සුසන්තිකාට සහ දරු දෙදෙනාට කොරෝනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සහ ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

    ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඇය ඊයේ රෝහල්ගත වීමට සූදානම්ව සිටියාය.

    යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණයකින් අනතුරුව ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇත.

    එසේම ඇයගේ දරුවන් දෙදෙනාටද කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

    ක‍්‍රීඩාවට සමුදීමෙන් පසු මලල ක‍්‍රීඩා උපදේශිකාවක් ලෙසද කටයුතු කළ සුසන්තිකා ජයසිංහ මේ වන විට 47 හැවිරිදි වියේ පසු වන්නීය.

    ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර 2000 වසරේ පැවැති ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම ජයග‍්‍රහණය කළ සුසන්තිකා ලෝක ශූරතා පදක්කම් දෙකක්ද ජයග‍්‍රහණය කර තිබුණි.

    කසුන් රණවීර