සුර පප්පා කේක් සින්දුව :D :D :D

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුර පප්පා කේක් සින්දුව :D :D :D

    කට්ටිය දන්නවනේ සුර පප්පා කාටුන් එකේ කේක් සින්දුව.... අන්න ඒ සින්දුවට ගැලපෙන්න එකක් තිබුන ෆේස්බුක් එකේ... මේක කලින් පොස්ට් වෙච්ච එකක්ද දන්නේ නැහැ... එහෙම වෙලා නම් සමාවෙන්න ඕන... බලල ෆන් එකක් අරගෙන යන්න.. හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණයි....

    දෙන්නම් මං අද මෛත්රිට...
    තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා..
    යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)
    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?
    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා..
    එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව
    විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...
    විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම්
    යන්තම් හරි ගියා)
    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර
    ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි..
    රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී..
    ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    11.gif
    11.gif