සුරංගනාවියෝ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.





    එල්සි රයිට් සහ ෆ්‍රාන්සස් ග්‍රිෆික් බ්‍රිතන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී දැරියන් දෙදෙනෙක්.
    මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කල අතර දෙදෙනා කුඩා පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප අරගෙන තියෙනව.
    එල්සි සහ ෆ්‍රාන්සස් විසින් ගන්නා ලද ඡායාරූප සෝදා මුද්‍රණය කළ විට ඔවුන් දෙදෙනා අසල කුඩා සුරංගනාවියන් ඉගිලෙමින් සිටිනු දක්නට ලැබුන අතර එම ඡායාරූප දුටු අය පුදුම වී ඔවුන් දෙදෙනාගෙන් විමසුවිට ඔවුන් කීවේ ඒවේලාවේ ලස්සන සුරංගනාවියන් තමන් වටේ නටමින් සිටි බවයි.


    මෙම ඡායාරූප පිළිබඳ ඒ කාලයේදි එංගලන්තය මහත් ආන්දෝලනයක් ඇති වූ අතර පසුව ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ද මේ පිළිබඳව සොයා බැලිම සඳහා යෝක්ෂයර් ප්‍රාන්තයට පැමිණි ඇත .
    මෙය අසත්‍යක් බව ඔප්පු කිරිම සඳහා බොහෝ දෙනෙක් උත්සාහ කල නමුත් කිසිවෙකුට එසේ කිරීමට නොහැකි වීම නිසා අවසානයේදි අති දක්ෂ ඡායාරූප ශිල්පින් පවා මේ ඡයාරූප පරික්ෂනයට ලක් කර ඇත.
    ඔවුන් කියා සිටියේ එම ඡායාරූප සත්‍ය ඡායාරූප බවයි.
    තවද ප්‍රධාන පෙළේ දළ සේයාපට නිපදවන සමාගම්ද මේ ඡායාරූප සත්‍ය බව දිවුරා ප්‍රකාශ කර තිබෙනව.
    කස්ටිය දන්නව නේද ලෝ ප්‍රකට රහස් පරික්ෂක චරිතය වූ ෂර්ලොක් හොම්ස් .
    මේ ෂර්ලොක් හෝම්ස් කථා නිර්මාණය කළ සර් ආතර් කොනන් ඩොයිල් මහත්තයත් මේ ඡයාරූප සත්‍ය බව පිළිඅරගෙන තියෙනව.
    එල්සි සහ ග්‍රාන්සස් ඇත්ත වශයෙන්ම සුරංගනාවන් හමූවී ඇති බව මුළු ලොවම පිළිගත් අතර සර් ආතර් කොනන් ඩොයිල් “සුරංගනාවන්ගේ පැමිණිම”නමින් පොතක් ද ලිව්වේය.






    දැකපු ගමන් තේරෙනවනේ මේ ‍මොකක්ද කියල. විද්‍යාඥයින් කියන විදියට මේ ඉන්නේ සුරංගනාවියක්.
    මුලින්ම අපි විද්‍යාඥයින්ගේ මතය බලමු පස්සේ මගේ මතය මම කියන්නම්.
    මේ මෘත ශරීරය සොයාගෙන තියෙන්නේ ගම් වැසියකු විසින්.
    මෙම පුද්ගලයා තම සුරතල් බලුපැටවා සමග Derbyshireගම්මානය අසලින් ඇති වනාන්තරයක් ඔස්සේ යන විට ඔහුට මෙම අභිරහස් මළසිරැර හමුවෙලා තියෙනව.







    මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින මෙම සිරැර බෙහෙත් ගල්වා සංරක්ෂණය කර ඇත.
    පියාපත්ද සහිතව මෙම සිරැරේ සම්පූර්ණ දිග අගල් 8 පමණ වන අතර ශරීරයේ ස්වභාවය හා සිහින්ව එල්ලා වැටෙන රක්ත වර්ණ කෙස් වැටිය නිරීක්ෂණය කළ මානව විද්‍යාඥයින් හා අධිකරණ වෛද්‍යවරැන්ගේ අවසාන මතය වූයේ මෙම ජීවියා අසාමාන්‍ය ජීවී කොටසකට අයත් ජීවියකු බවයි.
    මේ අනුව පෙනී යන්නේ මෙම ජීවී විශේෂය අප සුරංගනාවන් යනුවෙන් අදහස් කරන ජීවීන්ට සමාන බවයි.
    වැඩි දුර පරීක්ෂන සදහා එක්ස් කිරණ යොදාගන්නා විද්‍යාඥයින් පවසන්නේ මොවුන්ටම ආවේනික වූ සැකිලි පද්ධතියක් ඔවුන්ගේ සිරැර තුල පිහිටා ඇති බවයි.
    එසේම මෙම සැකිලි පද්ධතිය මානව ළදරැවකුගේ සැකිලි පද්ධතියට සමාන බවද ඔවුන් පවසනවා.
    මොවුන්ගේ අස්ථි, කුහර සහිතව පිහිටා ඇති අතර පක්ෂීන්ගේ මෙන් සැහැල්ලු බවකින්ද යුක්ත වෙනව.
    එසේම මෙම මළ සිරැරෙහි පෙකනිය පිහිටා නොතිබීම හා ප්‍රජනන අවයව පිහිටා නොතිබීමද විද්‍යාඥයින්ගේ විස්මයට කරැණක් වී තිබෙනව.
    මේ අනුව විද්‍යාඥයින්ගේ නිගමනය වූයේ මොවුන් ස්වාධීනව තම වර්ගයා බෝ කිරීම සිදු කරන බවයි.
    මෙම පරීක්ෂණ සියල්ල අවසානයේ විද්‍යාඥයින් මෙම මළ සිරැර ජීවියෙකුගේ සත්‍ය ශරීරයක් බවද තහවුරැ කරල තියෙනවා.

