සුර්ය කෝෂ (Renewable Energy)

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    මචන්ලා ලංකාවේ සුර්ය පැනල, සුළං බලාගාර බාවිතය ගැන එහෙම ඔයාල හිතන දේ කියන්න ......
    කොටින්ම renewable energy බාවිතය ගැන ඔයාල උනන්දුද ඒ ගැන හිතන්නේ මොකද්ද කියල කියන්නකෝ..............
    ලංකාවේ සුර්ය පැනල ගන්න තියෙනවද.............???
    තියේ නම් කියක් වගේ වෙනවා ඇත්ද...........??

    උදව් කරන්න කැමති අය කමෙන්ට් එකක් දාලම යන්නකෝ.....
    ස්තුතියි..............:):)
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මචන් මගේ යාලුවෙක් ලග තියෙනවා කීවා. 45ක් විතර වෙයි. උඹේ මොබයිල් නොම් එක පී. ඈම් කරපන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවට 365 දවසටම ලබාගන්න පුලුවං ශක්ති ප්‍රභවයක්. මෙහේ ප්‍රචලිත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
    sola panels ලංකාවෙ ගන්න තැනක් දන්නවාද ? ගනන් දන්නවාද ?
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    mama danna na thiyana than anan manan but mama hithnawa oya system eka thama apata watinne mama artical ekak kiyewwa channpika ranawaka thuma liyapu ekek e ya kiyanawa gewal wala hadana wadi pura current eka cen wikinanna system ekak kiyanawanam godak rhiyanawa lokka
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ලංකාවට 365 දවසටම ලබාගන්න පුලුවං ශක්ති ප්‍රභවයක්. මෙහේ ප්‍රචලිත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
    sola panels ලංකාවෙ ගන්න තැනක් දන්නවාද ? ගනන් දන්නවාද ?
    thienawa machan egollo thama hot water systems gennane
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් දුස්කරපලාත්වල (මොනරාගල වගෙ) සුර්ය පැනල බාවිතාකරනවා ඒත් උන් දෙන බැටරි වල නම් දාරිතව අඩුයි ලයිට් 2ක් විතර දාන්න පුලුවන් එච්ච්රයි :(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තාම හොඳ මට්ටමකින් සූර්ය පැනල භාවිතා කරනව කියලනම් දැනගන්න ලැබිල නෑ. ගොඩක් තියෙන්නෙ hot water systems වලට හදපුව තමයි.
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    මේ ගැන වැඩිදුර විස්තර මෙන්න
    හැබැයි මේක මම ලියපු එකක් නෙවෙයි.
    මෙන්න ගත්ත තැන

    http://goo.gl/hUow7


    සූර්ය විදුලිය - ශ්‍රී ලංකා



    හැඳින්වීම


    බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද ඉල්ලුමක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක.ඉහළ යන ලෝක ඉන්ධන අර්බුධයත් සමඟ විකල්ප බලශක්ති භාවිතය කෙරේ ඉහළ අවධානයක් යොමු වී තිබෙන අතර සූර්ය විදුලි බලය ඒ අතර ඉහළ අවධානයකට ලක් වී තිබේ.සූර්ය විදුලි බලය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනවයි.

    ලෝක ඉන්ධන අර්බුධය අද ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ.ලොව බහුලව භාවිතා කරන බලශක්ති ප්‍රභවය ලෙස
    පොසිල ඉන්ධන හැඳින්විය හැක.කාර්මික විප්ලවයෙන් පසුව සහ ලෝක ජනගහණ වර්ධනය හේතුවෙන් බලශක්ති භාවිතයේ සීඝ්‍ර ඉහළ යාමක් හඳුනා ගත හැක.පොසිල ඉන්ධන භාවිතයත් සමඟ ක්ෂය වන අතර නැවත නිෂ්පාදනය වසර දහස් ගණනක් තිස්සේ මන්දගාමී ස්වරූපයකින් සිදුවන ක්‍රියාවලියකි.මේ තත්වය තුළ ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.අද දවසේ බලශක්ති භාවිතය එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබීම තුළ සූර්ය විදුලි බලය,සුළං බලය,මුහුදු රළ,ජීව වායු ආදී විකල්ප බලශක්ති මාධ්‍ය කෙරේ මෑත කාලීන අවධානය යොමු වී තිබේ.මෙම විකල්ප අතරින් සූර්ය විදුලි බලය කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.
    විශේෂ ලක්ෂණ

    පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී.එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක.

