සුවාදීන සුවාරිස්
ඔබේ නම
සුවාදීන සුවාරිස්
ඔබ කුඩා අවධියේ සිටම සුවාදීනද
ඔන්න මම පොඩි කාලේ අපේ තාත්තා මාව කඩේ යවනවා බීඩී ගේන්න . මම ආසයි , මොකද ඉතුරු සල්ලි වලින් මට බුල්ටෝ කන්න පුළුවන් . අම්මා බනිනවා බීඩී ගේන්න ගියොත් බලාගෙනයි කියලා .
මට තාත්තාගේ වැඩේට විරුද්ධ වෙන්නත් බෑ , අම්මට විරුද්ධ වුනොත් බැටේ හම්බුවෙනවා . මම කල්පනා කරලා සුවාදීන තීරණයක් අරගන්නවා සුවාදීන වෙන්න . තාත්තාගෙන් සල්ලි අරගන්නවා , කඩේ යනවා . බීඩී ගේන්නේ නෑ සල්ලි ටික සාක්කුවේ දා ගන්නවා .
කොහොමද ඔබේ පාසැල් ජීවීතය
ඒ දවස් වල ඉන්ටවල් එකට අපි ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා . අපි මුලින් බැට් කලොත් , ෆීල්ඩ් කරන්න එනකොට , මම සුවාදීන වෙනවා , එතකොට බෝල අහුලන්න ඕනේ නෑ .
ආයේ අපේ කණ්ඩායම පැරදුනොත් , මම සුවාදීන වෙනවා . එහෙම වෙලා දිනපු එවුන් එක්ක පැරදිච්ච එවුන්ට නක්කලේ දානවා
ඔය සුවාදීන කියන තැන් වල තියෙන්නේ කිව්වා වගේ සුවාදීන වීමක් ම තමයි කියලයි රට්ටු කියන්නේ
අනේ උන්ගේ අම් ... නෑ මං කියන්නේ මෙතන තියෙන්නේ යථාර්ථය නොතේරීම නේ . දැන් බලන්න සුවාදීන රූපවාහිනිය . කාලෙකට අරහෙම සුවාදීනයි , කාලෙකට මෙහෙම සුවාදීනයි . සමස්ථයක් හැටියට බලන්න ඕනේ
දැන් මේ සුවාදීන වෙන එක පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එකක් වෙලා නේද ? අපි දැක්කා ටික දවසකට කලින් රතන හාමුදුරුවොත් සුවාදීන වෙනවා
මම හාමුදුරුවන්ට කෝල් කළා . පෝන් එක එන්ගේජ් . පස්සේ ආයේ කෝල් කළා . ඔන්න "රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ " කියලා රිංගින් ටෝන් එක ඉවර වෙන්නත් ඉස්සෙලා උන්නාන්සේ ආන්සර් කළා . කිව්වා " මම මේ වෙලේ ඉඳන් ගොඩට ආවා විතරය , සිවුරෙත් මඩ ගෑවිලා , හෝදා ගන්න හදන කොටම රාජිත ඇමතිතුමා කෝල් කළාය ඒකයි එන්ගේජ් වෙලා තිබ්බේ කියලා
සුවාදීන වෙන එක ගැන මොකුත් කිව්වේ නැද්ද ?
මේ විය වස්සා එක්ක බෑ පිංවත කිව්වා , මම හිතුවා අර කුඹුරේ ඉඳන් ආපු නිසා මොකක් හරි හරක් ප්‍රශ්නයක් කියලා , බැලින්නම් වියවස්තාව
මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවේ නැද්ද
ඇහුවා . ගොනා නෙමෙයි හරකයි බර අදින්නේ ....කිව්වේ . මට හරියට තේරුනේ නෑ
දැන් ඔය උන්නාන්සේ සුවාදීන වුනාම , උන්වහන්සේව පත් කරපු යු ඇන් පී කාරයන්ට , එතකොට උන්නාන්සේ විශ්වාස කරපු බහු ජනයාට මොකද වෙන්නේ කියලා ඇහුවේ නැද්ද
ඇහුවා . උන්නාන්සේ කිව්වේ... බහු ජන සුකාය , බහු ජන සිකේය කියලා
නෑ මම හිතන්නේ කියන්න ඇත්තේ බහු ජන හිතාය , බහු ජන සුඛාය කියලා
එහෙමද ?
http://pinchpoints.blogspot.com/2017/01/blog-post_20.html

Last edited: