සුසන්තිකා හිතනවා

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    සුසන්තිකා ජයසිංහ වෙත පිළිකුලෙන් යුතුව ලි

    යොවුන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනූ හලාවත පාරමී වසන්ති මාරිස්ටෙලා , මෙයට පෙර තමා වෙත ලබා දෙන්නට පොරොන්දු වූ බොහෝ දෑ සැබැවින්ම නොලැබුණු බවත් තමාගේ ක්‍රීඩාවටත් අධ්‍යාපනයටත් සහාය අවශ්‍ය බවත් ප්‍රකාශ කළාය.

    ඒ පිළිබඳව අදහස් දක්වන ඔබ , දැන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බොහෝ දෑ ලැබෙන බව පවසා ඔබගේ කාලයේ ඔබ ,දර්ශා ,කුලවංශ බොහෝ දුක් විඳි බවත් පවසන්නීය. ඔබට ඒ කාලයේ තිබුණේ මොනාදැයි විමසන්නීය. දැන් තාක්ෂණයේ දියුණුවත් සමගම කෙනෙක් ජයක් ලද විගස එය ෆේස්බුක් දමා දුප්පත් ක්‍රීඩිකාවක් දිනලා යනුවෙන් විවේචන කරන බවත් පවසන්නීය. එමගින් ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා ඇමතිවරයාව විවේචනය වීමට විරුද්ධ බවත් පවසන්නීය.

    විශේෂයෙන්ම "මේ ජූනියර් තරගයක් දිනලා කියලා. මට හැත්තෑ පන්දාහක් ලැබුණේ ඔලිම්පික් ගියාම" යැයි පාරමීගේ ජයග්‍රහණය අවතක්සේරු කරන ඔබ පාරමී මාරිස්ටෙලා යනු පාසල් ක්‍රීඩිකාවක් නිසා ඇය පිළිබඳව වැඩි වගකීමක් ඇත්‍තේ ක්‍රීඩා අමාත්‍යංශයට නොව අධ්‍යාපන අමාත්‍යංශයට බව පවසන්නීය.

    ඔලිම්පික් පදක්කම හිඟන්නාගේ තුවාලය කරගත් සුසන්තිකා වෙත සිහිපත් කර දෙමි;

    ඔබ අද වන විට දමයන්ති දර්ශාව සහ ශ්‍රියානි කුලවංශව ඔබගේ කුණු ගොඩට ඇදගන්නට උත්සාහ කළද අතීතය දන්නා අය ඔබ සහ ඔවුන් අතර වෙනස හඳුනති. දර්ශාට සහ කුලවංශට ඒ කාලයේ අපහසුතා තිබෙන්නට ඇත. නමුත් ඔවුන් දෙදෙනා කිසිදිනෙක ඔබ මෙන් බලහත්කාරී සහ නොහික්මුණු ලීලාවෙන් කටයුතු කර නැති බව අවධාරණය කරනු කැමැත්තෙමි. සුසන්තිකා ජයසිංහ ; දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ යනු ඔබ මෙන් නොව ශික්ෂණයකින් සහ වැදගත් හැසිරීමකින් කටයුතු කළ සහ කරන , ක්‍රීඩාවේ අරමුණු වටහාගත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකි. එබැවින් අතීතය නොදන්නාවුන් රැවටීම පිණිස ඔවුන් දෙදෙනාගේ කීර්ති නාමයේ ආලෝකය සොරකම් කරම්ක්න් ඔබගේ අඳුරු යටගියාවේ කළුවර තැන් වසා ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින්න. අප තවමත් ජීවතුන් අතරය.