    සූර්ය විදුලි භාවිතයේ අවශ්‍යතාව

    ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 65% පමණ සිදු වනුයේ ඉන්ධන බලාගාර ආශ්‍රිතවයි.30% පමණ ජල විදුලි බලාගාර ආශ්‍රිතව ද ඉතිරි 5% විකල්ප බල ශක්ති මාධ්‍යන් මගින් ද නිෂ්පාදනය කරනු ලබයි.ලංකාවේ විකල්ප විදුලි බල නිෂ්පාදන මාධ්‍යක් ලෙස බහුලව භාවිතා වන්නේ සූර්ය ශක්තියයි.නමුත් එය මුළු විදුලි බල නිෂ්පාදනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.මිලියන 19.5 ක් වන ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් 40% පමණ විදුලි බල පහසුකම් නොමැත.රජයේ දත්ත අනුව ඉන් 50% ආසන්න ප්‍රමාණයකට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලි බලය ලබා ගැනීමට ප්‍රවේශ විය නොහැක.වාර්ෂිකව ලංකාවේ විදුලි බල ඉල්ලුම 8% ප්‍රතිශතයකින් ඉහළ නගිනු ලබන බව හා 2010 වන විට එය දෙගුණ වන බව මහ බැංකු වාර්තා අනුව පෙනී ගොස් තිබේ.නමුත් මේ වන විට වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතිය මගින් සපයනුයේ 1% ප්‍රමාණයක් පමණි.මේ තත්වය තුළ සූර්ය විදුලි බලය කෙරේ ලංකාව ඉහළ අවධානයක් යොමු කළ යුතුව ඇත.

    සූර්ය විදුලිය පිළිබඳ තාක්ෂණය

    සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නකි.එහිදී සිලිකන්(siliken),බෝ‍රෝන්(borown) වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය (panel) මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ.නිෂ්පාදිත විද්‍යුතය පාලකයක්(controller) හරහා ගමන් කරවා බැටරියක් (battery)තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ.මෙම පැනල් විවිධ ධාරිතාවලින් සීමාවකින් තොරව සකස් කළ හැකි අතර සාමාන්‍යයෙන් 40w (වොට්),50w,60w,70w,80 w ආදී වශයෙන් ගෘහස්ථ භාවිතය සඳහා සකස් කර තිබේ. සූර්ය විදුලි බල භාවිතයෙන් විශාල කර්මාන්ත ශාලාවන්හි විදුලි අවශ්‍යතාවය වුවද සපුරාලිය හැක.සූර්ය විදුලිය භාවිතයෙන් තම සම්පුර්ණ විදුලි අවශ්‍යතා සපුරා ගනු ලබන පරිසර හිතකාමී පළමු කර්මාන්ත ශාලාව මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි වෙමින් පවතී.

