සුවඳ හමන දෙව්රම් වෙහෙරෙන් ගවමඩුවට.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලක්දිව ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේත්, අනාගතයට ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කර ඇත්තේත්, ඉතාම බිහිසුණු ආක්‍රමණයකි.

    එක් පැත්තකින් ඉස්ලාම් අන්තවාදය රටේ මර්මස්ථානව වලට රිංගා කරන ආක්‍රමණයයි. එසේම පුරාවිද්‍යත්මක වටිනාකමින් යුත් ප්‍රදේශ ආක්‍රමණය කිරිම තවත් එක්තරා ක්‍රමයකි. නමුත් අද ඊටත් වඩා බිහිසුණු ආක්‍රමණයක් මෘදු ලෙසින් මේ ලක් දෙරණේ ක්‍රියාත්මකය. ඒය බිහිසුණු වන්නේ බොදුනුවන් ගම් දනන් පිටින් ක්‍රිස්තියානි කිරිම නිසාවෙනි.

    බෞද්ධ රටවල, මේ මෘදු ක්‍රිස්තියානි ආක්‍රමණය කඩිනම් කරන ලෙස ලෝක ඉවැන්ජලික බලවේග හා වතිකානුව උපදෙස් දී තිබේ..
    මියන්මාරය, ලා ඕසය, තායිලන්තය ආදී වූ අවසාන ථේරවාදී බලකොටු ඉලක්ක කර ගනිමින් කුරුස යුද්ධය, එහි ඉතා අමානුෂික පැති කඩවලින් ක්‍රියාත්මකය.

    ඉස්ලාම් ආගමිකයන් මොන කට මැත දෙඩෙව්වත්, ලෝකයේ “අවබෝධයෙන්” වැඩිම වේගයකින් ව්‍යාප්තව වෙන දහම, බුදු දහමයි..ඉස්ලාමය ලෝකයේ වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව සැබෑය..නමුත්, ඒ තම වරිගයා බෝ කිරීමෙන් මිස ආගමික ප්‍රචාරයන් නිසාවෙන් වත්, අවබෝධයෙන් වත් නොවේ..එවැනි ව්‍යාප්තියක්, ඇත්ත වශයෙන්ම ව්‍යාප්තියක් ලෙස හැඳින්වීම නොකළ හැකි බැවින්, න්‍යායික අංග ලක්ෂණයන් තුළින් වැඩිම වේගයකින් ප්‍රචලිත වන දහම බවට බුදු සමය පත්ව තිබේ…

    පසුගිය වසර පනහක කාලය තුල, බටහිර ලෝකයේ වැඩියෙන්ම ව්‍යාප්ත වූ “ආගමික ජන කොටස්” අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉස්ලාම් දහම අදහන කොටසයි..මෙය වසර පනහක වර්ධනයෙන් 235% වැඩි වීමකි…නමුත්, මෙය ක්‍රිස්තියානි ලෝකයට එතරම් බරපතල තර්ජනයක් වී නොමැත..වතිකානුවටද, කලබල වෙන්නට තරම් දැනීමක් වී නොමැත..ඒ මක්නිසාදයත්, මේ 235% වර්ධනය බටහිර ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අත් කර ගෙන ඇත්තේ, ජනයා ආගමට හැරවීමෙන් නොව “ඔවුන්ගේ පිරිස සාමාන්‍ය ප්‍රජනනික වර්ධනයකට” ලක් කිරීමෙන් වීමය.. සරලව කියතොත්, ඒ තමාගේම දරු පැටවුන් බෝ කිරීමෙන්ය..එම නිසා ඉස්ලාම් දහම ලබා ඇති සාර්ථකත්වය, සැබැවින්ම “ව්‍යාප්ති” (Expansion success) සාර්ථකත්වයක් නොවන බැවින් ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂයට ඒ ගැන ඒ හැටි බියක් තවම දැනී නොමැත.නමුත්, ඉස්ලාමය එසේ අත්හැර බලන කල, ලොව වේගයෙන්ම වර්ධනය දහම අවිවාදයෙන්ම බුදු දහමයි.

