සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කි

rkn_gaz

Member
Dec 11, 2016
32
4
0
සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කි

පළමු Mc-Donald අවන්හල

ලෝක ප්‍රසිද්ධ කෙටි කෑම හලක් වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සමූහයේ පළමු අවන්හලේ ඡායාරූපයක් තමයි මේ. ඡායාරූපයේ ඉහළ දැක්වෙන අත්සන අවන්හලේ ආරම්භකයා වන රිචඩ් ජේම්ස් මැක්ඩොනල්ඩ්ස් ගේයි. 1940 වර්ෂයේ කැල්ෆෝනියාවේ සැන්බර්නාඩිනෝ ප්‍රදේශයේදී මේ පළමු අවන්හල විවෘත වුනා.
OgAAAB1V_QRdi_dXfu08mvdJqcofbqPoYTGo0pYUhlGxh0IqbvJjq-K1-Lq2YzE6xzPhA-BrLi8HpnfpXujcs-2KnhMAm1T1UIaXiYuKOcOPcNbWYkx2T9rZav1A.jpg


චේ-ගුවේරා හා ෆිදෙල් කස්ත්‍රෝ

මේ සිනාබරව ඉන්නේ ලෝකයේ පීඩිත පන්තිය අතර වීරයන් වුනු චරිත දෙකක්. විප්ලවීය නායක චේ-ගුවේරා ජීවන විප්ලවය අත්හැර සදාකාලික විමුක්තිය සොයා ගිය මුත් කස්ත්‍රෝ සහෝදරයා නම් තවමත් සමාජවාදී කඳවුරේ ජීවමාන වීරයෙක්... ඔවුන් දෙදෙනාම පෙනී සිටින මෙවැනි ඡායාරූප ඉතාමත් විරලයි...

OgAAAGlkBzI_kkoTvV2N2L17AkKedtA7Tw-LqwRd-Fe7NzqrKb-sqkqd__Kspl_fPHsbgAAcT06Yp8ZGU5y8NftPpLcAm1T1UEMvKU_TgvabxKc2oqXiwKmpLYrv.jpg


සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්

ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්

OgAAAB9IRD43qRQJFVlLDcYZxmxgGQdxbhhzHm8Cs2lVHmuHGrHbbAACl8VX6Q3JsYmM1oicqbzwyt2C4nn1zelHamEAm1T1UF1BKKsnW--sOwUmmIKmOvGvN2hX.jpg



විස්මලන්තයට ඇරඹුම

ඔබත්, මමත්... ලොව පුරා වෙසෙන සෑම පොඩිත්තෙක්ම මෙන්ම වැඩිහිටියන් ද ජීවිතයේ එක්වරක් හෝ දැක බලාගත අපූර්ව ස්ථානයක් තමයි ඩිස්නිලන්තය. ඒ එය තරම්ම අපූර්වත්වයෙන් පිරුණු තැනක් නිසා. මේ දැක්වෙන්නේ 1950 දශකය ආරම්භයේදී ඩිස්නි වර්ල්ඩ් නම් විස්මලන්තයේ ඉදිකිරීම් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයකුයි.

OgAAAKTD9O2t1i99N4mmA6epCF620p9QGpqcUmkiMxCa-xBxfaFR0vImsG8tP79TbMfORtWsXiWHgmNO8jWKSU0-Mp8Am1T1ULEFxJmLQfqpb2nMR_rLyAvoaX_9.jpg
 
  • Like
Reactions: ruwper