    ගමේ කොස් පොල් දෙල් බතල ගැන කියවා රටක් මුලා කළ සුසන්තිකා වෙත සිහිපත් කර දෙමි;

    ක්‍රීඩාව තුළින් දුප්පත්කම විකිණීම කලාවක් නම් එහි පිකාසෝ ඔබ ය. එබැවින් ෆේස්බුක් හරහා කෙරෙන හෙළිදරව් වලට එරෙහිව වෛරී චෝදනා කිරීමෙන් පලක් නැති බව වටහාගන්න. ඔබ ඒ කාලයේ ඔබ දිනූ පදක්කම් සහ ඔබගේ ආර්ථික අපහසුතා දඩමීමා කරගනිමින් නැටූ දහ අට වන්නම් අපට අදටත් හොඳ හැටි මතකය. අනූව දසකයේ මැද කාලයේ ක්‍රීඩා උළෙලක සාදයකදී බියර් පානය කර නන් දෙඩවූ ඔබ අවසානයේ එයට නිදහසට කාරණය කර ගත්තේද ඔබ වන් දුප්පත් , ගමෙන් ආ තරුණියක් බීර වලට නුපුරුදුය යන්නය. එබැවින් පාරමීව ඔබගේ මට්ටමෙන් මැනීමෙන් වළකින්න. එදා ඇත්නාවල ගමේ අක්කාගේ නිවෙසට විදුලි බලය නොමැති වීම ද මේ රටේ වැරැද්දක් ලෙස මාධ්‍ය හමුවේ පැවසූ ඔබ ; අද සමාජ මාධ්‍ය ජාලා වලින් දුප්පත් ක්‍රීඩිකාවක් පිළිබඳ හෙළිදරව් කිරීම නොරුස්සන්නේ මන්ද ?
    සුසන්තිකා ජයසිංහ ; 2000 ඔලිම්පික් වලට පෙර 1994 වැනි කාලයේම විවාහ සිටි ඔබ ඔලිම්පික් පදක්කමත් සමගම නැවත විවාහ මංගල්‍යයක් ගෙන හෝටල් ; ස්වර්ණාභරණ ; ඡායාරූපන්ආදී සියලුම දෑ ලංකාවේ ක්‍රීඩා ලැදි සුභ පතන්නන්ගේ වියදමින් නොමිලයේ ඉටු කරවාගත් හැටි අමතකද ?

    ලාංකේය ක්‍රීඩාවේ අතීතය සහ අනාගතය තමාම පමණක්‍ යැයි සිතන සුසන්තිකා වෙත සිහිපත් කර දෙමි;

    තමාට හැත්තෑපන්දහසක් ලැබුණේ ඔලිම්පික් වලට බව පවසන ඔබ ජූනියර් තරගයක් දිනලා යනුවෙන් පාරමීගේ ජයග්‍රහණය අවතක්සේරු කරන්නීය. අමතක නම් යළිත් සිහිපත් කරමි. 1994 දී ඔබ හිරෝෂිමා ආසියානු උළෙලේ මීටර 200 රිදී පදක්කම දිනූ විට ඔබට සොයිසාපුර නිවාස සංකීර්ණයේ දෙවැනි වර්ගයේ නිවෙසක් ලබා දුන් බව ඔබට අමතකද ? ඔලිම්පික් සංචිතයේ මුල්පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ ඔබට ; දර්ශාට ; කුලවංශට සහ සුගත් යන සිව් දෙනාට පුහුණුවීම් සඳහා ප්‍රවාහනය පහසු වනු පිණිස මෝටර් රථයක් බැගින් ප්‍රදානය කළා ඔබට අමතකද ? පාන් ගෙඩියක් රුපියල් තුනයි පණහට තිබු කාලයක ආසියානු රිදී පදක්කමක් වෙනුවෙන් සොයිසාපුර නිවාසයක් සහ මෝටර් රථයක් ලබන ඔබ යොවුන් ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනූ ක්‍රීඩිකාවට රු. 75,000/-ක් ප්‍රමාණවත් බව පවසන්නේ රෙදි පිළි දවටාගෙනද යන්න අසනු කැමැත්තෙමි.