    එකී වසර පනහ ඇතුලත ලෝක බෞද්ධ ප්‍රජාව 79% කින් වර්ධනය වී ඇත. ක්‍රිස්තියානි විශ්වාසයන් වැඩී ඇත්තේ 37% සහ 42% අතර පිහිටන, අවුල් සහගත ප්‍රමාණයකිනි.. ඔවුන්ගේ නිකාය හා කල්ලි බොහොමයක් ඇති හෙයින්, මේ ගැන නිසි සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ලබාදීමට ඔවුහු අසමත් ව ඇත..

    ලෝක ක්‍රිස්තියානි බලවේගයන් කලබල වී, භීෂණයට පත්ව සිටින්නේ මේ නිසාය…අද දියුණු රටවල, පාසැල් සිසුන් බයිබලයේ එන ලෝකය මැවීමේ කොටස (Book of Genesis) අසන විට, ඔවුනොවුන් දෙස බලා “BullShit” කියා සිනාසෙන තැනට පැමිණ ඇත.මේ තරම් කඩිනමින් බුදු සමය වනසන්නට අණ දෙන ලෙස ඉවැන්ජලික නායකයන් පවසා ඇත්තේ මේ නිසාය.මේ සඳහා ඉවැන්ජලික කල්ලි වලින් සහ වතිකානුවෙන් මුදල් බිලියන ගනනක් පොම්පවන ඔබ දන්නවාද ?

    අවුරුදු හයකට හතකට පෙරාතුව බොදුනු ගම් දනව් පමණක් ඉලක්ක කල ඉවැන්ජලික කල්ලියක් ඔබට මතකද ? ඔවුන් අත තුබු මුරටැඹ සහ පිබිදෙව් සඟරාවන් මතකද ? වර්ණවත් තිර සටහන් ඉතා ගණකම් වූ කඩදාසියක මූද්‍රිත සඟරාවකි.

    wp_SN_202001_md.jpg

    මුද්‍රණ ක්ෂේත්‍රයේ සිටිනවුන් ඒවන් සඟරාවක් මුද්‍රණය කිරිමට යන පිරිවැය හොඳින්ම දනි. එවන්වූ සඟරා දස දහස් ගණනින් මුද්‍රණය කිරිමට ඔවුන්ට මුදල් ලැබෙන්නේ ඉහත සඳහන් ඉවැන්ජලික කල්ලි වලිනි. එය ඔවුන් බෙදා දුන්නේ නොමිලේමය.

    පුදුමයට කරුණ නම් මේ ඉවැන්ජලික කල්ලිය කිසිදා මේ සඟරා ඉස්ලාම් භක්තිකයන්ට බෙදා නොදීමය. ඔවුන්ගේ ඉලක්කය වූයේ දුප්පත් සිංහල බෞද්ධයා සහ හින්දු භක්තිකයන්ය. එයට එකම හේතුව ඉස්ලාම් ලබ්ධිය සහ කිතුනු ලබ්ධිය එක ගහේ ගෙඩි වීම නිසා විය හැකිය. කිතුනු ලබ්ධිය ආදම් සිට ජේසුස් දක්වා විශ්වාස කරති. මහමදිකයන් ආදම් සිට ජේසුස් ඇතුලුව මහමද් දක්වා විශ්වාස කරති. ප්‍රධාන වෙනසකට ඇත්තේ ජේසුස් ගේ ස්වභාවයේ නිර්වචනයේ පමණි.
    මේසේ දියත්වූ මෘදු ආක්‍රමණ්යේ අලුත්ම පරිචය බොදු සමාජයේ ප්‍රසිද්ධ චරිත බිලීබාගැනීමය.

    දෙව්රම් වෙහෙරේ හිමි වැඩසිටි සමයේ මා සිටියා නම්.... මේ ගීතය ඔබට මතකද ? සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ නොවරදවාම ඇසේන ගිතයකි. ඒ මිහිරි නිවුනු කටහඬ අද මේ ඉවැන්ජලිකයන්ගේ බිල්ලක් වී හමාරය. ඔහුගේ නිවසේ අද ත්‍රිපිටකය වෙනුවට තිබෙන්නේ බයිබලයය. බුදුන්ගේ සරණ වෙනුවට අද ජේසුගේ පිහිට රිංගා තිබේ. කොටින්ම කියතොත් ඔහු සුවඳ හමන දෙව්රම් වෙහෙරේ වැඩසිටි හිමි හැරදා ගඳ ගහන ගවමඩුවේ සරණ සොයා ගොස් ඇත.

    තවත් නිදා සිටියහොත් අපගේ තුන්වෙනි හතරවෙනි පරම්පරාවට වන්නේ නත්තල වෙනුවෙන් කැරොල ගිතයක් ගැයීමට නොවේද ? ඔවුන්ගේ ඉලක්කය කිතුනුවන් නම් අපට කිසි ගැටළුවක් නැත. නමුත් මේ ඉවැන්ජලික දේව මෙහෙයන්හි ඉලක්කය බෞද්ධයන් වීම ගැටළුවකි. රටේ පාලකයාගේ වගකීමද විය යුත්තේ සම්බුද්ධ ශාසනය පොෂණය කිරිම නොවේද ? පොෂණය නොකෙරුවත් ඔහූ මෙවන් වූ ඉවැන්ජලික කල්ලින්ට එරෙහිව වැට බැඳිය යුතු නොවේද ? අන්‍යාගම්කරණ විරෝධි පණත කවදානම් ක්‍රියාත්මක වේද ?



    පසු සටහන.
    අපට සාම්ප්‍රදායික කිතුනුවන් සමග කිසි ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ බෝන් අගෙන් වැනි ඉවැන්ජලික කල්ලි ගැන පමණය.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කාදිනල්තුමත් මේ ආගමික පිල්ලි ප්‍රතික්ෂේප කරනකොට ඒවා සාධාරණිකරණය කරන කුෆාඩියෝ මේකේ ඉන්නවා.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කාදිනල්තුමත් මේ ආගමික පිල්ලි ප්‍රතික්ෂේප කරනකොට ඒවා සාධාරණිකරණය කරන කුෆාඩියෝ මේකේ ඉන්නවා.
    ඔව් ඒතුමා ප්‍රතික්ෂේප කරනවා. එයාටත් මේ ඉවැන්ජලික කල්ලි පාලනය කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    99% බෞද්ධ අයම තමා වැරදි එකක් හරියට ධර්මය තේරුන් අරගෙන නැති එක. අනික හාමුදුරුවරුත් නීතියෙන් මේව ආරක්ෂා කරල දෙයි කියල බුදු හාමුදුරුවන් උන් වහන්සේලාට පවරපු වැඩේ නොකර ඉන්න එක.

    බුදු හාමුදුරුවන්ට පුළුවන් උනා නන් එකම එක අනුගාමිකයෙක්වත් නැතුව මේ විදියට බුද්ධාගම ප්‍රචලිත කරන්න ඒක ස්තාපනය වෙලා තියෙන රටක ඒක ආරක්ෂා කරගන්න නීති මොකටද?

    ඔය බෝන් අගෙන් හරි වෙන ආගමක එකෙක් හරි නිකමට ඇහුවොත් බුදු හාමුදුරුවොත් කරේ එහෙනන් අන්‍යගමික කරණයමයි කියල ඒකට දෙන උත්තරේ මොකද්ද?
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    99% බෞද්ධ අයම තමා වැරදි එකක් හරියට ධර්මය තේරුන් අරගෙන නැති එක. අනික හාමුදුරුවරුත් නීතියෙන් මේව ආරක්ෂා කරල දෙයි කියල බුදු හාමුදුරුවන් උන් වහන්සේලාට පවරපු වැඩේ නොකර ඉන්න එක.

