සුවිමිං කෝච් (කෙටිකතාව)

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
සුවිමිං කෝච් (කෙටිකතාව)

සාමාන්‍ය පවුලක් වූ වික්‍රමසිංහ පවුලෙ එකම දරුවා ලෙස උපත ලැබූ 'සාගල' එම නම තබන ලද්දේ දෙමව්පියන් විසින් අමනදාස සුබේගුණවර්ධන ශූරීන් සමඟ කතිකා කිරීමෙන් අනතුරුවය, කුඩාකල සාමාන්‍ය පිරිමි දරුවෙක්ගෙ ලක්ෂණ පෙන්වූවත් තරුණ විය එළඹෙත්ම ඇතැම් සමනළ ලක්ෂණ පෙන්නුම් කල බැවින් එය මහත් හිසරදයක් වූ වික්‍රමසිංහ මහතා, සිය පුතාගෙ කේන්දර කොපියක් සමඟ ටීවී සරණට පැමිණෙන පිංජුල ආරිස් ජ්‍යෝතීර්‍යවේදියානෝ බැහැ දැකීමට ගියෝය.
සාගලගෙ දේහලක්ෂණ හා කේන්දරය සලකා බලා ඔහුගෙ හිසේ සුලි දෙකක් ඇති බැවින් ජලයෙන් අපල බවත් ඒ සඳහා නම වෙනස් කළ යුතු බව පැවසූ ඔහු සාගල වෙනුවට මංගල ලෙස නම් තබන ලදී. එදින පටන් සාගල, මංගල විය
දැන් ඊට හපන් ය. මංගල පෙරට වඩා ආතල් දෙයි. ඔහු දිනක් තම පියාට පැවසූයෙ තමන්ට පිහිණීමට ඉගෙනීමට අවශ්‍ය බවයි. ජලයෙන් අපලයි කිව් දිනයේ පටන් කෝප්පයකට සම්පූර්ණයෙන් වතුර පුරවා බීමට පවා නොදෙමින් තම පුතා ආරක්ශා කල වික්‍රමසිංහ මහතා තේරුම් ගත්තෙ, මේ මොහුට පිහීනීම උගනීමට නොව අනිත් පිරිමිදරුවන්ගෙ ගල් බලා සැනසීමට ඇති ආසාව නිසා මෙසේ පවසන බව කියාය. කෙසේ හෝ මංගලගෙ බලවත් පෙරැත්ත පරිදි වික්‍රමසිංහ මහතා නගරයෙ පිහිටි පිහිණුම් තටාකය වෙත ඔහුව රැගෙන ගියේය.
පිහිණුම් ශාලා පරිශ්‍රයට පැමිණි පසු මංගලට නිම්හිම් නැති විය. පිරිමි ළමුන් තැන් තැන් වල පිහිනයි, දකින දකින තැන් වල ගල් ය. ඔහු යම්තාක් හෝ සිත් කනස්සල්ලට පත් වූයෙ තරුණියන් කිහිපදෙනෙක් පැමිණ සිටි අතර ඔවුන්ගෙ නිරුවත් පාද සහ උගුලකට සිර වී එයින් ගැලවෙන්න උත්සහ දරණ හංස යුවල් කිහිපයක් නිසාය.
වික්‍රමසිංහ මහතා වටපිට බැලු විට නෙත ගැටුනෙ තටාකය අසළ මේසයක් මත කෙසඟ, උපැස් යුවලක් පැළඳ රුපියල් 10 ඇට්ලස් බෝල්පොයින්ට් පෑනකින් මේසයෙ කොනක හදවතක් හරහා ඊතලයක රූපයක් අඳිමින් සිටි අයෙකි, ඔහු වෙත ළඟා වන විටම ඔහු අඳිමින් සිටි හදවත තුළ ලියා තිබූ වචනයක් කලබලයෙන් කුරුටු ගෑ නමුදු එය යම්තාක් දුරට නිශ්ඵල වූයෙ අවසානයෙ 'කලා' ලෙස ලියා තිබූ බව වික්‍රමසිංහ මහතා දුටු නිසාය. එය නොදැක්කා සේ වික්‍රමසිංහ මහතා උගුර මදක් පෑදු විට ඔහූ හොරැහින් බලා හඬ විවර කලේය.
