සුරේෂ් රයිනා යුග දිවියට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සුරේෂ් රයිනා යුග දිවියට

    ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ව මංගල චාරිත‍්‍ර සඳහා සුරේෂ් රයිනා අද එක්ව සිටි බවයි. 28 වන වියේ පසුවන ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ ප‍්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක නිරත වනවා.

    ඇය සුරේෂ් රයිනාගේ කුඩා කල සිට මිතුරිය ද වන බව ඉන්දීය මාධ්‍යයන් හි සඳහන්. හෙට දිනයේ පැවැත්වෙන රයිනාගේ විවාහ මංගල උත්සවය සඳහා ලෝකප‍්‍රකට ක‍්‍රීඩකයින් , කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් ද සහභාගි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවුලේ හිතවතුන්ට පමණක් සීමා වන බවද එහි වැඩිදුරටත් සඳහන්.


    suresh-raina-and-priyanka-www.nethfm.com-01.jpg

    suresh-raina-and-priyanka-www.nethfm.com-02.jpg

    suresh-raina-and-priyanka-www.nethfm.com-04.jpg
    [/IMG]