    ඔබගේ දැනගැනීම පිණිස මෙය ද සටහන් කරමි. ඔබට සෞභාග්‍ය උදා කර දුන් හිරෝෂිමා ආසියානු රිදී පදක්කම සඳහා 1994 දී ඔබ දැක්වූ දක්ෂතාව 23.57 ක් වන විට ඔබ මේ "ජූනියර් තරගයක්" යැයි පවසන යොවුන් ඔලිම්පික් උළෙලේ එම ඉසව්වේ රන් පදක්කම දිනූ අයර්ලන්ත (යොවුන්) ක්‍රීඩිකාව තරග වට දෙකේ වාර්තා කළ කාලය පිළිවෙලින් 23.55 සහ 22.47 කි.

    අපට ඉතිහාසය අමතකයැයි සිතනා සුසන්තිකා ජයසිංහ වෙත සිහිපත් කරමි;

    පාරමී වසන්ති යනු පාසල් ක්‍රීඩිකාවක් නිසා ඇය පිළිබඳව වැඩි වගකීමක් ඇත්‍තේ ක්‍රීඩා අමාත්‍යංශයට නොව අධ්‍යාපන අමාත්‍යාංශයට බව පවසන ඔබගේ දැනුම , නුවණ සහ බුද්ධිමත්භාවය ගැන අපගේ අධෝමුඛයෙන් නැගෙන උත්තමාචාරය පිළිගන්නා මෙන් ඉල්ලා සිටිමි. ඔබට අමතක නම් සිහිපත් කර දෙන්නෙමි. 1994 ආසියානු ජාකර්තා ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනන විට ඔබගේ වයස අවු 18 ඉක්මවූවා පමණි. හරියාකාර පාසල් අධ්‍යාපනයක් ලැබුවා නම් ඔබ උසස්පෙළ විභාගය කළ යුත්තේ එම වසරේ දීය. එසේ නම් ඔබගේ තර්කයට අනුව ඔබගේ වගකීමෙන් වැඩි කොටසක් ගත යුත්තේ ක්‍රීඩා අමාත්‍යංශය නොව අධ්‍යාපන අමාත්‍යාංශයය. එසේ වූවා නම් සුසන්තිකා ජයසිංහ කෙනෙක් බිහි විය හැකිද ? මන්ද යත් ඔබ 1994 වන විට පාසල් අධ්‍යාපනය අත හැර සිටි බැවිනි. මේවා අකැමැත්තෙන් වුවද මතක් කළ යුතුය. පාරමී පාසල් සිසුවියක වීම නිසා ඇයට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබිය යුතු දෑ සීමා විය යුතු යැයි පවසන මහදැනමුත්තියට එදා එම උපදෙසම ක්‍රියාත්මක වූවා නම් අදටත් ඇය ඇත්නාවල නිවෙසක බීඩි ඔතන බව සිහිපත් කර දීමට කාලය එළැඹ ඇත. සුසන්තිකා ජයසිංහ ; අනෙක් ලාබාල ක්‍රීඩිකාවන් තමා නොලද විසිතුරු අත්විඳිනු දැක ඊර්ෂ්‍යා නොකරන්න.

    ක්‍රීඩාව ගැන නොදන්නා ක්‍රීඩා සංවර්ධන උපදේශිකා සුසන්තිකා ජයසිංහ වෙත ලියමි ;

    ඔබගේ කට සැර බව රටම දන්නා කරුණක් වන අතර ඔබ ද එම කරුණ මහත් අභිරුචියෙන් වර්ණනා කරන්නකි. නමුත් ඉතිහාසය පුරාම ඔබගේ කටේ සැර අප දැක ඇත්තේ අවස්ථාවන් දෙකකදී පමණකි. ඒ ඔබට ලැබෙන්නට ඇති දෙයක් හෝ ලැබිය යුතු යැයි ඔබ සිතන දෙයක් හයිකාරකමින් ඉල්ලන විට දීය. අනෙක් අවස්ථාව වන්නේ වෙනත් ක්‍රීඩිකාවකට යම් කීර්තියක් , ප්‍රණාමයක් හෝ ප්‍රතිලාභයක් සැලසෙන විට එයට අකුල් හෙළන විට දීය. ඒ ඇරෙන්නට ඔබ ක්‍රීඩාවේ පොදු ප්‍රගතිය උදෙසා හෝ පොදුවේ බලපාන අසාධාරණයක් උදෙසා කිසි දිනෙක හඬ නගා නැත.

