සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළි ඇරඹෙයි

monson

Well-known member
  • May 7, 2007
    20,969
    19,081
    113
    ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවේ.

    මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

    “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් පාසල් සිසුන් දෛනිකව පාසල් පැමිණීම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2017 වර්ෂයේ එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද වැඩසටහනකි.

    මෙම වැඩසටහන 2022.12.01 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්පසු කාල සීමාවේදී මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතා මත තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.

    කෙසේ නමුත් මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවයත් සමඟ”සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වර්ෂයේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලදී.

    2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම එහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ඒ අනුව ලක්ෂ 45කට ආසන්න මෙරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 4ත් 21ත් අතර වයස සීමාවේ පසුවන සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනතුරු රක්ෂණාවරණය යටතේ වූ සියලු ප්‍රතිලාභ ලබාදීමට යෝජනා වී තිබේ.

    එසේම අඩු ආදායම්ලාභී එනම් වාර්ෂික ආදායම රු. 180,000කට වඩා අඩු පවුල්වල සිසුන් සඳහා ජීවිත රක්ෂණ ආවරණය යටතේ වූ දෙමාපිය මරණ සඳහා ද ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර ඇත.

    මෙම වැඩසටහන යටතේ සියලුම සිසුන්ට ලබා දීමට අපේක්ෂිත ප්‍රතිලාභ මෙසේය.

    1. සෞඛ්‍ය රක්ෂණාවරණය.
    නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000/= දක්වා (රජයේ/පෞද්ගලික රෝහල්වල).
    මෙහිදී දරුවා ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රජයේ රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු.2500/= බැගින් ද (රජයේ රෝහලකට ඇතුළත් වූවද මෙහිදී එක් රාත්‍රියක් සඳහා රු.2500/=ක මුදලක් ලබාදීම සිදු කරනුයේ දරුවෙකු අසනීප වූ විට සාමන්‍ය පවුලක දෙමාපියන්ට රැකියාවේ නිරතවීම සම්බන්ධයෙන් මතුවන අපහසුතා හේතුවෙනි.) පෞද්ගලික රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු7500/= බැගින් ද ප්‍රතිලාභ හිමි වේ.

    බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/= දක්වා.
    මෙම කාණ්ඩය යටතේ පෙර පැවති අක්ෂි දෝෂ සඳහා ඇස් කණ්නාඩි සඳහා ප්‍රතිලාභ ගෙවීමට අමතරව ශ්‍රවණාබාධ සඳහා ශ්‍රවණාධාර උපකරණ සඳහා ද ප්‍රතිලාභ ගෙවීම ඇතුළත් කර ඇත. එමෙන්ම දරුවන්ගේ අසනීප තත්ත්වයකදී බාහිර රෝහල් මඟින් සිදු කරනු ලබන රසායනාගාර පරීක්ෂණ ගාස්තු ද මෙම කාණ්ඩයේ ප්‍රතිලාභ යටතේ ආවරණය වේ.

    බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිලාභ – රු. 200,000/= සිට රු. 1,500,000/= දක්වා.

    2. අනතුරු රක්ෂණාවරණය
    පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු.200,000/=.

    සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා – රු. 150,000/= සිට රු. 200,000/= දක්වා.

    තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000/= සිට රු.100,000/= දක්වා.

    3. ජීවිත රක්ෂණාවරණය.
    දෙමාපියන්ගේ මරණයකදී.

    අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් එක් සිසුවෙකු සඳහා රු.75,000/= ක් දෙමාපියන් දෙදෙනාම ආවරණය වන පරිදි ප්‍රතිලාභ හිමිවේ.

    පවුලේ සියලු පාසල් යන ළමුන්ට ප්‍රතිලාභ හිමිවන නමුත් එක් සිද්ධියක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු.225,000/= කි. (රු.75,000/= බැගින් උපරිම දරුවන් 3 දෙනෙකු සඳහා)

    මෙම රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ ගිවිසුම් ගත වීමට නියමිත අතර පාසල් සිසුන් සඳහා වූ මෙම සියලුම ප්‍රතිලාභ සතියක් ඇතුළත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සලසා ඇති මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කඩිනමින් ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ද සකස් කිරීමට නියමිතය.

    ඒ අනුව “සුරක්ෂා” රක්ෂණාවරණය යටතේ දරුවන්ට හිමිවන ප්‍රතිලාභ මුදල් එම දරුවන්ගේ දෙමාපියන්ගේ අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු කරනු ඇත.

    මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාසල්වල විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ද සකස් කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍ර ලේඛය ද ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතය.

    මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒකාබද්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වේ.

    - https://sinhala.adaderana.lk/news/196785
     
    • Like
    Reactions: pramodh87

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    එසේම අඩු ආදායම්ලාභී එනම් වාර්ෂික ආදායම රු. 180,000කට වඩා අඩු.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,937
    1
    50,947
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පට්ටපල් බොරුවක් ඔය කරන්නෙ. ඕකෙන් ප්‍රතිලාභයක් ලැබුන එකෙක් දන්නවා නම් අටපට්ටමට කියපල්ලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,923
    23,504
    113
    27
    ලොවෙත් නැති තැනක
    පට්ටපල් බොරුවක් ඔය කරන්නෙ. ඕකෙන් ප්‍රතිලාභයක් ලැබුන එකෙක් දන්නවා නම් අටපට්ටමට කියපල්ලා
    ඇයි බන් එහෙම කියන්නේ.... ඕකෙන් කාටවත් හම්බවෙලා නැද්ද තාම ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    hoda welawata election ekak call kare, methnam me monawath naha,
    mona unath basila gu gihin baye inne election eka parada wei kiyala
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,937
    1
    50,947
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් එහෙම කියන්නේ.... ඕකෙන් කාටවත් හම්බවෙලා නැද්ද තාම ?

    https://www.deshaya.lk/article/43/features/9622/සුරක්ෂා-රක්ෂණය-මඟ-හිටී-

    මේ රක්ෂණ සැලසුමට රු. මිලියන 2700ක් ආණ්ඩුව රක්ෂණ සංස්ථාවට ගෙවා තිබුණත් පසුගිය කාලය තුළ රක්ෂණ ප්‍රතිලාභ වශයෙන් සිසුන්ට ගෙවා තිබෙන්නේ රු. මිලියන 237යි.

    https://divaina.lk/සුරක්ෂා-ගැන-අපේක්ෂාවත්/

    සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති වූ මෙම බලධාරියා තව දුරටත් කියා සිටියේ, මෙම රක්ෂණාවරණයේ පූර්ණ ප්‍රතිලාභ ග්‍රාමීය මට්ටමෙන් අඩු ආදායම් ලාභී පිරිස් වෙත ක්‍රමවත්ව ලැබෙන්නේ නැති බවය. රක්ෂණාවරණයකින් මුදල් ලබා ගත හැකි බව දන්නා මුදල් ලබා ගත හැකි බව පිරිස් කෙලෙස හෝ මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

    https://www.anidda.lk/2019/01/06/සුරක්ෂා-රක්ෂණය-පෞද්ගලික/

    පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණය රාජ්‍ය මුදල් පිළිබඳ අංක 04/2015 දරන චක්‍රලේඛය උල්ලංඝනය කරමින් විදේශීය රක්ෂණ ආයතනයකට ලබාදී ඇතැයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අභ්‍යන්තර විකුණුම් නිලධාරී සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යවමින් චෝදනා කරයි.
    එම රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව රජයේ ආයතනවල රක්ෂණ කටයුතු සඳහා මිල ගණන් කැඳවිය යුත්තේ රජය සතු රක්ෂණ ආයතන වෙතින් පමණක් බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය එය නොතකමින් සුරක්ෂා සිසු රක්ෂණ සඳහා පෞද්ගලික ආයතනවලින්ද මිල ගණන් කැඳවා ඒ අනුව විදේශීය සමාගමක් වන ඇලියන්ස් සමාගමට එම රක්ෂණය ලබාදී ඇති බවත් එම චක්‍රලේඛය උල්ලංඝනය කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරෙන බවත් එහි අවධාරණය කර තිබේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,795
    20,120
    113
    පුදුම කරුමයක් නේ මේක ඡන්දෙ ළං වෙනකොට බොරුවට පටන් ගන්නවා රවට්ටන්න. අනික ඕවා හරියට දෙන්නෙත් නෑ. පුළුවන් නම් ඔවාගෙනුත් වංගු ගහයි. පේනවා නේ හාල් බෙදිල්ලයි අස්වසුමයි. මිනිස්සුන්ගේ බදු සල්ලි නිකන් නාස්ති කරන්න තමයි දන්නේ.

    කියන්නේ එකක්. කරන්න පටන් ගන්නේ තව එකක්. අන්තිමට කරලා තියෙන්නේ වෙනම එකක්. මුන් එකතු වෙලා රට මෙච්චර බංකොලොත් කරපු එක පුදුමයක් නෙවෙයි.
     
    • Like
    Reactions: ksperj

    monson

    Well-known member
  • May 7, 2007
    20,969
    19,081
    113
    පට්ටපල් බොරුවක් ඔය කරන්නෙ. ඕකෙන් ප්‍රතිලාභයක් ලැබුන එකෙක් දන්නවා නම් අටපට්ටමට කියපල්ලා
    මෝඩ ගෝටා ඇවිල්ල ඕක නවත්තන්න කලින් හම්බුනා ය ඉන්නවා. Insurance card එකක් පවා ළමයින්ට දුන්න.