ආදරණීය සුසන්තිකා,
ඔව් නුබ වැරැදී, අතිශ්‍යයින්ම වැරදී, එහෙත් නුබව කිසිවිටෙකත් පිලිකුල් කිරීමටවත්, නුබට මඩ ගැසීමටවත්, අවලාද කීමටවත් මාහට සිත් නොදෙන්නේය. මන්ද එදා මෙදාතුර ක්‍රීඩා ඉතිහාසයේ, ඔලිම්පික් ක්‍රීඩා උළලේක මගේ මව්බිමේ ජාතික දජය ඉහලට එසවෙනවා මාහට සියසින් දැක ගැනීමේ භාග්‍ය උදාකර දුන්නී නුබම පමණක් බැවිනි. එසේම ඒ හපන්කම කල ප්‍රථම ශ්‍රීලංකික ක්‍රීඩිකාව වන්නේ නුබ වන බැවිනි, ඩන්කන් වයිට් මා දැක නොමැත, එහෙත් මා නුබව දැක ඇත. නුබ මව් බිමට ගෙනා අභිමානය අදටත් සෑම ශ්රීලාංකිකයෙකුගේම හඳ ගැස්ම තුල සදා අමරණීය බවට කිසිදු සැකයක් නොමැත.
ඔව් මේ පුංච් කෙල්ල ගෙනා පදක්කම යූත් ඔලිම්පික්, නුබේ පදක්කම ඔලිම්පික්. නුබට සාපේක්ෂව නුබ දිනා ඇති තරඟ වලට අනුව, ඒක ජූනියර් තමයි, එහෙත් සෑම අංශයකින්ම කෙලවී සිටින අප රටට ඒක මහමෙරක්.නුබට සිතෙන්නට ඇති ශ්රීලංකිකයින්ගේ හඳගැස්මේ නුබට තිබූ ගැම්ම අඩුවෙන්න ඇති කියලා. නුබට පුංච් ඉරිසියාවක් ඇති වෙන්න ඇති. මන්ද නුබත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් වන නිසාවෙන්. මූණූ පොතෙන් ඒ පොඩි කෙල්ලව නුබටත් වඩා ඉහලට උස්සලා තියාවී යැයි නුබට සිතෙන්නට ඇති. නුබ හොඳට බැලුවානම් නුබ දකින්න ඇති, මූණ පොත තුල සංසරණය වූ බොහොමයක් තුල තිබුණේ "ආසියාවේ කළු වෙළබට පස්සේ.."/ අපේ කළු වෙළබ ගියාට පස්සේ..." වැනි වදනින් ආරම්භ වූ ප්රකාශයන්ය මන්ද, ඒ සෑම කෙනෙකුගේම සිත් තුල, කලක් මුළු ආසියානවේම දික්විජය කල නොහික්මුණ කළු වෙළබ අදටත් ජීවමාන වන බැවිනි. හෙට දවසේ මේ පොඩි කෙල්ලෙක් ඔලිම්පික් රන් පදක්කමක් ගෙනාවද, ශ්‍රීලංකික හඳවත් වල නුබට ඇති තැන එලෙසම තිබෙනු ඇත. එනිසා කලබලයක් ඇති කර නොගන්න, නුබට හැකි දේ හැකිපමණින් මේ පොඩි උන්ට දෙන්න.
නුබේ දෙපයට පමණක් නොව, කටටත් බ්රේක් නැති බව බොහොමයක් ජඩ කාලකණ්ණි මාධ්‍යයවේදින් යැයි කියා ගන්නා අපතයින් හොඳින් දන්නා කරුණුකි, එසේම නුබ ඇතුළු බොහෝමයක් ක්‍රීඩකයින් මාධ්‍යය ප්‍රකාශන පුහුණුවක් සහිත ක්‍රීඩකයින් (Media Trained Athletes) නොවන වග උන් හොඳින් දනී. [බොහෝමයක් දියුණු රටවල ජාතික, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ට මාධ්‍යය සාක්ෂරතාව (Media Literacy) පිළිබඳව අවබෝධයක් ලබාදීම සිදු කරයි. එබැවින් කිව යුතු දේ සහ නොකිය යුතු දේ පිලිබඳ යම් අවබෝධයක් ඔව්න් සතු වේ].
ඔබ එදාසිට මේ ජඩ මාධ්‍යය කරුවන්ගේ ගුන්ඩු වලට උන්ට රිසි ලෙස හසුවූ බව ඔබ අදටත් වටහා ගෙන ඇත්දැයි නොදනිමි. ඒ පුංච් කෙල්ලගෙන් අසන්නට දහසක් දේ තිබියදී කැමරාවක් අටවගෙන මයික්රෆෝනයක් ගත් පසු තමන් මාධ්‍යයවේදියෙක් යැයි සිතා සිටින සමහරක් ඇසූ ප්‍රශ්න දෙස බැලූවිට මා මේ කියනා දේ පැහැදිලිවම වැටහෙනු ඇත.
ආදරණීය සුසී, ඔව් නුබ අති විශිෂ්ඨ ක්‍රීඩිකාවකි එහි විවාදයක් නැත. ඔව් ඔබටත් ඉරිසියාව, තන්හාව, තරහව ඇති වීම ස්භාවිකයි, ඒ මේ බහුතරයක් කියන නුබේ උගත්කමේ අඩුපාඩුවක් නොව, හුදෙක් මනුෂ්‍ය ස්භාවය එය බැවිනි. ඉහලම උගත්කම් සහිත සමහරක් ආචාර්ය මහාචාර්ය වරුන් ළමුන්ට කෙනෙහිලිකම් කරනවා මා අපමණ දැක ඇති බැවින් එය නුබේ උගත්කමේ ගැටලුවක් නොවන වග ඉතා පැහැදිලිය. ගැටලුව ඇත්තේ නුබ දුවන්නට හපනියක් උවද, නුබ භාෂාණයේ හපනියක් නොවීමයි. නුබ මීට වඩා පුළුල්ව, දැක්මක් සහිතව දැකිය යුතුය.
තමා පමණක්ම පොර විය යුතුයි යන මානසිකත්වයෙන් සිටින, පුළුවන් තමාට පමණක්මැයි සිතන, එකම සිරිලංකිකයා නුබම පමණක් නොවන බැවත්, ඒසේ සිත්න බහුතරයක් අතරින් නුබත් එක් අයකු පමණක් බවත් තේරුම් ගත හැකි බැවින් මා නුබට අනුකම්පා කරමි. අවසාන වශයෙනුත් මා කියමි, ඔබ් නුබ වැරැදි, අතිශ්‍යයින්ම වැරැදි, එහෙත් මා නුබව පිළිකුල් කරන්නේවත් , නුබට මඩ ගසන්නේවත්, අපහාස කරන්නේවත් නැත. මන්ද නුබ මා මව්බිම ලොව ඉහලින් තැබූ බව මා මියෙන තුරු අමතක නොවන බැවිනි.
-උදාන බණ්ඩාර-
copied from Facebook