සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට පෙර

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    "සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට පෙර අවසන් පැතුම් ඇති බව පෙනේ, නමුත් එය දන්නේ මහලු සහ රෝගී සතුන් නිදි කරවන පශු වෛද්‍යවරුන් විසින් පමණි.
    ට්විටර් පරිශීලක ජෙසී ඩීට්‍රිච් පශු වෛද්‍යවරයෙකුගෙන් විමසුවේ ඔහුගේ රැකියාවේ දුෂ්කරම කොටස කුමක්ද යන්නයි.
    විශේෂඥයා පැකිලීමකින් තොරව පිළිතුරු දුන්නේ නින්දට යාමට පෙර මහලු හෝ රෝගී සතුන් තම අයිතිකරුවන්ගේ ඇස්වලින් තම අයිතිකරුවන් සොයන ආකාරය දැකීම තමාට අමාරුම බවයි.
    ඇත්ත වශයෙන්ම අයිතිකරුවන්ගෙන් 90% ක් මිය යන සතෙකු සමඟ කාමරයක සිටීමට කැමති නැත.
    මිනිසුන් තම සුරතලා පිටව යන බව නොපෙනෙන ලෙස පිටව යයි. නමුත් තම සුරතලාට ඔවුන්ව වැඩිපුරම අවශ්‍ය වන්නේ ජීවිතයේ මේ අවසන් මොහොතේ බව ඔවුන් නොදනිති. පශු වෛද්‍යවරු අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවසානය දක්වා සතුන් සමඟ සමීපව සිටින ලෙසයි.
    "ඔවුන් ඔබට පෙර මිය යාම නොවැළැක්විය හැකිය. ඔබ ඔවුන්ගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ බව අමතක නොකරන්න. සමහර විට ඔවුන් ඔබේ කොටසක් පමණක් විය හැකිය. නමුත් ඔවුන් ඔබේ පවුල ද වේ. එය කොතරම් දුෂ්කර වුවත්, ඔවුන්ව අත් නොහරින්න."
    ඔවුන් කැමති නැති තැනක නාඳුනන අය සිටින කාමරයක මැරෙන්න දෙන්න එපා. සුරතල් සතුන්ට ඔවුන්ගේ ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපය තුළ ඔවුන්ගේ අයිතිකරු සොයා ගත නොහැකි ආකාරය දැකීම පශු වෛද්‍යවරුන්ට ඉතා වේදනාකාරී ය. අයිතිකරු ඔවුන්ව අත්හැරියේ මන්දැයි ඔවුන්ට තේරෙන්නේ නැත. සියල්ලට පසු, ඔවුන්ට ඔවුන්ගේ අයිතිකරුගේ සැනසීම අවශ්ය විය.
    සතුන් එතරම් බිය නොවන බව සහතික කිරීමට පශු වෛද්‍යවරු හැකි සෑම දෙයක්ම කරති, නමුත් ඔවුන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක ය. එය ඔබට වේදනාකාරී බැවින් බියගුල්ලෙකු නොවන්න. සුරතල් සතා ගැන සිතන්න. ඔවුන් වෙනුවෙන් මේ වේදනාව ඉවසන්න.
    අවසානය දක්වා ඔවුන් සමඟ සිටින්න

    379461977_633365078948669_98045444894828570_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම නන් කවදාවත් එහෙම කරන්නෙ නැ
    ඉන්න නන් ෆුල් සැප දීල හදන්නෙ, ලයිෆ් ටයිම් කමිට්මන්ට්


    සතාව බලාගන්න කම්මැලි කමට මරල දාල තව හැලිත් ලියනව මරන වෙලෙ කාමරෙ ඉන්ඩ කියල.

