සුල්තාන්ගේ බොඳවූ සිහිනය නොහොත් ඉඩ්ලිබ් ස

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සුල්තාන්ගේ බොඳවූ සිහිනය නොහොත් ඉඩ්ලිබ් ස



    සුල්තාන්ගේ බොඳවූ සිහිනය නොහොත් ඉඩ්ලිබ් සටන් විරාමය
    88189362_2970638626335336_7845912326367608832_o.jpg

    ගතවූ දශකය පුරා තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩොගන් අනුගමනය කල පිළිවෙත තුලින් පිළිබිඹු වූ එක් කරුණක් වූයේ ලොව අන් සියළු නායකයන්ට වඩා තමා කරුණු කාරණා හා බලපුළුවන්කාර කම් වලින් පොහොසත් බවය. මෙය ඔහුට පමණක් සීමාවූ මානසිකත්වයක් නොව 1453 කොන්ස්තන්තිනෝපලය අත්පත් කොට ගැනීමෙන් අනතුරුව පුරාණ ඔටෝමන් පාලකයන් බොහෝ දෙනෙක් පෙළුන භයානක රෝගයකි. නේටෝ හවුලේ දෙවන විශාලතම සම්ප්රදායික යුද බලවතා ලෙස සැලකුන තුර්කිය සිරියානු අර්බුදය හමුවේ දශක හතක් පුරාවට තම උපාය මාර්ගික සහකරු වූ ඇමෙරිකාව පවා අමනාපයට පත් කරමින් තම ඓතිහාසික පස මිතුරා වූ රුසියාව සමඟ හවුලේ කැඳ පිසීමට පෙළඹුනේද මෙම ආකල්පය මත යයි සිතිය හැක.
    පෙබරවාරි 28 වනදා වනවිට අල්ලාගත් ප්රදේශ වලින් ඉවත් වන ලෙස සිරියාවට කෙරුන අවසන් නිවෙදයකින් අනතුරුව දියත් කෙරුන එර්ඩොගන්ගේ මෙහෙයුමේ ඉරණම ගැන ආරම්භයේ පටන් බොහෝ සැක සංකා තිබිණ. තම විරොදය නොතකා රුසියාව හා කලින් ඇති කොටගත් S 400 ගණුදෙනුව ගැන උරණ ව සිටි අමෙරිකානුවෝ තමාට Patriot මිසයිල පද්ධති ලබා දෙන මෙන් තුර්කිය කල හදිසි ඉල්ලීම ප්රතික්ෂෙප කිරීම පුදුමයක් නොවේ. මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා සපුරාලීමට අවැසි වූ ප්රදානතම සාධකය වූ අසාද්ගේ අතිජාත මිතුරන් වූ රුසියානුවන් සටනින් ඈත් කොට තැබීමය. ඉමහත් පරිශ්රමයකින් අනතුරුව M5 මහා මාර්ගයේ වූ උපායමාර්ගික සරාක්විබ් නගරය අත්පත් කොටගැනීමට මාර්තු 01 දා තුර්කි හමුදා සමත් වුවද ස්ටාව්කා (STAVKA) නොහොත් රුසියානු සෙනෙවි මණ්ඩලය විසින් ගුවන් ඉලක්ක වල ඛණ්ඩාංක ඩැමස්කස් බලධාරීන්ට නිරතුරුව ලබා දීම හේතුකොටගෙන ඒ වනවිටත් මියගොස් සිටි තුර්කි හමුදා භටයන් ගණන 50 ඉක්මවා තිබිණ. එම තත්වය යටතේ පවා රුසියානුවන්ට ප්රසිද්ධියේ අභියෝග කිරීමට තවදුරටත් පැකිළුන එඩොර්ගන් ක්රෙම්ලිනයෙන් ඉල්ලා සිටියේ තමාට සිරියාව හා තනිව ගණුදෙනු බේරා ගැනීමට ඉඩ දිය යුතු බවයි. උපායමාර්ගික සරාක්විබ් නගරය තුර්කි හමුදා අත පැවති ඒ මොහොතේ වහා සටන් විරාමයකට එලැබීමත්, එමඟින් තම සායම බේරාගැනීමත් ඔහුගේ අභිප්රාය වූ බව පෙනේ. අනිත් අතට සිරියානු හමුදා ප්රහාර හමුවේ තුර්කියට පලා යන සරණාගතයන් අවියක් ලෙස යොදා ගනිමින් රුසියාවට එරෙහිව යුරෝපා සංගමයේ සහාය බලාත්කාරයෙන් ලබා ගැනීමටද ඔහු තැත් කලේය. මෙමඟින් පිළිබිඹු වූයේ ස්වයං අධිතක්සේරුවක් තුලින් සිරියාවට එරෙහිව හදිසි යුද්ධයකට එලැබීම තුලින් තුර්කිය මුහුණ පා සිටි අර්බුදයේ සැබෑ පරිමාණයයි. රුසියානු සාධකය බැහැරකල විට පවා දස වසරක සිවිල් යුද්ධය තුලින් පන්නරය ලබා සිටි සිරියානු හමුදාව හා අනුබද්ධිත කණ්ඩායම් (ඉරාන IRGC බ්රිගගේඩය, ඉරාක මිලීෂියා ඒකක හා ලෙබනනයේ හෙස්බුල්ලා ගරිල්ලන්) සමඟ සටන් කිරීම වේදනාකාරී අත්දැකීමක් බව ඈ පසක් කොට ගනිමින් සිටියාය.
    88194303_2970638276335371_1726499758329036800_o.jpg