    මේක දැකපු සමහර පුද්ගයින් කියන්නේ මෙය ව්‍යාජව සකස් කරන ලද්දක් බවයි.
    ඔවුන් පවසන්නේ මෙය ගසක කොල 4 උඩ මිනිසකුගේ ආකාරයට තැනූ ආකෘතියක් තබා ගත් ජායාරෑපයක් කියලයි.
    දැන් අපි කථාකරන්න යන්නේ මෙහි සත්‍යතාව පිළිගැනීමට හැකි ලක්ෂන පිලිබදව.




    මෙහි පියාපත් අතර ඇති අස්ථි වැනි අංගයන් පත්‍රය පුරාම සමචතුරස්‍ර අකාරයේ කොටු සාදමින් විහිදී ඇති අන්දම අපට පැහැදිලිව දැක ගන්න පුලුවන්.
    සාමාන්‍ය ශාක පත්‍රවල නාරටිය ඔස්සේ දෙපැත්තට මෙවැනි රේඛාවන් පිහිටා තියෙනව.
    ඉතින් මෙය ව්‍යාජව සකස් කරන ලද්දක් නම් මෙම පියාපත් තුලද රේඛාවන් එම ආකාරය‍ට පිහිටා තිබිය යුතුයි.
    නමුත් මෙහි පිහිටා ඇත්තේ දැඩි පීඩනයකට හසු වුවද පියාපත් ඉරා යාමකට ලක් නොවී ශක්තිමත්ව වාතය හා ගැටීමකට උපයෝගී වන සැකිල්ලක්.
    ඒ වගේම සියලුම පියාපත් වල එම ශක්තිමත් සැකිල්ලේ පිහිටීම පැහැදිලි ලෙස දැකගන්න අපට පුලුවන්.
    තවද මෙහි ඇති රතු කෙස් වැටියද පැහැදිලිව හිසෙන් ආරම්භ වී ඇති බව දැකිය හැකියි.
    මීට අමතරව මුඛයේ පිහිටා ඇති සුදුපැහැති දත් ද පැහැදිලිව දැකගන්න පුලුවන්.
    තවද මෙම මළ සිරැර පොලිස් සාක්ෂියක් ලෙස සුරක්ෂිතව තබාගෙන ඇති බව මළ සිරැරට පහලින් ඇති විශේෂිත ආරක්ෂක ආවරණය මගින් පැහැදිලි වෙනව.






    සාමාන්‍ය මිනිස් සිරැරකට සමානකම් දරන මෙම මළ සිරැරේ අතෙහි පිහිටා ඇති ඇගිලි පවා ඉතාමත් පැහැදිලිව දැකගන්න පුලුවන්. විද්‍යාඥයින් ගේ නිගමන හා ජායාරෑප විශ්ලේෂකයන්ගේ නිරීක්ෂන අනුව අවසානයේදී පෙනී යන්නේ මෙම සුවිශේෂී ජීවියා ව්‍යාජව සකස් කරන ලද්දක් නොවන බවයි.
    සුරංගනාවියන් මිත්‍යා විශ්වාස ලෙස අප සැලකුවද මෙම අභිරහස් ජීවියා සමග සංසන්දනය කිරීමේදී සුරංගනාවියන් යනු තවදුරටත් මිත්‍යාවක් නොවන බව පැහැදිලි වේ.


    දැන් තමයි ලොකුම පුරස්නෙ එන්නේ.
    ඒ තමයි මේ ගොල්‍ලන්ගේ අපි කියන තරම් ලස්සනක් නැති වීම.
    දැන් ඒ ගැනයි කථා කරන්න යන්නේ.
    කස්ටිය දන්නවනෙ මේක මළ සිරැරක් ඒ කියන්නේ ජීවයෙන් තොර ශරීරයක්.
    දැන් අපි බලමු මිනිස් මළ සිරැරක තත්ත්වය ‍කොහොමද කියල.