    නොදෝමකින් :growl:

    මේ කතාවත් හරි
    සමහරු කරදර වෙන්න බැරි නිසා එහෙම කරනව
    ඒක අන්තිම වෙලාව සතාව පාව දෙනව වගෙ වැඩක්

    තවත් සමහරු සත්තු වේදනා විද විද ඉන්න බලන්න බැරි නිසා එහෙම කරනව
    එකෙ හරි වැරැද්ද කෝම වෙතත්, පන අදින සතාත් තව ජීවත් වෙන්න ආසයි කියල කියනව
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සතාව බලාගන්න කම්මැලි කමට මරල දාල තව හැලිත් ලියනව මරන වෙලෙ කාමරෙ ඉන්ඩ කියල.

    නොදෝමකින් :growl:
    මම දාන්න හැදුවේ මේක ,
    මුන් සත්තු මරල බයිලා ගහනවා තව ,
     
    • Like
    • Love
    Reactions: NRTG and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Cancer වගේ හැදිච්ච සත්තු හොඳ කරන්න බැහැ වද විදින නිසා ඒ සත්තු මැරෙන්න අරිනවා

    ඒත් හොදට ඉන්න සත්තු මරනවා නම් ඒක අනුමත කරන්න බැහැ
     
    • Like
    Reactions: NRTG and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Cancer වගේ හැදිච්ච සත්තු හොඳ කරන්න බැහැ වද විදින නිසා ඒ සත්තු මැරෙන්න අරිනවා
    Cancer හැදුන මිනිස්සු හොද කරන්න බැහැ කියල මරන්නෙ නැ නෙ බං. සොබාවිකාව මැරෙනකන් උපස්ථාන කර කර තියාගන්නවනෙ.

    හැබැයි සතෙකුට ලෙඩ හැදුනම සත්ත කරුණාව් පිට දාල මරල දානව. ලෙඩ හැදුනම සත්තු මරන්නෙ කුහකකම නිසා. ඕක තාම ඇත්ත.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    සතාව බලාගන්න කම්මැලි කමට මරල දාල තව හැලිත් ලියනව මරන වෙලෙ කාමරෙ ඉන්ඩ කියල.

    නොදෝමකින් :growl:
    meka nan aththa.matath pendama bari ekak:growl: e saththu marena eka nemene balaporoththu wenne. marenakn thamange swamiya ekka inna eka.
     
    • Love
    Reactions: gamerlk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,599
    8,850
    113
    අපේ රෝසි, අවුරුදු 14ක් විතර හිටියා අපිත් එක්ක..අන්තිමට වකුගඩු අවුලක් ගිහිං මාසයක් විතර දවසක් ඇර දවසක් සේලයින් දීලා තියාගත්තේ..අන්තිම දවස වෙනකම් ලෙඩ වෙලා ඇවිදගන්න බැරි උනත් මිදුලට ගිහිං චු කරලා එන්නේ අමාරුවෙන් හරි..

    අන්තිම වෙලාවේ ගෙදර ඔක්කොමල වට වෙලා පිරිත් කියනකොට තම අවසන් හුස්ම හෙළුවේ..

    සතෙක් හදනවා කියන්නේ ෆන් එකට කරන දෙයක් නෙවෙයි... ආදරය, රකවරණේ දෙන්න බැරිනම් හදන්න එපා කොච්චර අස උනත්...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපිට සතෙක් කියන්නේ අපිට අපේ ජිවිතේ එක කොටසක් උනාට ඒ සතාට විශේෂයෙන් බල්ලෙක්ට තමන්ගේ ස්වාමියා කියන්නේ උගේ මුළු ජිවිතේම. ඒ නිසා බලාගන්න බැරිනම් මගදී අතැරලා දාන්න නම් සත්තු හදන්න එපා
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපි සුරතලයට ඇති කරන බල්ලො පුසෝ සහ අනෛත් සත්තු අපේ ජිවිතයෙ පුන්චි කොටසක් වෙන්න පුලුවන්, එත් එයාලට අපි මුලු ලොකෙම, කවදාවත් සතෙක්ට බනින්න බය කරන්න , ගහන්න වගෙ පෙන්නනවත් එපා. ආදරය දෙන්න පුලුවන් තරම්.
     
    • Like
    Reactions: Ryan08