    බුදු හාමුදුරුවන්ට පුළුවන් උනා නන් එකම එක අනුගාමිකයෙක්වත් නැතුව මේ විදියට බුද්ධාගම ප්‍රචලිත කරන්න ඒක ස්තාපනය වෙලා තියෙන රටක ඒක ආරක්ෂා කරගන්න නීති මොකටද?

    ඔය බෝන් අගෙන් හරි වෙන ආගමක එකෙක් හරි නිකමට ඇහුවොත් බුදු හාමුදුරුවොත් කරේ එහෙනන් අන්‍යගමික කරණයමයි කියල ඒකට දෙන උත්තරේ මොකද්ද?
    moka mona bana kiwwath thamanta uwamanwak neththan agama wenas karanna be ne balen....
     
    • Like
    Reactions: castellain and SDCR

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    99% බෞද්ධ අයම තමා වැරදි එකක් හරියට ධර්මය තේරුන් අරගෙන නැති එක. අනික හාමුදුරුවරුත් නීතියෙන් මේව ආරක්ෂා කරල දෙයි කියල බුදු හාමුදුරුවන් උන් වහන්සේලාට පවරපු වැඩේ නොකර ඉන්න එක.

    බුදු හාමුදුරුවන්ට පුළුවන් උනා නන් එකම එක අනුගාමිකයෙක්වත් නැතුව මේ විදියට බුද්ධාගම ප්‍රචලිත කරන්න ඒක ස්තාපනය වෙලා තියෙන රටක ඒක ආරක්ෂා කරගන්න නීති මොකටද?

    ඔය බෝන් අගෙන් හරි වෙන ආගමක එකෙක් හරි නිකමට ඇහුවොත් බුදු හාමුදුරුවොත් කරේ එහෙනන් අන්‍යගමික කරණයමයි කියල ඒකට දෙන උත්තරේ මොකද්ද?
    :love2: :love2: :love2:

    🙏🙏🙏
     
    • Like
    Reactions: NRTG and castellain

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බුදු දහමයි, සිංහල ජාතියයි අනිවාර්යයෙන් වැඩි කාලයක් යන්න කලින් ඉවර වෙනවා. ලෝකෙ අපි කොච්චර පොඩ්ඩද ඉන්නෙ. ඔය ගැන වැඩිය හිතන්න එපා.
     
    • Sad
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මං සමහර වෙලාවට පිටකොටුවේ දැකල තියෙනව මිනිස්සු ගෑණු දෙතුන් දෙනෙක් බෝඩ් එකක් තියාගෙන ඔහේ නිකන් හිටගෙන ඉන්නවා. පිබිදෙව්..සත්‍ය ගවේෂණ.. නැගිටිව් ඔය වගේ ලොන්තපෝල් වදන් ගහගෙන අනේ අපි නොදන්න born again..

    මේ ලගදි දවසක උදේ පාන්දර අපේ ගෙදරට දේව වාක්‍යයක් කියන්න ඇවිල්ලා හොදට අහගත්තා දේව දූතයා.. .ආදම් සහ ඒව ගේ ලමයි දෙන්නාගෙන් පස්සේ උන්ගේ ඊලග පරම්පරාව ආවේ එකම පවුලේ උන් ගහලද නැතිනම් අම්මට ලමයි ගහලද නැත්නම් දුවට තාත්තා ගහලද කියල (ශිෂ්ඨ විදියට ඇහුවා) පාස්ටර් ගෙන් අහල එන්නම් කියල ගියා තාමත් ආවෙ නැ . ඌගෙ කාලෙ නාස්ති වෙනවා අපිත් එක්ක කියව කියව ඉන්න වෙලේ වෙන කාටහරි දේව වාක්‍යය කියන්න පුලුවන් කියල ඌ මාරුවෙලා ගියා
    :lol::lol:
     
    Last edited: