සුරූපිනියන්ගේ හමුදාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සුරූපිනියන්ගේ හමුදාව

    සුරූපිනියන්ගේ හමුදාව


    image_d4fcdddf0b.jpg

    දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව ද සහභාගී වන අතර, උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ‘සුරූපිනියන් හමුදාවක්’ ද දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණීමට නියමිත යැයි වාර්තා වේ.
    සුරූපිනියන්ගේ හමුදාව යනු උතුරු කොරියානු ක්‍රීඩක කණ්ඩායම සමඟ ඔවුන් දිරි ගැන්වීමේ අරමුණින් පැමිණෙන ‘ඔල්වරසන්දෙන්නියන්’ගේ කණ්ඩායමකි. අවුරුදු 18 ත් 20 ත් අතරේ සුරූපිනියෝ මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.
    උතුරු කොරියාව සහ දකුණු කොරියාව වශයෙන් කොරියානු යුද්ධයෙන් පසු බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි. උතුරු කොරියාව සැමවිටම දකුණු කොරියාවට තර්ජනයක් වෙයි. උතුරු කොරියාවෙන් පැමිණෙන මෙම සුරූපී යුවතියන් ‘සුරූපිනියන්ගේ හමුදාව’ යනුවෙන් දකුණු කොරියාව හඳුන්වා දී ඇත්තේ ඒ නිසාය.
    උතුරු කොරියාවේ මෙම ‘සුරූපිනියන්ගේ හමුදාව’ ලොවට අරුමයක් නොවෙයි. මොවුන් ගැන පළමුවෙන්ම කතාබහක් ඇති වූයේ 2002 වසරේදීය. ඒ, දකුණු කොරියාවේ බූසාන් නුවර පැවැති ආසියානු ක්‍රීඩා උලෙළට ඔවුන් පැමිණීමත් සමඟය.
    එදා දකුණු කොරියාවට පැමිණි ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට දකුණු කොරියානු වැසියෝ කටයුතු කළහ. උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් වඩා කාගේත් අවධානය දිනා ගත්තේ මෙම පිරිසය. 2005 වසරේ දී ද ආසියා මලල ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේය. එම අවස්ථාවේදී සුරූපී ඔල්වරසන්දෙන්නියෝ උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ දකුණු කොරියාවට පැමිණියහ.
    image_4e7b08884b.jpg

    එම කණ්ඩායමට නායකත්වය දුන්නේ එවකට උතුරු කොරියාවේ ජනප්‍රිය ගායිකාවක ද වුණු රී සොල් ජූ ය. අද වනවිට රී සොල් ජූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරියයි.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොරියන් කෙල්ලො චීන කෙල්ලෝ මට හරියන්නේ නෑ මට වදින්නෙ ඉන්දියන් ඇන්ඩ් ලංකාවේ දේශිය කෙල්ලෝ බන් මුන්ගෙන් නම් මට සුන්දරත්වයක් දකින්නේ නෑ හොල්මන් කතා මතක් වෙන්නේ මුන්ව දැක්කාම
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කොරියන් කෙල්ලො චීන කෙල්ලෝ මට හරියන්නේ නෑ මට වදින්නෙ ඉන්දියන් ඇන්ඩ් ලංකාවේ දේශිය කෙල්ලෝ බන් මුන්ගෙන් නම් මට සුන්දරත්වයක් දකින්නේ නෑ හොල්මන් කතා මතක් වෙන්නේ මුන්ව දැක්කාම

    ඒ උනාට බලපන්කෝ ඔව්න්ගේ foot video තියනවා ඒවා පට්ට....
     
    • Like
    Reactions: LalaJ