''ආ මහත්තයා නාන්නද ආවෙ හිටං?''
''නැ නෑ මම නෙවෙයි මගෙ පුතාට''
"හරි හරි පුතා මට කියන්න මොකක්ද පුතාගෙ නම?"
"පුතා නෙවෙයි මල්ලි කියන්න අයියො, මං මංගල, අයියට ආස නම් මංගි කියන්න"
"කලින් පීනලා එහෙම තියෙනවද?"
"නෑ නෑ අනේ"
"ආ ඒ කියන්නෙ හිටං කලින් පීනලා නෑ... හොඳයි හොඳයි! උස කීයද පුත්.. නැ නැ මල්ලිගෙ?"
"හානෙ හොලගෙඩියා. මෙච්චර මාව පෙනි පෙනි අහනවා උස කීයද කියලා! ඔයා නම් නෝටියා. 5' 8"යි අයියො"
"ආ හරි මල්ලි, මේකයි කතාව. පූල් එකෙ මේ පැත්ත අඩි 3යි, මෙ අනිත් පැත්ත 15යි. මොකක්ද මල්ලි! කොල්ලෙක්නෙ, කෙලින්ම 15ට බහින්න"
"හම්මේ! කමක් නැද්ද අනෙ, මට නම් බයයි බයයි වගෙ"
"මොකටද ආය බය වෙන්නෙ හිටං, ගිය සතියෙත් කොල්ලෙක් ආවා දවසයි, මං ගාව. ආය බය වෙන්න දෙයක් නෑ"
එම පුද්ගලයාගෙ වදන් වලින් උද්‍යෝගයට පත් මංගල සැනෙකින් කලිසම උනා දැමුවේ කෙසෙල් ගෙඩියකින් ලෙල්ල ගැලවෙනවා සේය. ඔහු කෙලින්ම දිවගොස් කට කනේ තියාගෙන, අඩි 15ට පැන්නේ පිරිමි ළමුන් කිහිපදෙනෙක් මැද්දටය. එවිටම ඔවුන් එතනින් වෙනතකට පිහිණූ අතර මංගල ගැන කිසිදු ඡායාවක් නොවීය. වික්‍රමසිංහ මහතාට දෙලෝ රත්විය. මංගල එකවරම ජල මතුපිටට පැමිණ නැවතත් ග්ලබ් ග්ලබ් ලෙස හඬ නංවමින් නැවතත් ගිලී ගියේය.
මේසය මත සිටින පුද්ගලයා සිනහවෙමින් ඒ දෙස බලා සිටිනු දුටු වික්‍රමසිංහ මහතාට ඌරුජුවල් නැගුනි.
"මොකද මනුස්සයො තමුසෙ හිනා වෙවි බලන් ඉන්නෙ, මෙතන මගෙ පුතා ගිලෙන්න යනවා, ගිහින් බේරගන්නවා. තමුසෙ මෙතන කෝච් නේද?"
කියා විමසූ විට එම කෙසඟ පුද්ගලයා පැවසූයෙ
"කෝච්? පිස්සුද මහත්තයො, මං සිරිසේන, ඉස්සරහා තියෙන මල්ශාලාවෙ වැඩ කරන්නෙ! පුතාගෙ උස කීයද කිව්වෙ 5'8"යි නේද? සෝක් පෙට්ටියක් තියෙනවා මහත්තයෝ අඩුවට දාලා දෙන්නම්"
කියාය.

පිටපත සටහන
මහාචාර්ය Kadz 😁 fb.com/KADZdeFrancisco
(Taken from Facebook)