    තාක්ෂණය දියුණු කිරීම

    සූර්ය විදුලි බලය මගින් සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝජන අවශ්‍යතා එනම් ආලෝකය ලබා ගැනීම,ගුවන් විදුලි යන්ත්‍ර,කළු සුදු රූපවාහිනී භාවිතය (DC විදුලි උපකරණ) ආදිය ඉටු කර ගත හැක.නමුත් දියුණු කරන ලද ඉන්වර්ටර් (Invertor) තාක්ෂණය භාවිතයෙන් සූර්ය විදුලි බල පද්ධතියක් මගින් ඕනෑම විදුලි බල අවශ්‍යතාවක් ඉටු කර ගත හැකි සේ සකස් කළ හැක.ඒ වැනි පද්ධතියක් මගින් ශීතකරණ,පරිඝනක,වර්ණ රූපවාහිනී වැනි (AC විදුලි උපකරණ) උපකරණද භාවිතා කළ හැක.මෙහිදී දැරිය යුතු මූලික පිරිවැය ඉහළ වීම නිසා මෙම ක්‍රමය ලංකාව තුළ ව්‍යාප්ත වී නොමැත.සාමාන්‍ය ගෘහස්ථ අවශ්‍යතා ඉටු කරන සූර්ය විදුලි පද්ධතියක මිල රුපියල් 50 000 ඉක්මවා තිබෙ.මෙම මිල සාමාන්‍ය ජනතාවට දරා ගත හැකි මිලක් යැයි කිව නොහැක.මූලික අවශ්‍යතා ඉටු කරන සූර්ය විදුලි බල පද්ධතියක මිල එතරම් අධික නම් දියුණු කළ පද්ධතියක මිල කෙසේවත් ජනතාවට දරා ගත නොහැකිවනු ඇත. සූර්ය පැනල නිෂ්පාදනයද ඉතා සරල තාත්ෂණයක් භාවිතා කරනු ලබන්නකි.නමුත් ලංකාවේ සූර්ය විදුලි පද්ධති නිෂ්පාදනය නොකරන අතර ඉන්දියාව,චීනය,ඕස්ටේලියාව වැනි රටවලින් ආනයනය කරනු ලැබේ.මෙහිදී අවධානයට ලක් කළ යුතු ප්‍රධාන කරුණ සුර්ය පැනල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන බෝරෝන්.සිලිකන් වැනි ද්‍රව්‍ය ලංකාවේ පැවතීමයි.එම අමුද්‍රව්‍ය භාවිතා කොට ලංකාව තුළ පැනල් නිෂ්පාදනය කරන්නේ නම් සූර්ය විදුලි පද්ධති වල මිල ඉතා පහළ මට්ටමකට අඩු කළ හැක.
    රාජ්‍ය මැදිහත්වීම

    සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉතාම පහළ මට්ටමක පවතින අතර මෙම කාර්ය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය වෙත පැවරී ඇත.රජය මගින් ලෝක බැංකු ආධාර මත රුපියල් 10000 ප්‍රතිදානයක් සූර්ය විදුලි බල පද්ධතියක් මිල දී ගන්නා ප්‍රධාන විදුලිය නොමැති පාරිභෝගිකයන් වෙත ලබා දුන්නද එය ප්‍රමාණවත් මැදිහත් වීමක් නොවේ.සර්වෝදය වැනි රාජ්‍ය නොවන සංවිධාන මගින්ද පාරිභෝගිකයන් වෙත ණය පහසුකම් සපයනු ලැබේ.ලංකාවේ සූර්ය විදුලිය සම්බන්ධව Solar Industrial association යන ආයතනය(SIA) ක්‍රියාත්මක වන අතර සූර්ය විදුලි බලය ලබා දීම සම්බන්ධ ආයතන මෙහි ලියාපදිංචි විය යුතුය.දැනට ආයතන 18 පමණ මෙහි ලියාපදිංචි කර තිබේ.
    නව ප්‍රවනතා

    ලංකාවේ සූර්ය විදුලිය දඹුල්ල, කතරගම, ඇඹ්ලිපිටිය, රත්නපුරය, දැරණියගල, යටියන්තොට ආදී ප්‍රදේශවල බහුලව භාවිතා වනු දැකිය හැක.නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද සූර්ය විදුලිය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනු දැකිය හැක.නගර ආශ්‍රිතව සූර්ය උණු ජල පද්ධතිවලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ.ලෝකයේ ඇතැම් රටවල සූර්ය විදුලි බලය මගින් ධාවනය වන මෝටර් රථ,බෝට්ටු ආදියද නිපදවා තිබේ. ජර්මනිය තුළ සූර්ය විදුලිය ඉතා කාර්යක්ෂම හා ඵලදායි ලෙස භාවිතා කරනු ලැබේ.එරට නිවෙස්වල සවි කරන ලද සූර්ය විදුලි පද්ධතිවල අතිරික්ත විදුලි බලය ජාතික පද්ධතිය වෙත එකතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් රජය විසින් නිවැසියන් වෙත ගෙවීමක්ද කරනු ලබයි. ලංකාවේද ඉතාම මෑතදී බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රධාන මාර්ගය තුළ මාර්ග ආලෝකරණ සූර්ය විදුලි ව්‍යාපෘතියක් සකසා තිබේ.මෙම නව නැඹුරුව අගය කළ හැකි තත්වයක් වන අතර එය රට පුරා ව්‍යාප්ත කළ හැකි නම් අගනේය.වර්තමාන විදුලි අර්බුධය ජය ගැනීම‍ට විකල්ප බල ශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ඉතා වැදගත් වනු ඇත.
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සුර්ය පැනල හොදයි ලංකාව වගේ රටවලට හොදට ගෑලපෙනවා
    හෑබයි තියෙන ප්‍රෂ්ණය තමයි එකට යොදන්න වෙන මූලික වියදිම ටිකක් වෑදියි.හෑබෑයි එතිනින් එහාට කිසි වියදමක් නෑ
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    yanna ebayyyyyyyyy

    මචන් මම ලියන ලිපියකට තොරතුරු හොයන්නෙ......... ගන්න පුළුවන් නම් හොදයි තමයි.
    එත් සල්ලි කොහෙන්ද බන් ඔච්චර........


    ලංකාවට 365 දවසටම ලබාගන්න පුලුවං ශක්ති ප්‍රභවයක්. මෙහේ ප්‍රචලිත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
    sola panels ලංකාවෙ ගන්න තැනක් දන්නවාද ? ගනන් දන්නවාද ?

    ඔව් මචන් අපිට මේකට යොමු වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.............

    mama danna na thiyana than anan manan but mama hithnawa oya system eka thama apata watinne mama artical ekak kiyewwa channpika ranawaka thuma liyapu ekek e ya kiyanawa gewal wala hadana wadi pura current eka cen wikinanna system ekak kiyanawanam godak rhiyanawa lokka

    මචන් ඒ article ඒක හොයාගන්න බැරි වෙයිද


    තැන්ක්ස්

    මචන් දුස්කරපලාත්වල (මොනරාගල වගෙ) සුර්ය පැනල බාවිතාකරනවා ඒත් උන් දෙන බැටරි වල නම් දාරිතව අඩුයි ලයිට් 2ක් විතර දාන්න පුලුවන් එච්ච්රයි :(

    ඔව් මචං මේක පුළුල් කරනවානම් හොදයි........
    නමුත් රජයේ අනුග්‍රහය නැතුව අපිට සල්ලි වලට ගන්න නම් අමාරුයි
    :(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිට සූර්ය බලය ප්‍රධාන විදුලි ධාරවත් එක්ක භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් සල්ලි ඉතිරි වෙනවා
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,261
    427
    83
    cgtech.lk
    ලංකාවට 365 දවසටම ලබාගන්න පුලුවං ශක්ති ප්‍රභවයක්. මෙහේ ප්‍රචලිත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
    sola panels ලංකාවෙ ගන්න තැනක් දන්නවාද ? ගනන් දන්නවාද ?

    12v system wikunana than nam oya hadiyak handiyak gane thiyenne:oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මේ ගැන ටිකක් වැඩිපුර විස්තර කරන්න පුලුවන්ද
    Hit Ads එකක් බලන්න. ඇඩ් දාලා ඇති ඕනෙ තරං.
    50,000/- අඩුම එක.