නම්.පහන් ඉටි පන්දම් දල්වන්න.රාත්‍රි හයෙන් පසු පන්සල වහලා පහනක් දල්වාගෙන භාවනා කරන්න.ඒක තමයි බුදු මග.මහ රෑ එක එක පාට බල්බ් දල්වගෙන ඉන්න පන්සල් බුදු දහමට අයිති නෑ.බෞද්ධ හිමි නමකට විදුලිය ඕන නැත.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ හාමුදුරුවන්ට කවුරුත් ඉන්ටනෙට් එකේ බනිනවා මම දැකලා නෑ.එහෙම බනින්නේ ආන්ඩුවට සම්බන්ධ අය විතරයි.ලංකාඊනිවුස් එකවත් මුන්නාසෙට බැනලා නෑ.මෙයා පැහැදිලිවම ආණ්ඩු විරෝධි එඩිතර හිමිනමක් වෙන්න ඕන.ඒකයි කොලඹින්ම පවිත්‍රා ටීම් එකක් එවලා තියෙන්නේ ලයිට් කපලා යන්න.මෙයාලා ඩිෆෙන්ඩර් වල යන සාදුලා නෙවෙයි.මෙයාලා කොලඹ ඉඳන් නිල් කොල එකතු කරන පවුඩර් බේබි සාදුලා නෙවෙයි.
    මෙයාලා රූපවහිනි එකේ ඉන්න නලු සාදු බේබිලා නෙවෙයි.මෙයාලා හමුදුරුවරු.බෞද්ධ භික්ෂූන් වහන්සේලා.නමුත් වචන පාවිච්චි කරනකොට ටිකක්වත් ප්‍රවේශම් වෙන්න ඕන.මොකද බෞද්ධ හිමිනමක්නේ.කියපු කුනුහරුප කේන්තිය පාලනය කරගන්න බැරි නිසා වෙන්න ඇති.අංගුලිමාලා වගේ අයත් හිටපු සාසනේ මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.ටිකක් භාවනා කරලා සිත පාලනය කරගන්න.ඒ වගේම හොරෙන් විදුලිය ගන්න යන්නේ ඇයි.බෞද්ධ භික්ෂුවකට විදුලිය ඕනි නෑ.විදුලිය අකැප දෙයක්.පන්සල් වලට විදුලිය ඕනි නම්.පහන් ඉටි පන්දම් දල්වන්න.රාත්‍රි හයෙන් පසු පන්සල වහලා පහනක් දල්වාගෙන භාවනා කරන්න.ඒක තමයි බුදු මග.මහ රෑ එක එක පාට බල්බ් දල්වගෙන ඉන්න පන්සල් බුදු දහමට අයිති නෑ.බෞද්ධ හිමි නමකට විදුලිය ඕන නැත.

    අනේ මේ පලයන් යන්න. උඹ හිතුවද තාම ගල් යුගේ කියල. හොරෙන් ගත්තනම් ගන්න ඇත්තේ හරි විදියට ගන්න බැරි උන නිසා. මොකද ඔය පැත්තේ හම්බයෝ රජ කරන්නේ.
    :yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රත්තරං;17299840 said:
    ඔන්න ඔන්න ආයේ නොදන්න මගුල් කියනවනේ බන්?? යකෝ මම ෆොටෝ ගහල ත්‍රෙඩ් එකකුත් දැම්මේ

    අර නැගෙනහිර ඉඩම් අයිතියේ කේස් එකට බැස්සේ බොදුබලසේනාවත් එක්ක. මේ හාමුදුරුවෝ එක්ක ඥානසාර හාමුදුරුවෝ ඉන්නවා

    මටනම් බොදු බලේ ගෙන තවදුරටත් කිසිම පැහැදීමක් නැත. :no::no::no:
    එළිපිටම මහින්ද රාජපක්ෂට කඩේ යාමට පටන් ගෙන ඇත.
    :dull::dull::dull:
    මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන්න වෙලාවක් නැතුව ඇති මොකද වෙන වෙන වැඩ නේ දැන් :dull::dull: