සුරතලාගේ සෞඛ්‍යය

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    සුරතලාගේ සෞඛ්‍යය


    අපේ නිවෙස් වල සුරතලයට ඇති දැඩි කරන සතුන් අපේ පවුලේම කොටසක් වගෙයි. අපිට වෙන වැඩ, යාළුවො ගොඩක් හිටියට, එයාලගෙ ජීවිතේම ගොඩ නැගී ඇත්තේ අප වටය. අපේ ආදරය ලබමින්, අපිට ආදරය පළකරමින් ජීවත් වෙන එයාලට අපි ඇරුණහම වෙන යාලුවෙක් හෝ පිහිටක් නෑ. ඉතින් ඒ අයගැන නිතරම හොයල බලල එයාලව රැකගන්න එක අපි අතින් අනිවා වෙන්න ඕනෙ දෙයක්.

    ඉතින් අපි අද මේ කියන්න යන්නෙ ඔබේ නිවසේ ආදරයෙන් රැකබලාගන්නා පූස්, බලු සුරතලුන්ට අහිතකර වන දේවල් කීපයක ගැන. ඔබත් ආදරය නිසා නොදැනුවත්ව මේ දේවල් ඔබේ සුරතලාට දෙනවානම් වහාම එය නවත්වන්න.



    1. චොක්ලට් – ඔබේ සුරතලාට මරණය පවා ළඟාකල හැකියි



    PetPoisons-01.jpg



    චොකලට් කියන්නෙ අපේ නිවෙස්වල නිතර නිතර ආහාරයට ගැනෙන දෙයක්. අපි ආහාරයට ගන්නා චොකලට් කෑලි වගෙම චොක්ලට් කේක්, පුඩිං, බීම වගේ චොකලට් යොදාගත් ආහාරත් ඔබේ සුරතලුන්ට ඉතා අහිතකර බව ඔබ දැන සිටියාද?

    චොකලට් වල අඩංගු තියොබ්‍රෝමයින් (Theobromine) රසායනය බල්ලන් බළලුන් වැනි සතුන්ට ඉතා විෂදායක වන අතර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔවුන් වමනය, හදවතේ ගැස්ම වැඩිවීම වැනි තත්ත්වයන්ට ගොදුරු වන්නට ඉඩ තිබෙනවා. වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් ඔබේ සුරතළා මරණයට පවා පත්විය හැකියි.
    ඉතින් ඔබ හෝ ඔබේ දරුවා ආදරය වැඩි කමට නිවසේ පූස්, බලු සුරතලුන්ට චොකලට් ආහාර දෙනවානම් වහාම එය නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ මීටරය භාවිතාකිරීමෙන් ඔබේ බලු සුරතලාට විෂදායක වන චොකලට් ප්‍රමාණ ගැන දැනුමක් ලබාගන්න ඔබට පුලුවන්.






    2. කිරි – ඔබේ සුරතලාගේ බඩ ලෙඩ කරවයි



    PetPoisons-02.jpg



    අපෝ අපිනම් හැමදාම කිරි කෝප්පයක් දෙනව අපේ සුරතලාට

    කිරි කියල දැකපු ගමන් ගොඩක් දෙනාට එහෙම හිතෙයි. කිරි කියන්නෙ චොකලට් තරම් මාරාන්තික වන කෑමක් නෙමෙයි. ඒ උනත් කිරි වල ඇති ලැක්ටෝස් කියන සීනි වර්ගය දිරවාගැනීමේ අපහසුවක් අපේ මේ සුරතලුන්ට තිබෙනව. ඒ නිසා නිතර කිරි දීමෙන් ඒ අය ටික ටික ලෙඩ වෙන්න තිබෙන ඉඩ
    වැඩියි. අතීසාරය, ගැස්ට්‍රයිටිස් වැනි රෝග වලට ඔබේ සුරතලා පත්වීමට ඉඩ ඇති බැවින් නිතර නිතර කිරි දීමෙන් වැළකීමට යහපත් වනවා.





    3. රතු ලූණු සහ සුදු ලූණු – රතු රුධිරානු වලට හානි කරයි



    PetPoisons-03.jpg



    ලූණු වල අඩංගු ඇතැම් රසායනික, බල්ලන් සහ බළලුන්ගේ ශරීරයට ඉතාම විෂදායක වනවා. ලූණු වැඩිපුර ඇති ආහාරවලින් ඒවා ශරීරයට වැඩිපුර අවශෝෂනය කරගත්තොන් එයින් ඔවුන්ගේ රතු රුධිරානු වලට හානි පැමිණීමටත් ඔබේ සුරතලා රක්ත හීනතාවයට ගොදුරු වීමටත් පුලුවන්. සමහරු පුරුදුවෙලා තියෙන්නෙ ඒ අය එදිනෙදා ගන්නා බත් ව්‍යංජන ආදියම සුරතලුන්ට දීමටයි.අපේ එදිනෙදා ආහාර වල ලූණූ සුදුලූණු යහමින් අඩංගු වන නිසා මේ තත්වය එතරම් යහපත් නොවන බව කිව යුතුයි. ඔබේ සුරතලාට ගැලපෙන විදිහට වෙනමම ආහාර පිළියෙල කරන්නට නිතරම වගබලාගන්න.




    4. ලුණු – ලුණු වැඩි ආහාර භයානකයි



    PetPoisons-06.jpg



    සාමාන්‍යයෙන් අපි කොහොමත් ආහාර හදද්දි යම් ප්‍රමාණයක ලුණු භාවිතා කරනව. එහෙම ප්‍රමාණයක් ඔබේ සුරතලාට හානිකර වන්නෙ නැහැ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ශරීරයේ පැවැත්මට ලුණු කියන්නෙ අවශ්‍ය ද්‍රව්‍යයක්. කෙසේ නමුත් අධික ලුණු ප්‍රමාණවලින් යුතු ආහාර ද්‍රව්‍ය ඔබේ සුරතලාට හානිකර අන්දමට බලපාන්න පුලුවන්. ඒ මගින් ඔවුන්ගේ සෛල වල ක්‍රියාකාරීත්වයට හානි වන්නටත් වමනය, අධික ලෙස මුත්‍ර සහ මළපහ පිටවීම සහ පිපාසය ඇති කිරීමටත් ඒවා සමත් වනවා.



    5. මස්කටු – මේ වගේ කටු දීමෙන් ප්‍රවේසම්වන්න



    PetPoisons-07.jpg




    විශේෂයෙන් සුනඛයන් මස්කටු සැපීමට ඉතා කැමැත්තක් දක්වනවා. මස්කටු වලින් ඔවුන් ලැබෙන හිතකර ප්‍රතිඵලත් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය කැල්සියම් ඛනිජ ලවණද ඔවුන්ගේ දන්ත සෞඛ්‍යයටද මේවා හිතකරයි.
    කෙසේ නමුත් කුකුල් මස් වල එන කුකුලු කකුල් කටුව වැනි තියුණු කැබලි වලට කැඩී වෙන්වෙන අන්දමේ කටු ඔවුන්ට දීම එතරම් සුභදායක නැහැ. ඒවා උගුරේ සිරවීම සහ බඩවැල්වල හානි පැමිණවීම මගින් ඔබේ සුරතලාව රෝගී කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මස් කට්ටක් හපන හැම වෙලේම ටිකක් ඈතින් පරික්ෂාවෙන් හිටියොත් හොඳයි.




    6. පැනඩෝල් (පැරසිටමෝල්) – අපිට හොඳ උනාට එයාලට හොඳ නෑ



    PetPoisons-08.jpg



    උණක් ඔලුවෙ කැක්කුමක් එහෙම ආපු වෙලාවකට අපිට මුලින්ම මතක් වෙන දෙයක් උනාට පැනඩෝල් වැනි පැරසිටමෝල් පෙති වර්ග ඔබේ බලු පූස් සුරතලුන්ට ඉතා හානිකර විය හැකි විෂක්. ඒවා ඔවුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල රැඳී සිටිමින් කල් යත්ම වකුගඩු අක්මා ආදි භයානක රෝග තත්වයන්ට ඔවුන්ව ගොදුරු කරවන්නට සමත් වනවා




     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දවසට එකපාරක් චොක්ලට් කෑල්ලක්,චොක්ලට් බිස්කට් එකක්,චොකලට් කේක් කෑල්ලක් වගේ දුන්නට අව්ලක් වෙන්නේ නෑ.
    චොකලට් හැමදාම කැවෙන්නේ නෑ නේ බන් මොන ගෙදරකවත්.
    දවසට පාරක් දුන්නා කියලා අව්ලක් නම් වෙන්නේ නෑ.
    ස්කින් රෑශ් එකක් නිසා මයිල් වැඩිපුර යන බල්ලෙක්ට චොකලට් දුන්නොත් නම් මයිල් යන එක ඩබල් වෙන්න පුලුවන්.
    එහෙම නැතුව හොදින් ඉන්න එකෙක්ට දවසට පාරක් පොඩි කෑල්ලක් දුන්නට අව්ලක් වෙන්නේ නෑ.

    කිරි දෙන්න ඕන හිස් බඩෙන් ඉන්නකොට.
    උදේට මුකුත් කන්න නොදි කිරි එකක් දෙනවානම් අව්ලක් නෑ.
    සෝයා කිරි උනත් දෙන්න පුලුවන් .
    අව්ලක් නෑ.

    අපි නෝමල් කන කෑම වලට වැඩිපුර ළුෑණු දාන්නේ නෑ නේ .
    ඩෙවල් මොනාහරි වලනේ වැඩිපුර ළුෑණු දාන්නේ.
    අපේ නොමල් කෑම එක්ක ළුෑණු දාන ගානට දුන්නට කමක් නෑ ඒත් ඩෙවල් වල තියනවා වගේ කන්න දුන්නොත් නම් හෙන කේස් වෙන්න පුලුවන්.
    වැඩිපුර ළුෑණු කැවුනොත් ඒ වෙලාවට ටක් ගාලා යෝගට් එකක් කන්න දුන්නානම් සීන් එක අඩු කරගන්න පුලුවන්.

    ලුණු නම් අපේ ගානට දැම්මාම හරි.
    වැඩිපුර ලුණු අපිට උනත් හොද නෑ නේ.

    චිකන් කටු නම් හොදම නෑ දෙන්න.
    මිනිස්සුන්ට උනත් චිකන් කටු හොද නෑ.
    කැන්සර් වලට උනත් එන්න පුලුවන්.
    හරක් මස්,එලු මස් කටු දෙනවානම් හොදට තම්බලා,නිවලා දෙන්න ඕන.
    අමුවෙන් දෙන්න හොද නෑ.

    පැනඩෝල් නම් හොදම නෑ.
    විශේශයෙන් පූසන්ට.
    අපේ ගොඩක් උන් දෙනවා පැනඩෝල් බල්ලන්ට,පූසන්ට.
    අන්තිම විසයි.
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    දවසට එකපාරක් චොක්ලට් කෑල්ලක්,චොක්ලට් බිස්කට් එකක්,චොකලට් කේක් කෑල්ලක් වගේ දුන්නට අව්ලක් වෙන්නේ නෑ.
    චොකලට් හැමදාම කැවෙන්නේ නෑ නේ බන් මොන ගෙදරකවත්.
    දවසට පාරක් දුන්නා කියලා අව්ලක් නම් වෙන්නේ නෑ.
    ස්කින් රෑශ් එකක් නිසා මයිල් වැඩිපුර යන බල්ලෙක්ට චොකලට් දුන්නොත් නම් මයිල් යන එක ඩබල් වෙන්න පුලුවන්.
    එහෙම නැතුව හොදින් ඉන්න එකෙක්ට දවසට පාරක් පොඩි කෑල්ලක් දුන්නට අව්ලක් වෙන්නේ නෑ.

    කිරි දෙන්න ඕන හිස් බඩෙන් ඉන්නකොට.
    උදේට මුකුත් කන්න නොදි කිරි එකක් දෙනවානම් අව්ලක් නෑ.
    සෝයා කිරි උනත් දෙන්න පුලුවන් .
    අව්ලක් නෑ.

    අපි නෝමල් කන කෑම වලට වැඩිපුර ළුෑණු දාන්නේ නෑ නේ .
    ඩෙවල් මොනාහරි වලනේ වැඩිපුර ළුෑණු දාන්නේ.
    අපේ නොමල් කෑම එක්ක ළුෑණු දාන ගානට දුන්නට කමක් නෑ ඒත් ඩෙවල් වල තියනවා වගේ කන්න දුන්නොත් නම් හෙන කේස් වෙන්න පුලුවන්.
    වැඩිපුර ළුෑණු කැවුනොත් ඒ වෙලාවට ටක් ගාලා යෝගට් එකක් කන්න දුන්නානම් සීන් එක අඩු කරගන්න පුලුවන්.

    ලුණු නම් අපේ ගානට දැම්මාම හරි.
    වැඩිපුර ලුණු අපිට උනත් හොද නෑ නේ.

    චිකන් කටු නම් හොදම නෑ දෙන්න.
    මිනිස්සුන්ට උනත් චිකන් කටු හොද නෑ.
    කැන්සර් වලට උනත් එන්න පුලුවන්.
    හරක් මස්,එලු මස් කටු දෙනවානම් හොදට තම්බලා,නිවලා දෙන්න ඕන.
    අමුවෙන් දෙන්න හොද නෑ.

    පැනඩෝල් නම් හොදම නෑ.
    විශේශයෙන් පූසන්ට.
    අපේ ගොඩක් උන් දෙනවා පැනඩෝල් බල්ලන්ට,පූසන්ට.
    අන්තිම විසයි.


    thanks machan...... godak dewal thebuna