    අර්බුදයක් තුල හටගන්නා ඇතැම් තීරණාත්මක සිදුවීම් මාධ්ය වල පල නොවේ. මෙවන් අවස්ථාවලදී රාජ්යතාන්ත්රික අභිවෘද්ධිය මත සියළු පාර්ශ්ව නිහඬව සිටිති. 2016 දී ඇලෙප්පෝ නුවර සම්මාන් කඳු වැටියට එල්ල වූ රුසියානු මිසයිල ප්රහාරයකින් කැරළි කරුවන් පුහුණ් කිරීමේ නිරතව සිටි CIA හා මොසාඩ් නිලධාරීන් 30ක් මිය යාම එක් උදාහරණයකි. මාර්තු 02 දා ටාර්ටස් හි පිහිටි රුසියානු මධ්යධරණී නාවුක ආඥා මූලස්ථානයේ සිට ඉඩ්ලිබ් හි තුර්කි පාලන ප්රදේශයට එල්ලවූ කෲස් මිසයිල ප්රහාරය පිළිබඳ තුර්කිය මෙන්ම රුසියානු මාද්යද නිහධතාව පල කලහ. එහෙත් මෙම සිද්ධිය වාර්තා කල බල්ගේරියානු ආරක්ෂක වෙබ් අඩවිය වැඩිදුරත් හෙලි කොට සිටියේ අසාද්ගේ තවත් ප්රධානතම අනුග්රාහකයකු වන ඉරානයද ඉඩ්ලිබ් සටන අරබයා එඩොර්ගන්ට දැඩි අනතුරු හැඟවීමක් කොට ඇති බවයි. පාබල සහායට අමතරව උතුරු සිරියාවේ ඉලක්ක වලට මිසයිල එල්ල කිරීමේ හැකියාව ඉරානය සතුවද ඇත. මේ වියවුල අතර උපාය මාර්ගික සරාක්විබ් නගරය එදින සවස යලි අත්පත් කොටගැනීමට අසාද්ට පක්ෂපාත හමුදා සමත්වූහ. ඔවුන් සමඟ රුසියානු හමුදා-පොලිස් ඒකක ද සිටීම මඟින් කෙරුන ඉඟිය ඉතා පැහැදිලිය. ලතාකියා නගරයේ පිහිටි තම ගුවන් මූලස්ථානය කරා දිවෙන M4 මාර්ගය මූලධර්මවාදීන්ට විවෘත වීමට රුසියානුවන් ඉඩ හරිනු ඇතැයි සිතිය නොහේ. මේ තත්වය යටතේ ජයග්රහණයේ සටන්පාඨ තෙපලමින් තුර්කි හමුදා සරාක්විබ් නගරයෙන් පසු බසිද්දී, අසාද්ගේ හමුදාවේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා වහා සටන් විරාමයක් පතා මොස්කොව් බලා යාමට එඩෝර්ගන් සුල්තාන් තැනට සිදුවිය. මෙහෙයුම අතරතුරදී සිරියානු හමුදා භටයන් 2500ක් මරාදැමූ බවට ඔහු උදම් ඇනුවද ලද පරාජය වසා ගැනීමට ඉන් ලද හැකිවූයේ අල්ප පිටුවහලකි. සිරියානු සානා පුවත් සේවය කියා සිටියේ තම භටයන් 600 ක් මියගිය බවත් තුර්කි-හිතවාදී සටන්කාමීන් 6500ක් මරා දමුන බවත්ය. එහෙත් විශ්ලේෂකයෝ දෙරටේම සංඛ්යාලේඛණ හුදු පම්පෝරි ලෙස බැහැර කරති.
    මාර්තු 05 දා එර්ඩොගන් ඇතුළු ඉහල පෙලේ තුර්කි දූත පිරිස හා ව්ලැදිමීර් පුටින් අතර හමුව සිදුවූයේ මෙවන් වාතාවරණයක් තුලයි. ක්රෙම්ලිනයේ පිළිගැනීමේ ශාලාව තුල කාටත් පෙනෙන සේ ප්රදර්ශනය කොට තිබූ මහා කැතරින් සාර්තුමියගේ ලෝකඩ ප්රතිමාවකි.
    88279196_2970638846335314_1745034590910676992_o.jpg

    1878 යුද්ධයේ සිහිවටනයක් එර්ඩොගන් ගේ අසුනට ඉහලින් විය. මෙමගින් සංකෙතවත් කෙරුනේ රුසියාව විසින් 17 වන හා 18 වන සියවස් තුල ඔටෝමන් වරුනට එරෙහිව ලබා ගත් යුද ජයග්රහණ මාලාවයි. ස්වාමියෙකු ලෙස හැසිරුන ව්ලැදිමීර් පුටින් හමුවේ එඩොර්ගන් පත්ව සිටි අසරණ තත්වයට වෙනත් අටුවා ටීකා අවශ්ය නොවීය. අල්-මොනිටර් වෙබ් අඩවිය සඳහන් කලේ ඔහු ඇතුළු තුර්කි දූත පිරිස ප්රධානාචාර්ය හමුවට පැමිණී පාසැල් සිසුන් කණ්ඩායමක් සිහිගැන්වූ බවයි. ලෝකයා හමුවේ අපකීර්තියට පත් තම ප්රතිරූපය බේරාගැනීම සඳහා නූතන සාර් හමුවේ එක්තපස්ව සිටිනු හැර අන් විසඳුමක්ද තුර්කිවරුනට නොතිබිණ.
    එර්ඩොගන්ගේ මූලික උවමනාව වූ ඉඩ්ලිබ් හි සටන් විරාමයක් සඳහා සිරියාව වෙනුවෙන් ඇප වීමට රුසියානුවෝ කැමති වූහ. M4 මහා මාර්ගය දෙපස සැතපුම් 12 ක අධි ආරක්ෂිත කොරිඩෝරයක් ඇති කිරීමටද ගිවිස ගන්නා ලදී. මෙහි අර්ථය නම් තුර්කි හිතවාදී මූලධර්මවාදී කන්ඬායම් එම ප්රදේශයෙන් ඉවත් වන බවට එර්ඩොගන් විසින් වග බලාගත යුතු බවය. මෙය සහතික කරනු වස් මාර්තු 15 දා සිටි M4 මාර්ගයේ තුර්කි හා රුසියානු භට පිරිස් මුරසංචාරයේ යෙදෙනු ඇත.
    88210802_2970642929668239_8675512060185935872_n.jpg

    M4 හා M5 මහාමාර්ග මූලධර්මවාදීන්ගේ ග්රහණයෙන් බැහැර කරවීම අසාද් ලද විශාල ජයග්රහණයකි. යම් හෙයකින් සටන් විරාමය බිඳ වැටුනහොත් හමුදාමය වශයෙන් අතිශය වාසිදායක අඩියක සිට යලි සටන් ඇරඹීම සඳහා මෙමඟින් ඔහුට අවස්ථාව සලසනු ඇත.
    දවැන්ත පරාජයකින් තොරව මෙහෙයුම අත් හිටුවා සායම බේරා ගැනීමටත් තම වේදනාකාරී තුවාල සුවපත් කොටගැනීමත් අගනා අවස්ථාවක් එර්ඩොගන්ටද සටන් විරාමය හරහා උදා වී තිබේ. එහෙත් අනාගතය තීරණය වනු ඇත්තේ මූලධර්මවාදීන් මොස්කොව් රාමුව තුල කළමණාකරගැනීමේහිලා ඔහු දක්වන දක්ෂතාව මතය. යම් හෙයකින් Hayat Tahrir al-Sham හා අල්-කයිඩා සටන් කාමීන් සටන් විරාමයට පටහැනිව කටයුතු කලහොත් නැවත සටන් ඇරඹීමට අවස්ථාවක් එමඟින් අසාද්ට උදා වනු ඇති අතර නැවත ඊට මැදිහත් වීමට තුර්කියට ඇති සදාචාරාත්මක හැකියාව අල්පය.
    බ්රහස්පතින්දා ඇතිකොටගත් රුසියානු- තුර්කි එකඟත්වය කෙරේ තම දැඩි අප්රසාදය හා අසතුට පල කල ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පිලිගැනීම නොලැබෙනු වස් ඊට එරෙහිව සිය නිෂේධ බලය යෙදවූවාය. පුටින්- එර්ඩොගන් සටන් විරාමය වනාහී මැදපෙරදිග තීරක බලය තමා නොවන බවටත්, තුර්කිය තවදුරටත් විශ්වාසදායී සහකරුවකු නොවන බවටත්, වොෂින්ටනයට කෙරුන වේදනාකාරී සිහි කැඳවීමකි. එහෙත් සිරියානු ශමථයෙන් එලෙස එක්සත් ජාතීන් බැහැර කරවීම තුලින් බියකරු යථාර්ථය පිටුදැකීමටද ඇමෙරිකානුවන්ට නොහැක. මන්ද යත් කවුරු කා සමඟ සටන් වැදුනද අවසන් ජයාග්රාහකයා තමා බව ව්ලදිමීර් පුටින් විසින් නැවත වරක් සනාථ කොට හමාර බැවිනි.
    88270204_2970650693000796_4900136726401384448_n.jpg


    Chamara Siriwardene
    Photo Credits:
    Dmitry Petko