    2016 වසරේ ජාතික ක්‍රීඩා උළෙලේ දී නිමාලි සූරියාරච්චි මීටර 800 ජාතික වාර්තාව පිහිටවූ විට එය පිළිගත නොහැකියැයි පෙර වාර්තාවේ හිමිකාරිනිය සමග එක්ව මහත් ගාලගෝට්ටියක් ඇති කළේ ඔබ ය. මීටර 800 ඉසව්ව සඳහා වාර්තාව පිළිගැනීමේදී අත් යන්ත්‍ර කාල ගණකයන් වලංගුය යන ජාත්‍යන්තර ප්‍රමිතියවත් නොදන්නා ඔබ වැනි ඔලිම්පික් පදක්කම්ලාභිනියක් ක්‍රීඩා සංවර්ධන උපදේශිකාවක් වීම මේ රටේම මහත් වූ වාසනාවකි. එසේ නමුත් 2015 දී ආසියානු සූරතාවලියේ ලෝකඩ පදක්කම දිනූ නිමාලි ලියනාරච්චි බලධාරීන්ගේ අඩු සැලකුම් සමග ගුවන්තොටුපොළෙන් පසුව බසයක නැග සූරියවැව නිවෙසට පැමිණි සිදුවීමේදී ඒ ගැන කතා කළ සුසන්තිකා ජයසිංහ කෙනෙක් සිටියේද නැත.

    දුවන්නට හැර වෙන මෙලෝ මළදානයක් නොදන්නා සුසන්තිකා ජයසිංහ වෙත සිහිපත් කර දෙමි;

    පාරමී මාරිස්ටෙලා දිනුවේ "ජූනියර්" තරගයක් නිසා මේ ලැබෙන දේවල් ඇති යැයි පවසන ඔබගෙන් උපදෙස් ගන්නා ක්‍රීඩා බලධාරීන්ට අපගේ සාතිශය සංවේගය පිරි නමන්න. පාරමී දුවන්නේ බාධක දිවීමය. කඩුළු පැනීම සහ දිගු දුර දිවීම එයට ඇතුළත් අනු ඉසව් දෙකකි. සුසන්තිකා ජයසිංහ ; ඔබට අමතක නම් මතක් කර දෙමි. පාරමී මාරිස්ටෙලා ට පෙර තිස්සමහාරාමයේ එරංගා වීරසිංහ බාධක දිවීම ඉසව්වෙන් ලංකාවට පදක්කමක් දිනා දීමට සමත් වූවාය. 2010 වසරෙව් හැනෝයි හි පැවති ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ මීටර 3,000 බාධක දිවීම වෙනුවෙන් එරංගා ලද රිදී පදක්කම එම උළෙලේ ලංකාව ලද එකම පදක්කම විය. එවකට දෙබරවැව ජාතික පාසලේ සිසුවියක වූ එරංගා ටකරං යෙදූ කුඩා නිවසක දිවිගෙවන ; දිළිඳු අඳගොවි පවුලකින් පැවත ආ ක්‍රීඩිකාවකි. සුසන්තිකා ජයසිංහ ; ඔබ නොදන්නේ නම් කියා දෙන්නට කැමැත්තෙමි. අද වන විට දකුණු පළාත නියෝජනය කරන W P E R දිල්රුක්ෂි වන්නේ ඒ එරංගාමය. මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ මීටර 400 කඩුළු පැනීම සහ 400 x 4 සහාය දිවීම රන් පදක්කම් ද මීටර 1,500 රිදී සහ මීටර 800 ලෝකඩ පදක්කම් දිනූ නමුත් බාධක දිවීම ඉසව්වට තරග නොවැදුණු W P E R දිල්රුක්ෂි වන්නේ ඒ එරංගාමය. ඇය මේ වන විට බාධක දිවීමෙන් තාවකාලිකව සමුගෙන සිටින්නේ බාධක දිවීම හේතුවෙන් ඇයගේ පාදයේ හටගත් ආබාධය නිසාය. කිලෝමීටර් 4 ක දුරක් දිවීම සහ කඩුළු පැනීම පුහුණු වන විට ඒ හා සමගාමීව පාදයෙව් පීඩනය ; කාටිලේජ පිළිබඳ නිසි ප්‍රතිකාර ලබා දිය යුතු වන අතර එය ඉටු නොවන විට පාදයේ සැත්කමක් කිරීමට සිදු වේ. සුසන්තිකා ජයසිංහ ; වෙළඳ දැන්වීම් වල
    පෙන්වනවාක් මෙන් ග්ලූකෝස් අහුරක් කටේ දමාගෙන දුවන්නට හැකි නම් පාරමී මාරිස්ටෙලාටත් බාධක දිවීම කරන්නට රුපියල් හැත්තෑපන්දහස ඉහටත් උඩින් ප්‍රමාණවත් ය.