    මෙන්න මේකයි තත්වය.
    මෙයාට මෙහෙම වෙන්න කලින් මෙයා හැන්ඩි කොල්ලෙක්.
    මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ පිංතුර දාන්න බෑ නීතිමය ප්‍රශ්න ඇති වෙන නිසා.
    ඉතින් අපි උනත් කොහොම හිටියත් මැරැනට පස්සේ මේ වගේ තත්වයකට තමයි පත් වෙන්නේ.ශරීරය දුර්වල වීමත් සමග විවිධ ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් නිසා සිරැර දිරාපත් වීමට පටන් ගන්නවා.ඉතින් අපි මේ කථා කරන සුරංගනාවියටත් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්න පුලුවන් .අව්රශ්මියට හා දීර්ඝ කාලීන ක්ෂුද්‍රජීවි බලපෑම් නිසා හෝ ස්වයන් වර්ගයා බෝකිරීමේ පියවරක් ලෙස සිරැරට මෙවැනි පෙනුමක් ලැබෙන්න ඇති.කෙසේ වෙතත් මළ සිරැරකින් මෙවැනි ස්වභාවයක් පෙන්නුම් කිරීම සාමාන්‍ය දෙයක් නිසා සුරංගනාවියන්ගේ ලස්සන පිළිබදව ප්‍රශ්නයක් ඇති කරගැනීමට අවශ්‍ය වෙන්නෙ නෑ.





    රත් පැහැ කෙස් කලඔ හා සුදු දත් ඇති නිසා එම මළසිරැරද මේ වගේ ලස්සන කෙනෙකුගේ කියල අපට හිතන්න පුලුවන්.
    මේ අනුව සුරංගනාවියන් යනු මිත්‍යාවක් නොව සත්‍යක් බව පිලිගැනීමට හැකි මට්ට‍මේ සාධක පවතිනවා.
    මෙම මළසිරැර වනාන්තරයක තිබී හමු වී ඇති නිසා ස්වභාවධර්මය සමග ඉතා මිත්‍රශීලී පිරිසක් බවද සිතිය හැකිය.
    මොවුන්ගේ පෙනුම තුලද එවැන්නක් ගැබ්වී ඇති බව පැහැදිලියි.

    http://sinha-naadaya.blogspot.com/2013/02/blog-post_6521.html

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සුරන්ගනවන්ට අපිට පේන ශරීරයක් නෑ. තත් මාත්‍ර වලින් හැදිලා තියෙන්නේ. හිත දියුණු කරපු අයට විතරයි පෙන්නේ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Fake

    This was a PRANK from a person from UK

    LINK

    Derbyshire Prankster's "dead Fairies" Go on Sale at Sadler Gate Art Gallery
    Tuesday, September 09, 2008, 08:30

    A PRANKSTER from Derbyshire who took the world by storm with his fake fairy creations is now displaying his models at a city art gallery and enjoying success in America.

    Dan Baines, 33, first hit the headlines in April last year, when he offered for sale what he claimed were the mummified remains of a dead fairy on an internet website.

    News of the unusual item, which sold for £280, soon spread and sparked media interest from America, New Zealand, Canada and South Africa.

    But when the Evening Telegraph tracked down Mr Baines days later, he admitted making the model as part of an April Fool prank.


    Since then, he has created more models and has taken them to the US, where art galleries in New York, Las Vegas, Chicago and have been selling the tiny sculptures for up to £500.


    Mr Baines, who moved from Derby in 2002 to work for a law firm in London, is now putting his work on sale at The Fine Art Gallery, in Sadler Gate.

    He said: "Everything I've sold has gone to the States and now I'm looking to go full circle and get back into the UK market. Since the April Fool's prank, I've had thousands of e-mails from all over the world but it doesn't seem to have been so huge over here in Britain."

    The Derby gallery is displaying three fairies models, made from a variety of plastic, metal and insect parts. They are on sale for between £325 and £500.

    Mr Baines said: "The sculptures are quite gruesome. The fairies are not pretty with long, blonde hair, like many people tend to think of them as.

    "The wings are made from real insects
    and some people in America are insistent that they are real, which has contributed a lot to their success over there.

    "Some people do actually believe fairies are real and in America there's a bigger market over there for gothic, Victorian sculptures. But in Britain, people are not so fussed.

    Gary Newton, co-runner of The Fine Art Gallery, said he hoped the eerie models would attract more people to his business.

    He said: "They're exceedingly realistic and quite sinister. It's something that is completely different from a collector's point of view – they look very bizarre."

    He said customers would be told the models were fake but he expected some to still believe they were real.

    Mr Baines believes the success of the fairies in other countries across the world will help to spark greater interest in the UK market. He said: "I'm hoping to take advantage of Derbyshire's fairy folklore."
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    bump :dull::dull: කුරුල්ලෝ ඉන්නවා වගේ මේ වගේ ජීවින් කොටසක් ඉන්නවා වෙන්නත් පුළුවන්...එත් මිනිස්සුන්ට සමානව...අනේමන්ද ඉතින්...බොරුද මන්ද...