    අවසාන වශයෙන් සිහිපත් කරමි;
    සුසන්තිකා ජයසිංහගෙන් ලංකාවේ ක්‍රීඩාවට විය යුතු උපරිම සේවය ඔලිම්පික් පදක්කම හරහා ඉටු වුණු බව අවධාරණය කරනු කැමැත්තෙමි.

    ලංකාවේ ක්‍රීඩාවටත් අනාගත පරපුරටත් ඔබගෙන් ඉටු විය යුතු තවත් සේවාවක් තිබේ නම් ඒ ඔබ ලාංකේය ක්‍රීඩාවෙන් ඈත් වී ; ක්‍රීඩාවට ඇඟිලි නොගසා සිටීම පමණය.

    මන්ද යත් අද වන විට සුසන්තිකා ජයසිංහ දිවූ පාරවල් සහ උරුලෑවන් ඇවිද ගිය පාරවල් අතර කිසිදු වෙනසක් නැති බැවිනි.

    - සහන් කසීර වික්‍රමසිංහ -
     
    Last edited:

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    44512432-1815396911892523-916506623231393792-n.jpg
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අර්ජුන හිතනවා එයාට ලෝක ශූරතාවය ගේන්න පුළුවන් වුනාට අනිත් අයට බෑ කියලා.. සුසන්තිකා හිතනවා ඔලිම්පික් පදක්කමක් ගේන්න පුළුවන් එයාට විතරයි කියලා.. ෆොන්සේකා හිතනවා යුද්ධයක් කරන්න පුළුවන් එයාට විතරයි කියලා.. කථාවක් තියනවා... අපායේ ඇමරිකාවට අයිති නරපනුවන් ඉන්න වල වටේ යමදූතයන් ගොඩක් මුරකාවල්ලු. රැසියාවට ජපානයට අයිති වලවල් වටෙිත් එහෙමලු. ඒත් ලංකාවට අයිති වලේ ගොඩක් අය පිරිලා හිටියත් එකම එක යම දූතයෙක් විතරලු. ඌ තුන්තිස් පැයේම නිදිලු. කාරණාව බලපුහම අර ඇමරිකාවට ජපානයට වගේ රටවලට අයිති වලවල් වලින් පැනගන්න බලන උන්ට වලේ ඉන්න අනිත් උන් පුදුම සපොිට් එකක් දෙනවලු පැනගන්න.. ඒත් ලංකාවට අයිති වලේ එකෙක් අමාරැවෙන් උඩට නගිදීදී වලේ ඉන්න උන් ඒකා ආපහු ඇතුලට ඇදලා ගන්නවලු. ඉදින් උඩ ඉන්න යමපල්ලට රකින්න දෙයක් නෑලු. අමාරැවෙන් ඉහලට යන්න එන එකාට වලේ ඉන්න උන් තද ඉරිසියාව පෙන්නනවා කියලා... අවුරැදු 16ක් වයස පොඩි කෙල්ලක් වෙනුවෙන් ලංකාවේ වන් ඇන්ඩ් ඔන්ලි ධාවන ශූරියක් ඊයේ පෙන්නුවා කියලා මට හිතුනා. සසරවසන තුරැ නිවන් දකින තුරැ පිං කෙත හල රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා.. රෙද්ද තමයි කෙල්ලේ මේ රටේ ඉදං මීටර්2000 බාධක දුවන්න අමාරැයි කකුලෙන් අැදලා මදිනම් කකුල කඩනවා සමහර විට ඊලග සාෆ් ගේම් යන්නවත් ඔයා කොළිෆයිට් නැතිවෙයි මෙි ලංකාවනේ ඒ හංදා පුළුවන් නම් වෙන රටකට පැනගනිං ලංකාවේ මිනිස්සු දොස් කියන්නේ නෑ. ...........නුවන් මොණරවිල ...........
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර්ජුන ඔහොම කතා කරනවා මම නම් දැකලා නෑ කවිඳු.
    ඒක ගොන් කතාවක්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෝඩ, ඉරිසියාකාර අම්මන්ඩියෙක් සුසන්තිකා, මේකිට මනුස්සය සවලෙන් ගහල මදි.....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියොන්ට රිදිලා මේ ආණ්ඩුවෙන් සුසන්තිකාට ජොබක් දුන්න නිසා.සුසන්තිකා මරාට සපෝර්ට් කරානම් ඔය මුකුත් නැහැ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බයියොන්ට රිදිලා මේ ආණ්ඩුවෙන් සුසන්තිකාට ජොබක් දුන්න නිසා.සුසන්තිකා මරාට සපෝර්ට් කරානම් ඔය මුකුත් නැහැ.

    සුසන්තිකා ඒ කියපු දේ හරිද ? වැරදිද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර්ජුන ඔහොම කතා කරනවා මම නම් දැකලා නෑ කවිඳු.
    ඒක ගොන් කතාවක්

    arjuna ohoma kelinma irisiyaawa prakasha kale nam na, habayi smart widiyata eya kiyanneth, eyage aramunath okama thama. eya nathuwa cup1k genna ba kiyala.. patta kuhakayek arjuna.. :yes::yes:
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    arjuna ohoma kelinma irisiyaawa prakasha kale nam na, habayi smart widiyata eya kiyanneth, eyage aramunath okama thama. eya nathuwa cup1k genna ba kiyala.. patta kuhakayek arjuna.. :yes::yes:

    Aniwa un dennam akai ane manda lankawe unwa nam hadannna ba
     

    rusiyanuwa

    Active member
  • ලංකාවෙ යම් දෙයක් නිසා ප්‍රසිද්ධ වුනු බොහොමයක් දෙනා කරන්නෙ තවත් කෙනෙක් තමන් කරපු දේ කරලා ප්‍රසිද්ධිය ගනීවි කියන බයෙන් අනික් අයව අධෛර්යමත් කරන එකයි පාතට දාලා කතා කරන එකයි. එහෙම නැතිනම් තමන්ගෙන් පස්සෙ තමන්ට වඩා දක්ෂ  වැඩකාරයන් බිහිවෙන එක වලක්වන්න පුලුවන් හැම දේම කරනවා.
    අර්ජුන-මහේල-සංගා-සනත් ක්‍රිකට් කෑවා වගේ සුසන්තිකා කැමති නෑ තවත් කෙනෙක් ධාවන තරඟ වලින් ඔලිම්පික් පදක්කම් ගේනවට
     
    Last edited: